Friday, October 23, 2015

ඔබට ගැලපෙන සහකරු සොයා දෙන තොල් පෙති ගැන තවත් දේ දැනගන්න


 තොල්පෙති  ඔබට කතා කරන්න, කන්න, විසිල් කරන්න, සිප ගන්න උදව් වෙනවා. අපට තොල් පෙති නොමැතිව තිබුණානම් කොතරම් අවසල්ලන පෙණුමක් ලැබෙයිද කියල ඔබට හිතා ගන්න පුළුවන් නේද? මිනිසුන්ගේ තොල්පෙති ගැන මේ පුදුම හිතෙන කරුණු ටික කියවලා බලන්න.

1. ඔබගේ තොල්පෙති ඔබටම ආවේණිකයි

ගොඩක් සත්ව විශේෂ වලට තොල් තිබෙනවා. ඒත් මිනිසුන්ගේ තොල් පෙති නම් ඔවුන්ටම ආවේණිකයි. තොලෙහි තිබෙන රතු හෝ රෝස පැහැති කොටස සහ සාමාන්‍ය සම අතර තිබෙන පැහැදිලි කොටස අපටම අවේනික වූ එකක්. විද්‍යාඥයින් එය හදුන්වන්නේ "vermilion border" කියලයි. .


 2. සහකරුවෙක් සොයාගැනීමට තොල් පෙති ඔබට උදව් කරයි

තොල් පෙති නැතිනම් අපට සිප ගන්න වෙන්නෙ නැහැ. විද්‍යාඥයින් පවසන ආකාරයට සිප ගැනීම ඔබගේ ආදර සම්බන්ධතාවයේ ඉතාමත් වැදගත් කොටසක්. සිප ගන්නා විට ඔබ සහකරුට ලං වන අතර දෙදෙනාගේ තොල් එකට ගැටේ. මේ අවස්ථාවේ අනෙකාගේ පෙරමෝන සුවද දැනීමේදී බොහෝ ජීව විද්‍යාත්මක තොරතුරු හුවමාරු වන බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් තමාට ගැලපෙනම සහකරු සොයා ගැනීම පහසු වෙනවා.  


 3. ඔබගේ උඩ තොලේ මැද තිබෙන කුඩා ගැටයක් වැනි කෙටසට වෙනම නම් කිහිපයක් තියෙනවා

හොදින් බලන්න ඔයාගේ උඩු තොලේ මැද මස් වලින් හැදුන එලියට නෙරා ආ කොටසක් තියෙනවා. සමහර අයගෙ නම් ඒක හොදින්ම පේනවා. ඒ කොටස හදුන්වන්න විශේෂිතත නම් කිහිපයක්ම තියෙනවා. including procheilion, labial tubercle සහ  tuberculum labii superioris ලෙස මේ කොටස හදුන්වනවා. සිංහලෙන් ‘‘ඕෂ්ඨජ වප්‍රිකාව‘‘ වගේ අමුතු වචන තමයි තියෙන්න.


 4. තොල් වලින් ඔබගේ ලිංගිකත්වය ගැන කියන්න පුළුවන්

ඔබට විශ්වාස කළ නොහැකි වුවත් ස්කොට්ලන්ත මනොවිද්‍යාඥයෙක් වන Stuart Brody ගේ නව සමීක්ෂණයට අනුව, උඩු තොලේ ඇති  labial tubercle හි හැඩය අනුව කාන්වනගේ සුරාන්තය ගැන විවිධ කරුණු කීමේ හැකියාව තිබෙන බවට කියල සොයා ගෙන තියෙනවා. විශේෂයෙන්ම එම කොටස හොදින් පිහිටා තිබෙන කාන්තාවනගේ සුරාන්තයට පත්වීමේ හැකියාව ඉතා හොද බවයි පැවසෙන්නේ.


 5. විශාල තොල් වඩා හොදයි

තොල් පෙති ලොකුවට පිහිටා තිබීම සහකරුවකුගේ ආකර්ෂණය ලබා ගැනීමට ඉතාමත් වද ගත් වෙනවා. පරිමින් වඩ කැමති ලොකු තොල් පෙති තිබෙන කන්තාවන්ට වන අතර කාන්තාවන් සාමාන්‍ය ප්‍රමාණයේ තොල් පෙති සහිත පිරිමන්ට කැමති බවයි BBC සගරාව පවසන්නේ.


 6. ලොව ලොකුම තොල් පෙති තියෙන්නේ ඔයාට නම් නෙමෙයි.

Kristina Rei හට තමයි ලෝකේ ලොකුම තොල් පෙති තිබෙනවා යැයි පැවසෙන්නේ. ඒත් මේ තොල් පෙති නම් සිලිකන් එන්නත් කර ගනිමින් කෘතිමව සාදාගත්ත එකක්. 1988 තිරගත වූ චිත්‍රපටයක Jessica Rabbit කියන කාටුන් චරිතයේ තොල් වලට සමාන වන ලෙසයි මේ තොල් ඇය සාදාගෙන තිබෙන්නේ.


 7. අතීතයේදි තොල් සිප ගැනීම් සිදු කරලා නැහැ

මෑතක් වන තුරම ආසියාවේ, විශේෂයෙන්ම දකුණු ආසියාවේ තොල් සිප ගැනීම ඉතාමත් අඩුවෙන් තමයි සිදු වෙලා තියෙන්නේ. යුරෝපයේත් 1500 වන තුරුම තොල් සිප ගැනීම අඩුවෙන් තමයි වෙලා තියෙන්නේ. වෛද්‍ය Vaughn Bryant පවසන ආකාරයට ඕසනියා (ඕස්ට්‍රෙලියා මහද්වීප කලාපයේ) ස්වදේශිකයන්, එක්කිමෝවරු, අප්‍රිකාවේ සහාරා කාන්තරයේ දකුණු පස ප්‍රදේශයේ ජීවත් වන අය සිප වැලදගන්නේ නැහැ. සිප ගැනීම් ඉන්දියාවෙන් ආරම්භ වූ බවත් ඇලෙක්සැන්ඩර් රජුගේ සෙබළුන්ගෙන් එය ලොව පුරා ව්‍යාප්ත වූ බවත් පැවසෙනවා.


 8. තොල් සෙලවීමට මාශ පේශි කිහිපයක්ම අවශ්‍ය වේ

සිප ගැනීමේදී, ට්‍රම්පට් වැනි සංගීත භාන්ඩ වාදනය කිරීම වැනි කටයුතු වලදී තොල් සෙලවීමට orbicularis oris කියන මාංශ පේෂිය අවශ්‍ය වෙනවා. විදාඥයින් මුලින් එය එක් මාංශ පේෂියක් බව සොයාගෙන තිබුණත් පසුව එය  මාංශ පේෂි 4ක එකතුවක් බව තහවුරු කරගෙන තිබෙනවා.


 9. රතු තොල් පෙති ඔබව ධනවත් කරයි.

තොල් ආලේපන මගින් කාන්තාවන්ගේ ආකර්ශනීය බව වැඩි වෙනවා කියල ඇතැම් අය කියනවා. රතු තොල් ආලේපන වලට පිරිමි වඩාත්ම කැමැත්තක් දක්වනව කියල අධ්‍යයනයකින් සොයාගෙන තියෙනවා. ප්‍රංශයේ කළ අධ්‍යයනයකට අනුව, රතු තොල් ආලේපනය කල වේටර් වරියන්ට අනෙක් වේටර් වරියන්ට වඩා වැඩි පුර සංතෝශමක් (ටිප් එකක්) ලබා දෙන්න පිරිමි පාරිභෝගියින් පෙළඹිලා තියෙනවා. කාන්තා පාරිභෝගිකයින්ට නම් මෙය වැඩිපුර ටිප් එකක් දෙන්න තරම් දෙයක් වෙලා නැහැ.


 10. තොල් වලට දාඩිය දාන්නේ නැහැ

තොල් වල දාඩිය උපදවන ග්‍රන්ථි පිහිටලා නැහැ. මේ නිසා තොල් වලට දහඩිය නොදමන අතර මේ හේතුවෙන් තොල් ශරීරයේ අනෙක් කොටස් වලට වඩා ඉක්මනින් වියලීමට ලක් වෙනවා.


 11. ඔබේ තොල් වලට රතට හුරු පැහැයක් ලබා දෙන්නේ ලේ වලින්

තොල් පෙති වල සම ශරීරයේ අනෙක් තැන් වල සමට වඩා ගොඩක් සියුම්. අනෙක් තැන් වල සමේ සෛල තට්ටු 16ට වඩා වැඩි ප්‍රමාණයක් තිබුණත් තොල් වල ඇත්තේ 3ක් හෝ 4ක් පමණයි. මේ නිසා සමට යටින් ඇති රධිර නාල හොදින් පේනීම තමයි රතු පැහැයට හේතුව.


12. ඔබ වයසට යත්ම තොල් කුඩා වෙනවා.

තොල් මනා හැඩයක් ලැබී තිබෙන්නේ කොලැජන් තන්තු නිසා. වයසට යත්ම ශරීරයේ කොලැජන් නිශ්පාදනය අඩු වන නිසා තොල් පෙති වල තිබෙන පිරිණු බවත් නැතිවී  යනවා. වෛද්‍ය D'Anne Kleinsmith පවසන ආකාරයට හිරුගේ ඇති අධොරක්ත (ultraviolet) වැනි අහිත කර කිරන නිසාත් තොල් වල පිරිපුන් ගතිය නැති වනවා. මේ නිසා හැම විටම හිරු රශ්මියට නිරිවනණය වන විට තොල් ආලේපන හෝ sunscreen භාවිතය හොද බවයි පැවසේන්නේ. 


No comments:

Post a Comment