Tuesday, October 27, 2015

දිදුලන කෙස් කළඹක් සහ සිනිදු සමක් සති කිහිපයකින් ලබා දෙන විශ්මිත සහල් ආලේපනය

අපේ ප්‍රධාන ආහාරය වන හාල් එහෙම නැතිනම් බත් කියන්නේ රෑප ලාවන්‍ය සමග සම්බන්ධතාවයක් නෑ කියලයි අපි හිතාගෙන ඉන්නේ. ඒත් වසර දහස් ගණනක ඉදලා හාල් ලොව පුරාම රුව වර්ධනය කරගන්න යොදා ගන්නවා කියල අහල තියෙනවාද? හාල් කියන්නේ ස්වාභාවික තෙල් උරාගැනීමේ හැකියාව තියෙන ධාන්‍ය වර්ගයක් ඒ වගේම හාල් වලට පුළුවන් ඔබගේ වයසට යෑම ප්‍රමාද කරන්න. හාල් වලට පුළුවන් ඔබගේ හම ලස්සන කරන්න. ඒ විතරක් නෙවෙයි ඔබගේ කෙස් කළඹ ශක්තිමත් ලස්සන එකක් කරන්නත් හාල් වලට පුළුවන්. හාල් වල අඩංගු වෙන inositol සහ කාබෝහයිඩ්රේට් වලට පුළුවන් ඔබගේ හානි වූ හිසකෙස් නැවත ගොඩනගන්න වගේම ආරක්ෂා කරන්න.

ඔබගේ සම සහ කොන්ඩය ලස්සන කර ගන්න වියදම් අඩු, හරිම පහසු, ප්‍රථිපල දායක මේ ප්‍රතිකාරය කරලා බලන්න.

සහල් Facial එක
මේක ඔයාට දිනපතා පාවිච්චි කරන්න පුළුවන් cleanser එකක් වගේම toner එකක් විදයටත් පාවිච්චි කරන්න් පුළුවන්. මේකෙන් ඔයාගේ තරුණ පෙනුම වැඩි කරගන්නත් නොවෙනස්ව තියාගන්නත් පුළුවන්. මේක හදා ගන්න ඔබට අවශ්‍ය වෙන්නේ හාල්, වතුර, පුළුන් හෝ cotton pad සහ පියන් සහිත භාජන 2ක් පමණයි.
සාදා ගන්නා ආකාරය
1.    කුකුළු හාල් ස්වල්පයක් භාජනයකට දමාගන්න.
2.    ජලයෙන් හාල් හොදින් සෝදා පිරිසිදු කරගන්න.
3.    පිරිසිදු සිසිල් ජලය සහල් වැසෙන සේ සහල් වලට වඩා  අගල් 1ක් පමණ උඩට පුරවන්න.

4.    භාජනයේ පියන වසා සෙමින් සොලවා විනාඩි 10ක් පමණ තියන්න.
5.    විනාඩි 10කට පසු ජලය කිරි පැහැයට හැරී තැබෙනවා ඔබට දකින්න පුළුවන්. දැන් මේ වතුර පෙරා වෙන් කරගන්න.
6.    දැන් cotton pad හෝ පුළුන් ගෙන මේ කිරි පැහැති ජලය සමේ මෘදුව ආලේප කරන්න. මේ ආලේපය විනාඩි 5 – 10ක් පමණ තබා සෝදා හරින්න.


මේ විදියට ටික කලක් කළාම ඔබටම දැකගන්න පුළුවන් වෙයි ඔබේ සමේ දිදුලන පැහැදිලි වෙනසක්.
හාල් වතුර කෙස් කළඹට
මේ විදියට සාදා ගන්නා සහල් වතුර ඔබගේ කෙස් කළඹ ලස්සන කරගන්නත් යොදාගන්න පුළුවන්. ඔබට ශක්තිමත් ඇතුළතින් සහ පිටතින් නිරෝගී කෙස් කළඹක් ලබා දෙන්න හාල් වතුර වලට හැකියාව තියෙනවා. සතියකට වරක් හෝ දෙවරක් පහත සදහන් සරල පියවර අනුගමනය කරන්න.

1.    මුළින් කියපු විදයට හදා ගත් සහල් වතුර වල පෝෂණය වැඩි කර ගැනීමට ඔබ වඩාත් කැමති හිස ගල්වන ස්භාවික තෙල් සවල්පයක් එකතු කරන්න.
2.    ෂැමුපු වලින් හිසකෙස් සොදාගෙන සහල් වතුර ඔබගේ හිසට දමා හිසකෙස් සහ හිස් කබල හොදින් සම්බාහනය කරන්න.
3.    ඉන්පසු විනාඩි 5-10ක් පමණ තබා සොදා හරින්න.

ටික දිනකින් ඔබට හැකියාව ලැබේවි සිනිදු ඒ වගේම ශක්තිමත් දිදුල කෙස් කළඹක් හිමි කරගන්න. 

No comments:

Post a Comment