Wednesday, March 30, 2016

සියදිවි නසාගැනීමට ගිය ජීවිත 160ක් බේරූ ප්‍රපාතයේ දේවදූතයා

Don Ritchie ජීවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය 'Gap' Cliff ප්‍රපාතය ආසන්නයේ නිවසකයි. අතීතයේ සිට මෙම ස්ථානය සියදිවි හානිකරගන්නා අයගේ තෝරාගැනීමක් ලෙස අදටත් පවතී. එමෙන්ම මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ද බොහෝය. සෑම දිනකම උදෑසන සිට සවස් වන තුරු Don Ritchie මෙම ස්ථානයට වී කරන්නේ මෙයට පැමිණෙන පුද්ගලයින්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමයි.

කෙසේ හෝ ඔහුගේ ඇසට හසුවන කළකිරුනු පෙනුමැති ආයෙක් දුටු විට ඔහු කරන්නේ ඔවුන් සමග කතාබහකට එකතුවීමයි. ඉන් පසු ඒ පුද්ගලයාට තම නිවසට ආරාධනා කොට තේ පැන් සංග්‍රහයක්ද ලබා දී තවදුරටත් මිතුරුවන Don Ritchie ඉන් අනතුරුව ඔවුන්ට අවවාද අනුශාසනා ලබා දී සියදිවි නසාගැනීමේ චින්තනය වෙනස් කිරීමට උත්සාහ කරන බවයි ඔහු පවසන්නේ. එම නිසාම එම ප්‍රදේශයේ ඔහු ජනප්‍රිය වී ඇත්තේ "ප්‍රපාතයේ දේවදූතයා"(Angel of the Gap) යන නමිනි.

විශ්‍රාම ගැනීමට පෙර රක්ෂණ නියෝජිතයෙක් ලෙස සේවය කළ Don Ritchie පවසන්නේ " මම වෙළෙන්දෙක් තමයි. ඒත් මම එයාලට විකුණුවේ ජීවිත"
1964 වසරේ සිට මේ දක්වා එලෙස සියදිවි හානිකර ගැනීමට ගිය අය 160ක් බේරාදීමට සමත් වූ Don Ritchie 2011 වසරේ ජාතික වීරයා ලෙස සම්මානයට පාත්‍ර විය. එමෙන්ම වසරේ පුරවැසියෝ ලෙස 2010 වසරේ ඔහු සහ ඔහුගේ බිරිද සම්මාන ලැබීය. 2012 වසරේ ඔහු මෙලොවින් සමුගන්නා විට වයස අවුරුදු 85කි.




‘‘බෙලි‘‘ ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි ප්‍රදේශවලද, මධ්‍යම හා පහතරට ප්‍රදේශවලද හමුවන ඉතාමත් රසවත් ඵල සපයන, ඖෂධීය ගුණයෙන් ඉතා පොහොසත් ශාකයකි. බෙලි ගසේ  ඖෂධයක් ලෙස භාවිතා නොකර ඉවත දැමිය හැකි කොටසක් නැතිතරම්ය. ගසේ මුල්, කොළ, මල්, පොතු, ඇට, ගෙඩි ආදී සියළු කොටස් ඖෂධයක් ලෙස භාවිතයට ගනී. අතීතයේ දී පැරැන්නන් විසින් සෞභාග්‍ය උදාකරන ශාකයක් ලෙස සලකා බෙලි ගස් නිවස ඉදිරිපිට සිටුවීම සිදුකර ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බුරුමය, පකිස්ථානය වැනි දකුණු ආසියාතික රටවලදී බෙලි ශාකය හොදින් වර්ධනය වේ.





බෙලි මල් පොකුරු ලෙස හටගන්නා අතර ඉතාමත් සුවඳවත්ය. බෙලි ගෙඩියේ පිටත පොත්ත ඉතාමත් ඝනව පිහිටා ඇති අතර කහ පැහැති මදය තුළ තැඹිලි පැහැයෙන් යුතු බීජ පිහිටා තිබේ. මෙම බීජ අතර ඇලෙන සුළු ශ්‍රාවයක් පවතී. බෙලි මල් තම්බා පානය කිරීම ලංකාවේ වියළි කලාපයේ දී ඉතාමත් බහුලව සිදුකරයි. ඖෂධීය ගුණයෙන් යුතු බෙලි මල් පානයට අමතරව බෙලි කොළ, බෙලි ගැට තම්බා පානය කිරීමද සිදුකරයි. මල බද්ධය නිසා ඇතිවන තුන්දොස් සමනයකර රුධිරය පිරිසිදු කිරීමට මෙම බෙලි පානයන් අයුර්වේදයේ දී යොදාගනී.
ධාන්‍ය කල්තබා ගැනීම සඳහා අතීතයේ දී බෙලි කොළ භාවිතා කල බව සඳහන්ය. බෙළි කොළ, කැප්පැටියා කොළ, ඇල්බීසියා කොළ සමව ගෙන අඹරා ඒ මත ධාන්‍ය ගබඩා කිරීමෙන් බොහෝ කාලයක් ධාන්‍ය ආරක්ෂිතව කල්තබා ගත හැකිය. එමෙන්ම පැරණි ගෙවියන් විසින් ඇස්වැන්න වැඩි කරගැනීමට සහ පැමිණෙන උවදුරුවලින් ගොවිබිම මෙන්ම අස්වැන්න ආරක්ෂා කර ගැනීමට ද බෙලි ශාකය සමඟ තවත් ශාක භාවිතා කර තිබේ.
බෙලි ශාකයේ ඖෂධීය ගුණය
·         හිසරදය පාලනය කරයි
·         ආහාර මාර්ගයේ රෝගී තත්වවලට ගුණදායකයි
·         අම්ල පිත රෝගය සම්පූර්ණයෙන්ම සුව කරයි.
·         බඩ පිපුම පාලනය කරයි.
·         පණු රෝග නිසා හටගන්නා උදරයේ වේදනා දුරු කරයි.
·         මල බද්ධය සුව කරයි.
·         අර්ශස් රෝගය ගුණදායකයි.
·         ශරීරයේ විජලනය පාලනය කරයි.
·         ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියාවට එරෙහිව සටන් කරයි.
·         වයිරස් ආසාදන වලක්වයි
·         දහදිය දුගඳ පාලනය කරයි.
·         ප්‍රිතිඔක්සිකාරක ගුණය නිසා සම රැකදෙයි.
·         සමේ රෝග පාලනය කරයි.
·         සමේ පිළිකා ඇතිවීම වළක්වයි.
·         නින්ද නොයන අවස්ථාවල ඖෂධයක් ලෙස භාවිතා කරයි.
·         අතීසාර රෝගයට ගුණදායකයි.
·         ආහාර දිරවීම හොඳින් සිදුකරයි.
·         ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගුණය වැඩිකරයි.
·         ගර්භාශයේ උෂ්ණත්වය පාලනය කරයි.
·         බෙලි මදයේ ඇට විරේක ගුණයෙන් යුක්තයි.
·         ආතරයිටීස් රෝගයට ගුණදායකයි.


අයුර්වේදයේදී  රෝග කීපයක්  සුව කරගැනීමට බෙලි ඖෂධයක් ලෙස යොදාගන්නා අයුරු
අතීසාර රෝගයට
බෙලි ගැට මඳ අව්වේ  වියළා තම්බා එම වතුරට මී පැණි දමා පානය කිරීම.
අර්ශස් රෝගයට
ඉදුණු බෙලි ගෙඩිය දෙකට පළා වතුර දමා තම්බා ගෙන එම තම්බා ගත් වතුර පානය කර මද අහාරයට ගැනීම.
අහාර දිරවීමේ ගැටළුවට
බෙලි මඳ, උක් හකුරු සහ මෝරු සමසේ මිශ්‍ර කර පානය කිරීම.
බඩ පිපීම නිසා අහාර අවශෝෂණය නොවීමට
වැල් මදට, බෙලි මද, කලඳුරු, අල. දියමිත්ත, වියළි ඉඟුරු  සමව ගෙන ඉඹුල් මැලියම් සමඟ මිශ්‍රකර ආහාරයට ගැනීම.
සෙම් සහිත හිසරදයට
බෙලි කොළ තැම්බූ වතුරින් හුමාලය ඇල්ලීම
අම්ල පිත්ත තත්වයට
බෙලි ගැට තැම්බූ වතුර පානය කිරීම මෙන්ම ඉදුණු බෙලි මද පානයක් ලෙස සකස් කර මී පැණි මිශ්‍රකර පානය කිරීම.
සමේ රෝග සඳහා
බෙලි කොළ තැම්බූ වතුරින් සේදීම.
යටිපතුල් පැලීමට
රස්නය  සහිත බෙලි කොළ තැම්බූ වතුරේ දෙපා ටික වෙලාවක් බහා තබා පසුව තෙත හොඳින් පිස දමා ඉඳුණු බෙලි මදවලට ගිතෙල් මිශ්‍රකර පැළුම් සහිත ස්ථානයේ ආලේප කිරීම.
උමතු රෝගීන්ට
බෙලි කොළ ඉස්ම නස්න කිරීම සහ බෙලි කොළ ඉස්ම හිස ගැල්වීම
ලේ අතීසාරයට
බෙලි කොළ කොටාගත් යුෂට ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා මිශ්‍ර කිරීම.
දහදිය බිබිලි සහ දහදිය දුගඳට
බෙලි කොළ කොටාගත් යුෂ ශරීරයේ ආලේප කිරීම මෙන්ම බෙලි කොළ තැම්බූ වතුරින් ශරීරය සේදීම.
සම පැහැපත් කර රුව වඩවා ගැනීමට
ඉදුණු බෙලි ගෙඩියේ මද කෝමාරිකා සමඟ මිශ්‍රකර සමේ ආලේප කිරීම මෙන්ම බෙලි කටු තැම්බූ වතුරෙන් සේදීම.
හෘද රෝගීන්ට
බෙලි මුල් තැම්බූ වතුර පානය කිරීම.
බටහිර වෛද්‍ය විද්‍යාවේදී පවා බෙලි ශාකය පර්යේෂණ ගණනාවකට ලක් කර තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී අහාර මාර්ගයේ සහ උදරයේ ඇතිවන රෝග සඳහා බෙලි පැණි භාවිත කරමින් ප්‍රතිකාර කරනු ලබයි. ඒවගේම බෙලි මුල් කසාය, ධාන්‍ය පංචක කසාය, මහපස් මුල් කසාය සඳහාද බෙලි භාවිත කරයි. ගර්භණී රෝග පවතින අවස්ථාවලදී බෙලි වලින් සාදා ගන්නා බිල්ව නම් තෛල භාවිත කිරීමෙන් බොහෝ ගුණ ලබාගත හැකිය.

ඉන්දියානු ජාතිකයන් තම සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට සහ ශරීරයෙ ප්‍රතිශක්තීකරණය වර්ධනය කර ගැනීම සඳහා ඉදුණු බෙලි මදවට සීනි සහ දෙහි මිශ්‍ර කර සාදා ගන්නා පානය අතීතයේ සිටම වර්තමානය දක්වාම භාවිත කරයි. එමෙන්ම රාවණා යුගයේ සිට පැවත එන හෙළ වෙදකමේ දී ඉතා ප්‍රභල ඖෂධයක් ලෙස බෙලි භාවිතා කළ බව ඉපැරණි හෙළ වෙද ග්‍රන්ථවල සඳහන්ව තිබේ.  

Monday, March 28, 2016

gags




තෙත් වූ කොණ්ඩය පිටින් නිදාගන්න එපා. හේතුව දැනගන්න

 ඔබ රාත්‍රී කාලයේ දී නාන කෙනෙක් නම් බොහෝ විට තෙත් වූ හිසකෙස් සහිතව නින්දට යනවා වෙන්න පුළුවන්. තෙත කොණ්ඩය සමග නින්දට වැටීම එතරම් සැලකිය යුතු නැති දෙයක් ලෙස සිතුවත්, මේ ඔබට කියන්න යන්නේ නැවතත් තෙත කොණ්ඩය පිටින් නින්දට නොයන්න තරම් හොද හේතු කීපයක්. තෙත කොණ්ඩය නිසා ඔබට විය හැකි මේ අතුරු අබාධ ගැන ඔබ දැනුවත් වීමෙන් පසුව වෙනදට වඩා තරමක් හෝ හොදින් හිසකෙස් වේලාගෙන නින්දට යාම වඩාත් හොදයි කියල ඔබම තීරණය කරයි.
කෙස් අග පැලීම
ඔබ නින්දේ සිටින අතර, හිස කොට්ට මත එහා මෙහා කිරීමේදී, කෙස් හා කොට්ට උරය එකට ඇතල්ලීමෙන් බෙහෝ විට තෙත කොණ්ඩයේ අග පැලීම් සිදුවිය හැකිය.
අනවශ්‍ය ලෙස බැක්ටීරියා අසාදනයන්ට ලක්වීම
ඔබගේ දහඩි, සමෙන් නිකුත්වන තෙල් හා මැරුණු සෛල කොට්ට උරය මත තැවරෙන නිසා කොට්ටය කියන්නේ බැක්ටීරියා වර්ධනයට ඉතා හොද පරිසරයක්. එයට ඔබගේ තෙත් වූ හිසකෙස් එකතුවීමෙන් බැක්ටීරියා වර්ධනයට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරනවා. මේ හේතුවෙන් ඔබගේ හිස බැක්ටීරියා ආසාදන්ට ලක්වීමේ ඉඩකඩ බොහෝ සෙයින් වර්ධනය කරනවා.
රාත්‍රිය මැද දී  හිසරදය  ඇතිවීම
තෙත කොණ්ඩය සමග නින්දට යාමේ දී සමහර අවස්ථාවල දැඩි හිසරදයක් ඇතිවෙන්න පුළුවන්. එසේ සිදුවන්නේ, ඔබ නින්දේ මුල් අවධියේ සිටින විට ඔබගේ කාමරයේ උෂ්ණත්වයට සරිලන ලෙස ශරීරයේ උෂ්ණත්වය අඩු වී, නැවතත් නින්දේ මීලග අදියර වන විට ශරීර උෂ්ණත්වය ස්වභාවිකව වැඩිවිමයි. ඔබගේ ශරීර උෂ්ණත්වයේ සිදුවන මෙම වෙනසට අනුව තෙත් වූ හිසේ උෂ්ණත්වය වෙනස්වීම සිදු නොවන නිසා රාත්‍රිය පුරාම දැඩි හිසරදයකට ලක්වීමට වැඩි ඉඩක් තිබෙනවා.
රාත්‍රියේ නෑමෙන් පසුව හිස හොදින් වේලාගෙන නින්දට යන්න පුළුවන්නම් මේ වගේ අනවශ්‍ය සෞඛ්‍ය ගැටළුවලට ලක් නොවී ඉන්න ඔබට පුළුවන්


Friday, March 25, 2016


උගුරේ තුවාල සමනය කිරීම
දෙහි යුෂ තේ හැඳි එකක් සමග මී පැණි තේ හැඳි දෙකක් උණුසුම් ජලය වීදුරුවක් සමග මිශ්‍ර කර පානය කිරීමෙන් උගුරේ තුවාල සමනය කර ගත හැක.
කැස්සට පිළියමක් ලෙස
දෙහි යුෂ තේ හැඳි 4ක් සමග මී පැණි තේ හැඳි 8ක් එක්කර මිශ්‍රණයක් සකසා එයින් තේ හැන්ද බැගින් පැයකට වරක් පානය කිරීමෙන් සාර්ථකව කැස්ස සමනය කරගත හැක.
සිරුරේ බර අඩුවීම පාලනය කර ගැනීමට
කුරුඳු කුඩු තේ හැඳි භාගයකට මී පැණි එක් තේ හැන්දක් සාමාන්‍ය උණුවතුර වීදුරුවක් සමග මිශ්‍ර කර දිනපතා උදෑසන පානය කිරීමෙන් සිරුරේ බර අසාමාන්‍ය ලෙස අඩුවීම පාලනය කරගත හැක.
නළලේ වේදනාවට ක්‍ෂණික පිළියම
ඇපල් යුෂ තේ හැඳි දෙකකට මී පැණි තේ හැඳි එකක් උණුවතුර වීදුරුවකට මිශ්‍ර කර සෙමෙන් පානය කිරීමෙන්
සෙම්ප්‍රතිශ්‍යාව සමනයට

දෙහි යුෂ තේ හැන්දකට මී පැණි තේ හැඳි දෙකක් ඉඟුරු සහිත තේ සමග මිශ්‍ර කර පානය කිරීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව සමනය කරගත හැක.

Saturday, March 19, 2016

The Bridge ON the River Kwai






ප්‍රංශ ජාතික Pierre Boulle විසින් රචිත The Bridge Over the River Kwai නවකතාව ඇසුරින් 1957 වසරේදී David Lean අධ්‍යක්ෂක වරයා චිත්‍රපටයක් නිර්මාණය කරන්න පසුබිම් කරගන්නේ ශ්‍රී ලංකාවේ පරිසරයයි. දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය හමුදා විසින් සිරකරුවන් ලවා තනවන ලද දුම්රිය මාර්ගයක් පිළිබද කතාව චිත්‍රපටයේ තේමව වේ.

IMDB වෙබ් අඩවියට අනුව ලොව මෙතෙක් බිහිවූ ජනප්‍රියම චිත්‍රපට ලැයිස්තුවේ 132 වන ස්ථානය තමදුරටත් හිමිකරගෙන තිබීම මෙහි විශේෂත්වයකි. එය හිමිකරගෙන ඇති ඔස්කාර් සම්මාන පහත දැක්වේ.
Best Picture : Sam Spiegel
Best Actor in a Leading Role: Alec Guinness
Best Director : David Lean
Best Writing, Screenplay Based on Material from Another Medium : Pierre Boulle, Carl Foreman, Michael Wilson
Best Cinematography : Jack Hildyard
Best Film Editing : Peter Taylor
Best Music, Scoring : Malcolm Arnold

මෙම චිත්‍රපටය රූගත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කිතුල්ගල ප්‍රදේශය ආශ්‍රිතවයි. චිත්‍රපටයේ අවසාන ජවනිකාව එන ගංගාවක් හරහා ඉදිකර ඇති ලී පාලමක් පුපුරවා හරින දර්ශණය ලොව පුරා රසිකයන්ගේ සිත් තුල මතක සටහනක් තබා ඇත. මෙම පුපුරවාහරින දර්ශණය රූගත කරන අවස්ථාවේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නැවතත් එම පාලම ඉදිකොට රූගත කරන්නට සිදුවූ බව සදහන් වේ. අදටත් මෙම පාලම ඉදිකර ස්ථානය නැරඹීම සදහාම ලංකාවට පැමිණෙන සංචාරකයෝ වෙති. බුරුම (තායිලන්ත) ජාතිකයන් පාදක කොටගත් කතාවක් නිසා එරටට පැමිණෙන සංචාරකයන් මෙම පාලම පිහිටා ඇති ස්ථානය ඔවුන්ගෙන් විමසා සිටින බවත් වාර්ථාවේ.

Thursday, March 17, 2016

ඇත්තටම යාපනය ‘සිංහලේ‘ කොටසක්ද?


ඈත අතීතයේ සිට වෙනත් ප්‍රදේශවල මෙන්ම යාපනයේද සිටියේ සිංහලයෝය. ඔවුන්ගේ පාලකයෝ සිංහලයෝය. ඔවුන් කතා කළ, ලියූ බස සිංහලය. වසභ රාජ්‍ය සමයට අයත් වල්ලිපුරම් රන්පත් ලිපිය IV වන කාශ්‍යප රාජ්‍ය සමයට අයත් කදුරුගොඩ අත්තානි කණුව V වන කාශ්‍යප රාජ්‍ය සමයට අයත් තුනුකායි අත්තානි කණුව යන සෙල්ලිපිවලින් ඒ බව ප්‍ර‍කාශවේ. 


වසභ මහරජ කාලයට අයත් රන්පත් ලිපියෙන් යාපනයේ පැරණි නම නාගදීපය බව පැහැදිලිවෙයි.පොළොන්නරුවෙන් එළවා දැමූ කාලිංග මාඝ නොහොත් කාලිංඝ විජයබාහු රජ යාපනයට පසු බැස එහි පාලකයා වන්නට ඇතැයි සැක කරති. දෙවරක් රට ආක්‍ර‍මණය කළ ජාවක චන්ද්‍රානු කාලිංග මාඝගේ පුතා බව දැන් හෙළි වී තිබේ. මෙම ජාවකයන්ට උතුරේ විසූ සිංහලයන්ද පක්ෂ වූ බව මහාවංසයේ සදහන් මෙම කාලිංග මාඝ සහ ජාවක චන්ද්‍ර‍භානු පාලනයෙන් පසු දකුණු ඉන්දියාවේ රාමේශ්වරමෙන් ආ ආර්ය චක්‍ර‍වර්තිවරු 13 දෙනෙක් යාපනය (යාපා පටුන) පාලනය කළහ. රාජ්‍ය උරුමය හෝ බල ලෝභය නිසා සිංහල ප්‍ර‍ධානීන් අතර ගැටීම වැඩි වීම නිසා සිංහල රජවරු දුබල වූහ. ලංකාවේ රාජධානි සංඛ්‍යාවෙන් වැඩිවෙත්ම බලය හීන විය. මේ ගැටුම් නිසා ද ආර්ය චක්‍ර‍ර්තී වරුන්ට පාණ්ඩ්‍ය රටේ රජුගේ අනුග්‍ර‍හය හා සහයෝගය ලැබීම හා එකල බලවත්ව සිටි විජය නගර අධිරාජ්‍යයාගේ සහාය ලැබීම නිසාද යාපා පටුන (යාපනය) ආක්‍ර‍මණිකයන් ගෙන් දඹදෙණි පාලකයන්ට බේරා ගත නොහැකි විය. මෙම ජා පාලන සමයේද ආර්ය චක්‍ර‍වර්තී පාලන සමයේද, ඔවුන්ගේ බලය පැවැත්වූයේ ජා, මලල, දෙමළ සේනාවන් ගෙනි. අනුරාධපුරය, පොළොන්නරුව ආදී ප්‍රදේශවල නොයෙක් දකුණු ඉන්දියානු ආක්‍ර‍මණයන් ගෙන් පසුව ලංකාවේ රැදී සිටි ද්‍ර‍විඩයන් උතුරට ගිය බව පැහැදිලිය. මෙම දෙමළ ජනයා ද ආක්‍ර‍මණිකයන්ට එක් වූ බව මහා වංශයේ සදහන් වේ. විජය නගර අධිරාජ්‍යයාට අයත් සේනාංකයක් යාපා පටුනේ රදවා තිබුණේය.මේ අතරේ කෝට්ටේ අලකේශ්වර වරුද ඊට පසුව VI වන පරාක්‍ර‍බාහු රජු ද බලවත් වූහ. පරාක්‍ර‍මබාහු රජ සමයේදී කෝට්ටේ හමුදාවේ සේනපති සපුමල් කුමාරයා යාපනය යටත්කර වසර 17ක් ද ඊට පසුව VI වන බුවනෙකබාහු නමින් රජවී වසර අටක්ද රජ කළේය. 


වසර 25ක් සපුමල් කුමාරයා යටතේ යාපනය පාලනය විය. බුවනෙකබාහු රජුගේ අභාවයෙන් පසුව දකුණු ඉන්දියාවට පළාගොස් සිටි ආර්ය චක්‍ර‍ර්ති පරපුරේ අන්තිම පාලකයා සිංකිලි සේනා ගෙනවුත් යාපා පටුන නැවත අල්ලා ගත්තේය. ඔහු තමා රටින් පිටුවහල් කිරීමට සහාය වූ යාපනයේ සිංහලයන් සමූල ඝාතනය ඇරැඹීය. මෙසේ මරා දැමීමෙන් හෝ පළා යාමෙන් හිස් වූ සිංහලයන් පදිංචිව සිටි ඉඩකඩම්වල සංකිලි දකුණු ඉන්දියාවෙන් දෙමළ පවුල් ගෙන්වා පදිංචි කරවීය.පෘතුගීසි මේ වන විට මුහුදුබඩ ප්‍රදේශවල බලවත් වෙමින් සිටියහ. 


පෘතුගීසින් සමග සටන් කිරීමට සිංහලයන්ට සිදුවීම නිසා යාපනයේ ද්‍ර‍විඩ බලය වැඩුණේය. කෙසේ වෙතත් යාපා පටුනේ ද්‍ර‍විඩ රාජ්‍යයක් ඇති නොවීය. උඩරට රාජ්‍ය සමයේදී යාපනය (යාපා පටුන) සිංහල පාලකයාට අයත් රටක් ලෙස පාලනය විය. සංකිලි රාජ්‍ය බලය අල්ලා ගත්තේ සංකිලිගේ පියා උඩරට රජු බැහැදැකීමට ගොස් සිටියදී බව යාල්පාන වෛපවමාලෙයි නැමැති 17 වන සියවසයේ ලියූ යාපනය ඉතිහාසය කියයි. පෘතුගීසින් විසින් යාපනය අල්ලාගත් අතර පෘතුගීසීන්ට විරුද්ධව සටන් කළේ උඩරට රජුගේ සිංහල සේනාවයි. මෙම සටනින් පෘතුගීසීන් ජයග්‍ර‍ණය කළ අතර යටත්වීමේ ගිවිසුම ලියන ලද්දේ සිංහල භාෂාවෙන් හා පෘතුගීසි භාෂාවෙනි. මේ බව කෙව්රෝස් පියතුමාගේ ග්‍ර‍න්ථයේ සදහන් වේ.

පී. වීරසිංහයන්ගේ ‘යාපනය‘ ග්‍ර‍න්ථයෙනි

Friday, March 11, 2016

ඉදිවෙමින් පවතින නෙළුම් කුළුණ ගැන ඔබ නොඇසූ කරුණු

කොළඹ නගරයේ බේරේ වැව ආසන්නයෙන්  අහස උසට නැගෙමින් පවතින අශ්චර්යමත් ඉදිකිරීම,‘‘නෙළුම් කුළුණ‘‘  බව ඔබ මේ වන විටත් දැන සිටිනවාට කිසිදු සැකයක් නැහැ. පසුගිය රජය විසින් චීන රජයේ අධාර සහිතව ඉදිකිරීම ඇරඹි මෙම කුළුණ පසුගිය කාලයේ  ලංකාව තුල බොහෝ ආන්දෝලනයට ලක්වු මාතෘතාවක් වුණා. සන්නිවේදන කුළුණක් ලෙස නිර්මාණය වන මෙය ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රය තුල දැවැන්ත වෙනසක් ඇති කල හැකි ඉදිකිරීමක් බව බොහෝ දෙනා පවසනවා. නමුත් ඉන්දීය රජය මෙය චීනය මගින් ශ්‍රී ලංකාවේ ඉදිකරන ඉලෙක්ට්‍රෝනික ඔත්තු සේවා පහසුකම් සහිත  ශ්‍රවණ මුරපොළක් ලෙස හැදින්වූ අතර එය ඔවුන්ට අවාසි දායකවන බැවින් එහි ඉදිකිරීම් නවතා දැමීමට උත්සාහ ගත්තත් මෙහි ඉදිකිරීම් නැවත්වීමට ඔවුන්ට නොහැකිවිය. දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස 2017 වසරේ දී ඉදිකිරීම් අවසාන කිරීමට නියමිතව තිබෙන නෙළුම් කුළුණ පිළිබද ඔබ මීට පෙර අසා නොතිබුණු කරුණු කිහිපයක් පහත දැක්වෙනවා.
1.       2017 ඔක්තෝබර් මාසයේ දී නෙළුම් කුළුණ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිත වන අතර එම වසර අවසානයේ දී විවෘත කිරීමට නියමිතයි
2.       නෙළුම් මලක ආකෘතියක් යොදා ගැනීම මගින් ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුව පිළිබදව අර්ථ ගන්වයි. කුළුණේ පාදම සඳහාද නෙළුම් මලක හැඩය යොදා ගැනේ. කුළුණ සඳහා රෝස හා ලා කහ පැහැයට හුරු වර්ණ යොදා ගැනීමට අපේක්ෂා කෙරේ




3.       නෙළුම් කුළුණේ මීටර් 292.2ක් මේ වන විටත් ඉදිකර අවසන්ය. තවත් ඉදි කිරීමට ඇත්තේ එහි ලෝහමය මුදුන් කණුව සහ නෙළුම් පෙති සහිත කොටසයි. ඉදිකිරීම් අවසාන වු පසු අකුණු සන්නායක කණුවද සහිතව කුළුණේ සම්පූර්ණ උස මීටර් 350ක්  (අඩි 1148) වනු ඇත.
4.       නෙළුම් කුළුණ ඉදි කිරීමේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ රූපවාහිනී සහ ගුවන්විදුලි සම්ප්‍රේෂණ කුළුණක් ලෙස භාවිතා කිරීමයි. මෙම කුළුණ නිසා සියළුම සම්ප්‍රේෂණ එකම ගුණාත්මකභාවයක් යටතේ සියළු පාරිභෝගිකයන්ට එකවර විකාශනය කල හැකිවනවා. මේ නිසා දැනට භාවිතා වන සම්ප්‍රේෂණයන්ගේ මෙහෙයුම් ගාස්තු අවම කර ගැනීමට ද හැකිවනවා.
5.       අවම වශයෙන් ගුවන් විදුලි සේවා සපයන්නන් පනහකට විදුලි සංදේශ සේවා සපයන්නන් විස්සකට හා රූපවාහිනී සේවා සපයන්නන් පනහකට පහසුකම් සැපයීම නෙළුම් කුළුණ කේන්ද්‍රගතව ඉටුකරගන්නට අපේක්ෂා කරනවා.
6.       කුළුණ නිර්මාණය කිරීමේ වගකීම  විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවට පැවරී ඇති අතර නෙලුම් කුළුණේ සිට විකාශය කිරීමේ ස්වාධින වගකීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුවනු ඇත.
7.        මීටර් 215ක් (අඩි 705ක්) හා මීටර් 219.8ක් (අඩි 721ක්) ඉහළින් ති නෙළුම් කුළුණෙ පළමු හා දෙවන මහල් රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහා භාවිතා කරීමට නියමිතය. 
8.       නෙළුම් කුළුණ සම්ප්‍රේෂණ කුළුණක මෙහෙය පමණක් ඉටු කරන්නක් නොවන අතර මහල් තුනකින් සමන්විත වන එහි පදනමෙහි සුඛොපභෝගී සාප්පු සංකීර්ණ. භෝජනාගාර මෙන්ම කෞතුකාගාරයක්ද ඉදිකිරීමට සැලසුම්කර ඇති අතර කුළුණේ ඉහල කොටසේ උත්සව ශාලා හා නැරඹුම් මැදිරියක් ද ඉදිකිරීමට නියමිතයි.
9.       නෙළුම් කුළුණ ඉදි කිරීම සදහා මුල්‍ය ණය ආධාර සපයන්නේ චීනයේ එක්සිම් (EXIM) බැංකුව මගින් වන අතර එම ණය මුදල කුළුණේ ආදායමෙන් ගෙවාදැමීමට එකගවී ඇත.
10.   කුළුණේ මීටර් 219.8 ක් උසින් හා මීටර් 224.6 ක් උසින් පිහිටි මහල් දෙකක 450 දෙනෙකුට පහසුකම් සැපයිය හැකි උත්සව ශාලා දෙකක් ඉදිවෙමින් පවතී
11.   මෙහි මීටර් 234.2 ඉහලින් ඉදිකිරීමට සැලසුම්කර ඇති ආපනශාලාවේ විශේෂත්වය වන්නේ එය කැරකැවෙන ආකාරයෙන් නිර්මාණය වීමයි.
12.   කුළුණේ මීටර් 244ක් ඉහල ස්ථානයක ඉදිවන අති සුපෝකභෝගී කාමර කිහිපය රාජ්‍ය ආරාධිතයන් සදහා නිර්මාණය වනු ඇත.
13.   නෙළුම් කුළුණේ සුන්දරත්වය වැඩි කරන නෙළුම් පෙති සහිත කොටස මේ වසරේ අගෝස්තු මාසයේදී ඉදිකර අවසන් කිරීමට නියමිතව ඇත. මෙම නෙළුම් පෙතිවල රාමුව වානේ වලින් නිපදවන අතර පෙති සදහා වීදුරු යොදාගැනීමට තීරණය කර ඇත.
14.   මෙම වීදුරු පෙතිවලට සවිකිරීමට අපේක්ෂිත එල්.ඊ.ඩී බල්බ නිසා පෙතිවල වර්ණය වෙනස් කිරීමට හැකියාව ලැබෙනු ඇත. වෙසක්, අළුත් අවුරුදු වැනි උත්සව සමයන් වලදී එම උත්සවයන්ට ගැලපෙන අයුරින් නෙළුම් පෙති වල වර්ණය වෙනස් කරීමින් කොළඹ නගරයේ අංකාරය වැඩි කිරීමට මේ නිසා හැකියාව ලැබෙනු ඇත.
15.   විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව විසින් නෙළුම් කුළුණ mobile app එකක් නිර්මාණය කිරීමට නියමිත අතර ඒ මගින් කුළුණේ සැරිසැරීම, සිනමා සහ ආපන ශාලා වල ආසන වෙන්කර ගැනීම, මෙහි පැවැත්වෙන උත්සව සහ විවිධ අවස්ථාවන් පිළිබද තොරතුරු ලබා ගැනීම වැනි සේවාවන් ඉතා පහසුවෙන් ලබාගත හැකි වනු ඇත.
16.   නෙළුම් කුළුණට ඇතුළු වීමට නම් ටිකට්පතක් මිලදී ගැනීමට ඔබට සිදුවේවි.
17.   මීටර් 248.2ක් ඉහළ කුළුනේ අටවන මහලේ නිර්මාණය වන නැරඹුම් මැදිරියෙහි දුරදක්න සවි කිරීමට නියමිතය.
18.   මෙම කුළුණ විදුලි සෝපාන අටකින් යුක්ත වන අතර මින් සෝපාන දෙකක් අධිවේගී සෝපාන වන අතර මෙම සෝපානයකින් පහත මහලේ සිට නැරඹුම් මැදිරිය දක්වා ගමන් කිරීමට ගතවන්නේ විනාඩියකටත් අඩු කාලයකි. සාමාන්‍ය වේගයෙන් ගමන් කරන සෝපාන දෙකකුත් බොහෝ විට සේවා කටයුතු සදහා යොදා ගැනෙන මන්දගාමී සෝපාන තුනකුත් මෙහි අන්තර්ගත වේ.
19.   නෙළුම් කුළුණේ පෙති මෙන්ම කුළුණේ බද ප්‍රදේශයද විදුලි බල්බ මගින් අලෝකමත් වනු ඇත. මේ හේතුවෙන් කොළඹ නගරයේ රාත්‍රී අලංකාරය වැඩි කිරීමටද මෙයට හැකි වනු ඇත.
20.   නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර වශයෙන් ටීම් පාක්නමින් විනෝදාස්වාදය සපයන අලංකාර උද්‍යානයක් ඉදිකිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම වාහන 2000ක් රැදවිය හැකි භූගත රථගාලක්, සාප්පු සංකීර්ණයක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාකයක් හා සිනමා ශාලාවන් එහි ඉදිවීමට නියමිතව පවතී. ඉතා සහනදායී මිල ගණන් යටතේ මෙම උද්‍යානයේ දී විනෝදාස්වාදය ලබාගැනීමට අනාගතයේ දී ඔබට හැකිවනු ඇත.


තවත් නොබෝ දිනකින්ම දකුණු ආසියාවේ උසම ඉදි කිරීම අප රට සතුවන අභිමානය අප සැමදෙනාටම බුක්ති විදීමට හැකිවනු ඇත. ශ්‍රී ලංකාවේ සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුව අර්ථ ගන්නවන මේ විශ්මිත නිර්මාණය, 

ආදරය අමතක කිරීම