Saturday, October 31, 2015

ඹබ නිදාගන්න ඉරියව්වට ගැලපෙන කොට්ටය තෝරාගන්නේ කොහොමද?

ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් නින්ද සදහා සදහා අපි වැය කරනවා. සුවබර නින්දක් කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාමත් වැදගත් දෙයක් කියන එක කවුරුත් දන්න දෙයක්. ඒ තරම් ජීවිතයට වැදගත් වෙන සුවබර නින්දක් ලබා ගැනීමේ දී ඉතාමත් වැදගත් දෙයක් තමයි අපේ කොට්ටය. ඔබට ගැලපෙන කොට්ටය තවම තෝරාගෙන නැත්නම් එය නින්දට බාධාවක් වගේම ශරීරයේ අබාධ රැසකට හේතුවක් වෙනවා..  නිවැරදි කොට්ටයක් තෝරා නොගැනීමෙන් බෙල්ලේ සහ උරහිස්වල මස්පිඩු පීඩාවට පත්වීම, හුස්ම ගැනීමේ අපහසුතා, නින්දේ දී ගෙරවීම ආදී සුව නින්දට බාධා ඇති කරන දේ සිදුවෙන්නට පුළුවන්. ඒවගේම වෛද්‍යවරු පවසන්නේ බොහෙමයක් කොන්දේ වේදනාවන්ට  වඩාත් සුදුසු කොට්ටයක් තෝරා ගැනිමෙන් පමණක් සුවකල හැකි බවයි.

කොට්ටයකින් බලාපොරොත්තු වෙන්නේ මොක්ද?

සාමාන්‍යයෙන් මිනිසෙක්ගේ බෙල්ල තරමක් ඉදිරියට නැමිලයි තියෙන්නේ. නිදාගන්න විටත් මේ නැමුම ඒ ආකාරයෙන්ම තබා ගැනීම ඉතා වැදගත්වෙනවා. කොට්ටයකින් අපි බලාපොරොත්තු වන්නේ බෙල්ලේ තිබෙන ඒ ස්වභාවික පිහිටීම නින්දේදීත් පවත්වාගෙන යාමයි. ඒ නිසා ඔබ කොයි අතට නිදා ගත්තත් ඔබේ කොට්ටයට බෙල්ලේ හැඩය නියමිත විදිහට පවත්වා  ගෙන යන අතරම හිස සහ උරහිස්  සෘජුව තාබා ගැනිමට හොද ආධාරකයක් සැපයීමට හැකි විය යුතුයි.


නිවැරදි කොට්ටයක් තෝරා ගන්නේ කොහොමද?

ඔබට ගැලපෙන කොට්ටයක් තෝරා ගන්නා විට සිරුරේ ප්‍රමණය, සෑදීමට යෙදාගත් අමුද්‍රව්‍ය, කොයිතරම් වෙලාවක් නින්ද සදහා වැය කරනවද වගේ දේවල් ගැන සැලකිලිමත් වෙනවා. ඒත් වැදගත්ම දේ වෙන්නේ ඔබ නිදා ගන්නා ඉරියව්වයි. සාමාන්‍ය කොට්ටයක උස අගල් 4ත් 6ත් අතර විය යුතු බවයි පවසන්නේ. ඔබ නිදාගන්නා ඉරියව්ව අනුව කොට්ටයේ උස අඩු වැඩි විය යුතුයි.


ඔබ මුහුණ ඉහලට සිටින සේ නිදා ගන්නවා නම්


මේ විදහට නිදා ගන්නව නම් ඔබ තෝරාගත යුත්තේ උසින් අඩු කොට්ටයක්. උසින් වැඩි කොට්ටයක් තෝරා  ගතහොත් ඔබේ හිස ඉදිරියට තල්ලුවීමක් සිදුවන නිසා උදෑසන අවදිවීමේ දී   අපහසුතාවයක් ඇතිවෙනවා. මේ අකාරයට නිදා ගැනීමේ දී කොන්දේ අපහසුතාවයක් ඇති වේ නම් දණහිස් වලට යටින් කොට්ටයක් තබා ගැනීම සුදුසු වනවා.

පැත්තට හැරී නිදා ගන්නවා නම්

නිදා ගැනීමට සුදුසුම ඉරියව්ව තමයි මේක. මේ විදහට නිදාගන්න අය ටිකක් උසින් යුතු කොට්ටයක් තෝරාගත යුතුයි. මෙම කොට්ටය කොදු ඇට පෙල සෘජුව තාබා ගැනීමට බෙල්ලට සහ හිසට හොද ආධාරකයක් විය යුතුය. ඒ වගේම කොට්ටයෙන් කොන්දට හෝ බෙල්ලට අනවශ්‍ය පීඩනයක් ඇති නොවිය යුතුයි. කොන්දට ඇති විය හැකි අපහසුතා මගහරවා ගන්න දණහිස් අතර කොට්ටයක් තබා ගන්න පුළුවන්

බට යටට සිටින සේ  නිදා ගන්නවා නම්


මේ විදහට නිදා ගන්න එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි. ඒත් ඉරියව්වෙන් නිදා ගන්න අයට පාවිච්චි කල යුත්තේ ඉතාමත් උසින් අඩු පැතලි කොට්ටයක්. නැත්නම් කොට්ටය හසට තබන්නේ  නැතිව ඉනට යටින් කොට්ටය තැබීම වඩාත් සුදුසු වෙනවා.


ඔබ නිදා ගන්නා ඉරියව්වට ගැලපෙන කොට්ටයක් භාවිතා කිරීමෙන් කොන්දට සහ බෙල්ලට ඇතිවිය හැකි අබාධයන් අවමකර ගෙන සුවබර නින්දක් ලබා ගැනීමට ඔබට හැකිවේවි. සුවබර නින්ද නිසා ලැබනෙ විවේකය ඔබ අවදියෙන් සිටින විට ඔබගේ ක්‍රියාශීලීත්වය වැඩි කිරීමට වගේම නිරෝගී ජීවිතයකටත් ප්‍රබලම සාධකයයි.

post november


Friday, October 30, 2015

ලෝකයේ විකාරම මත්පැන් වර්ග

ලෝකයේ තිබෙන විකාරම මත්පැන් වර්ග කිපයක් සහ කොක්ටේල් වර්ග කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ අතරින් බොහොමයක් බොන්න තියා හිතන්නවත් බැරි තරම් අප්‍රිය ජනකයි. සමහරක් ඒවා කිසිම ගැලපීමක් නැති දේවල් කීපයක් ම්ශ්‍ර කරලා හදාගත්ත ඒවායි. ඒත් මේ මත්පැන් වර්ග පානය කරන්න කැමැති අයත් මේ ලෝකයේ ඉන්නවා.

නයි මිරිස් වොඩ්කා

Naga Chilli Vodka ලොව සැරම වොඩ්කා වර්ගය විදියට හදුන්වනවා. මෙය කොතරම් සැර බීමක්ද කයනවා නම් එහි ලේබලයේම ‘‘මෙය ඉතා බිහිසුනුයි. අපි යෝජනා කරන්නේ මෙය මිලදී ගන්නවත් හිතන්න එපා‘‘ ලෙස සටහන් කර තිබෙනවා.

මී පැටව් වයින් (Baby Mice Wine)

ලපටි මී පැටියන් පන පටින් සහල් වලින් නිපදවාගත් වයින් වලට දමා පැසීමට සලස්වා තමයි මේ වයින් වර්ගය සාදා ගනු ලබන්නේ. මීයන්ගේ ශරීරයට වයින් හොදින් උරාගත් පසු මී පැටවුන්ද ආහාරය ගනී. මෙය චිනයේ සහ කොරියාවේ සාම්ප්‍රදායික ඖෂධයක් ලෙසයි සැලකෙන්නේ.

ශිෂ්ණ තුනේ අරක්කු (Three-Penis Liquor)

චීනයේ නිෂ්පාදනය කරන මෙය සීල් මත්සයින්ගේ, මුවන්ගේ සහ බල්ලන්ගේ ශිෂ්ණය අඩංගු මත් වතුර වර්ගයක්. මෙයින් පිරිමින්ගේ පුරුෂ ශක්තිය වර්ධනය වන බවයි පැවසෙන්නේ.

ගෝණුසු වොඩ්කා

චීනයේ අහාරයට ගන්නා ගොනුසු වර්ගයක් යොදා ගෙන සාදන මේ වොඩ්කා වර්ගය තවත් බීම වර්ගයක් සමග මිශ්‍ර කර හෝ නොකර බීමට ගන්න පුළුවන්. කකුල් අටක්  සහ විෂ දල සහිත මේ සත්වයින් සියුම් කහට රසයක් එක් කරන බවයි පවසන්නේ.

පීසා බියර්

පීසා එකක් සමග බියර් බොන එක නෙවෙයි  මේකෙන් අදහස් කරන්නේ. මේක පීසා බියර් එකක්. චිකාගෝවේ බියර් නිපදවන සමාගමක් විසින් හදුන්වා දුන් මෙම බියර් වර්ගය පීසා සහ බියර් මිශ්‍රකර සෑද්‍ර අමුතුම පානයක්

බියර් සහ කිරි (Horse Jizz)

50%ක් බියර් සහ 50% කිරි මිශ්‍ර කර සාදා ගත්විට 100% භායානකයි. කිසිවිටක මිශ්‍ර කිරීමට ගැලපෙන්නේ නැති වර්ග දෙකක් වුවත් මෙයත් ලෝකයේ භාවිතා කරන මත් වතුර වර්ගයකි.

·         සර්ප පිත වයින් (Snake Bile Wine)


මේ වයින් වර්ගය ඔයාලටත් හදා ගන්න පුළුවන්. හොද නයෙක් අල්ලගෙන උගේ පිත්තාශය කපා ගන්න. පිත්තාශයේ ඇති පිත මිරිකාගෙන හාල් වලින් සාදා ගන්නා වයින් සමග මිශ්‍ර කරගන්න. කීවට මේව කරල බලන්න එපා.

Kumis/Arkhi

මධම ආසියානු කලාපයේ අශ්වාරෝහකයින්ගේ ප්‍රියතම මත්පැන් වර්ගයක් වන මෙය වෙළඹුන්ගේ කරි පැසවීමනේ සදා ගන්නා පානයක්. සියවස් ගණනාවක සිට භාවිතයට ගන්නා මෙම පානය යෝගට් පානයක් තරම් උකු ගතියෙන් යුක්තය.

Infected Whitehead Shot

මේ බීමත් දැක්කම එපා වෙන එකක්. Swirl වොඩ්කා වලට චීස් හැන්දක් එකතු කර පානය කරන මේක විකාර පානයක්.

ඇගිලි කොක්ටේල් (The Sour toe Cocktail)

Yukon Gold whiskey කියන විස්කි වර්ගය සහ වියලි මිනිස් පා ඇගිල්ලක් එකම වීදුරවක දමා බොන මේ ක්‍රමයත් ඉතාමත් අප්‍රිය ජනක මත්පැන් පානය කරන ක්‍රමයකි.  ඩොසන් නගරයේ The Downtown  හෝටලයේදී මෙම අත්දැකීම ඔබට ලබා ගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ, වීදුරුවේ පහල ඇති ඇගිල්ල ඔබේ තොල් වල වදින තෙක් අන්තිම බින්දුව දක්වා මෙය පානය කිරීමට එහි සේවකයින් ඔබව ධෛර්යමත් කරාවි.

Kim Jong Un  පරමාණු බෝම්බය

උතුරු කොරියාවේ ඒකාධිපති පාලකයාගේ නමින් හදුන්වන මේ පානය සාදා ගන්නේ අමුතුම විදහකටයි. ඇමරිකානුවන් අතර ජනප්‍රිය මැක්ඩොනලස් කෑම (, 1 Big Mac, 1 McDonald's large fries, 1 McDonald's tangy BBQ sauce, 1 McDonald's milk shake (all flavors) and 1 McDonald's apple pie) වර්ග කීපයක් බෙල්න්ඩර් එකකට දමා  අඹරාගෙන එම මිශ්‍රණය සමග වොඩ්කා පානය කිරීමයි මෙහිදී සිදු කරන්නේ.

Gilpin පවුලේ විස්කි  

James Gilpin විසින් නිපදවා ඇති මෙම වයින් වර්ගය වෙළදපලෙන් මිලදී ගත නොහැකියි. මේක හදන ආකාරය නම් එතරම් ප්‍රිය මානාප නෑ. Gilpin විසින් වැඩිමහළු දියවැඩියා රෝගීන් දෙදෙනෙකුගෙන් දිනපතා ලබා ගන්නා මුත්‍රා වලින් අධික සීනි සහිත සාරය වෙන්කර ගන්නවා. පසුව එම සාරය සහ පැසවන ලද විස්කි යොදා ගනිමින් මේ පානය නිර්මාණය කරනවා



ඔබාම නටපු පිස්සු





Thursday, October 29, 2015

ලොව ධනවත්ම බෞද්ධයා Steve Jobsගේ සාර්තකත්වයේ විශ්මිත මූලධර්ම 7

ලෝක ප්‍රසිද්ධ ඇපල් පරිගණක සමාගමේ නිර්මාතෘවරයා තමයි Steve Jobs කියන්නේ. ඔයාල හැමෝම හොදටම දන්න ඇපල් පරිගණක, ඇපල් ස්මාට් ෆෝන්, ඇපල් ටැබ් නිපදවන සමාගමේ අයිතිකරු පමණක් නොවෙයි චිත්‍රපට නිශ්පාදනය කරන Pixar සමාගම ඇතුළු තවත් ව්‍යාපාර කිහිපයකම හිමිකාරීත්වය ඔහුට තියෙනවා.  1974දී ඉන්දියාවට ගිය Steve බෞද්ධ ධර්මය හදාරා බෞද්ධයෙක් බවට පත් වූණා. Steve ධනවතෙක් බවට පත් වෙන්න ඔහු අනුගමනය කළ කරුණු 7 හරියටම අධ්‍යයනය කළොත් ඔයාටත් පුළුවන් වෙයි ඉක්මනින්ම ධනවතෙක් වෙන්න.

1. ඔබ ආදාරය කරන දෙය කරන්න.
Steve මෙසේ පවසනවා. ‘‘තදබල ආශාවක් තියෙන කෙනෙකුට ලෝකය හොදින් වෙනස් කරන්න පුළුවන්.“ සමාජය ඉදිරියට ගෙනයෑමට තදබල ආශාවක් නොතිබුණොත් අළුත්, නිර්මාණශීලි අදහස් සමග ඔබට ඉදිරියට යන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. Steve හැමවිට ඔහුගේ හදවත තදබල ආශාවකින් පුරවාගෙන සිටියේ ඔහුගේ සිහිනය සැබෑ කරගන්න. ඒ නිසා තමයි ඔහුට ලෝකයේ විශාල වෙනසක් සිදු කිරීමට පුළුවන් වුණේ.
2. විශ්වයට වෙනසක් එක් කරන්න.
තදබල ආශාව ඔබගේ ගමන ගෙන යන රොකට්ටුවේ ඉන්ධන නම්, නිවැරදි දැක්ම තුලින් පමණයි රොකට්ටුව නිවැරදි දිශාවට ගෙන යා හැකි වන්නේ. Steve පවසනවා. ඔහුගේ දැක්ම වූයේ පරිගණකය මිනිසුන්ට නිතර භාවිතා වන දෙයක් බවට පත් කිරීමයි. ඒ වෙනුවෙන් ඔහු Macintosh කියන සාමාන්‍ය අයට භාවිතය ඉතාම පහසු මෙහෙයමු පද්ධතියක් සමග පරිගණකයක් නිර්මාණය කරනවා. එය තමයි පරිගණක ලෝකයේ විශාල වෙනසකට මුල් වුණේ. පසුව විවිධ සමාගම් මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය අනුකරණය කළත් Steve ගේ තිබුණු සුවිශේෂී දැක්ම මේ වෙනසට මුල් වුණේ.
3. ඔබගේ මොළය පණ ගන්වන්න.
Steve වරක් පවසනවා ‘‘නීර්මාණශීලීත්වය යනු යම් යම් දේවල් සංයෝජනය කිරීමයි.“ යම් යම් දේවල් සංයෝජනය කරීම යනු අනෙක් අයගේ මනස ප්‍රබොධමත් වන අත්දැකීම් සොයා ගැනීමයි. Macintosh පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ඔහු ආසියාවේ සංචාරය කිරීම, බෞද්ධ භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම සහ තවත් කර්මාන්ත වල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් විවිධ ක්ෂේත්‍ර වල මනස ප්‍රබෝධමත් කරවන අදහස් සොරකම් නොකර ඒවාගෙන් ඔහුගේ නිර්මණශීලීත්වය වැඩි කරගත්තා. කිසිම විටක රාමුවක් තුල කොටු නොවී විවිධ ක්ෂේත්‍ර වලින් අදහස් එකතු කරගනෙ ඔබේ නිර්මාණශීලීත්වය වැඩි කරගන්න.
4. 1000ක් දේ වලට එපා කියන්න.
Steve කියන්නේ ඔහු ඇපල් සමාගම කරන්නට තෝරාගත් දේවලට වගේම නොකර ඉන්න තෝරා ගත් දේවල් ගැනත් ආඩම්බර වෙනවා කියලයි. 1997දී Steve නැවත ඇපල් සමාගමට එන විට එහි නිෂ්පාදන 350ක් තිබුණා එයින් ඔහු ඉදිරියට ගෙන යෑමට තෝරාගත්තේ නිෂ්පාදන 10ක් පමණයි. එයින් ඔහුගේ ව්‍යාපාරය ඉතා සාර්ථකත්වයට පත් වූණා. අපි හැම දේම බදාගෙන කළ යුතු නැහැ. 1000ක් දේ හරි ප්‍රතික්ෂේප කරලා හොදම දේ තමයි තෝරගන්න ඕනි. Steve කියන්නේ නව නිපැයුමක් කියන්නේ අනවශ්‍ය දේවල් වල ඉවත් කිරීමක්, එයින් තමයි අවශ්‍ය දේවල් ඉදිරියට එන්නේ.
5. ව්‍යාපාරය තුළින් ලෝකයට අතිශය වෙනස්වූ අත්දැකීම් ලබා දෙන්න.
Steve හැම විටම තම පාරිභෝගිකයන්ට සේවා සැපයීමේදී නවතම අත්දැකීම් එක් කළා. ඇපල් නිෂ්පාදන අලෙවි කරන Apple Stores සංකල්පය මුලින්ම හදුන්වා දෙන විට ඔහු සාමාන්‍ය පරිගණක අලෙවි සැලකට වඩා වෙනස්ම ආකාරයේ අත්දැකීමක් තමයි පාරිභෝගිකයන්ට ලබා දුන්නේ. Apple Stores වල පරිගණක විශේෂඥයින්, උපදේශකවරුවන් සහ ක්ෂේත්‍රෙය් බුද්ධිමතුන් සිටියත් මුදල් අයකැමියෙක් නම් නැහැ. එයට හේතුව ඔවුන් සිදුකරන්නේ පාරිභෝගකයන්ගේ ජීවිත සාරවත් කිරීම මිස සාමාන්‍ය විදියේ පරිගණක ඇසුරූ පෙට්ටි අලෙවි කිරීමක් නොවන නිසා. මේ ලොකු වෙනස නිසා ඇපල් වෙලදසැල් ලොව ප්‍රමුඛ පෙලේ සිල්ලර අලෙවිසැල් ජාලයක් බවට පත් වුණා.

6. අදහස ඉදිරිපත් කිරීමේදී අති දක්ෂයකු වන්න.
ඔබට ලෝකයේ හොදම අදහස් තිබුණත් එය මිනිසුන් අතරට යැවිය නොහැකි නම් එම අදහස් වලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. Steve ලොව සිටින හොදම ව්‍යාපාරික කථිකයෙක්. ඔහු අදහසක් ඉදිරිපත් කරන්නේ ගොඩක් මිනිසුන් කරන විදියට නොවීම විශේෂත්වයක්,  යමක් ඉදිරිපත් කිරීමේදී ඔහු ඒ සම්බන්ධව හොදින්ම දැනුවත්, ගොඩක් ප්‍රබෝදමත්, ඒ වගේම ඔහුගේ කථාවවේ විනොදාස්වාදයත් ගැබ් වී තිබෙනවා. දක්ෂ ව්‍යාපාරකයකු වීමට නම් ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතාමත් වැදගත් බවයි ඔහු පවසන්නේ.
7. භාණ්ඩ නොව, සිහන අලෙවි කරන්න.
Steve ගේ මතය ඇපල් නිෂ්පාදන මිලදී ගන්නේ පාරිභෝගිකයන් නොව බලාපොරොත්තු, සිහින සහ අභිලාෂයන් සහිත මිනිසුන් පිරිසක්. ඔහු කියන විදියට ඔහුගේ නිෂ්පාදන මිනිසුන්ගේ සිහින සපල කළ හැකි නිෂ්පාදනයක් තමයි ඔහු හැම විටම එලිදක්වන්නේ. නව ඇපල් නිෂ්පාදනයක් වෙළදපලට ඉදිරිපත් කළ සැනින් මිනිසුන් පිස්සුවෙන් මෙන් පෝලිම් වල සිට මිලදී ගන්නේ භාණ්ඩ නොව ඔවුන්ගේ සිහිනයි. පාරිභෝගිකයන්ගේ ඇපල් නිෂ්පාදන වලට තිබෙන් උන්මාදය තුලින්  ඔවුන්ගේ බුද්ධිමත් භාවය දකිනවා කියලයි ඔහු පවසන්නේ. ඔවුන් තුල ඇති මේ බුද්ධිමත්භාවය එලියට ගන්න පුළුවන් විදියේ නිෂ්පාදනයක් ඔබ ඉදිරිපත් කළොත් පාරිභෝගික හදවත දිනා ගැනීමට හැකි වන බව ඔහු පවසනවා.


මේ වන විට Steve  මියගොස් වසර 5ක් ගත වී තිබුණත් ඇපල් සමාගම දුරකථන ක්ෂේත්‍රයේ ලෝකයේ අංක එකේ සමාගම ලෙස තවමත් රැදී සිටින්නේ ඔහුගේ නවමු සංකල්ප නිසයි.  ඇතැම් රටවල මිනිසුන් ඇපල් නිෂ්පාදන මිලදී ගැනීමට තම වකුගඩු පවා විකිණීමට තරම් ඔහුගේ භාණ්ඩ සිහින බවට පත්වී තිබෙනවා. ධනවතෙක් වීමට ඔබටත් අවශ්‍ය නම් Steve Jobs ගේ මෙම සාර්ථකත්ව රහස් ඉතා හොද මාර්ගෝපදේශකයෙක් වේවි. 

Wednesday, October 28, 2015

නොවැම්බර් 13 ලංකාවට වැටෙනවා යැයි කියන විශාල ආකාශ වස්තුවේ ඇත්ත කතාව

හදුනා නොගත් ආකාශ වස්තුවක් 2015 නොවැම්බර් 13 වන දින පෙරවරු 11.50ට පමණ පෘතුවියට පතිත වන බවට Catalina Sky Survery හි අභ්‍යවකාශ නිරීක්ෂකයින් පිරිසක් අණාවරණය කරගෙන තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම ආකාශ වස්තුව පතිත වන්නේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට  කිලෝ මීටර් 65ක් පමණ දුරින් පිහිටි මුහුදු තීරයට වීමයි.

WTF1190F ලෙස නම් කර ඇති මේ ආකාශ වස්තුව මීට වසර 40 කට පමණ පෙර දියත් කල Apollo මෙහෙයුමේ හෝ මෑතකදී දියත් කල Lunar මෙහෙයුමේ යානාවක කොටසක් ලෙසයි විද්‍යාඥයින් අනුමාන කරන්නේ. මීටර් 2ක් පමණ විශාලත්වයකින් යුත් මෙහි ගමන් පථය මුල් වරට ගණනය කරනු ලැබුවේ 2012 වර්ෂයේදීයි. 

Astronomers at the European Space Agency  (Esa)  ආයතනයේ Near Earth Object කාර්යාලය මෙහි ගමන් පථය පිළිබදව ඉතාමත් හොදින් අධීක්ෂණය කරමිනුයි  සිටින්නේ. මුලින් මෙම වස්තුව පෘතුවිය වටේ ඉලිප්සාකාරව කක්ෂගත වී තිබී ඇති අතර එය පෘතුවීයේ සිට සද ට ඇති දුර මෙන් දෙගුණයක දුරින් තිබී ඇත. එහෙත් එය කක්ෂයෙන් මිදී පෘතුවිය දෙසට පැමිණීමට හේතුව අනාවරණය කරගැනීමට නොහැකි වී ඇත.
මිනිසුන් විසින් අභ්‍යවකාශයට මුදාහල විවිධ යානා වල සුන්බුන්  අභ්‍යවකාශයේ විසිරී තිබෙනවා. එවැනි කොටසක් ස්වභාවිකවම නැවත පෘතුවියට එන ප්‍රථම අවස්ථාව මෙය විදියටයි සැලකෙන්නේ.

Nasa ආයතනයේ විද්‍යාඥයෙක් වන Bill Gray මහතා පවසන්නේ පෘතුවි වායුගෝලයට ඇතුල් වූ පසු මෙහි විශාල ප්‍රමාණයක් දැවෙන අතර එය පතිත වීමෙන් විශාල මුහුදු රැලි ඇතිවීම හෝ හොලිවුඩ් චිත්‍රපට වල තරම් විනාශකාරී දෙයක් සිදු නොවන බවයි. තව දුරටත් ඔහු පවසන්නේ ‘‘මේක හරියටම මුහුදට වැටෙන තැන මාළු බාන්න නම් මම කොහොමටවත් යන්නේ නෑ‘‘ කියලයි. 

Tuesday, October 27, 2015

posts 10-27






දිදුලන කෙස් කළඹක් සහ සිනිදු සමක් සති කිහිපයකින් ලබා දෙන විශ්මිත සහල් ආලේපනය

අපේ ප්‍රධාන ආහාරය වන හාල් එහෙම නැතිනම් බත් කියන්නේ රෑප ලාවන්‍ය සමග සම්බන්ධතාවයක් නෑ කියලයි අපි හිතාගෙන ඉන්නේ. ඒත් වසර දහස් ගණනක ඉදලා හාල් ලොව පුරාම රුව වර්ධනය කරගන්න යොදා ගන්නවා කියල අහල තියෙනවාද? හාල් කියන්නේ ස්වාභාවික තෙල් උරාගැනීමේ හැකියාව තියෙන ධාන්‍ය වර්ගයක් ඒ වගේම හාල් වලට පුළුවන් ඔබගේ වයසට යෑම ප්‍රමාද කරන්න. හාල් වලට පුළුවන් ඔබගේ හම ලස්සන කරන්න. ඒ විතරක් නෙවෙයි ඔබගේ කෙස් කළඹ ශක්තිමත් ලස්සන එකක් කරන්නත් හාල් වලට පුළුවන්. හාල් වල අඩංගු වෙන inositol සහ කාබෝහයිඩ්රේට් වලට පුළුවන් ඔබගේ හානි වූ හිසකෙස් නැවත ගොඩනගන්න වගේම ආරක්ෂා කරන්න.

ඔබගේ සම සහ කොන්ඩය ලස්සන කර ගන්න වියදම් අඩු, හරිම පහසු, ප්‍රථිපල දායක මේ ප්‍රතිකාරය කරලා බලන්න.

සහල් Facial එක
මේක ඔයාට දිනපතා පාවිච්චි කරන්න පුළුවන් cleanser එකක් වගේම toner එකක් විදයටත් පාවිච්චි කරන්න් පුළුවන්. මේකෙන් ඔයාගේ තරුණ පෙනුම වැඩි කරගන්නත් නොවෙනස්ව තියාගන්නත් පුළුවන්. මේක හදා ගන්න ඔබට අවශ්‍ය වෙන්නේ හාල්, වතුර, පුළුන් හෝ cotton pad සහ පියන් සහිත භාජන 2ක් පමණයි.
සාදා ගන්නා ආකාරය
1.    කුකුළු හාල් ස්වල්පයක් භාජනයකට දමාගන්න.
2.    ජලයෙන් හාල් හොදින් සෝදා පිරිසිදු කරගන්න.
3.    පිරිසිදු සිසිල් ජලය සහල් වැසෙන සේ සහල් වලට වඩා  අගල් 1ක් පමණ උඩට පුරවන්න.

4.    භාජනයේ පියන වසා සෙමින් සොලවා විනාඩි 10ක් පමණ තියන්න.
5.    විනාඩි 10කට පසු ජලය කිරි පැහැයට හැරී තැබෙනවා ඔබට දකින්න පුළුවන්. දැන් මේ වතුර පෙරා වෙන් කරගන්න.
6.    දැන් cotton pad හෝ පුළුන් ගෙන මේ කිරි පැහැති ජලය සමේ මෘදුව ආලේප කරන්න. මේ ආලේපය විනාඩි 5 – 10ක් පමණ තබා සෝදා හරින්න.


මේ විදියට ටික කලක් කළාම ඔබටම දැකගන්න පුළුවන් වෙයි ඔබේ සමේ දිදුලන පැහැදිලි වෙනසක්.
හාල් වතුර කෙස් කළඹට
මේ විදියට සාදා ගන්නා සහල් වතුර ඔබගේ කෙස් කළඹ ලස්සන කරගන්නත් යොදාගන්න පුළුවන්. ඔබට ශක්තිමත් ඇතුළතින් සහ පිටතින් නිරෝගී කෙස් කළඹක් ලබා දෙන්න හාල් වතුර වලට හැකියාව තියෙනවා. සතියකට වරක් හෝ දෙවරක් පහත සදහන් සරල පියවර අනුගමනය කරන්න.

1.    මුළින් කියපු විදයට හදා ගත් සහල් වතුර වල පෝෂණය වැඩි කර ගැනීමට ඔබ වඩාත් කැමති හිස ගල්වන ස්භාවික තෙල් සවල්පයක් එකතු කරන්න.
2.    ෂැමුපු වලින් හිසකෙස් සොදාගෙන සහල් වතුර ඔබගේ හිසට දමා හිසකෙස් සහ හිස් කබල හොදින් සම්බාහනය කරන්න.
3.    ඉන්පසු විනාඩි 5-10ක් පමණ තබා සොදා හරින්න.

ටික දිනකින් ඔබට හැකියාව ලැබේවි සිනිදු ඒ වගේම ශක්තිමත් දිදුල කෙස් කළඹක් හිමි කරගන්න.