Thursday, October 15, 2015

අවලස්සන විදුලි කණු ලස්සන කරන අළුත්ම ව්‍යාපෘතිය


ඔයාලා දැකල ඇති ලංකාවේ තියෙන අධි විදුලි ධාරිතාවක් සහිත විදුලි රැහැන් ගමන් කරන විශාල වානේ විදුලි කණු. මේ විදුලි කණු පරිසරයට නම් එතරම් සුන්දරත්වයක් එකතු කරන්නේ නැහැ. Chio සහ Shine ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනා මේකට අපූරු විසදුමක් දෙන්න සූදානම්. මේ කලාත්මක බවක් නැති විදුලි කණු ඔවන් කළාත්මක ආකාරයට නිර්මාණය කරන්නයි හදන්නේ. ඔවුන්ගේ පළමු ව්‍යාපෘතිය අයිස් ලන්තයේදී The Land of Giants නමින් ආරම්භ කිරීමටයි ඔවුන් සූදානමින් ඉන්නේ.
විශාල විදුලි කණු වල ආකෘතියේ සුළු වෙනස් කම් කිහිපයක් සිදුකර ඒවා ඒවා මිනිස් ආකෘති වශයෙන් නිර්මාණය කර තිබෙනවා. විවිධ හැඩ වලින් යුත් මිනිස් ආකෘති ගණනාවක් ඔවනු මේ වන විට නිර්මාණය කර තිබෙනවා. මේ විදුලි කණුවල විශාලත්වය සහ සුන්දර පෙනුම නිසා දකින අයට අමතක කරන්න බැරි අත්දැකීමක් වනවා වගේම පරිසරයටත් මෙයින් සුදන්දරත්වයක් ලැබේවි.
මෙම ව්‍යාපෘතියට 2010 වර්ශයේදී BSA Unbuilt Architecture සම්මානය ද ලැබී තිබෙනවා. අපේ රටේ විශාල විදුලි කණු වලටත් මේ විදියේ වෙනසක් කළොත් අපේ රටත් ගොඩක් ලස්සන වේවි.







No comments:

Post a Comment