Sunday, July 31, 2016

ඉපැරණි දේහ ලක්ෂණ විද්‍යාවෙන් දුටු පමණින් කාන්තාවකගේ ගති ගුණ හදුනාගන්නා හැටි

ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ සැබෑ චරිත ලක්ෂණ වසර ගණනක් ඔවුන් සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගියත් සමහරවිටක හදුනාගැනීම පහසු කටයුත්තක් නොවන බව ඔබ අත්දැකීමෙන්ම දන්නා කරුණක්. නමුත් අතීතයේ දී ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දුටු පමණින් ඔවුන්ගේ ගතිගුණ චරිත ස්වභාවය හදුනාගැනිමට හැකි පුද්ගලයන් සිටි බව සමහරවිට ඔබ දන්නවා ඇති. මෙලෙස යම් පුද්ගලයෙකුගේ ශරීරයේ අවයව වල ස්වභාවය නිරීක්ෂණය කිරීමෙන් එම පුද්ගලයාගේ චරිත ස්වභාව පිළිබඳ අවබෝධයක් ලබාගැනීම දේහ ලක්ෂණ විද්‍යාව ලෙස හදුන්වයි. ඉතා ඉපැරණි විද්‍යාවක් ලෙස සැලකෙන මෙය යම් පුද්ගලයෙක් පිළිබද ඉතා නිවැරදි හෙලිදරව් කිරිමක් සිදුකරන බව පිරිසක් තරයේ විශ්වාස කරනවා.  නමුත් තවත් සමහරක් දෙනා මෙය අසත්‍යක් ලෙස බැහැර කරනවා.
පහත දැක්වෙන්නේ ඉපැරණි දේහ ලක්ෂණ විද්‍යාවෙන් ස්ත්‍රියකගේ ශරිර ස්වභාවයට අනුව ඇගේ ගතිගුණ හෙලි කර ගන්නා ආකාර කීපයක්.

දිගු ගෙලක් පිහිටන කාන්තාව උපායශීලීය. තීක්ෂණ බුද්ධියක් ඇති තැනැත්තියකි. පුරුෂයන් වසඟයට ගැනීමට දක්ෂය. තම සිතැඟි වලට මුල් තැන දෙන්නීය.

මුව කුඩා අය ලැජ්ජාශීලී කතුන්ය. එහෙත් ඔවුන් ගුප්ත ගතිගුණ ඇති අයයි.

විශාල මුවක් ඇති අය වියදම්කාරියන් ය. කෑමට මෙන්ම කතාවට ද ගිජුය. කල්පනා නොකර කටට එන දේ කීමෙන් නිතර පාඩු සිදුකර ගනී.
දිගු අතඟිලි ඇති කාන්තාව කලාවට ලැඳිය. අදහස් කලාකාමීය, සුන්දරය, හිතවත්කම්වලට ප්‍රිය කරයි. විරුද්ධ පක්ෂයේ අය හා දුර ඇසුරෙන් ආරක්ෂා වෙයි.





පපුවේ රෝම ඇති කාන්තාව කටකාරියකි. සැමියා සමඟ රණ්ඩු කරයි. මුරණ්ඩු ගතිගුණ සහිතයි.
දකුණු පියයුරෙහි සිහින් ලප ඇති තැනැත්තිය කිසියම් හෝ දෙයකින් ප්‍රසිද්ධියට පත්වේ.
පියයුරු අතර මැද තිලකයක් වැනි ලපයක් ඇති කත ඉහළ තනතුරු දැරීමට ද වාසනාව ලබයි.
තද ඝනනීල කෙස්කළඔක් ඇති ස්ත්‍රිය ජනප්‍රිය වේ. සැපසම්පත්  ලබයි. ධනය මෙන් දිගායුෂද හිමිවේ.
දෙතොල ඉතා සමබරව පිහිටන්නිය සැබෑ ආලවන්තියකි.
සිනාසෙන විට කම්මුල වළ ගැසෙන ස්ත්‍රිය විනෝදකාමීය. පුරුෂ සැපයට වැඩි ලොල් බවක් දක්වයි.
උඩු ඇන්දේ ප්‍රධාන දත් දෙක මැද හිඩැසක් ඇති ළඳකගේ මුල් සැමියා අකාලයේ මිය යයි. නැතිනම් පළමු විවාහය අසාර්ථක වේ. පුරුෂයන් වසඟකර ගැනීමට දක්ෂය.
උදරයේ රැළි තුනක් හිමි කාන්තාව සැබෑම වාසනාවන්තියකි. උපතින්ම ඈ කිසියම් ශිල්පයක මනා නපුන බවක් පෙන්වයි.
පාදයක සුළැගිල්ලක් හෝ ඊළඟ ඇඟිල්ල පොළවේ ස්පර්ශ නොවේ නම් ඇය වරදට පෙළඹන ඊට කැමති එකියකි.
පාදයේ මහපට ඇඟිල්ල දිගු ස්ත්‍රිය ස්වාමියාට ගරු නොකරන මුත් එඩිතර ගති ඇත්තියකි.
ගමන් කිරීමේදී පාදවලින් පැහැදිලි ශබ්දයක් නැගෙන්නිය, සැමියාට නිතර අපල ගෙන දෙයි. ආශාවන්ගෙන් පෙළෙයි.
ඉතා පැහැපත් ඇස් ඇත්තිය සැමියාට වාසනාව උදා කරයි.
තොල්පෙති රෝස පැහැති කාන්තාව භාග්‍යවන්තය.
උකුල සමව පිහිටන ස්ත්‍රිය සැප සම්පත් ලබයි. වාසනාවන්ත දරුවන්ගේ මවකි.
දෑතේ ඇඟිලි කෙටි මහත ඒවා නම් ඈ කම්සැපට ලොල් ය.
පියයුරු අතර පරතරය පුළුල් ව පිහිටයි නම් ඇය අවාසනාව දෝතින් ගෙනා ස්ත්‍රියකි.
අඩවන් වූ දෙනෙත් ඇත්තිය තම සැමියාට බෙහෙවින් ආදරය දක්වන්නියක් බව පෙන්වයි.
ගෙලෙහි ඉරි තුනක් දැක්වෙන ස්ත්‍රිය නම්බුනාම ලබයි. උසස් තනතුරු  දරයි. වාසනාව උපතින්ම ගෙනා  තැනැත්තියකි.
වටකුරු ඇතැඟිලි ඇත්තිය ව්‍යාපාර සඳහා දක්ෂකම් දක්වයි. සැමියා හා දරුවන් වෙනුවෙන් දවිපුරා කැපවෙයි.
සිනාසෙන විට දත් වැඩිපුර පෙනෙන තැනැත්තිය සමාජශීලිය. එඬිතර හා සෘජු ගති ඇත්තියකි.
උදරයේ සිට පෙකණිය දක්වා සිහින් ඉරක් හෝ රෝම පිහිටි කත ගෞරවනීය චරිතයක් ඇත්තියකි. සැපසම්පත් උරුමය. වාසනාවන්තය.
උරහිස කොට අය, සැප සම්පත් ලබන්නේ අඩුවෙනි කනස්සල්ලෙනි.



මිලියනයක් ජනයාට විදුලිය සපයන ලෝකයේ විශාලම සූර්ය විදුලි බලාගාරය

 ලෝකයේ විශාලතම කාන්තාරය වන සහරා කාන්තාරයේ එක් කොනක වර්ගකිලෝමීටර් 30ක  ප්‍රදේශයක් පුරා ලොව විශාලම සුර්ය විදුලි බලාගාරය මොරොක්කෝ රජය විසින් නිර්මාණය කරීම අරභා තිබෙනවා. ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනිම සඳහා මැදපෙරදිග ඛණිජ තෙල් මත විශාල මුදලක් වැය කිරීම වළක්වා ගැනීම සඳහා මොරොක්කෝ රජය විසින් මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.





මෙම සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමුවන අදියර පසුගිය දිනක  මොරොක්කෝ රජය විසින්   විවෘත කල අතර එම අදියරේ දී මෙගා වෝට් 160ක් විදුලි බල පද්ධතියට එක් කිරිමට හැකි වන බව ඔවුන් පවසනවා. 2018 වසරේ දී සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් වන විට මෙගා වොට් 580ක විදුලි බලයක් ජනනය කල හැකි අතර එයින් මිලියන 1.1ක ජනාතාවකගේ විදුලි අවශ්‍යතාව සපුරාගත හැකිවනවා. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වූ විට සූර්ය බලාගාරය මොරොක්කෝවේ අගනුවර තරම් විශාලත්වයකින් යුතු වන බව නිර්මාණකරුවන් පවසනවා.

ඉතා පරිසර හිතකාමී විදුලි නිෂ්පාදන ක්‍රියාවලියක් වන මේ තුලින් කාබන් විමෝචනය වසරක දී ටොන් 760000 කින් අඩු කරගන්න හැකිවන බව ගණන් බලා තිබෙනවා. තවත් මෙවැනි පරිසර හිතකාමී පිරිවැය අඩු විදුලි උත්පාදන ක්‍රමයක් වන වායු බලයෙන් ද විදුලිය නිපදවීමට කටයුතු ආරම්භ කර ඇති මොරොක්කෝව  මෙම බලශක්ති දෙකම එක් කර 2020 වසරේ දී මෙගා වෝට් 2000ක බලයක් විදුලි බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය තුලින් පරිසර හිතකාමීව බලශක්තිය නිපදවිම පිළිබඳ ලෝකයේ අනෙක් රටවලට ඉතා හොඳ ආදර්ශක් ලබා දෙන බව බොහෝ දෙනා පවසනවා.


gags












Friday, July 29, 2016

කමු දූරියන්

පළතුරු ලොවේ අපූර්වතම පළතුරක් තමයි දූරියන් කියන්නේ. දූරියන් කියන වචනය අහැනකොටම සමහර දෙනෙක්ගේ මූණ අඹුල් වෙනවා ඒ වගේම සමහර දෙනෙක්ගේ කටට කෙල උනනවා. මේ පළතුරේ තිබෙන එයටම අවේණික සුවද තමයි  ඇතමෙකුට මේ පළතුර අප්‍රියජනක දෙයක් වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒත් ඉතිං මේ සුවදට කැමති අයත් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඔබ මේ දෙපිරිසෙන් කොයි පිරිසට අයත් වුනත් දූරියන් වලට ප්‍රිය කරන අය නම් කියන්නේ ලෝකයේ තිබෙන රසවත්ම පළතුර දූරියන් කියලයි.

දූරියන් ගෙඩියේ විශාලත්වය, කටුසහිත බව සහ එයට අවේනික වූ සුවද නිසා පළතුරු ලෝවේ රජු ලෙස හදුන්වනවා. මැලේසියානු අර්ධද්වීපය නිජබිම් කරගත් මේ පළතුර 16 වන සියවසේදී පෘතුගිසි ජාතිකයින් අපේ රටට හදුන්වාදුන් බව ඇතමෙක් පිළිගන්නවා. ශ්‍රී ලංකාවේදී අපට හමුවන දූරියන් ප්‍රබේධ අතරින් කසුන් ලෙස නම්කර ඇති ප්‍රබේදය වඩාත් ප්‍රචලිතයි.

සාමාන්යයෙන් අඩියක් පමණ දිග `ගල් 6ක් පමණ පළල වන මෙම පළතුර වැඩි වශයෙන් ප්රචලිත වී ඇත්තේ දකුණු හා ගිණිකොන දිග ආසියානු රටවලයි.
ඉතාමත් ශක්තිජනක ආහාරයක් වන දූරියන් වලින් සිරුරට අවශ් කාබෝහයිඩ්රේට් යහමින් අඩංගුවෙනවා.
ඒ වගේම දූරියන් වල අඩංගු වන ෆෝලික් ඇසිඞ් මගින් සිරුරට අවශ් රතු රුධිරානු වර්ධනය කිරීම බෙහෙවින්  උපකාර වෙනවා.
දූරියන්වල අඩංගු කෙඳි සහිත ස්වභාවය හේතුවෙන් මළබද්ධය ඉක්මනින්ම සුවකර ගැනීමටත්  පුළුවන්ලු
දූරියන් ආහාරයට ගන්නා පුද්ගලයෙකුට එම පලතුර දිරවීමට පහසුය. බර ආහාරයක් නොවන නිසා දූරියන් කෑ පුද්ගලයෙකුට එම කෑම අජීර්ණය වීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩුයි
බඩවැල්වල සෑදෙන පිළිකා වැළැක්වීම දූරියන් ආහාරයට ගැනීමෙන් සිදුවන බවත් දැන් සොයාගෙන තිබෙනවා
සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් රහිත පළතුරක් වන දූරියන් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම සමබරව තබාගත හැකිවන අතරම දියවැඩියා රෝගීන්ට මින් බලපෑමක් ඇති වන්නේ නෑ.
හෘද ස්පන්ධන වේගය වගේම අධි රුධිර පීඩනය පාලනය කිරීමට අපූරු ඖෂධයක් ලෙස දූරියන් යොදගන්න පුළුවන්
දූරියන් ගෙඩියක් ගසෙන් වැටීමෙන් පසු දවස් 2ත් - 4ත් අතර කාලයක් අතර ආහාරයට ගැන්නවා නම් මේ කියපු පෝෂ්යපදාර්ත නිසි පරිදි ලබා ගන්න පුළුවන් බව පෝෂණවේදීන් පවසනවා
ඒ වගේම දූරියන් ආහාරයට ගැනීමෙන් ලිංගික ශක්තිය වැඩිවන අතරම ශුක්රානු වල ක්රියාකාරිත්වය ඉහළ මට්ටමකට පත් කරන බවට මතයක් පවතිනවා . දූරියන් ඇට පෙඟෙන්නට තබා එම ජලය පානය කිරීමෙන් ශරීරයට වැඩි ශක්තියක් ලැබෙන බවටද විශ්වාස කරනවා
මෙහි අඩංගු විටමින් බී නිසා සිරුරේ අස්ථි හා දත් වල ශක්තිමත් භාවය වැඩි වන අතර ඔසිටියෝපරෝසිස් වැනි රෝග වලින් වැලැක්වී ඉන්නත් පුළුවන්
පැහැපත් කිරීමට වගේම නිරෝගීමත් කෙස් කළඹක් ලබා ගැනීමට දූරියන් ආහාරයට ගන්න ඔයාට ලැබෙන තවත් වාසියක්
1960 දී පිලිපීනයේ කැලෑ වල තිබී කටු රහිත දූරියන් විශේෂයක් සොයාගනු ලැබුවා. මෙය බොටක් දූරියන් එහෙමත් නැත්තම් තට්ට දූරියන් ලෙස හදුන්වනවා.
අප රටේ දක්නට ලැබෙන දූරියන් වලට අමතරව රතු පැහැති සහ තැඹිලි පැහැති මාංශල සහිත දූරියන්ද වෙනත් රටවලින් හමුවනවා. ඒවා දකින කොටත් කටට කෙල උනනවා නේද
ඔබ දූරියන් ගදයි කයලා කන්නේ නැති කෙනෙක් නම්, ගද සුවද ටිකකට අමතක කරලා දූරියන් මදුලකින්
පොඩ්ඩක් දිවගාල බලන්න, ඔබට දූරියන් ගදයි  කියන එක ඊට පස්සේ අමතක වෙලා යන එක නම් ඉතං ෂුවර් මොකද දූරියන් ඒ තරම්ම ප්‍රනීත පළතුරක්

දූරියන් වලට පළතුරු ලෝකේ රජ්ජුරුවෝ කියන්නේ කට කහනවට නෙවෙයි නේ..