Friday, August 26, 2016

ෆෝන් එක වතුරට වැටුනොත් මේ දේවල් කරන්න

ෆෝන් එක වතුරට වැටුනොත් මේ දේවල් කරන්න
01. හැකි ඉක්මනින් දුරකථනය වතුරින් ඉවතට ගෙන OFF කරන්න. පරිපතයට හානි විය හැකි නිසා ON කිරීමට හොදින් ජලය ඉවත්වන තුරුම ඉන්න.
02. ජලයෙන් ඉවත් කළ වහාම දුරකථනයේ බැටරිය ගලවා ඉවත් කරන්න.
03. SIM කාඩ්පත ඉවත් කල එය හොදින් වේලෙන්නට හරින්න.
04. දුරකතනයට බාහිරින් සවිකොට ඇති උපාංග ගලවා ඉවත් කරන්න. SD Card, Headphones, External Camera ආදිය.
05. ඔබ සතුව Vacuume Cleaner එකක් ඇත්නම් දුරකතනයේ පරිපත ඇතුලු සියල්ල විනාඩි 20ක් පමණ ජලය ඉවත්වන තුරු භාවිතා කරන්න.
06. දුරකතනය වියළීමේ කාර්යයට Hairdryer හෝ එවැනි උණුසුම් වායු නිකුත් කරන උපකරණ භාවිතා කිරීමෙන් වළකින්න. මෙමගින් දුරකථනයේ පරිපත වලට හානි සිදුවිය හැක.
07. දින දෙකක් පමණ වියළි සහල් පුරවන ලද ෂොපින් බෑගයක දමා තිබීමෙන් දුරකථනය සම්පූර්ණයෙන් යථා තත්වයට පත් කරගත හැක.
වියළි සහල් වලට අමතරව සිලිකා ජෙල් හෝ ඉර එළියේ තැබීමද සිදු කළ හැක. එහෙත් වියළි සහල් වඩාත් ආරක්ෂිත සහ පහසු ක්‍රමයකි.
08. ඉන් පසු බැටරිය හොදින් පරික්ෂා කිරීමෙන් අනතුරුව සවි කර දුරකතනය පනගන්වා බලන්න.








Thursday, August 25, 2016

ඔලිම්පික් ජයග්‍රාහකයන් පදක්කම සපා කෑමේ ඇත්ත දැනගන්න.

ඔලිම්පික් ජයග්‍රාහකයන් පදක්කම සපා කෑමේ ඇත්ත දැනගන්න.

ඔලිම්පික් තරගවලින් ජයග්‍රහණය කරන තරගකරුවන් ඔවුන්ගේ පදක්කම් සපාගෙන ඡායාරූප වලට පෙනී සිටිනවා ඔබ දැක ඇති. වර්තමානයේ චාරිත්‍රයක් ලෙස මෙය සිදුකලත් මේ සපා කෑමේ චාරිත්‍රය ඈත අතීතයේ පටන් පැවත එන්නක්.
ඔලිම්පික් උළෙලට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. අතීතයේ රත්‍රන් වල තත්වය පරීක්ෂා කර ඇත්තේ ඒවා සැපීමෙනි. ඒ කාලයේ ඔලිම්පික් පදක්කමක් හිමිකරගැනීමෙන් ඒවා එදිනෙදා ජීවනෝපාය ලෙස අලෙවි කර ඇත.  එම නිසා නොඉවසිලිමත් ජයග්‍රාහකයන් ඒ අවස්තාවේදීම ඒවාගේ තත්වය බැලීමට ඒවා සැපීම සිදුකර ඇත. අද වන විට චාරිත්‍රයක් වශයෙන් එය සිදු වුවත් වර්තමානයේ පිරිනැමෙන රන්පදක්කමක 93%ක් රිදියෙන් නිමවා ඇත.

2010 ඔලිම්පික් උළෙලේදී David Moeller නම් ක්‍රීඩකයා ඡායාරූපයට පෙනීසිටින මොහොතේ පදක්කම සැපීම නිසා ඔහුගේ දතකින් කොටසක්ද අහිමි වී ඇති බවත් වාර්තා අතරට එක්වෙනවා. සමහර ජයග්‍රාහකයන් එම නිසාම ඒවා සිපගැනීම සිදු කරයි. ඇත්තෙන්ම සපාකෑමට වඩා සිප ගැනීමෙන් තමන්ට හිමි වූ පදක්කමට ‍ගෞරවයක් දක්වන ලෙස ඡායාරූප වලට පෙනීසිටීම වැදගත්ය.





Tuesday, August 16, 2016

මදුරුවන් වැඩියෙන් මිනිසුන්ට ආකර්ෂණය වීමට බලපාන කරුනු 4ක්

මාරාන්තික රෝග රැසකට මුල් වන මදුරුවන් පිළිබද විශේෂ කරුණු රැසක් මේ වන විට හෙළිකර ගැනීමට පර්යේෂකයන් සමත් වී තිබෙනවා. ඒ පිළිබද AOL වෙබ් අඩවියේ සදහන් වූ මදුරුවන් මිනිසුන්ට වඩාත් ආකර්ෂණය වීමට හේතුවන කරුණු 4ක් පහත දැක්වේ.

01. ගැබිණි මාතාවන්.
ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී මිනිසුන් පිට කරන කාබන් ඩයෝක්සයිඩ් වායුවට මදුරුවන් ආකර්ශණය වීම සිදුවේ. කාන්තාවන් ගර්භණී අවදියේදී කාබන් ඩයෝක්සයිඩ් වායුව වැඩි වශයෙන් පිට කරනු ලබයි. ඒ හේතුවෙන් ඔවුන් වෙත මදුරුවන්ගේ ආකර්ශනය වැඩි වීම නිසා එම තත්වයේ සිටියදී මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට උපක්‍රම අනුගමනය කිරීම වඩාත් සුදුසුය.

02. ව්‍යායාම කරන විට.
ඔබ ව්‍යායාම කටයුතු කිරීමෙන් අනතුරුවද මදුරුවන් ඔබ වෙත් වැඩි ආකර්ෂණයක් දක්වයි. මෙයට හේතුව ව්‍යායාම කිරීමේදී ඔබේ මස්පිඩු වල නිර්මාණය වෙන Lactic Acid නම් අම්ලයයි. එම නිසා ව්‍යායාම කිරීමෙන් පසුව මදුරුවන් වැඩි වශයෙන් ආකර්ශනය වේ.

03. ඇල්කොහොල් පානය කිරීම.
පර්යේෂකයන් සදහන් කරන පරිදි ශරීරය උණුසුම්  කරන බීම වර්ග පානය කිරීමෙන් ද මදුරුවන් ඔබ වෙත වැඩි ආකර්ශනයක් දක්වයි. ඇල්කොහොල් වැනි දෑ පානය කරන විටදී පහසුවෙන් දෂ්ට කළ හැකි ලෙස සම සකස් වීමත් සිරුරේ දැනීම අඩු වීමත් නිසා මෙම අවස්තාවන් වලදීද විශේෂයෙන් මදුරුවන්ගෙන් ආරක්ෂා විය යුතුය.

04. O රුධිර කාන්ඩය හිමි අය
මෑතකදී සිදුකල සමීක්ෂණයකට අනුව O රුධිර කාන්ඩය හිමි අය වෙත අන් අයට වඩා 83%ක් වැඩි ප්‍රතිශතයක් මදුරුවන්ගේ ආකර්ශනය ඇතිවේ.






Wednesday, August 10, 2016

kap situweema

ලොව පුරා සංචාරකයන්ගේ අවධානය වාර්ෂිකව ශ්‍රී ලංකාවට හිමිවන ප්‍රධානම සංස්කෘතිකාංගයක් වන්නේ මහනුවර දළදා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යයයි. පුරාණ අතීතයේ දෙවියන් උදෙසා කළ දේව පෙරහරක් වූ මෙයට 18 වන සියවසේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් දළදා පෙරහරත් එක් කරන ලදි. නාථ දේවාල පෙරහර, විෂ්නු දේවාල පෙරහර, කතරගම දේවාල පෙරහර, පත්තිනි දේවාල පෙරහර යනුවෙන් සතරමහා දේවාල පෙරහරවල් සමග ප්‍රධාන පෙරහර වශයෙන් දළදා පෙරහර ගමන් කරයි. මෙම පෙරහර මංගල්‍යය ආරම්භයේ සිදුකෙරෙන ප්‍රධාන කටයුත්තක් වන්නේ කප් සිටුවීමේ චාරිත්‍රයයි. 
දළදා මාළිගාවේ නැකත් රාළ විසින් පෙරහරට අදාළ දින වකවානු කල් ඇතිව සූදානම් කරනු ලබයි. හෙළ සිරිතට අනුව වැදගත් කාර්යයක් ආරම්භ කිරීමේදී පේවී ඒ පිළිබද කැපවීමක් කරන බවට ප්‍රතිඥා දීමක් ලෙස කප් සිටුවීම සිදුකරයි. එමගින් ඒ කාර්යය අවසානය දක්වා සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය අපේක්ෂා කෙරේ. 

දළදා මාලිගාව විසින් අදාල නැකත් සූදානම් කළ පසු අලුත් නුවර පූජාභූමියේ ප්‍රධාන කපුරාළ විසින් තෝරා දෙන පුරුෂ ලිංගික (පණස) වරකා වෘක්ෂයක් යොදාගනී. කපුරාළ විසින් එම ශාකය තෝරාගත් පසු ඒ වටා සුවද දුම් අල්ලා පැන් ඉස පහන් නවයක් නියමිත මොහොත උදාවන තුරු දල්වා තබයි. බුලත් කොල නමයක් මත මල් වර්ග නමයක් තබා පුද පූජා කිරීමෙන් පසු දේවාලයේ ගස් කපන්නා සුදුවතින් සැරසී පැමිණ නැගෙනහිර දෙසට වැවී ඇති අත්තක් කපා දමනු ලබයි. ඉන් පසු එයින් දිග අඩි දෙකක් පමණ වන කැබලි 4ක් කපාගන්නා අතර සදුන් කිරිපැන් වලින් නහවා පිලිවෙලින් පළමු කැබැල්ල නාථදේවාලයටත් , විෂ්නු දේවාලයටත්, කතරගම දේවාලයටත්, පත්තිනි දේවාලයටත් බෙදා දෙයි. එම දේවාල භූමි තුල පිරිසිදු කර තිර යොදා වට කර සකස් කරන ලද ස්ථානයක සුදු රෙදි කැබැල්ලක ඔතා සෘජුව සිටින සේ කප සිටුවීම සිදුකරයි.

එලෙස සිටුවන ලද කප පෙරහර මංගල්‍යය නිම වනතෙක් පුද පූජා කෙරෙමින් තබාගනී. අවසාන දවල් පෙරහරත් අවසානයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකිරීමට මෙම කප් උගුල්ලා පෙරහරකින් ගැටඹේ තොට වෙත ගෙන එයි. එලෙස ගෙන එන කප් හතර පුදපූජා මැද ජලයේ පාකර හරී.