Saturday, October 31, 2015

ඹබ නිදාගන්න ඉරියව්වට ගැලපෙන කොට්ටය තෝරාගන්නේ කොහොමද?

ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් නින්ද සදහා සදහා අපි වැය කරනවා. සුවබර නින්දක් කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාමත් වැදගත් දෙයක් කියන එක කවුරුත් දන්න දෙයක්. ඒ තරම් ජීවිතයට වැදගත් වෙන සුවබර නින්දක් ලබා ගැනීමේ දී ඉතාමත් වැදගත් දෙයක් තමයි අපේ කොට්ටය. ඔබට ගැලපෙන කොට්ටය තවම තෝරාගෙන නැත්නම් එය නින්දට බාධාවක් වගේම ශරීරයේ අබාධ රැසකට හේතුවක් වෙනවා..  නිවැරදි කොට්ටයක් තෝරා නොගැනීමෙන් බෙල්ලේ සහ උරහිස්වල මස්පිඩු පීඩාවට පත්වීම, හුස්ම ගැනීමේ අපහසුතා, නින්දේ දී ගෙරවීම ආදී සුව නින්දට බාධා ඇති කරන දේ සිදුවෙන්නට පුළුවන්. ඒවගේම වෛද්‍යවරු පවසන්නේ බොහෙමයක් කොන්දේ වේදනාවන්ට  වඩාත් සුදුසු කොට්ටයක් තෝරා ගැනිමෙන් පමණක් සුවකල හැකි බවයි.

කොට්ටයකින් බලාපොරොත්තු වෙන්නේ මොක්ද?

සාමාන්‍යයෙන් මිනිසෙක්ගේ බෙල්ල තරමක් ඉදිරියට නැමිලයි තියෙන්නේ. නිදාගන්න විටත් මේ නැමුම ඒ ආකාරයෙන්ම තබා ගැනීම ඉතා වැදගත්වෙනවා. කොට්ටයකින් අපි බලාපොරොත්තු වන්නේ බෙල්ලේ තිබෙන ඒ ස්වභාවික පිහිටීම නින්දේදීත් පවත්වාගෙන යාමයි. ඒ නිසා ඔබ කොයි අතට නිදා ගත්තත් ඔබේ කොට්ටයට බෙල්ලේ හැඩය නියමිත විදිහට පවත්වා  ගෙන යන අතරම හිස සහ උරහිස්  සෘජුව තාබා ගැනිමට හොද ආධාරකයක් සැපයීමට හැකි විය යුතුයි.


නිවැරදි කොට්ටයක් තෝරා ගන්නේ කොහොමද?

ඔබට ගැලපෙන කොට්ටයක් තෝරා ගන්නා විට සිරුරේ ප්‍රමණය, සෑදීමට යෙදාගත් අමුද්‍රව්‍ය, කොයිතරම් වෙලාවක් නින්ද සදහා වැය කරනවද වගේ දේවල් ගැන සැලකිලිමත් වෙනවා. ඒත් වැදගත්ම දේ වෙන්නේ ඔබ නිදා ගන්නා ඉරියව්වයි. සාමාන්‍ය කොට්ටයක උස අගල් 4ත් 6ත් අතර විය යුතු බවයි පවසන්නේ. ඔබ නිදාගන්නා ඉරියව්ව අනුව කොට්ටයේ උස අඩු වැඩි විය යුතුයි.


ඔබ මුහුණ ඉහලට සිටින සේ නිදා ගන්නවා නම්


මේ විදහට නිදා ගන්නව නම් ඔබ තෝරාගත යුත්තේ උසින් අඩු කොට්ටයක්. උසින් වැඩි කොට්ටයක් තෝරා  ගතහොත් ඔබේ හිස ඉදිරියට තල්ලුවීමක් සිදුවන නිසා උදෑසන අවදිවීමේ දී   අපහසුතාවයක් ඇතිවෙනවා. මේ අකාරයට නිදා ගැනීමේ දී කොන්දේ අපහසුතාවයක් ඇති වේ නම් දණහිස් වලට යටින් කොට්ටයක් තබා ගැනීම සුදුසු වනවා.

පැත්තට හැරී නිදා ගන්නවා නම්

නිදා ගැනීමට සුදුසුම ඉරියව්ව තමයි මේක. මේ විදහට නිදාගන්න අය ටිකක් උසින් යුතු කොට්ටයක් තෝරාගත යුතුයි. මෙම කොට්ටය කොදු ඇට පෙල සෘජුව තාබා ගැනීමට බෙල්ලට සහ හිසට හොද ආධාරකයක් විය යුතුය. ඒ වගේම කොට්ටයෙන් කොන්දට හෝ බෙල්ලට අනවශ්‍ය පීඩනයක් ඇති නොවිය යුතුයි. කොන්දට ඇති විය හැකි අපහසුතා මගහරවා ගන්න දණහිස් අතර කොට්ටයක් තබා ගන්න පුළුවන්

බට යටට සිටින සේ  නිදා ගන්නවා නම්


මේ විදහට නිදා ගන්න එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි. ඒත් ඉරියව්වෙන් නිදා ගන්න අයට පාවිච්චි කල යුත්තේ ඉතාමත් උසින් අඩු පැතලි කොට්ටයක්. නැත්නම් කොට්ටය හසට තබන්නේ  නැතිව ඉනට යටින් කොට්ටය තැබීම වඩාත් සුදුසු වෙනවා.


ඔබ නිදා ගන්නා ඉරියව්වට ගැලපෙන කොට්ටයක් භාවිතා කිරීමෙන් කොන්දට සහ බෙල්ලට ඇතිවිය හැකි අබාධයන් අවමකර ගෙන සුවබර නින්දක් ලබා ගැනීමට ඔබට හැකිවේවි. සුවබර නින්ද නිසා ලැබනෙ විවේකය ඔබ අවදියෙන් සිටින විට ඔබගේ ක්‍රියාශීලීත්වය වැඩි කිරීමට වගේම නිරෝගී ජීවිතයකටත් ප්‍රබලම සාධකයයි.

No comments:

Post a Comment