Monday, October 19, 2015

සුපර් ග්ලූ එකක ශක්තිය පෙන්වන්න අඩි 5000ක් ඉහල අහසේ කල බිහිසුණු පරීක්ෂණය

අළුතින් හදුන්වාදෙන සුපර් ග්ලූ වර්ගයක් කොතරම් හොදින් ඇලවෙනවාද කියන එක පරීක්ෂා කරපු අමුතුම විදයේ පරීක්ෂණයක් ගැන පසුගිය දා රුසියාවෙන් වාර්තා වුණා. ‘‘Wonders of Technology‘‘ නම් රුසියානු රූපවාහිනී වැඩසටහනක් මේ අළුත් සුපර් ග්ලූ වර්ගයේ ශක්තිය පරීක්ෂා කරන්න තෝරාගෙන තිබුණේ අඩි 4990 ක් ඉහල අහසේ පාවෙන ගෑස් බැලූනයක, සුපර් ග්ලූ ආධාරයෙන් මිනිසෙකු එල්ලා තැබීමයි. මේ පරීක්ෂණය සදහා සහභාගී වුණේ එම වැඩසටහනේ නිෂ්පාදකයා වන Dmitriy Demin වීම විශේෂත්වයක්. ලීයෙන් සෑදූ පුවරුවක සුපර් ග්ලූ ආධාරයෙන් Dmitriy  ගේ සපත්තු දෙක අලවා, ඔහු එම සපත්තු පැලදගත් පසු ලණුවක ආධාරයෙන් එම පුරුව බැලූනයෙන් පහලට දමා ඔහු එල්ලා තබුණු ලැබුවා.


 මේ විදහට විනාඩි කීපයක් ඔලුව යටට සිටින සේ බැලූනයේ එල්ලී සිටීමෙන් මේ සුපර් ග්ලූ වර්ගයේ ශක්තිමත් බව ඔප්පුකල Dmitriy, පසුව සපත්තු වල ලේස් බුරුල් කර බැලූනයෙන් ඉවත් වී පැරෂූටයක් ආධාරයෙන් මෝසකව් නරයේ පිහිටි ගොවිපළකට ආරක්ෂිතව ගොඩබසිනු ලැබවා.




මෙම කණ්ඩායම විසින් මෙම සුපර් ග්ලූ වර්ගය මීට පෙර වාහන ටයර් සහ ප්ලාස්ටික් යොදා ගෙන සාර්ථක ලෙස පරීක්ෂාකර තිබූ අතර තවත් පියවරක් ඉදිරියට තැබීමේ අදහසින් බැලූන් පරීක්ෂණය කරීමට අදහස් කර තිබුණා. වැඩසටහනේ නිෂ්පාදකයාට මේ සදහා ආරාධනා කල අතර ඔහු දක්ෂ පැරෂුට් කරුවෙක් නිසා මෙයට ඉදිරිපත් වීමට කැමත්ත පල කර තිබුණා.


No comments:

Post a Comment