Saturday, April 30, 2016

චීනයේ ලළනාවන් මුහුණ පැහැපත් කරගන්නා අර්තාපල් සත්කාරය

අර්තාපල් කියන්නේ දෛනිකව දැකිය හැකි ආහාර වර්ගයකි. අල යොදා ගනිමින් ඔබට ලස්සන වෙන්න පුළුවන් කියලා ඔබ ඇතැම් විට නොදන්නවා විය හැකියි. අර්තාපල් වල විටමින් බහුලව තිබේ. එය ඇපල් වලට වඩා 20 ගුණයකින් ඉහළයි. අල භාවිතයෙන් සිදුකරන රෑපලාවණ්‍ය ක්‍රමයක් ගැන ඔබට මේ ලිපියෙන් ඔබට අප ඉදිරිපත් කරනවා. අල යුෂ මුහුණේ සමට උරා ගැනීමෙන් මුහුණ පැහැපත් වෙයි. එපමනක් නොවෙයි, ඇස් යට සම සුසිනිඳු කිරීමට ද එය ඉවහල්වේ. ඇස් යට එල්ලා වැටීම අඩු කරයි. අර්තාපල් වලින් පහත දක්වා ඇති විදියට ඔබේ රුව ලස්සන කරගැනීම හරිම පහසුයි.




පළමු ක්‍රමය

නොපිසන ලද අර්තාපල් වල ආවරණය ඉවත් කර තුනී පෙති විදිහට කපා ගන්න. ඒවා මුහුණේ තබාගෙන විනාඩි 15කින් - 20කින් ඒවා ඉවත්කර මුහුණ සෝදා හරින්න. ඉන්පසුව තෙතමනය වැඩි කරන ලෝෂන් එකක් මුහුණට යොදන්න.









දෙවන ක්‍රමය

තම්බාගත් අල පොඩිකර, ඒවා කිරි හා මිශ්‍ර කරන්න. මෙහිදී කොටස් 5කට කිරි කොටස් 1ක් යන අනුපාතයට මිශ්‍රණය සකස් කරගැනීම ඉතාමත් සුදුසුයි. එසේ මිශ්‍රකරගත් තැවරුම මුහුණේ ආලේපකර කරන්න. විනාඩි 15 – 20කින් සොදා හරින්න. ඉන් පසුව ලෝෂන් එකක් මුහුණට යොදන්න.

ඉහත සඳහන් කළ ක්‍රමය දිගටම භාවිතා කිරීමෙන් මුහුණේ සම වඩාත් සෞම්‍ය හා පැහැපත් කර ගැනීමට හැකිවෙයි. දින කිහිපයක් පමණක් නොවෙයි, මෙම අර්තාපල් සත්කාරය දිගටම භාවිත කිරීමෙන් ඔබට ඉතා හොද පැහැපත් සමක් උරුම කරගන්නට හැකි වේවි.

ශී යුයැ ගේ ලිපියක් ඇසුරිනි.

Friday, April 29, 2016

සමලිංගික සේවනය සමානයැක දෙයක්ද? නැතිනම් මානසික ලෙඩක්ද?

එක හා සමාන චර්යා රටාවකට නැඹුරු වූ සමාන සිතුම් පැතුම් සහිත එකම ලිංගයේ සමාන වයස් කාණ්ඩ වල පසුවන්නන් එදිනෙදා ජීවිතයේදී එකට එකතු වී සිටිනු අපට දැක ගත හැකිය. එහෙත් ලංගික ජීවිතයේදී මේ ස්වභාවය වෙනස් මගක් ගනී. කායක හෝ මානසික විකෘති භාවයෙන් නොපෙලේනම්ඔවුන් ලිංගික ජීවිතයේදී ප්‍රතිවිරුද්ධ ලිංගික ඇසුරකට ආකර්ෂණයක් දැක්වීම ස්වභාවික තත්ත්වයකි.
එහෙත් සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම ලිංගික ඇසුර සඳහාද සමාන ලිංගිකයන් වෙත යොමු වන පිරිසක් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. එසේ වීමට විවිධ පුද්ගලයන්ගේ  ලිංගික ජීවන චර්යා පසුබිම, අභ්‍යන්තරයේ විෂමතාවයන් හේතු පාදක වන බව ලිංගික මනෝ විද්‍යාඥයන්ගේ මතයයි.  දොස්තර කින්සේගේ වර්තාවයට අනුව කාම උමතුවෙන් (nympho mania) පෙළෙන්නෝ කුමන ලිංගික චර්යාවකින් වත් තෘප්තියට පත් නොවෙති. ඔවුන් වැඩිදෙනා සමලිංගික සේවනයටද යොමු වී සිය කැකෑරෙන ආවේගයන් තුනී කරගනීමට මාන බලති.

සමලිංගික සේවනයට හුරු වූ එහෙත් ආන්තික කාම උම්මන්තක භාවයට පත් නොවුණු වෙනත් විකෘති චර්යාවන් අනුගමනය නොකරති. ඔවුන්ගේ තෘප්තිය සමලිංගත්වය තුළ ගිලී ඇත. සමලිංගික විවාහ තහනම් රටවල ඇතැම් ධනවත් පුද්ගලයන් නාමික වශයෙන් තම විවාහයන් පවත්වාගෙන යති. එවැනි අවස්ථාවල බිරිදි සම ලිංගික කාන්තාවක් නම් පුරුෂයා ඇයට ඒ සඳහා වෙනත් කාන්තාවක් ලාබාදේ. බිරිදගේ අනුදැනුම ඇතිව එම කාන්තාව හා පුරුෂයා අතර සාමාන්‍ය ලිංගික චර්යා පවත්වා ගනිමින් දිගටම විවාහයද පවත්වාගෙන යනු ලබයි. මේ සඳහා ඔවුන් බොහෝ විට තෝරාගනු ලබන්නේ නිවසේ මෙහෙකරුවකු හෝ මෙහෙකාරියකි.
විවිධ සමාජ ආර්ථික බලවේග හමුවේ විවාහ දිවයට පිවිසීමට පමා වන අය විශාල අසහනයකින් පෙළෙති. එවන් පුද්ගලයන් සිය සිතැඟි සපුරා ගැන්මට විකෘති ලිංගික කෘත්‍යන් වෙත හෝ සමලිංගික ඇසුර වෙත යොමුවිය හැක. එහෙත් මුදලක් ගෙවා සමලිංගික ඇසුර සොයන්නොද සිටිති. එවැන්නන් තුළ ඇත්තේ මානසික හෝ කායික අසාමාන්‍යතාවයකි.

විරුද්ධ ලිංගික ඇසුර පිළිකුල් පහත් දෙයක් ලෙස සැලකීමට ඇතැම් අය කුඩා කල සිට හුරුවේ. මෙයට මූලිකවම පසුබිම නිර්මාණය කරන්නේ ඇතැම්විට දෙමාපියන් හෝ වැඩිහිටියන්ය. සිත තුළ ලිංගික ප්‍රශ්නයක් පැන නැගුණු විට දරුවන් දෙමව්පියන්ගෙන් ඒ පිළිබඳ අසා බොහෝ විට ප්‍රශ්න කරයි. මෙවැනි අවස්ථාවල උපක්‍රමශීලීව වැරදි කරුණු දරුවාගේ හිත තුල ඇති නොවන ලෙස පිළිතුරු දිය යුතුය. එහෙත් බොහෝ විට වැඩිහිටියන් අතින් සිදුවන්නේ දරුවා හොදටම බිය ගන්වා විකාර අදහස් ළදරු මනසට ඇතුල් කිරීමයි. ඒ අනුව ඉදිරියට සිතන්නට පෙළඹෙන දරුවන් විරුද්ධ ලිංගිකයන් අප්‍රිය කිරීමට පෙළඹිය හැකිය. මෙවන් ළදරුවියේ අත්දැකීම් පසුකාලීනව ජීවිතය හසුරුවන්නේ පුදුමාකාරයෙනි. පොත පතින් නිවැරදි දේ කුමක්ද කියා දැන ගත්තද කුඩා කල යටිසිතේ බැසගත් අදහස් වල අතුරු පලයක් ලෙස ඔවුන් සමලිංගික ඇසුරට පත්වේ.  කුඩා කලදී සමලිංගික ඇසුරට මැදිවූ දරුවෝද පසු කලෙක ඊටම ඇබ්බැහි වෙති.
මාපිය සෙනෙහස අහිමිවූ දරුවෝ ඇතැම්විට මවගේ දෙවන සැමියා හෝ පියාගේ දෙවනි බිරිඳ යටතේ බොහෝ මානසික පීඩාවන්ට නතු වෙති. පුංචි අම්මා කෙනෙකුගෙන් එවන් පීඩනයට පත්වන පිරිමි දරුවන්ද, බාප්පා කෙනෙකුගෙන් එලෙස පීඩනයට පත් වන ගැහැණු දරුවන්ද පසු කාලීනව ලිංගක ජීවිතයට ස්වභාවික ලෙස පිවිසේනනේ නැත.

ලිංගික බෙලහීනතාවයෙන් කලකිරී සිටින්න් හා ලිංගික බෙලහීනතාවයක් ඇතැයි මනසින් මවාගෙන සිටින පුද්ගලයින්ද හඹා යන්නේ සමලිංගක ලෝකයයි. ඇතැම් ගැහැණු පුරුෂයන්ගේද ඇතැම් පිරිමි ගැහැණුන්ගේද හැසිරීම් රටාවන් අනුකරණය කරති. මෙවැනි අය විවාහ දිවියට පිවිසුනහොත් ලිංගික ජීවිතය සර්ප විමානයක් බවට පත්වේ. එහෙත් මෙවැනි පුද්ගලයන්ගේ විවාහ දිවිය සාර්ථක ලෙස ගලාගෙන යන එක් සාධකයක් ඇත. ඒ කාන්තා හැසිරීම් රටාවකට කැමැත්තක් දක්වන පුරුෂයෙක් හා පුරුෂ හැරසිරීම් රටාවකට කැමැත්තක් දක්වන කාන්තාවක් සමග විවාහ වන අවස්ථාවයි. මෙවැනි අවස්ථාවල එම විවාහ දිවිය සාර්ථකව බාධාවකින් තොරව ඉදිරියට ගලායයි. බොහෝ විට ඔවුන් ලිංගිකව එක් වීමට පෙර පුරුෂයා කාන්තා ඇඳුම්ද, කාන්තාව පුරුශයාගේ ඇඳුම්ද ඇද ලිංගිකව එක් වන මනෝ විද්‍යාඥයන් සොයාගෙන ඇත.

සමලිංගික ඇසුර සමාජයට කිහිප ආකාරයකින්ම අහිතකරය. විවාහ සංස්ථාවට මෙම චර්යා කෙලින්ම බලපාන අතර, සමාජ රෝග වලින් බහුතරයක වාහකයන් වන්නේද සමලිංගිකයන් බව වෛද්‍ය වාර්ථාවන්හි සඳහන් වේ.

සම ලිංගික සේවනයට ඇබ්බැහි වීම මානසික විකෘති භාවයක් ලෙස වෛද්‍යවරු පවසයි. සමලිංගික පුරුෂයන්ට පුරුෂ හෝමෝනද, සමලිංගික කාන්තාවන්ට ස්ත්‍රී හෝමෝනද එන්නත් කර මෙම තත්වයෙන් මිදීමට හැකි යාව ඇත්දැයි පර්යේෂණය කලද එය සාර්ථක වී නොමැත. එසේ කළ විට මෙවන් පුද්ගලයන් තදින් විකෘති චර්යාවන්ට ඇබ්බැහි වනාවා හැර රෝග නිවාරණයක් සිදු වී නැත.

අලියාගේ විශේෂත්වය


Saturday, April 23, 2016

අකාර්ශනීය බොන්සායි ගස් එකතුවක්

Bonsai කියන්නේ වසර දහස් ගණනට පෙර  සිට  සම්ප්‍රදායිකව පැවත එන  සුවිශේෂී ශාක වගා කිරීමේ ක්‍රමයක්. බොන්සායි කලාවේ උපත මීට වසර දහස් ගණනකට පෙර චීනයේ සිදුවු බව පිළිගැනෙනවා. "penzai" ලෙස චීනුන් විසින් හදුන්වා ඇති මෙම කලාව ජපානයට ව්‍යාප්ත වීමෙන් පසු Bonsai ලෙස භාවිතයට පැමිණ තිබෙනවා. Bonsai  සඳහා ඔවුන් යොදා ගන්නා විශේෂ තාක්ෂණයෙන්  ඉතා විශාලව වැඩෙන ශාකයක් කුඩා පොච්චියක වගාකිරීමට හැකි වන අතර ශාකයේ ප්‍රමාණයට සාපේක්ෂව බෙදුණු අතු, මල්, ගෙඩි ආදිය එම ගසේ හටගැනීම මේ තක්ෂණයේ ඇති විශ්මයක්. Bonsai ශාකයක් වගා කර ගැනීමට ඉතා සියුම් සහ කාලය වැය වන ක්‍රයාවලික් සිදුකල යුතුවනවා.
Bonsai ශාක  ගෘහ අංලකරණයට පමණක්ම නොව පැරණන්ගේ විශ්වාසයන්ට  අනුව  ඉවසීම හා කැපවීම වැඩි දියුණු කරීමටත්, මානසික අතතිය දුරු කරීමටත්, නිවස තුල වාතාශ්‍රය පරිසිදු කරීමටත් ආදී වාසි රැසක්ම හිමි කරදෙනවා.
පහත දැක්වෙන්නේ ඉතා ආකර්ශණීයම Bonsai ශාක එකතුවක්. ඒවා දකින විට ඇත්තෙන්ම මානසික සහනයක් ඔබටත් ඇතිවේවි.

බොන්සායි වනාන්තරයක්

අවුරුදු 800 ක් පැරණි බොන්සායි ගසක්

විස්ටීරියා ශාකයක්

හිරෝෂිමා ප්‍රහාරයෙන් ද විනාශ නොවූ වසර 390 පැරණි බොන්සායි ශාකයක්

ඇපල් බොන්සායි ගස්




බොන්සායි වනාන්තරයක්

අසේලියා ශාකයක්

රතු මේපල් ගස්

බොන්සායි ගසක් අසල හොබිට් නිවසක්

ස්වභාවිකව වැඩුණු අසාමාන්‍ය බොන්සායි ගසක්

බොන්සායි මිරිස් ගසක්

බොන්සායි සකුරා


මැග්නෝලියා

Pyracantha ශාකයක්


වසර 150ක් පැරණි බොන්සායි ශාකයක්

බෝගන්විලා

විස්ටේරියා

රෙඩ් වුඩ් ශාකයක්

බොන්සායි දෙළුම් ගසක්



Did You Know 01