Wednesday, November 30, 2016

1800 වර්ෂයක උපත ලබා තවමත් ජීවත් වන ලෝකයේ අවසාන පුද්ගලයා


නොවැම්බර් මාසයේ 29 වෙනිදා 117 වෙනි උපන් දිනය සැමරූ Emma Morano අත්තම්මා තමයි ලෝකෙ දැනට ජීවත් වෙලා ඉන්න මිනිසුන් අතරින් වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ අත්තම්මගේ තවත් විශේෂම දෙයක් තිබෙනවා. ඒ තමයි 1800 වර්ෂයක උපත ලබා තවමත් ජීවත් වන ලෝකයේ අවසාන පුද්ගලයා විම.


Emma අත්තම්මා ඉපදිලා තියෙන්නේ 1899 අවුරුද්දේ ඉතාලියේ Vercelli නම් ප්‍රදේශයේ. මේ අත්තම්මට අවුරුදු 15 දී තමයි පළමුවන ලෝක යුද්ධය පටන් අරගෙන තිබෙන්නේ. ඒවගේම අත්තම්මට අවුරුදු 28 ක් විතර වෙන කාලේ තමයි මුලින්ම රූපවාහිනියක් නිපදවලා තියෙන්නේ.  Emma අත්තම්මා මේ වනවිටත් 19 වෙනි සියවසේ උපන්, ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතටත් එක්වී හමාරයි.

ඇයගෙන් මේ විදහට දීර්ඝායුෂ ලැබීමේ රහස කුමක් දැයි ඇහුවම ඇය ප්‍රකාශකර තිබුණේ “මම දිනකට බිත්තර දෙකක් ආහාරයට ගන්නවා. එක තමයි රහස.“ යනුවෙනුයි.


ඇයට අවුරුදු 20 දී වෛද්‍යවරයෙක් මේ විදහට දවසකට බිත්තර දෙකක් ආහාරයට ගන්න කියලා උපදෙස් දීල තියනවා. ඉතිං මේ අත්තම්මත් අවුරුදු 97 තිස්සේම දවසට බිත්තර 2ක් කන පුරුද්ද දිගටම සිදුකරගෙන ඇවිත් තියනවා.

ප්‍රහාරයකට පැමිණි ISIS ත්‍රස්තයින් 47ක් මරාදැමූ නිර්නාමික ස්නයිපර් වෙඩික්කරු

ඉරාකයේ Al Assad ගුවන් කදවුර බ්‍රිතාන්‍ය සෙබළුන් 250ක ගෙන් යුතු කණ්ඩායමක් මෙහෙයුම් සිදුකරන ස්ථානයක්. ISIS ත්‍රස්තයින්ගේ නිරන්තර ප්‍රහාරවලට ලක්වීම නිසා මෙම ප්‍රදේශය ‘‘මරණයේ ත්‍රිකෝණය“ ලෙස කාලයක් තිස්සේ හදුන්වනු ලැබුවා.
ආසන්න දිනකදී මෙම කඳවුරට පහර දීමට පැමිණි ISIS සටන්කරුවන් 47 දෙනෙක්  තනිවම මරාදැමීමට මෙහි සිටි බ්‍රිතාන්‍ය ස්නයිපර් වෙඩික්කරුවෙක් සමත්වී තිබෙනවා. ගුවන් කඳවුරේ ඉහළම ස්ථානයක සිට කඳවුර වෙත පැමිණෙන තුවක්කුකරුවන් සහ මරාගෙන මැරෙන ට්‍රක් රථ බෝම්බ දෙස නිරන්තර අවධානයෙන් සිටිමින් එම අතුල්වීම් වැළැක්වීම මෙම ස්නයිපර්කරුගේ රාජකාරිය වී තිබුණා.
එම වගකිම ඉතා දක්ෂ ලෙස ඉටුකල මේ සෙබලා බ්‍රිතාන්‍ය හමුදාව සතු භයානකම ස්නයිපර් වෙඩික්කරුවන්ගේන් කෙනෙක් ලෙස සැලකෙනවා. නමුත් ආරක්ෂක හේතූන් මත ඔහුගේ නම හෝ අනෙක් තොරතුරු කිසිවක් හෙළිකර නැහැ.

අෆ්ගනිස්ථානයේ සිදුකල මෙහෙයුම්කදී ද වැඩිම ත්‍රස්ත සංඛ්‍යාවක් ඝාතනය කර ඇති මෙම ස්නයිපර්කරුගේ හැකියාව කොතරම් දැයි කියනවා නම් ඔහු මීටර් 1431ක් ඈතීන් සිටි ත්‍රස්තයෙක් ද ස්නයිපර් වෙඩි පහරින් මරණයට පත් කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

Sunday, November 27, 2016

ධනවාදී බලවතුන් හමුවේ නොසැලු සැබෑ සමාජවාදියාගේ ජීවිතය

තම ජීවිතයේ 90 වැනි වියේදී ලොවින් සමුගත් අසහාය සමාජවාදී නායකයා ෆිදෙල් කැස්ත්‍රෝ ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම සමාජවාදී නාකයෙකු ලෙස ඉතිහාසගත වී හමාරය. ලෝකයේ සෙසු රටවල ස්වාධිපත්‍යට අනවශ්‍ය ඇඟිලි ගසමින් සිටින ධනවාදී ඇමරිකානු අධිරාජ්‍යයේ බලපෑම ඉදිරියේ කිසි ලෙසකින්වත් දණ නොනැමූ ෆිදෙල් කැස්ත්‍රෝ නම් සමාජවාදී විප්ලවවාදියා, සියළුම සමාජවාදය ගරුකරන රටවලට ආදර්ශමත් නායකයෙක් විය.

ෆිදෙල් අලජෙන්ඩෝ කැස්ත්‍රෝ රුස් නමින් වර්ෂ 1926 අගෝස්තු 13 වැනිදා කියුබාවේ, හොල්ගුයින් පළාතේ, බයිරාන් හි ධනවත් ගොවියෙකුට දාව ඔහු උපත ලැබුවා. ධනවත් පවුලක උපත ලැබුවත් කුඩා කල සිටම ඔහු සමාජ විෂමතාවන්ට එරෙහිව නැගී සිටි අයෙක් වුණා. මේ නිසාම හවානා විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ අධ්‍යාපනය ලබන අවධියේ සිටම සමාජවාදී දේශපාලන ආකල්ප දැරූ ඔහු ඔර්තඩොක්ස් පක්ෂය යටතේ 1946 දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනවා.

කියුබාව තුළ ඒකාධිපති පාලනයක් ගොඩනගමින් වර්ෂ 1940 දී බලයට පැමිණි ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ පාලනයට එරෙහිව ජූලි 26  සංවිධානය බිහිකරමින් 1952 වසරේදී, තම සොහොයුරාගේ ද සහය ඇතිව කඳවුරු බඳින ෆිදෙල් කැස්ත්‍රෝට ඒ නැගිටීම හේතුවෙන්ම වසර 15ක සිර දඩුවමකට ලක්වීමට සිදුවුණා.

කෙසේ වෙතත්, ක්ෂමා සංවිධානයේද මැදිහත් වීම මත 1955 දී වසර දෙකක කාලයක් සිරගතව සිට නිදහස ලැබීමට ඔහුට වසනාව උදාවනවා.  අනතුරුව ඔහුට, එවකට විප්ලවීය සටන් නායකයෙකු වූ චේ ගුවේරාගේ දෛවෝපගත හමුවීම සිදුවීමත්  සමඟ ඔහුගේ ද සහාය ඇතිව බැටිස්ටා පාලනයට එරෙහිව කියුබානු විප්ලවය අරඹමින් කියුබාවේ ඒකාධිපති පාලනය බිඳ දැමීමට සමත්වනවා.

ඇමරිකාවෙ නොමද සහය ලද බැටිස්ටා පාලනය බිඳ දමමින් ෆිදෙල් ක්‍රැස්ත්‍රෝගේ මෙම ජයග්‍රහණය කියුබාව ලැබූ ජයග්‍රහණයක් පමණක් නොවූ අතර එය ප්‍රබල ඇමරිකානු රාජ්‍යට එරෙහිව ලැබූ ජයග්‍රහණයක් ලෙස දේශපාලන ලෝකයම පිළිගැනුනා.
මේ නිසාම ධනවාදයට එරෙහි මේ හිතුවක්කාර විප්ලවවාදියා ඝාතනය කරන්නට ඇමරිකාවේ රහස් ඔත්තු සේවාවන් ක්‍රියාත්මක වූ අතර ඔහුව ඝාතනය කිරීම සඳහා CIA ඔත්තු සේවය අවස්ථා 694 කදී උත්සාගෙන තිබෙනවා යැයි පැවසුවොත් ඔබ පුදුමවනු ඇත. එහෙත් පුදමය එය නොවේ, විෂ පෙති, විෂ සුරුට්ටු, විෂ රාසයන ගැල්වූ පිහිණුම් ඇදුම් ආදී නොයෙක් ක්‍රම යොදා ගනිමින් ඔහු මරණයට පත් කිරීමට ගත් සියළු උත්සහයන් ව්‍යාර්ත වීමයි. ලෝකයේ ප්‍රබලම බුද්ධි අංශය යැයි කියන CIA බුද්ධි අංශය අවස්ථා 694ක දීම ෆිදෙල් කැස්ත්‍රෝ ඉදිරියේ දණ නමන්නට සිදුවිය. අවසානයේ ඔහු ස්වභාවික මරණයක් අත්වන තුරුම ඔවුන්ට කල හැකි දෙයක් නෙවුණි.

සියළු  දේශීය හා විදේශීය කුමන්ත්‍රණ පරාජය කරමින් කියුබානු විප්ලවය ජයගැනීමෙන් පසු වර්ෂ 1959 දී කියුබාවේ නායකයා බවට පත්වන ෆිදෙල් කස්ත්‍රෝ. 1959 පෙබරවාරි 16 වැනිදා සිට 1976 දෙසැම්බර් 02 වැනිදා දක්වා කියුබාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබුණා. ඉන්පසු 1976 සිට 2008 දක්වා එහි ජනාධිපති ලෙසත් කියුබාව වෙනුවෙන් සේවය කළ ඔහු දීර්ඝතම කාලයක් රටක් පාලනය කල නායකයන් අතර තුන්වන ස්ථානයට ද පත්ව තිබෙනවා. 2008 දී කියුබාවේ පාලනය ඔහුගේ සොහෙයුරා වන රාහුල් කැස්ත්‍රෝ වෙත භාරකරන ඔහු ජීවිතයේ අවසන් කාලය විවේකයෙන් ගත කරන්නට තීරණය කරනවා.

විප්ලවය ජය ගැනීමට රුසියානු හා චීන රාජ්‍යයන්ගේ සහය ෆිදෙල් කැස්ත්‍රෝ හට ලැබුණද, ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය වූයේ නොබැඳි පිළිවෙතයි. ඒ නිසාම නොබැදි ජාතීන්ගේ සංවිධානය සමඟ කටයුතු කල ඔහු 1979 දී එහි සභාපති ධූරය හිමි වූ අතර සංවිධානයේ 7 වැනි සහ 23 වැනි මහලේකම්වරයා ලෙසද කටයුතු කර තිබුණි. නොබැඳි ජාතීන්ගේ සමුළුවේ නායකයකු ලෙස ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේ ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරතවූයේ ය. 
ඔහුගේ දශක 5ක පාලන කාලය තුල ඇමරිකානු ජනාධිපතිවරුන් 9 දෙනෙක් සමඟ ගනුදෙනු කරන්නට සිදුවූ අතර ඒ සෑම ජානිධිපතිවරයෙක්ම කියුබාව වෙත දැඩි ආර්ථික සම්බාධක පැනවීමට කටයුතු කර තිබුණි. එහෙත් ඒ කිසිවකින් වත් ඔහුගේ දැඩි ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් කිරිමට හැකිවූයේ නැහැ . ඔහුගේ මේ නොසැලෙන පෞර්ෂය නිසාම 2012 වසරේදී ටයිම්ස් සඟරාව ලෝකයේ බලවත්ම පෞර්ෂයකින් හෙබි පුද්ගලයන් සිය දෙනා අතරට ෆිදෙල් කැස්ත්‍රෝගේ නමත් ඇතුලත් කර තිබුණා.

දෙවරක් විවාහ වී ඇති ෆිදෙල් කැස්ත්‍රෝගේ ප්‍රථම බිරිඳ මිරිතා ඩයස්-බලාට් නම් වූ අතර, එම විවාය 1948 සිට 1955 දක්වා පැවතිණි. අනතුරුව 1980 දී ඩාලියා සෝටෝ ඩෙල් වාලේ සමග ඔහු විවාහ විය. මේ විවාහයන්ගෙන් ෆිදෙල් කැසේත්‍රෝ හට දූ දරුවන් නව දෙනෙක් සිටිනවා.
දැඩි ආර්ථික සම්බාධක තිබියදීත්  කියුබානු ජනතාවගේ  සාක්ෂරතාවය සහ සෞඛ්‍ය මට්ටම ලෝකයේ ඉහළම තලයකට ගෙන එන්නට සමත් වූ මේ අසහාය නායකයා  2016 නොවැම්බර් 25 දා මියයන තෙක්ම, කියුබානුවන් ලෝක බලවතුන් හමුවේ දණ නොනමන ජාතියක් බවට පත්කළේය. ලෝක දේශපාලනයේ සදා අනුස්මණීය නාමයක් ඉතිරි කරමින් ඔහු මෙලොවින් සමුගෙන යන විට දහස් ගණනක් කියුබානුවන් වීදි බසිමින් ඔහු වෙත ගෞරව පුදකරන්නේ ඒ නිසයි. එමෙන්ම සමාජවාදය ගරු කරන ලෝකවාසී සියළු දෙනා මේ අසහාය සමාජවාදී නායකයාට වෙත කාල් මාක්ස්ට, ලෙනින්ට සේම අනාගතයේදීත් ගෞරවය පුද කර සිටිනු නියතයි.

.
.


Saturday, November 26, 2016

ප්‍රවාහන ලෝකය කැළඹු අනාගත අධිවේගී ප්‍රවාහන විප්ලවය හයිපර්ලූප්

Hyperloop one කියන්නේ අනාගත අධිවේගි ප්‍රවාහනයේ නවතම යුගයක ආරම්භය විය හැකියි .ගුවන් යානයක වේගය අභිබවමින් මිනිසුන් සහ නාවික භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සඳහා, 2013 වර්ෂයේ දී Elon Musk විසින් Hyperloop අධිවේගී ප්‍රවාහන තාක්ෂණය පිළිබඳ මතය මුල්වරට ලෝකයට ඉදිරිපත් කර සිටියා. ඔහු ප්‍රකාශ කර සිටියේ ලොස් ඇන්ජලීස් සිට සැන්ෆ්‍රැන්සිස්කෝ දක්වා වූ කිලෝමීටර් 610ක දුර විනාඩි 30ක් ඇතුලත ගෙවා දැමීමට මෙම තාක්ෂණය යටතේ  හැකියාව ලැබෙන බවයි.

මෙම ප්‍රවාහන ක්‍රමය සඳහා  යොදාගන්නා තාක්ෂණය වන්නේ විශාල රික්තක නලයක් තුල චුම්භක බලය ඇති කර එම බලය ප්‍රයෝජනයට ගැනීමයි. 2013 සිට මෙතෙක් කල පර්යේෂණ වලින් මෙහි වේගය පැයට සැතපුම් 750ක් දක්වා වර්ධනය කළ හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා.

දැන්, Hyperloop ප්‍රවාහන ක්‍රමයේ අත්හදා බැලීම් සිදු කිරිම සඳහා SpaceX නම් තරඟාවලියෙන් තෝරාගත් කණ්ඩායම් 30ක් යොදවා තිබෙනවා. ඔවුන්, ලබන වසරේ ජනවාරි මස 27 සිට 29 දක්වා කාලය තුල උතුරු ලාස්වේගාස් හි කාන්තාරයක  සැතපුම් 1.8 දිගු ආකෘති නලයක් තුල Hyperloop  තාක්ෂණය අත්හාදා බැලීමක් සිදුකීරීමට සැලසුම් කර තිබෙනවා. මේ සමස්ත ව්‍යාපෘතිය සදහා සමාගම මගින් ඇ.ඩො මිලියන 160ක් දක්වා මුදල් අයෝජනය වැඩි කිරිමට සූදානම් වී සිටිනවා.

මෑතක දී ඩුබායි රජය මගින් මෙවැනි හයිපර්ලූප් අධිවේගි ප්‍රවාහන පද්ධතියක් ස්ථාපනය කිරීම සදහා වූ අධ්‍යන කටයුතු කිරීමට එකගවී ඇති  අතර එය ඩුබායි සිට අබුඩාබි දක්වා නිර්මාණය කිරීමට තීරණය කල බව හයිපර්ලූප් වන් නිෂ්පාදන සමාගම ප්‍රකාශ කරනවා.  2020 වන විට අවසන් කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය හරහා ඩුබායි සිට අබුඩාබි දක්වා විනාඩි 12කින් ගමන් කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරනවා.


මේ වන විටත් ඉතා සාර්ථක ලෙස අත්හදා බැලීම් සිදුකරන Hyperloop one අධිවේගී ප්‍රවාහනය ක්‍රමය ලෝකයේ රටවල් කිහිපයකම ස්ථාපනය කිරීම සඳහා ඉදිරියේ දී ශක්‍යතා අධ්‍යනයන් සිදුකරන බව සමාගම පවසනවා.

මෙන්න කෙල්ලෝ


RUBIK'S CUBE WORLD RECORD 4.74 SECONDS


gags









ලොව උසම එළදෙන කැලිෆෝනියාවේ ගෙවිපළකින් හමුවේ

අඩි 6 අඟල් 4 1/2 උසැති කැලි‍ෆොර්නියාවේ Eureka නගරයේ ගොවිපලක ජීවත්වන ඩැනියෙල් නමැති එළදෙන ලොව උසම එළදෙන බව දැන් විශ්වාස කරනවා.

මෙම එළදෙනගේ බර රාත්තල් 2300ක් වන අතර එළදෙනගේ හිමිකරු පවසන ආකාරයකට සෑම දිනකම ඇයගේ ආහාර ලෙස පිදුරු රාත්තල් 100 ක්‌, ධාන්‍ය රාතල් 15ක් සහ වතුර ගැලුම් 100 ක්‌ පමණ අවශ්‍යවනවා. ඒවගේම මේ එළදෙන දිනකට ගොම රාත්තල් 150 පමණ බැහැර කරන බව ද හිමිකරු පවසනවා


.
ගිනස් වාර්තා පොතට අනුව මීට පෙර ලෝකයේ උසම එළදෙනට හිමි වාර්තාවට හිමිකම් කීවේ Blosom නැමති ඇමරිකාවේම එළදෙනක්. එම එළදෙන අඩි 6 අඟල් 2ක් පමණ උසින් යුක්ත වූ අතර 2015 දී පාදයේ ඇතිවූ අබාධයක් නිසා මරණයට පත්වී තිබෙනවා.


ලෝකයේ මිටිම එළදෙන ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළු වී ඇත්තේ ඉන්දියාවේ Manikyam නම් එළදෙනයි. එම එළදෙනගේ උස සෙන්ටිමීටර් 61.1 කි.

Friday, November 25, 2016

නිතර ඔබ ළඟ තබාගෙන ඉන්න, වැසිකිළියටත් වඩා අපිරිසිදු දේවල් 18ක්


ගොඩක් අය හිතාගෙන ඉන්නේ ගෙදරක තියෙන අපිරිසිදුම ස්ථානය වැසිකළිය කියලා. එහෙම හිතාගෙන හිටියට එකේ ඇති වැරැද්ද මොකද්ද කියලා දැන් හිතනවා ඇති. ඒත් ඇත්ත ඒක නෙවෙයි. අපේ ගෙවල්වල දී වගේම පොදු ස්ථානවල  දී අපි නිතරම භාවිතා කරන,  වැසිකිළියටත් වඩා අපිරිසිදු තවත් දේවල් තියනවා. බැක්ටීරියා වලින් පිරුණු මේ දේවල් ඒතරම් අපිරිසිදු බව නොදැන සිටීම නිසා, නිසි පිරිසිදු කිරීමකින් තොරව නිතර දෙවේලේ පාවිච්චියට ගන්නවා. ඒවගේ අපි නිතරම භාවිතා කරන, සංඛ්‍යාත්මකව වැසිකිළියටත් වඩා අපිරිසිදු දේවල් කීපයක් තමයි මේ.

දොර අගුල




ගෙදර ඉන්න හැම දෙනාම අපිරිසිදු අත්වලින් නිතරම අල්ලන දෙයක් තමයි දොර අගුල.. කෙයිතරම් අපිරිසිදු වුනත් වැසිකිළිය පිරිසිදු කරන තරම් අපි දොර අගුල පිරිසිදු කරන්නේ නැහැනේ. ඉතිං වැසිකළියට වඩා දොර අගුල අපිරිසිදු වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

හොටෙල් අහාර ලේඛනය

හෝටලයකදී අපිට ලැබෙන menu එක ආසන්න වශයෙන් වැසිකිළියකට වඩා සිය ගුණයක් බැක්ටීරියාවලින් පිරී තිබෙනවා.

යතුරු පුවරුව

පරිගණකයේ යතුරුපුවරුව  නිතර පිරිසිදු නොකරන දෙයක්. ඒ නිසාම වැසිකිළියකට වඩා දෙසිය ගුණයක් බැක්ටීරියාවන් මෙහි වාසය කරනවා.

කැපුම් පුවරුව

කුස්සියේ දී මස් මාංශ වර්ග කැපීමට නිතර භාවිතයට ගන්නා cutting board එකේ වැසිකිළියට වඩා බැක්ටීරියා තිබෙන්නට පුළුවන්. ඊට හේතුව අමු මංශවල විශාල වශයෙන් බැක්ටීරියාවන් වාසය කිරීමයි.

විදුලි ස්විචය

නිවසේ තිබෙන වැඩිපුරම ස්පර්ශවන ස්ථානයක් තමයි ස්විචය. මෙවැනි ස්විචයක වර්ග අඟලක් තුල බැක්ටීරියාවන් 217 පමණ සිටින්නට පුළුවන්.

මුදල් නෝට්ටු

මුදල් නෝට්ටුවක් සාමාන්‍යයෙන් බැක්ටීරියාවන් 200,000 පමණ අතින් අතට ගෙන යනවා.

ATM යන්ත්‍ර

ATM යන්ත්‍රයක එක් බොත්තමක් තුල ග්‍රෑම් 1200ක් පමණ බැක්ටීරියාවන් වාසය කරනවා. යන්ත්‍රයෙන් ලබා ගන්නා මුදල් නෝට්ටු වල ඇති බැක්ටීරියාවන් ද එකතු වුණාට පසුව මේ ප්‍රමාණය තවත් වැඩිවෙනවා. ATM යන්ත්‍රයක් භාවිත කල පසු සබන් යොදා අත සේදීම පාසලේදී කියලා නොදුන්න හොඳ සෞඛ්‍ය පුරුද්දක්

ජංගම දුරකථනය            
   
අපි නිතරම කම්මුල මත සිර කර තබන ජංගම දුරකථනය වැසිකිලි අසුනට වඩා දස ගුණයක් වැඩිපුර බැක්ටීරියා ජීවත්වන තැනක්.

අත් බෑග්

ජංගම දුරකථන, මුදල් වැනි දේවල් දමාගෙන යන අත් බෑගය බැක්ටීරියාවන්ගෙන් පිරීගිය තැනක්. කාන්තා අත්බෑගයක තවත් කොයිතරම් අඩුම කුඩුම තියනවා අත්ද?  ඉතං අත්බෑගයක් කියන්නේ බැක්ටීරියාවන්ට රජ දහනක්.

බාත් ටබ්

බාත් ටබ්වල වතුර ඉවත් කිරීමට ඇති කුඩා ස්ථානය වටා වර්ග අඟලක් තුල බැක්ටීරියාවන් 19,468ක් පමණ සිටිය හැකියි.

සුක්කානම

සාමාන්‍යයෙන් සුක්කානමක වර්ග අඟලක් තුල බැක්ටීරියාවන් 700ක් පමණ රඳවාගෙන සිටිනවා.

ෂොපින් කාර්ට්

සුපර් මාර්කට් වලදී භාවිතයට ගන්න ෂොපින් කාර්ට්, දිනක් තුල මිනිසුන් විශාල ප්‍රමාණයකගේ අතින් අතට මාරුවන උපකරණයක්. මේ නිසා ඉතා විශාල බැක්ටීරියා ප්‍රමාණයක් මේවා හරහා රැගෙන යනවා.

දුරස්ථ පාලක

යතුරු පුවරුව වගේම නිතර පිරිසිදු නොකරන නිසා බැක්ටීරියා විශාල වශයෙන් සිටිය හැකි උපකරණයක් ලෙස දුරස්ථ පාලකය හදුන්වන්න පුළුවන්.

ක්ෂණික ආහාර සඳහා යොදන අයිස් කැට

බ්‍රිතාන්‍යයේ දී කරන ලද සමීක්ෂණයකට අනුව, ක්ෂණික අහාර සපයන ආපනශාලා අතරින් 70% කම සපයන අයිස් කැට වල වැසිකිළිවල ජලයට වඩා වැඩි ප්‍රමාණයක් බැක්ටීරියා අන්තර්ගත වන බව සොයාගෙන තිබෙනවා.

මෙට්ට


අවුරුදු 10 ගතවන විට මෙට්ටයක බර එය නිෂ්පාදනය කල බර මෙන් දෙගුණයකට ආසන්න විය හැකියි. මෙයට හේතුවන්නේ මිලියන ගණනක් වූ දූවිලි මයිටාවන් සහ උන්ගේ මල ද්‍රව්‍ය මෙට්ටයේ එක් රැස්වීමයි.

කාර්යාල මේසය

ආසන්න වශයෙන් කාර්යාල මේසයක් වැසිකිළියකමෙන් 400 ගුණයක් පමණ බැක්ටීරියාවන්ට වාසස්ථානය සපයනවා.

කොට්ට

කොට්ටය කියන්නේ දීලීර බීජාණු, මැරුණු සම් කොටස්  සහ රාත්‍රිය පුරා සිරුරෙන් ස්‍රාවය වන බොහෝ මල ද්‍රව්‍ය වලින් පිරිණු තැනක්.

ස්පොන්ච් කැබලි


ඕනෑම නිවසක තිබෙන්න පුළුවන් අපිරිසිදුම දෙයක් ලෙස කුස්සියේ භාවිතා වන ස්පොන්ච් කැබැල්ල හඳුන්වන්න පුළුවන්. මෙහි එක් වර්ග අඟලක් තුල 10,000,000 පමණ බැක්ටීරියාවන් වාසය කරන අතර ආසන්න වශයෙන් එය වැසිකිළිය මෙන්  250,000 වාරයක් පමණ බැක්ටීරියාවන් වාසය කරන තැනක්