Thursday, October 29, 2015

ලොව ධනවත්ම බෞද්ධයා Steve Jobsගේ සාර්තකත්වයේ විශ්මිත මූලධර්ම 7

ලෝක ප්‍රසිද්ධ ඇපල් පරිගණක සමාගමේ නිර්මාතෘවරයා තමයි Steve Jobs කියන්නේ. ඔයාල හැමෝම හොදටම දන්න ඇපල් පරිගණක, ඇපල් ස්මාට් ෆෝන්, ඇපල් ටැබ් නිපදවන සමාගමේ අයිතිකරු පමණක් නොවෙයි චිත්‍රපට නිශ්පාදනය කරන Pixar සමාගම ඇතුළු තවත් ව්‍යාපාර කිහිපයකම හිමිකාරීත්වය ඔහුට තියෙනවා.  1974දී ඉන්දියාවට ගිය Steve බෞද්ධ ධර්මය හදාරා බෞද්ධයෙක් බවට පත් වූණා. Steve ධනවතෙක් බවට පත් වෙන්න ඔහු අනුගමනය කළ කරුණු 7 හරියටම අධ්‍යයනය කළොත් ඔයාටත් පුළුවන් වෙයි ඉක්මනින්ම ධනවතෙක් වෙන්න.

1. ඔබ ආදාරය කරන දෙය කරන්න.
Steve මෙසේ පවසනවා. ‘‘තදබල ආශාවක් තියෙන කෙනෙකුට ලෝකය හොදින් වෙනස් කරන්න පුළුවන්.“ සමාජය ඉදිරියට ගෙනයෑමට තදබල ආශාවක් නොතිබුණොත් අළුත්, නිර්මාණශීලි අදහස් සමග ඔබට ඉදිරියට යන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. Steve හැමවිට ඔහුගේ හදවත තදබල ආශාවකින් පුරවාගෙන සිටියේ ඔහුගේ සිහිනය සැබෑ කරගන්න. ඒ නිසා තමයි ඔහුට ලෝකයේ විශාල වෙනසක් සිදු කිරීමට පුළුවන් වුණේ.
2. විශ්වයට වෙනසක් එක් කරන්න.
තදබල ආශාව ඔබගේ ගමන ගෙන යන රොකට්ටුවේ ඉන්ධන නම්, නිවැරදි දැක්ම තුලින් පමණයි රොකට්ටුව නිවැරදි දිශාවට ගෙන යා හැකි වන්නේ. Steve පවසනවා. ඔහුගේ දැක්ම වූයේ පරිගණකය මිනිසුන්ට නිතර භාවිතා වන දෙයක් බවට පත් කිරීමයි. ඒ වෙනුවෙන් ඔහු Macintosh කියන සාමාන්‍ය අයට භාවිතය ඉතාම පහසු මෙහෙයමු පද්ධතියක් සමග පරිගණකයක් නිර්මාණය කරනවා. එය තමයි පරිගණක ලෝකයේ විශාල වෙනසකට මුල් වුණේ. පසුව විවිධ සමාගම් මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය අනුකරණය කළත් Steve ගේ තිබුණු සුවිශේෂී දැක්ම මේ වෙනසට මුල් වුණේ.
3. ඔබගේ මොළය පණ ගන්වන්න.
Steve වරක් පවසනවා ‘‘නීර්මාණශීලීත්වය යනු යම් යම් දේවල් සංයෝජනය කිරීමයි.“ යම් යම් දේවල් සංයෝජනය කරීම යනු අනෙක් අයගේ මනස ප්‍රබොධමත් වන අත්දැකීම් සොයා ගැනීමයි. Macintosh පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ඔහු ආසියාවේ සංචාරය කිරීම, බෞද්ධ භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම සහ තවත් කර්මාන්ත වල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් විවිධ ක්ෂේත්‍ර වල මනස ප්‍රබෝධමත් කරවන අදහස් සොරකම් නොකර ඒවාගෙන් ඔහුගේ නිර්මණශීලීත්වය වැඩි කරගත්තා. කිසිම විටක රාමුවක් තුල කොටු නොවී විවිධ ක්ෂේත්‍ර වලින් අදහස් එකතු කරගනෙ ඔබේ නිර්මාණශීලීත්වය වැඩි කරගන්න.
4. 1000ක් දේ වලට එපා කියන්න.
Steve කියන්නේ ඔහු ඇපල් සමාගම කරන්නට තෝරාගත් දේවලට වගේම නොකර ඉන්න තෝරා ගත් දේවල් ගැනත් ආඩම්බර වෙනවා කියලයි. 1997දී Steve නැවත ඇපල් සමාගමට එන විට එහි නිෂ්පාදන 350ක් තිබුණා එයින් ඔහු ඉදිරියට ගෙන යෑමට තෝරාගත්තේ නිෂ්පාදන 10ක් පමණයි. එයින් ඔහුගේ ව්‍යාපාරය ඉතා සාර්ථකත්වයට පත් වූණා. අපි හැම දේම බදාගෙන කළ යුතු නැහැ. 1000ක් දේ හරි ප්‍රතික්ෂේප කරලා හොදම දේ තමයි තෝරගන්න ඕනි. Steve කියන්නේ නව නිපැයුමක් කියන්නේ අනවශ්‍ය දේවල් වල ඉවත් කිරීමක්, එයින් තමයි අවශ්‍ය දේවල් ඉදිරියට එන්නේ.
5. ව්‍යාපාරය තුළින් ලෝකයට අතිශය වෙනස්වූ අත්දැකීම් ලබා දෙන්න.
Steve හැම විටම තම පාරිභෝගිකයන්ට සේවා සැපයීමේදී නවතම අත්දැකීම් එක් කළා. ඇපල් නිෂ්පාදන අලෙවි කරන Apple Stores සංකල්පය මුලින්ම හදුන්වා දෙන විට ඔහු සාමාන්‍ය පරිගණක අලෙවි සැලකට වඩා වෙනස්ම ආකාරයේ අත්දැකීමක් තමයි පාරිභෝගිකයන්ට ලබා දුන්නේ. Apple Stores වල පරිගණක විශේෂඥයින්, උපදේශකවරුවන් සහ ක්ෂේත්‍රෙය් බුද්ධිමතුන් සිටියත් මුදල් අයකැමියෙක් නම් නැහැ. එයට හේතුව ඔවුන් සිදුකරන්නේ පාරිභෝගකයන්ගේ ජීවිත සාරවත් කිරීම මිස සාමාන්‍ය විදියේ පරිගණක ඇසුරූ පෙට්ටි අලෙවි කිරීමක් නොවන නිසා. මේ ලොකු වෙනස නිසා ඇපල් වෙලදසැල් ලොව ප්‍රමුඛ පෙලේ සිල්ලර අලෙවිසැල් ජාලයක් බවට පත් වුණා.

6. අදහස ඉදිරිපත් කිරීමේදී අති දක්ෂයකු වන්න.
ඔබට ලෝකයේ හොදම අදහස් තිබුණත් එය මිනිසුන් අතරට යැවිය නොහැකි නම් එම අදහස් වලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. Steve ලොව සිටින හොදම ව්‍යාපාරික කථිකයෙක්. ඔහු අදහසක් ඉදිරිපත් කරන්නේ ගොඩක් මිනිසුන් කරන විදියට නොවීම විශේෂත්වයක්,  යමක් ඉදිරිපත් කිරීමේදී ඔහු ඒ සම්බන්ධව හොදින්ම දැනුවත්, ගොඩක් ප්‍රබෝදමත්, ඒ වගේම ඔහුගේ කථාවවේ විනොදාස්වාදයත් ගැබ් වී තිබෙනවා. දක්ෂ ව්‍යාපාරකයකු වීමට නම් ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතාමත් වැදගත් බවයි ඔහු පවසන්නේ.
7. භාණ්ඩ නොව, සිහන අලෙවි කරන්න.
Steve ගේ මතය ඇපල් නිෂ්පාදන මිලදී ගන්නේ පාරිභෝගිකයන් නොව බලාපොරොත්තු, සිහින සහ අභිලාෂයන් සහිත මිනිසුන් පිරිසක්. ඔහු කියන විදියට ඔහුගේ නිෂ්පාදන මිනිසුන්ගේ සිහින සපල කළ හැකි නිෂ්පාදනයක් තමයි ඔහු හැම විටම එලිදක්වන්නේ. නව ඇපල් නිෂ්පාදනයක් වෙළදපලට ඉදිරිපත් කළ සැනින් මිනිසුන් පිස්සුවෙන් මෙන් පෝලිම් වල සිට මිලදී ගන්නේ භාණ්ඩ නොව ඔවුන්ගේ සිහිනයි. පාරිභෝගිකයන්ගේ ඇපල් නිෂ්පාදන වලට තිබෙන් උන්මාදය තුලින්  ඔවුන්ගේ බුද්ධිමත් භාවය දකිනවා කියලයි ඔහු පවසන්නේ. ඔවුන් තුල ඇති මේ බුද්ධිමත්භාවය එලියට ගන්න පුළුවන් විදියේ නිෂ්පාදනයක් ඔබ ඉදිරිපත් කළොත් පාරිභෝගික හදවත දිනා ගැනීමට හැකි වන බව ඔහු පවසනවා.


මේ වන විට Steve  මියගොස් වසර 5ක් ගත වී තිබුණත් ඇපල් සමාගම දුරකථන ක්ෂේත්‍රයේ ලෝකයේ අංක එකේ සමාගම ලෙස තවමත් රැදී සිටින්නේ ඔහුගේ නවමු සංකල්ප නිසයි.  ඇතැම් රටවල මිනිසුන් ඇපල් නිෂ්පාදන මිලදී ගැනීමට තම වකුගඩු පවා විකිණීමට තරම් ඔහුගේ භාණ්ඩ සිහින බවට පත්වී තිබෙනවා. ධනවතෙක් වීමට ඔබටත් අවශ්‍ය නම් Steve Jobs ගේ මෙම සාර්ථකත්ව රහස් ඉතා හොද මාර්ගෝපදේශකයෙක් වේවි. 

No comments:

Post a Comment