Tuesday, September 27, 2016

අනාගත ලෝකය අතීතයේ දුටු ආභිමානවත් ශ්‍රී ලාංකිකයා

ලෝකය තනි යායක් එනම් විශ්ව ගම්මානයක් බවට අද පරිවර්ථනය වී ඇත. ඔබට මේ ලිපිය කියවීමට අන්තර්ජාලය පහසුවෙන් භාවිතා කිරීමටද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ ශ්‍රී ලාංකිකයෙකු බව ඔබ දැන සිටියාද? ඔහු විසිවන සියවසේ සාර්ථකම විද්‍යා ප්‍රබන්ධ රචකයා වූ ආචර් චාල්ස් ක්ලාක් එනම් අප පහසුවෙන් හදුන් වන ආතර් සී ක්ලාක් මහතාය. 1917 වසරේ දෙසැම්බර් මස 16 වන දින එංගලන්තයේ උපත ලැබූ ඔහු ළමා විය ගත කළේ එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්තයේ මයින්හෙඩ් ගම්මානයේය. මුහුදු බඩ ගම්මානයක් වූ එහි දවසේ වැඩි කාලයක් මුහුදේ ගත කළේ අහසට මෙන්ම මුහුදටත් ඔහුගේ ප්‍රියතාවය නිසාමය. 

අධ්‍යාපනය ලැබූ මුල් අවදියේ සිටම අභිරහස් විද්‍යාත්මක කථා ගැන උනන්දුවක් දැක් වූ ඔහු ඒ පිළිබද විශේෂ අවධානයක් දක්වමින් ඒවා අධ්‍යනය කිළේය. එමෙන්ම කුඩා කළ සිටම පාසලේ පුවත්පතට විද්‍යා ප්‍රබන්ධ කථා ලියමින් අනාගතයේ මහා ලේඛකයෙකු වන බව පෙන්වීය. ලන්ඩනයේ අන්තර් ග්‍රහලෝක සංගමයේ කටයුතු වල නියැලෙන අවධියේම බ්‍රතින්‍ය රාජකීය ගුවන් හමුදාවේ තාක්ෂණිය ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ හෙතෙම 1947 - 1950 දක්වාත් 1953 වසරේදීත් අන්තර් ග්‍රහලෝක සංගමයේ සභාපති ලෙස කටයුතු කළේය.

දෙවන ලෝක යුධ සමයේ භාවිත වූ රොකට් තාක්ෂණයේ දියුණුව පිළිබද පර්යේෂණ වල නියැලී සිටියදී අහම්බෙන් මෙන් ආතර් සී ක්ලාක් මහතාට පහළ වූ සංකල්පය ලෝකය උඩුයටිකුරු කිරීමට සමත් විය. එනම් පණිවුඩ හුවමාරු කිරීමේ චන්ද්‍රිකා තාක්ෂණයයි. ඒ පිළිබද තවදුරටත් කරුණු අධ්‍යනය කළ එතුමා 1945 දී වයර්ලස් වර්ල්ඩ් සගරාවට ඒ ගැන ලිපියක් යැවීය. එතුමාගේ සංකල්පයට එම යුගයේ පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේ නම් අද මිහිපිට ඇති විශාලම ධනස්කන්දය ඔහුගේ නමට ලියැවී තියෙන්නට පුළුවන. 

රැකියා කටයුතු වලින් ඈත් වී ලේඛන කලාවට පිවිසි ඔහුට ඕස්ට්‍රේලියාවට යන ගමනක් අතරතුර පැය කිහිපයකට ශ්‍රී ලංකාවේ ගොඩ බැසීමට සිදුවිය. ශ්‍රී ලංකා මුහුදු තීරයට ඔහුගේ ඇල්ම ඇතිවීමත් සමග ශ්‍රී ලංකාව තම දිවියේ අවසාන භාගය ගත කිරීමට ඔහු තීරණය කරන ලදි. 1975 දී නීත්‍යානුකූලවම ශ්‍රී ලාංකික පුරවැසි භාවය ලබාගත් එතුමා වසර 91ක් ආයු වළදා 2008 මාර්තු 19 දින මිය යන තුරුම ලෝකයා වෙත ලංකාවේ සුන්දරත්වයේ පණිවිඩය ගෙනයමින් ජීවිතය ගත කළේය.



Saturday, September 24, 2016

මුහුදු පත්ලෙන් හමු වූ ඩොලර් කෝටි ගණනක් වටිනා රන් රිදී නිධානය

කැරිබියානු මුහුදේ ඉපැරණි වරායක් වන කොලෙම්බියාවට අයත් කැටරිනාඩ් ඉනිඩියාස් හි වෙරළාසන්න මුහුදු පත්ලේ ගිලාබත්ව තිබූ ඩොලර් කෝටි සිය ගණනක් වටිනා රන් රිදී පිරවූ නැවක් සොයාගැනීමට කොලෙම්බියානු ගවේෂකයින් පරිසක් සමත් වී තිබෙනවා. ස්පාඤ්ඤය සමග යුද්ධය පැවති සමයේ දී බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් සැන්ජොස් නැමති මෙම නැව අල්ලා ගැනීමට සිදුකල මෙහෙයුමේ දී ප්‍රහාරයට ලක් වීම නිසා මෙම නැව 1708දී මුහුදු බත් වූ බව ඉතිහාස වර්තාවල ස‍දහන්වනවා.

ස්පාඤ්ඤයේ පස්වන පිලිප් රජුට අයත් බොලීවියාවේ හා පේරු දේශයේ පතල්වලින් ලබාගන්නා ලද රන් හා රිදී ප්‍රවාහනය කල සැන්ජොස් නව්කාව මෙතෙක් ගවේෂකයන්ගේ ඇස නොගැටුණු ස්ථානයක් පරීක්ෂා කිරීමේදී හමුවූ බව ගවේෂකයින් පවසනවා.

මේ වටිනා රන් රිදී නිධානයේ හිමකාරීත්වය ලබා ගැනීමට ස්පාඤ්ඤය හා කොලොබ්බියාව අතර ගැටුමක් මේ වන විට නිර්මාණය වි තිබෙනවා. සාගර පාලන පිළිබඳ එක්සත්ජාතීන්ගේ නීතිරීතිවලට අනුව ස්පාඤ්ඤය තම හමිකම් ඉදිරිපත් කර තිබුණත්, එම නීති රීති වලට එකඟවන බවට කොලෙම්බියාව අත්සන් කර නොමැති නිසා මෙම වස්තුවේ අයිතිය පිළිබඳ නීතිමය ගැටළුවක් මතුවී තිබෙනවා.

කෙසේවෙතත් අමරිකානු අධිකරණයක් විසින් මේ පිළිබඳව පවත්වන ලද නඩු විභාගයකදී එම වස්තුවේ අයිතිය කොලෙම්බියාවට හිමි විය යුතු බව තීරණය කර තිබෙනවා.

ලෝකයේ පළමු ටෙරා බයිට් 1ක SD කාඩ්පත SanDisk සමාගම නිපදවීමට සැරසෙයි

Photokina 2016 ඡායාරූප ප්‍රදර්ශනයේදී ලෝකයේ ප්‍රමුඛ memory card නිෂ්පාදන සමාගමක් වන SanDisk සමාගම ටෙරා බයිට් 1ක (1TB) ධාරිතාවෙන් යුත්  memory card එකක් නිපදවීම පිළිබඳ නිවේදනයක් නිකුත් කර සිටියා. ලෝකයේ පළමු ටෙරා බයිට් එකක දත්ත ප්‍රමාණයක් ගබඩා කලහැකි මතක කඩ්පත වන මෙය, SanDisk මව් සමාගමේ 16 වන  සංවත්සරය සැමරීම වෙනුවෙන් එළිදැක්වීමට තීරණය කර තිබෙනවා. SanDisk 64MB SD කාඩ්පත මුල්වරට සමාගම විසින් වෙළදපලට හදුන්වාදී ඇති අතර වසර 16ක් තුල දැවැන්ත ලෙස තම නිෂ්පාදනයන්ගේ මතක ධාරිතාව වැඩි කර ගැනිමට ඔවුන් සමත්වී තිබෙනවා.

මෙම නව හදුන්වාදීමත් සමඟ කැමරා භාවිතාකරන්නන්ට මතක ධාරිතාව පිළිබ‍ඳ කරදර වීමට අවශ්‍ය නොවන නිසා high-resolution වීඩියෝ සහ ඡායාරූප වගේම අංශක 360 වීඩියෝ දර්ශන වැනි නවීන තාක්ෂණයන්ගේ වර්ධනයක් ඇති වන බව සමාගම ප්‍රකාශ කර සිටිනවා.
එමෙන්ම මෙම අධි ධාරිතාවෙන් යුත් කාඩ්පත නිසා කැමරා භාවිතා කරන්න්ට වැඩි ඡායාරූප ප්‍රමාණයක් ගබඩා කරගත හැකිවනවා සේම  මතක ධාරිතාව ගැන වද නොවී තම කැමරාව රිසි සේ භාවිතා කිරීමට ඉඩ සැලසෙනවා.

මෙය තවමත් මූලාකෘතියක් පමණක් බැවින් එහි මිල ගණන් පිළිබඳව සමාගම විසින් කිසිවක් හෙලිකර නැහැ. කෙසේවෙතත් 2014 වසරේ දී වෙළදපලට නිකුත් වූ SanDisk 512GB කාඩ්පත  අලවි කර ඇත්තේ ඩොලර් 800ක පමණ මිලකට  බව සඳහන්වෙනවා.