Thursday, November 26, 2015

plague




කළු මරණය හෙවත් මහාමාරිය
කළුමරණය (Black Death) යන නමින් හැදින්වුණ මහාමාරිය (Plague) මධ්‍යතන යුගයේ මිනිස් වර්ගයා ගොදුරු කරගත් මහම ව්‍යසනයයි. එයින් යුරෝපයේ සහ ආසියාවේ මිලියන සංඛ්‍යාත ජනයා මිය ගියහ. මෙම වසංගත රෝගය යුරෝපයට ගෙන යන ලද්දේ ආසියාවේ සිට එහි ලිය ඉතාලි ජාතික නැවියන් විසින් යැයි පැවසේ. මහාමාරිය රෝගයෙන් පෙළෙන මීයන්ගේ සිරුරේ වසන මැක්කන් මිනිසුන්ට දෂ්ට කළ විට මැක්කන් තුළ වූ රෝග බීජ මිනිස් සිරුරට ඇතුළු වී මිනිසාද රෝගී කරයි. මීට කළු මරණය යන නම ලැබුනේ රෝගීන්ගේ සිරුර පුරා කළු මරණය යන නම ලැබුණේ රෝගීන්ගේ සිරුර පුරා කළු පැහැති පුල්ලි මතු වීමත් එයින් මිය ගිය අයගේ සිරුරු බෙහෙවින් කළු පැහැ ගැනීමත් නිසයි. මධයතන යුගවේ විසූ වෛද්‍යවරයෙකු වෙත රෝගය පිළිබද අවබෝදයක් හෝ ඊට ප්‍රතිකාර පිළිබද දැනුමක් නොවීය.

කිසියම් නිවසක කෙනෙකුට මෙම රෝගය වැලදුන විට එහි සෙසු නිවැසියන් කළේ නැසැකවම මරණය උරුම කරගත් රෝගියා නිවස තුළ අත්හැර දමා පලායාමයි. රෝගීන් සිටි සහ සිටින නිවෙස්වල ලොකු කුරුසියක් ඇද තැබීමේ සිරිතක් ද විය. ළග ළග තබා තිබූ මුඩුක්කු බදු කුඩා අපිරිසිදු ගෙවල්වලින් සමන්විත වූ යුරෝපීය නගරවල මේ රෝගය මහත් වේගයෙන් පැතිර ගියේය. නගරවල සිට පිටිසරට පලාගිය අය මගින් ඒ ප්‍රෙදේශවලට ද රෝගය දායාද විය. මේ රෝගයෙන් යුරෝපයේ මිලියන 20ක් පමණ මිය ගිය බැව් වාර්තා වී ඇත. මළකදන් පැටවූ කරත්ත සොහොන් බිම් කරා ගෙනයන දසුන් එකල යුරෝපයේ හැම නගරයකම සුලභ දසුනක් විය. ලන්ඩන් නුවර මේ රෝගයෙන් පීඩිතව සිටියදී අහම්බෙන් එහි හටගත් මහා ගින්නකින් එහි වූ ගෙවල් මුළුමනින්ම වාගේ දැවී විනාශ විය. ඉන්පසු ඒ නගරයේ රෝග භීතිය අඩු වී ගියේය. එවකට විසූ අයට නොවැටහුණ ද එය සිදු වූයේ නගරයේ ගෙවල් හා අන්‍ය ගොඩනැගිලි ආදියේ වාසය කළ විශාල මී රංචු ගින්නෙන් විනාශ වීම නිසයි. යුරෝපයට එම ලන්ඩන් ගින්න වෙස්වලාගත් ආශීර්වාදයක් විය.


Monday, November 23, 2015

larun gar











ලොව විශාලතම බෞද්ධ භික්ෂු ජනාවාසය

චීනයේ Larun Gar මිටියාවතේ පිහිටා ඇති දර්ශණීය කදුවැටියකින් වටවූ භූමියක මෙය පිහිටා ඇත. Larun Gar Buddhist Academi (ලාරුන් ගා බෞද්ධ ශාස්ත්‍රාලය) ලෙසින් හදුන්වන මෙය ලොව විශාලතම බෞද්ධ අධ්‍යාපන ආයතනයකි. එම නිසා එම ප්‍රදේශයේ වාසය කරන 40000කටත් අධික භික්ෂූන් සදහා මිටියාවත පුරා දහස් ගණන් රතු පැහැති දැවයෙන් නිර්මාණය කෙරුනු නිවාස ඉදි කර ඇත. ඒවා එකිනෙකට ළංව ඉදිකර ඇති නිසා කදු මුදුනේ සිට බලන විට දිස්වන්නේ මනරම් දර්ශණයකි.

ටිබෙටියානු බුදු දහම ඉගැන්වීම සදහා මෙම ස්ථානය නිර්මාණය වී  ඇත්තේ 1980 වසරේ සිටය. චීනයේ මුහුදු මට්ටමේ සිට අඩි 12500ක් ඉහළින් පිහිටා ඇති මෙහි අධ්‍යාපනය ලැබීම සදහා තායිවානය, හොංකොං, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් වලින් පැමිණෙති. මෙම ප්‍රදේශය පුරා රූපවාහිනී භාවිතා කිරීම තහනම් කර ඇති අතර විශේෂිත iPhone දුරකතන පමනක් භාවිතා කිරීමට අවසර ලබා දී ඇත.

අරුම පුදුම අවමංගල්‍ය චාරිත්‍රය
Larun Gar වැසියෙක් මියගිය පසු සිදු කරනු ලබන අවමංගල්‍ය චාරිත්‍රය පෞරාණික ටිබෙට් චාරිත්‍ර වලින් පැවත එන්නකි. පළමුව මියගිය තැනැත්තාගේ මළසිරුර කදුමුදුනට ගෙන ගොස් ආගමික වතාවත් සිදුකරනු ලබයි. ඒවා අවසානයේ "Sky Burial Master" නමින් හදුන්වන පුද්ගලයා විසින් මළ සිරුර කැබලි වලට කපනු ලැබේ. ඉන් පසු සිදුවන්නේ එම කැබලි ආහාරයට ගැනීම සදහා අවට සිටින රාජාලියන් පැමිණීමයි. ඔවුන් විශ්වාස කරන පරිදි එම කොටස් සම්පූර්ණයෙන්ම ආහාරයට ගනු ලැබුවේ නම් මියගිය පුද්ගලයා යහපත් අයෙක්වන අතර ඉතිරි වී ඇත්නම් එම පුද්ගලයා අයහපත් අයෙක් ලෙසද සැලකේ.

Sunday, November 22, 2015

memes 5





විද්‍යාඥයින් මවිත කළ ප්ලාස්ටික් කොම්පෝස්ට් කරන අරුම පුදුම සත්වයා

දිරාපත් නොවන කෘතිම අපද්‍රව්‍ය මේ වන විටත් ලෝකයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා අපි හැමෝටම හොදින් වැටහෙනවා. හිතන්න, ඔයාගේ ගෙදරින් දවසකට මේ වගේ දිරාපත් නොවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කොතරම් බැහැර කරනවාද කියලා.
විශේෂයෙන්ම අපි වැඩි වශයෙන් භාවිතා කරන polystyrene foam උපයෝගී කරගෙන නිපදවන එක් වරක් පමණක් පාවිච්චි කර ඉවත ලන කෝපි කෝප්ප, කෑම ඇසුරුම්, යෝගට් කෝප්ප, විවිධ උපකරණ ඇසුරැම් කිරීමට ගන්නා ආක්ෂක පෙට්ටි වැනි ප්ලාස්ටික් නිෂ්පාදන නිසා පරිසරය ගොඩක් දූෂණය වෙනවා. ඇමරිකාවේ පමණක් වසරකට එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන කෝපි කෝප්ප බිලියන 2.5ක් ඉවත දමනවා. මෙහි ඇති විශාලම ප්‍රශ්නය වෙන්නේ මෙම අපද්‍රව්‍ය වසර මිලියන ගණන් දිරා පත් නොවී පරිසරයට හානි පැමිණවීමයි. ඒ විතරක් නොවෙයි ස්භාවික පරිසර වලට බැහැර කිරීමෙන් මේවා ආහාරයට ගන්න සතුන්ද විශාල වශයෙන් මිය යනවා.



ඒත් තව දුරටත් මේ කරදරය ලෝකයට විදින්න වෙන්නේ නැති විදියේ නවතම සොයාගැනීමක් කරන්න විද්‍යාඥයින් පිරිසක් සමත් වෙලා තියෙනවා. බීජිං නුවර Beihang University සහ කැලිෆෝනියාවේ Stanford University කියන විශ්වවිද්‍යාල දෙක එක්ව සොයා ගත් මේ අරුම පුදුම ප්ලාස්ටික් දිරා පත් කරන ක්‍රමය මොකක් කියලද ඔයාට හිතෙන්නේ.
ඇත්තටම ඒ පුංචි පණුවෙක්. Mealworm කියාල හදුන්වන සෙන්ටිමීටරයක් විතර දිග මේ පණුවා ඉදිරියේදි මුළු ලෝකයේම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රශ්නය විසදාවි. ඒක කරන්නේ මෙන්න මේ විදියට, මේ පණුවට පුළුවන් polystyrene foam එහෙම නැත්නම් ඔයාල හොදින්ම දන්න Styrofoam වලින් හදන සයළුම දේවල් ආහාරයට ගන්න. විශේෂම දේ තමයි මෙයා ආහාරයට ගන්න මේ ප්ලාස්ටික්, මල ද්‍රව්‍ය විදියට එයා බැහැර කරන්නේ පරිසරයට ඉතාමත් හිතකර කාබනික අපද්‍රව්‍ය විදියට වීම. මේ පණුවගේ බඩේ ඉන්න විශේෂ බැක්ටීරියා විශේෂයක් විසින් තමයි මේ ජීරණ ක්‍රියාවලිය සිදු කරන්නේ.

පරීක්ෂණ වලදී මේ පණුවන් 100කට දිනකට Styrofoam මිලි ග්‍රෑම් 34 – 39 පමණ ආහාරයට ලබා දීල තියෙනවා. මේ විදියට මාසයක්ම මේ පණුවන්ට Styrofoam ආහාරයට දීල, විද්‍යාඥයින් සොයාගෙන තියෙන්නේ, මේවා ආහාරට ගෙන  පැය 24 ක් ගත වන විට එයින් අඩක් විතර කාබන් ඩයොක්සිඩ් ලෙසත් ඉතිරි කොටස් පරිසරයට හිතකර කොම්පෝස්ට් ලෙසත් ශරීරයෙන් බැහැර කරන බවයි.
මේ බැක්ටීරියා විශේෂය මුල් වරට 2009 වසරේදී තායිවානයේ උසස් පාසලක සිසුවෙකු විසින් සොයාගෙන තිබුණත් Mealworm  පණුවන්ගේ උදරය තුලදී ප්ලාස්ටික් දිරාපත් කිරීමේ හැකියාව පිළිබඳව හඳුනාගෙන තිබුණේ නැහැ. මේ නව සොයාගැනීමේන් විද්‍යාඥයින් ඉතාමත් මවිතයට පත්වී ඇති අතර  Dr. Wei-Min Wu පවසා ඇත්තේ මෙය පසුගිය වසර දහය තුල පරිසර වෙනුවෙන් කල හොදම සොයාගැනීම බවයි. 

Saturday, November 21, 2015

ඉක්මනින්ම කෑම එක බැදගෙන යන ලන්ච් ෂීට් එකෙන් කෙසෙල් කොලයට මාරු වෙන්න


කෙසෙල් කොලේ එහෙම නැතිනම් ‘‘පත් කොලේ‘‘ ඔතපු කෑම එකක් හරිම රසවත් කියල අපි හැමෝම දන්නවා. ඒත් අද කාලේ නම් අපි රැකියාවට යනවිට හරි වෙනත් ගමනක් යන විට හරි කෑම එක කෙසෙල් කොලේ ‍ඔතාගෙන යන්නෙ නම් නැහැ. ඒකට හේතුව ගොඩක් වෙලාවට කෙසෙල් කොල හොයා ගන්න අමාරු එක නම් නෙවෙයි. ලන්ච් ෂීට් එක ඊට වඩා පහසු වීම සහ කෙසෙල් කොලේ කෑම ගෙනියන එක පරණ තාලේ වැඩක් කියලා අපි හිතන් එන්න එක තමයි මේකට ප්‍රධන හේතුව.
ඒත ඔයාල දන්නවනම් කෙසෙල් කොලේ කෑම කන එක කොයි තරම් වටිනවද කියලා හැමදම මේ විදියට කෑම අරන් යාවි.

කෙසෙල් කොලේ කියල කියන්නේ 100%ක් ස්වභාවිකයි කියන එක ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැහැ. කෙසෙල් කොල වල තියෙන epigallocatechin gallate කියන polyphenols වර්ගය ඉතාමත් හොද ප්‍රතිඔක්සිකාරකයක්. මේ සංඝටකයම තමයි ඉතාමත් මිල අධික Green Tea වල තිබෙන ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය. ඉතින් ඔයාලා Green Tea වලට මුදල් වියදම් කරන වෙලාවේ හැමදාම කෙසෙල් කොලේ බත් කන්න පූළුවන් නම් නොමිලේම මේ ගුණාංග ඔයාගේ ශරීරයට ලබා ගන්නත් පුළුවන්.
epigallocatechin gallate කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය මගින් ශරීරයේ සෛල වල ඇතිවන මුක්ත ඛණ්ඩක  ඔක්සිකරනය වීමෙන් සිදුවන හානි වලක්වා ගන්න පුළුවන්. අපේ කාර්ය බහුල ජීවිතය නිසා ඇතිවන මානසික පීඩනය, සහ අප ගන්නා ආහාර වල ඇති නොයෙකුත් විෂ ද්‍රව්‍ය නිසා ශරීරයේ ඇතිවන මුක්ත ඛණ්ඩක (Free radicals) තමයි නිදන් ගත රෝග රාශිකට ප්‍රධාන හේතුව. විශේෂයෙන් පිළිකා, හදවත් රෝග, ධමනි වල ඇතිවන රෝග මෙන්ම ඉක්මනින් වයසට යෑම මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් කෙසෙල් කොලේ කෑම ගැනීමෙන් පිළිකා වැනි මාරාන්තික රෝග වලින් මිදෙන්නත්, ඔබගේ තරුණ බව රැකගන්නත් කිසිම වියදමක් නැතිව පුළුවන්.
Epigallocatechin gallate වලට පුළුවන් සෛල වල DNA, පාර ජම්බූල කිරන වලින් ආරක්ෂා කරන්න. ඒ වගේම ඔබගේ ශරීරයේ ඇති මේදය දහනය කරීමේන් ශරීරයේ බර අඩු කරන්න. තවත් විශේෂ දෙයක් තමයි ඔබේ සම තිරිහන් කරන්න (තරුණ කරන්න) ඉතාමත් වැදගත් මෙහෙයක් ඉටු කරන්නත් මේ සංඝටකයට පුළුවන්. ඉතින් කිසිම වියදමක් නැතිව සිහින් සිරුරක් සහ සුන්දර සමක් ලබා ගන්නත් කෙසෙල් කොලේ කෑම ඔතාගෙන ගියොත් ඔයාලට පුළුවන්.  

දැන් ඔයාට හිතෙන්න පුළුවන් හිතෙන්න පූළුවන් මෙතරම් ගුණ දායක කෙසෙල් කොල ඇයි අපිට කෑමට ගන්න බැරි කියලා. ඒකට හේතුව තමයි කෙසෙල් කොල අපට දිරවීමට ඉතාමත් අපහසු වීම.
දැන් හිතනෙවද? කෙසෙල් කොල ආහාරයට ගන්නේ නැතිව කොහොමද මේ පෝෂ්‍ය පදාර්ථ අපිට ලැබෙන්නේ කියලා. ඒක වෙන්න හරිම අමුතු විදියකට අපි කෙසෙල් කොලේ රත් කරනවා (තවනවා) ඊට පස්සේ ඒකට උණු කෑම බෙදනවා, එවිට රත් වූ කෙසෙල් කොලයේ ඇති මේ පෝෂ්‍ය පදාර්ථ උත්තේජනය වී ආහාර වලට උරා ගන්නවා. අපි මුලින් කියපු ප්‍රධාන සංඝටකයට අමතරව බැක්ටීරියා නාශක, විටමින් A, Citric අම්ලය සහ කැරොටීන් වැනි තවත් වැදගත් පෝෂ්‍ය පදාර්ථද මේ සමගම අපේ ආහාරයට එක් වෙනවා.
තවත් අමතර වාසි රැසක්ම ඔයාට කෙසෙල් කොලේ කෑම ගැනීමෙන් ලබා ගන්න පුළුවන්.
Chlorophyll කියන සංඝටකය නිසා බඩවැල් ඇතිවන තුවාල සහ සමේ රෝග සුව වෙනවා.
රුධිරය පිරිසිදු කරනවා.
ආහාර රුචිය වඩවන අතර ආහාර දිරවීම පහසු කරනවා.
වකුගඩුවේ ඇති වන ගල් සහ මූත්‍රාශයේ ඇතිවන අනෙකුත් රෝග වලක්වනවා.
ප්‍රතිශක්තිකරන පද්ධතිය උත්තේජනය කරනවා.

ඒ විතරක් නෙවෙයි කෙසෙල් කොලේ ආහාර ගැනීමෙන් පහතින් දැක්වෙන වාසිත් ඔයාලට ලබා ගන්න පුළුවන්.

1.       ඔබගේ ආහාරයට හොද රසයක් එකතු කරගන්න පුළුවන්.
2.       පොලිතින් වල කෑම අරන් යනවා වගේ නෙවෙයි කෙසෙල් කොලය පරිසරයටත් ඉතාමත් හිතකරයි.
3.       එය ඉතාමත් පිරිසිදුයි ඒ වගේම සනීපාරක්ෂාවෙනුත් ඉහලයි.
4.       එහි කිසිම රසායනික් ද්‍රව්‍යක් අඩංගු වෙන්නෙත් නැහැ.
5.       කෙසෙල් කොලයේ අඩංගු ඉටි වැනි සංඝටකය නිසා එයින් ජලය කාන්දු වෙන්නේ නැහැ. මේ නිසා හොදි වගේ දියරමය ආහාර ගෙනියන්නත් පුළුවන්.
කෑම ඔතාගෙන යනවට අමතරව කෙසෙල් කොලයෙන් තවත් ගොඩක් වාසි අපිට ලබා ගන්න පුළුවන්
1.       කෙසෙල් කොල යුෂ වලින් සමෙහි ඇති වන පොඩි තුවාල, දද, ඉස්හොරි වගේ රෝග සුව කරගන්න පුළුවන්.
2.       කෙසෙල් කොල සිසිල් ජලයේ පොගවා සමෙහි හිරු කිරණින් පිළිස්සුනු තැන් වල තැබීමෙන් එම කැලැල් සුව කරගන්න පුළුවන්.
3.       කෙසෙල් කොලයේ තිබෙන විෂ හරනය කිරීමේ ගුණාංග තිබෙන අතර  මකුළුවන්, මී මැස්සන් සහ වෙනත් විෂ කෘමීන් දශ්ඨ කල ස්ථාන වල ගෑමෙන් ඒවා සුවපත් කරගන්නත් පුළුවන්.



මෙතරම් වාසි රැසක් තියෙන කෙසෙල් කොලය අමතක කරල කෘතිම ලන්ච් ෂීට් වල කෑම ගෙනියන එක අදම නතර කරල ඔයාගේ සෞඛ්‍ය විතරක් නෙවෙයි අපේ පරිසරයත් රැක ගන්න. මේ ගැන ඔයාගේ යාළුවනුත් දැනුවත් කරන්න. 

Thursday, November 19, 2015

සිඩ්නි නුවර කැළඹූ වළාකුළු සුනාමිය







මේ දිනවල ලෝකයේ බොහෝ ප්‍රදේශ වල දක්නට ලැබෙන්නේ වැසිබර කාළගුණයක්. පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වාසීන්ටත් ඒ නිසාම ඉතාම දුර්ලභ සිදුවීමක් දැක ගැනීමට හැකි උනා. ඒ තමයි පහත ඡායාරූප වල දැක්වෙන වළාකුළු සුනාමියයි. කිලෝමීටර කිහිපයක ප්‍රදේශයක් පුරා එක් රැස් වූ වළාකුළු සුනාමි රළ පහරක් ලෙස දැවැන්තව එක පෙළට නගරය කරා ඇදී එන අතර තද කුණාටු සහ වැසි සහිත කාළගුණයක පෙරනිමිති එමගින් දැකගත හැකි වේ. 

Wednesday, November 18, 2015

වඩාත් හොද උදේ නාන එකද? හවස නාන එකද? ඔයා හිතන්නේ මොකක්ද?

නාන්න වඩාත් සුදුසුම උදේ කාලයේද? නැතිනම් රාත්‍රී කාලයේ කියලදඔයා හිතන්නේ මෙකක්ද?. මේ ප්‍රශ්නේ ඔයාගේ යාළුවන්ගෙනුත් අහලා බලන්න. සමහරෙක් කියයි ‘‘උදේ නාන එක තමයි වඩාත්ම හොද“ තවත් අය කියයි ‘‘නැහැ. රෑට නාන එක තමයි ගොඩක්ම හොද වෙන්නේ“ කියලා. උදේ නාන කෙනෙක් කොහෙමත්ම රෑ නාන එක හොදයි කියල පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රෑ නාන කෙනෙක් පිළිගන්න කැමති නෑ උදේ නාන එක හොදයි කියලා. දැන් කොහෙමද ඔයා දැනගන්නේ ඇත්තමට නාන්න සුදුසු වෙලාව දවසේ කොයි වෙලාවද කියලා.
ඒක හරියටම තීරණය කරන්න පුළුවන් ඔබේ සමේ වර්ගය සහ ඔබ දෛනිකව කරන වැඩ සහ එයින් ඔබගේ ශරීරය කොතරම් අපිරිසිදු වෙනවද කියන කරුණු මතයි.

උදේම නෑම වාඩාත්ම සුදුසු මේ වගේ අයටයි
ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම්, නාන්න සුදුසුම වෙලාව තමයි උදේ කාලය. ඒකට හේතුව විදියට වෛද්‍යවරු පවසන්නේ, ‘‘සමේ තෙල් නිපදවෙන්නේ රාත්‍රී කාලයේදී වන නිසා උදෑසන නෑමෙන් මෙම තෙල් ඉවත් වී සමේ සිදුරු හොදින් පිරිසිදු වෙනවා. ඒ වගේම තෙල් සහිත සම හොදින් උද්දීපන කරන්නත් උදෑසන නෑම ගොඩක් හොදයි“
ඔබ උදේම රැවුල කපන කෙනෙක් නම්, නෑමෙන් පසු රැවුල බෑම ඉතාමත් පහසු වෙනවා. ඒකට හේතුව තමයි නෑමෙන් පසු රැවුල් ගස් මෘදු බවට පත්වීම. මේ නිසා ඔබට ඉතාමත් සුසිනිදුව සහ පහසුවෙන් රැවුල කැපීම කරන්න පුළුවන්.
ඔබ උදේ අවදි වන කෙනෙක් නම්, උදෑසන නෑම ඔබට වඩාත් පහසු දෙයක්. ඒකට හේතුව තමයි ඔබට අවශ්‍ය තරම් වෙලාව තියෙනවා හොදින් නාන්න. උදෑසන නගිටින්න කම්මැලි අයට උදේ නාන්න කොහොමත් වෙලාවක් ඉතිරිවෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට හරියට නා ගන්නත් බැරිව යනවා.
ඔබට රාත්‍රි කාලයේ ගොඩක් දාඩිය දාන කෙනෙක් නම්, ඔබට වඩාත්ම සුදුසු වන්නේ උදේම නාන එක. එයින් ඔබට නව ප්‍රබෝධමත් බවකින් දවස පටන් ගන්න පුළුවන්.
ඔබ දවස පුරා විෂබීජ වලට නිරාවරණය වෙලා නැතිනම්, ඔබට වඩාත් සුදුසු උදේම නාන එකයි. ඔබ කරන රැකියාව අනුව හෝ ඔබ දෛනික ජීවිතය ගෙවන ආකාරය මත තමයි ඒක තීරණය වෙන්නේ. හිතන්න ඔබ උදේම නිවසේ ඉදන් කෙලින්ම වායු සමනය කළ කාර්යාලයක රැකියාව කරලා අපසු ගෙදර එන කෙනෙක් නම්, ඔබගේ ශරීරයේ ගොඩක් අපිරිසිදු වෙන්න විදියක් නැහැ. ඒ නිසා හවසට ඇග පත සෝදාගෙන පිරිසිදු වෙලා නින්දට ගිහින් උදේම නාන එක තමයි හොදම දේ.

රාත්‍රියේ නෑම වාඩාත්ම සුදුසු මේ වගේ අයටයි

ගොඩක් අය හිතන්නේ නිදාගන්න කලින් නෑවාම ශරීරය සැහැල්ලු වෙලා සුව පහසුව නිදා ගන්න පුළුවන් කියලා. කොහොම උනත් සමීක්ෂණයන්ට අනුව රාත්‍රී කාලයේ නෑමෙන් ශරීරයේ උෂ්ණත්වය අඩු වීම නිසා හදවතේ රිද්මයට බලපෑම් ඇති වන බව සොයාගෙන තිබෙනවා. මේ නිසා පසු කාලීනව නිදා ගැනීමේ අපහසුතා ඇතිවන්න පුළුවන්. ඒකට විසදුමක් විදියට නින්දට පැය දෙකකටවත් කලින් නාන එක සුදුසුයි කියලයි වෛද්‍යවරු පවසන්නේ.
ඔබ Make Up පාවිච්චි කරන කෙනෙක් නම්, ඔබ දිනපතා මේක් අප් සහ සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එකක් භාවිතා කරන කෙනෙක් නම් මුහුණ සෝදා නිදා ගන්නවට වඩා හොදින් නා පිරිසිදු වෙන එක තමයි හොදම දේ. ඒකට හේතුව තමයි මුහුණ සෝදනවට වඩා නාන විට ඔබගේ මුහුණට ලැබෙන අඛණ්ඩ ජල ප්‍රවාහය නිසා හොදින් පිරිසිදු වීම.
ඔබට තිබෙන්නේ වියළි සමක් නම්, නාන්න සුදුසම වෙලාව තමයි රාත්‍රී කාලය. නෑමේදි සම ඉතාමත් හොදින් පිරිසිදු වෙන නිසා සමේ සිදුරු විවිර වී තවත් වියලි තත්වයට පත් වෙනවා. මේ නිසා වියලි සමක් හිමි අය රාත්‍රී කාලයේදී නෑමෙන් ඔවුනගේ සම වියලීම අඩු කරගන්න පුළුවන්.
ඔබ වැඩ කරන පරිසරය ඉතාමත් අපිරිසිදු එකක් නම්, ඔබ රැකියාව කරන්නේ විෂබීජ වලින් පිරිණු රෝහලක් වගේ තැනක නම් කරන්න තියෙන හොදම දේ තමයි නිවසට පැමිණි විගසම නාන එක. ඒ වගේම ඔබගේ අපිරිසිදු රෙදි සෝදන එක. එයින් ඔබගේ සෞඛ්‍ය රැකෙනවා පමණක් නොවෙයි නිවසේ සිටින අනිත් අයගේ සෞඛ්‍යත් රැක ගන්න පුළුවන්.
ඔබ ගොඩක් මහන්සිවෙලා වැඩ කරන කෙනෙක් නම්, ඔබගේ රැකියාව ඉතාමත් වැඩ අධික, දහඩිය වැගිරෙන එකක් නම් හොදම වෙලාව තමයි රත්‍රී කාලයේ නාන එක.
ඔබට දැන් පූළුවන් ඔබ නාන වේලාව ඔබගේ රැකියාවට, ජීවන රටාවට සහ ඔබගේ ශරීරයට අනුව තෝරා ගන්න. එහෙත් ඔබ නොකළ යුතු එක දෙයක් තියෙනවා ඒ තමයි දිනකට වාර කිහිපයක් නාන එක. කිසිම විටක උදේ සහ රාත්‍රී දෙකේම නාන්න පුරුදු වෙන්න එපා. එයින් ඔබගේ සම ස්වභාවිකවම ආරක්ෂා කරන සමෙහි වාසය කරන හිතකර බැක්ටීරීයා ඉවත් වී සම අධික ලෙස වියලි වීම, සමේ කුඩා පැළුම් ඇතිවීම නිසා චර්ම රෝග ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා.
සැලකිය යුතුයි ------------------

නාන්න සුදුසු වෙලාව මොකක් උනත්, ඔයා මාසෙකට සැරයක් වගේ නාන කෙනෙක් නම් කොයි වෙලාවෙ හරි කමක් නැහැ එදාටවත් හොදට නාගන්න කියන එක තමයි විශේෂඥ වෛද්‍ය වරයෙක් උණත් දෙන හොදම උපදේශය. 

Monday, November 16, 2015

memes 4




ඔබේ නාසයේ හැඩය අනුව ඔබ කොයි වගේ චරිතයක් හිමි පුද්ගලයෙක් දැයි දැනගන්න

ශරීරයේ අවයව වලින් එම අවයව හිමි පුද්ගලයා ගේ චරිත ලක්ෂණ හෙලිදරව් කර ගැනීම ඈත අතීයේ සිටිම භාවිතා කල විශේෂිත ශාස්ත්‍රයක්. ශරීර අවයව වලින් හෙලිකරන මේ තොරතුරුවල  නිරවද්‍යතාවය පිළිබද සමහරුන්ගේ නම් වැඩි පැහැදීමක් නෑ. ඒත් මේ තොරතුරු තමන්ගේ චරිත ලක්ෂණ සමග ඉතා හොදින් ගැලපෙන බව පිළිගන්නා බොහෝ පිරිසක් වර්තමානයේත් සිටිනවා.  ඔබේ නාසයේ හැඩයට අනුව හෙළිකරන තොරතුරු ඔබේ චරිත ලක්ෂණ සමග කොතරම් දුරට ගැලපෙනවාදැයි පහතින් ඔබටම බලාගන්න පුළුවන්

විශාල නාසය


විශාල නාසයෙන් බලය, නායකත්වය සහ තනිවම කටයුතු කිරීමේ දැඩි කැමත්ත පෙන්නුම් කරනවා. විශාල නාසයක් හිමි අය අන් අයගේ අණ පිලිපැදිමට කැමත්තක් නොදක්වයි. එම නිසා ඔවුන් වෙනත් කෙනෙකු යටතේ වැඩ කිරිමට කැමත්තක් නොදක්වයි. කුඩා ප්‍රමාණයේ කාර්යයන් සදහා දායක වීමට එතරම් කැමැත්තක් නොදක්වන මොවුන් තරමක මානයෙන් යුක්තයි'

කුඩා නාසය

කුඩා නාසයක් හිමි අය කණ්ඩායමක් සමග කටයුතු කිරීමට ඉතාමත් දක්ෂයි. මොවුන් නැවත නැවත කිරීමට සිදුවන කම්මැලි වැඩක් වුවත් අතහැර දාමා පලා නොයයි. මොවුන් සතු නිර්මාණාත්මක පරිකල්පන ශක්තියක් යොදා ගනිමින් තනිවම යම් යම් දේවල් කිරීමට හැකියාවත් ඇත. නමුත් ඔවුන්ගේ කිපෙන සුළු බව නිසා සමහර අවස්ථාවල කලකිරිමට පත්වේ.

දිගු නාසය

දිගු නාසයක් හිමි අය ව්‍යාපාර කටයුතු වලදි හොද දැනීමක් තිබෙන අතර දියුණු වීමට දැඩි කැමත්තක් දක්වනවා . ස්වාධීනව කටයුතු කිරීමට ප්‍රිය මොවුන් සතුව ඉතා හොද නායකත්ව කුසලතාවන් පවතිනවා.

දිගින් අඩු මහත නාසය

මේ ආකරයේ නාසයක් හිමි අය ගැටළුවකට විසදුම් සෙවීමේදී සෑම විටම  නව මානයන් සොයා ගනී.  මොවුන් විවෘත මනසක් යුක්ත වුවත් සමහර දේවල් ප්‍රකාශ කිරිම හැගිම්වලට අනුව යටපත් වේ.

රැල්ලක්  සහිත නාසය

රැල්ලක් සහිත නාසයක් හිමි අය නාසයේ හැඩය නිසාම ඉතා ඉක්මනින් මතකයේ රැදෙනවා. මොවුන් ස්භාවයෙන්ම විනෝදයට ලැදි විනෝදයෙන් කාලය ගත කරන්නට කැමති පිරිසකි.

ගැටයක් සහිත නාසය

නාසයේ මැද ගැටිත්තක් සහිත නම් එම පුද්ගලයන් ස්වභාවයෙන් හිතුවක්කාර ගතියෙන් යුතු, දියුණුවට දැඩි කැමැත්තක් දක්වන අයයි. මොවුන් ඉතා හොද පෞර්ෂයකින් යුක්ත අතරම නායකත්ව කුසලතා වලින් යුක්තයි. ඉවසීවෙමන් යුතුව යමක් සංවිධානය කිරීමේ හැකියා මොවුන් සතුව පවතින අතර කාර්යක්ෂමව එම කාර්යය සිදුකරයි.

ඉහලට හැරුණු නාසය

අග කොටසින් ඉහලට හැරුණු නාසයක් සහිත අය සර්වශුභවාදීන් වන අතර  කාරුණික හදවතක් සහිතයි. අන් අයට උදව් කිරීමට කැමැත්කත් දක්වන මොවුන් පවුලේ අය සහ යාළුවන් සමග හොද බැදීමක් පවත්වාගෙන යයි.