Monday, May 30, 2016

අඩු වියදමකින් ඔබේ නිවස ලස්සන කරන විශේෂිත සිවිලිමක් ගැන දැනගන්න

සිවිලමකින් නිවසකට ලොකු අලංකාරයක් ලබා ගන්න පුළුවන් වගේම නිවසේ පෙනුම හාත්පසින්ම වෙනස් කරමින් නිවසට වටිනා පෙනුමක් ලබා ගන්නත් පුළුවන්. ඔබ විවිධ සිවිලින් වර්ග දැකල ඇති. ලී වලින්, තහඩු වලින්, කොන්ක්‍රීට් වලින් නිර්මාණය කරන විවිධ සිවිලින් වර්ග ඔබ දැකල ඇති. මේ අතර වර්තමානයේ ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙන විශේෂ සිවිලින් වර්ගයක් ගැන ඔබ දැන ගන්න කැමතිද? ඔබට ඇහිල ඇති ‘අඩු වියදම් සිවිලින්‘ කියලා විශේෂ සිවිලින් වර්ගයක් ගැන සමාජයේ පැතිරෙන කතාවක්. සමහර අය කියනවා ‘‘අඩුවියදම් නිසා ඒවා හොඳ තත්වයේ සිවිලින් නෙවෙයි.‘‘ කියලා. මොනවද මේ අඩු වියදම් සිවිලින් කියන්නේ කියලා අපි හොයල බලමු.

මේ සිවිලින් වර්ගය නිසි ප්‍රමිතියට, පළපුරුදු ආයතනයකින් සවි කරගතහොත් අඩුවියදමින් වැඩි වාසියක් ලබා ගන්න පුළුවන්. එහෙම වෙන්න හේතු රාශියක් තියෙනවා. ඇත්තටම කියනවානම් මේ සිවිලින් වර්ගය නිවසකට අළුත් පෙනුමක් ලබා දෙනවා වගේම සාක්කුවටත් බරක් නැහැ.

මේ සිවිලිම වහලයත් සමඟ සම්බන්ධ කරන්නේ විශේෂ zinc quote ඇලුමිනයම් විශේෂයකින්. එහි සැකිල්ල නිර්මාණය කරන්නත් මේ ඇලුමිනියම් විශේෂයම භාවිතා කරනවා. මෙම ලෝහ විශේෂය දිරා නොයන නිසා කල් පැවැත්ම අතින් ඉතාමත් වැඩියි. මේ සැකිල්ල කම්බි වලින් එල්ලන ක්‍රමය එතරම් හොඳ ක්‍රමයක් නෙවෙයි.




මේ සඳහා භාවිතා කරන විශේෂ ෂීට් වර්ග කිහිපයක් තිබෙනවා. PVC ෂීට්, සහ විශේෂ මැලේෂියන් ෂීට් වර්ගයකුත් මේ සඳහා භාවිතා වෙනවා. මේවා ගින්නට ඔරොත්තු දෙන අතර සෞඛ්‍යාරක්ෂිත බවිනුත් වැඩියි. ඊට අමතරව භාවිතා කරන ජිප්සම් සහිත ෂීට් එක නම් එතරම් සුදුසු නොවන්නේ එය ජලයට ඔරොත්තු නොදෙන නිසා.
මේ විදියට ඇලුමිනියම් සැකිලි සහ ෂීට් යොදාගෙන සවි කරන මෙම සිවිලින් වර්ගය පළපුරුදු කෙනෙකු ලවා සිවි කර ගතහොත් ඉතාමත් නිර්මාණාත්මක නිමාවක් එයට ලබා ගන්න පුළුවන්. නිවසේ දිග ප්‍රමාණයට අනුව සමාන කොටස් වලට බෙදා සමාන්තරව ෂීට් යෙදුවොත් එය ඉතාමත් අලංකාර මෙන්ම වටිනා පෙනුමකින්ද යුතු වෙනවා.

මෙම සිවිලිමක් ඔබේ නිවසට සවි කර ගැනීමෙන් ඔබට විශේෂ වාසි රැසක්ම හිමි කරගන්න පුළුවන්.
1. විවිධ වර්ණ වලින් විවිධ රටා වලින් යුතු ෂීට් වර්ග යොදා ගැනීමට හැකි නිසා ඔබට කැමති අයුරින් අලංකාර කර ගැනීමේ හැකියාව.
2. ඉතාමත් පහසුවෙන් සිවිලිම ගලවා සොදා පිරිසිදු කර නැවත තිබූ ආකාරයටම සවි කර ගැනීමේ හැකියාව.
3. ඔබ නවසේ බිත්ති වල තීන්ත පැහැය වෙනස් කරන අවස්ථාවල ඊට ගැලපෙන අයුරින් සිවිලිමේ පැහැයත් තීන්ත ආලේප කර වෙනස් කරගත හැකි වීම.

4. දිරා නොයන අමුද්‍රව්‍ය භාවිතා කරන නිසා අනිත් සිවිලින් වර්ග වලට වඩා කල් පැවැත්මෙන් වැඩි වීම.
5. ජලයට ඔරොත්තු දෙන නිසා දුර්වර්ණ නොවීම.
6. ශක්තිමත් බවින් යුතු නිසා සිවිලිම මත සතුන් ගමන් කිරීම වැනි අවස්ථා වලින් හානියක් සිදු නොවීම.
7. සිවිලිම සවි කිරීමට ගතවන කාලය ඉතාමත් අඩු නිසා ඔබගේ කාලය ඉතිරි කරගැනීමටත් පුළුවන්. පළපුරුදු ආයතනයකට අඩි 10x10 කාමරයක සිවිලිම නිම කිරීමට ගත වන්නේ පැය 3 වැනි පොඩි කාලයක් පමණයි.   
8. ඇස්බැස්ටෝස් වැනි පිළිකා කාරක අඩංගු නොවන නිසා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉතාමත් වැඩි වීම.
ඇස්බැස්ටෝස් වලින් පිළිකා වැළදෙන බව සොයාගෙන තිබෙන නිසා මෙම සිවිලිම භාවිතා කිරීමෙන් ඔබගේ ඇස්බැස්ටෝස් වහලයේ ඇති පිලිකා කාරක වලින් ලොකු ආරක්ෂාවක් මෙම සිවිලිමෙන් ඔබට ලබා ගන්න පුළුවන්.
9. වහලයේ ඇති වාස්තු විද්‍යාත්මක දෝෂ  නිවැසියන්ට ඇතිවන බලපෑම් සිවිලිමක් භාවිතා කර නැති කර ගැනීමට ලැබීම තවත් අමතර වාසියක්.

10. මෙහි පෘෂ්ඨය ඉතාමත් සුමට නිසා මකුළු දැල් බැදීම ඉතාමත් අඩු වන අතර එයින් නිවසේ පිරිසිදු බව රැක ගන්න හැකියාවකුත් ලැබෙනවා.
ඔබටත් නිවසට අළුත්ම පෙනුමක් ලබා ගන්න අවශ්‍ය නම්, ඉක්මනින්, සෞඛ්‍යාරක්ෂිතව, ශක්තිමත්ව වගේම අඩු මුදලකින් සිවිලිමක් සවි කරගන්න අවශ්‍ය නම් හොඳම ක්‍රමය තමයි මේ සිවිලින් වර්ගය.
මේ ගැන වැඩි විස්තර සහ උපදෙස් ඔබට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට කතා කරලා දැනගන්න. ඔබට හොඳ සිවිලිමක් අඩුම මුදලින් කරගන්න විදිය ඔවුන්ගෙන් දැනගන්න පුළුවන්.

ආලෝක - 076 64 12345


යෝධ ගල් අහසේ පා කළ ගල් යුගයේ මිනිස්සුගේ අභිරහස් ඉදිකිරීම්

දකුණු එංගලන්තයේ සොල්බරි මිටියාවතේ පිහිටි යෝධ ශෛලමය ඉදිකිරීම Stonehenge නමින් හැඳින්වෙන අතර එහි තේරුම ‘‘එල්ලෙන ගල්‘‘ යන්නයි. මෙම අසාමාන්‍ය ඉදිකිරීමේ කුමන අරමුණක් සඳහා ඉදිකලාද යන්න තවමත් නොවිසදුනු අභිරහසක්ව පවතී. එය ඉදිකෙරුණේ කවර යුගයකදැයි කිව නොහැකි නමුත් එහි ඉතිහාසය වසර දහස් ගණනක් පැරණි බව කිවහැකිය.

 මෙහි ඇති රළු, දැවැන්ත ගල් කණු සිටුවා ඇත්තේ කිසියම් සැලසුමක් අනුව බැව් පැහැදිලි නමුත් එම ගුප්ත සැලසුමේ අර්ථය, අරමුණ පිළිවෙල යානාදිය අනාවරණය වී නොමැත.
මෙම ඉදිකිරීම වටා කවාකාර යාර සීයක් පමණ විශ්කම්භයකින් යුත් අගලක් වේ. ගල් කුළුණ සිටුවා ඇත්තේ ඒ ඇතුළත, හතර බැගින් ළං ළංව  සිටිනා සේය. එහි පිටත ගල්කණු පේලි දෙක වක්‍රාකාරය. අතුළත පේලිය අශ්වලාඩමක හැඩය ගනී. ඒ මැද ඇතතේ අඩි 16x4 ප්‍රමාණයෙන් යුත්, කිරිගරුඬ ගල් පුවරුවකි. එහි හැඩය අණ්ඩාකාරය. මෙය පුරාවිද්‍යාඥයින් හඳුන්වන්නේ අල්තාර ගල ලෙසිනි.

බාහිර ගල් කුළුණු පෙළ අඩි 18ක් උසැතිය. එම යෝධ ගල්කුළුණු හිස්, එකිනෙකට යාකර  ඇත්තේ ගල් පුවරුවලිනි. එම පුවරුවල හාරා ඇති රවුම් සිදුරු, කුලුණු හිස්වලින් නෙරා සිටින සේ කොටා ඇති කොටස්වලට මනාව වද්දා තිබේ. මෙම හරස් ගල්පුවරු සුළු වශයෙන් හෝ නොසෙල්වෙන ලෙස සම්බන්ධ කර ඇත. කිසිදු උපකරණයක සහායනොමැතිව මේවා අඩි 12 ක් උසට එසවීමටත්, එක මට්ටමට නිවැරදිව තැබීමටත් සමත්වූවෝ කවුරුන්ද?
මෙම ඉදිකිරීමෙහි ඇති උසම කුළුණු, අඩි 20ක් උසය. ඉන් දෙකක් අශ්වලාඩම මැද සිටුවා ඇත. ඒ මත අඩි 15ක් දිග හරස් ගල පුවරුවක් වේ. වසරකට වරක් යෙදෙන එක් දිනයකදී අල්තාර පුවරුවේ සිට රවුම් කුළුණු පේලි යුගලයෙහි කුළුණු හා බාහිර කුළුණ දෙක අතරින් එබී බලා, සුවිශාල ගල් පුවරුව මතින් සූර්යයා නැගෙන අයුරු දැකිය හැකිය.

Stonehenge වලින් සැතපුම් 20ක් පමණ උතුරින් ඇති අවර්බරිහි ද, ස්කොට්ලන්තයේ කාසල්රිග් හි ද, නිව්ග්‍රෙජ් හි ‘‘ යෝධයින්ගේ සොහොන‘‘ යනුවෙන් හැඳින්වෙන ස්ථානයේ ද මෙවැනි ප්‍රාග් ඓතිහාසික ඉදිකිරීම් දැකිය හැකිය. දකුණු බ්‍රිටනියේ දැනට කැබලි තුනකට කැඩී ඇති යෝධ තනි ගල් කුළුණක් වේ. එහි බර රාත්තල් 680 000 ක් තරම් වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර, කෙලින් සිටුවා තිබූ කාලයෙ මුහුදේ සැතපුම් දහයක් හෝ ඊටත් වඩා ඈතට දිස්වන්නට ඇත.

ඇවබරි හි ඇත්තේ Stonehenge ඉදිකිරීමට තරමක් වෙනස් වූවකි. එහි බැහැරටම ඇති කුළුණු පෙළ කොතෙක් විශාල බිම් ප්‍රමාණයක් වට කර තිබුණාදැයි කිවහොත් පසු කලකදී මුළු ගම්මානයක්ම ඒ තුළ විය. ඊට ඇතුළතින් තවත් කුළුණු රවුම් දෙකක් වේ. 


ඊට නුදුරින් ඇති සිල්බරි කන්ද වෙනස් ස්වරූපයක් ගනී. එම මිනිස් අතින් තැනුණු අඩි 130ක් උසැති කන්දකි. යුරෝපයේ විශාලතම කෘතිම කන්ද වන එහි පස් ඝන අඩි මිලියන 12ක් පමණ ඇතැයි ගණන් බලා තිබේ. එය පාංශු විද්‍යාත්මක කරුණු ගැන ද සැළකිලිමත් වෙමින් පස් තට්ටු කිහිපයක් සිටින සේ ඉතා ප්‍රවේශමෙන් ඉදිකරන ලද්දකි. එහි පැති අනුක්‍රමයෙන් බෑවුම් වන පරිදි තනා ඇත. කඳුගැටය මැද ගරාදි සේ විහිදෙන අයුරින් ඉඳවූ හුණුගල් බැමි ඊට අමතර ශක්තියක් ලබාදෙයි.එහෙත් සිල්බරි කන්ද, Stonehenge මෙන් තවමත් අභිරහසකි.
මෙම ප්‍රාග් ඓතිහාසික ස්මාරක මිනිස් නිර්මාණ නොවන බව බොහේ අයගේ මතයකි.එම යුගයේදී මේ සා විශාල ස්කන්ධයන් මෙතරම් සියුම් සමබරතාවයකින් යුතුව ගෙඩනැගීමේ හැකියාවක් සාමාන්‍ය මිනිසුන් සතු යැයි කිසිසේත් සිතිය නොහැක. මේවා යෝධයින්, බලගතු මන්ත්‍රකරුවන් හා මිනිසත්කම ඉක්ම වූ වීරයින් මේ පෘථිවිය මත සැරිසැරූ  යුගයක නෂ්ටාවශේෂයන් යයි සමහරු කියති.
බ්‍රිටනි, වේල්ස් හා අයර්ලන්තයේ සෙල්ට්ස් ගෝත්‍රිකයෝ, ඕනෑම බරක් එසවිය හැකි පුංචි මිනිසුන් වර්ගයක් ගැන අදත් විශ්වාස කරති. Stonehenge ඈත අතීතයේ විසූ ඩ්‍රැයිඩ් පූජකවරුන්ගේ ඉදිකිරීමක්ය යන්න බෙහෝ ඉංග්‍රීසි ජාතිකයන්ගේ ඇදහීමයි. තවත් සමහරු එය ආතර් රජුගේ සහ ඔහුගේ වීර රණශූරයන්ගේ වැඩක් යැයි කල්පනා කරති.

රේඩියෝ කාබන් කාල නිර්ණයට අනුව Stonehenge ඉදිකිරීම ක්‍රි.පු. 2775පමණ ආරම්භ වී ක්‍රි.පු. 1900 ඉක්මවා යන තෙක්ම සිදුකෙරී ඇත. ඇතැම්විට එය නිමාවන්නට ඇත්තේ ක්‍රි.පු. 1400 තරම් මෑතදීය. එසේ නම් එහි නිමැවුම්කරුවෝ ඉන් අනතුරුව එළඹි ලෝකඩ යුගයේ (ක්‍රි.පු. 1000- 400)මිනිසුන් තරම්වත් දැනුමක්, සංවිධානයක් නැති අය විය යුතුය. එහෙත් එය විශ්වාස කිරීම අසීරුය.

Stonehenge ඉදිකර ඇත්තේ ඉන් සැතපුම් 135ක ඈතින්, නිරිතදිග වේල්සයේ පිහිටි ප්‍රෙසිලි කන්දෙන්  කපාගත් ගල් කණු වලින් බව දැන් නිෂ්චිතවම සනාථ කරගෙන ඇත. 

මින් එක් ගල් කණුවක් ටොන් 4කට වඩා බරින් යුක්තය. මෙවැනි ගල්කණු 80 කට වැඩි ගණනක් සැතපුම් 135ක් දුර ප්‍රවාහනය කිරීමට ගල් යුගයේ මිනිසුන් භාවිතා කළ ක්‍රමය කුමක්ද? එතරම් වෙහෙසක් දැරුවේ කුමන අරමුණක් සඳහාද?

Sunday, May 29, 2016

පරිගණක භාවිතා කරනවා නම්, ඔබේ ඇස් වෙනුවෙන් මේ උපදෙස් පිළිපදින්න

වයස්ගතවීමත් සමඟ ඇස් නාභිගත කිරීමේ ශක්තිය ක්‍රමයෙන් අඩුවී යාම කාටත් පොදු වූ දෙයක්. මේ හේතුවෙන් යම් වස්තුවක් වෙත ඇස් නාභිගත කිරීමේදී ඇසේ වේදනාවක් හටගන්නවා. එහෙත් අදවන විට බොහෝ පිරිසක් මෙවැනි ඇස්වල වේදනාවන්ට තරුණ වයසේදීම ලක්වීමේ ප්‍රවනතාවක් දකින්නට තිබෙනවා. වර්තමානයේ තරුණයින් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ තිරිය වෙත දිගු වේලාවක් ඇස් යොමුකරගෙන සිටීම මෙවැනි ඇස් වේදනාවන්ට ලක්වීමේ ප්‍රධානම හේතුවක් ලෙස වෛද්‍යවරුන් සොයාගෙන තිබෙනවා.

පරිගණකයෙන් හා ජංගම දුරකථන තිරය දෙස එක දිගට  දිගු වේලාවක් ඇස් යොමු නොකර සිටිනවා නම් එය ඔබේ ඇසට හිතකර දෙයක් බවයි ඔවුන් පවසන්නේ. නමුත් පරිගණක සමඟ රැකියාවේ නිරත වන අයට  තිරය දෙස පැය ගණනක් බලා සිටීමට සිදුවීම නොවැලැක්විය හැකි දෙයක්.

මෙවැනි පුද්ගලයින්ට ඇස් වේදනාවෙන් මිදීමට පිළිපැදිය යුතු උපදෙස් කීපයක් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් වෛද්‍ය මධ්‍යස්ථානයේ ජේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙක් වන ජේරාඩ් මුආ විසින් ඉදරිපත් කර තිබෙනවා. ඔබත් පරිගණකය ජංගම දුරකථනය සමඟ දිනකට බොහෝ වේලාවක් ගනුදෙනු කරන කෙනෙක් නම් මේ උපදෙස් පිළිපැදීම නීරෝගී ඇස් යුවලක් සඳහා වඩාත් හිතකර වේවි.

විනාඩි 45ත් 60ත් අතර කාලයක් වැඩකර විවේකයක් ගන්න. මෙම විවේකයේදී ගත සිත සැහැල්ලු කර ඇස් දුරස්ථ වස්තූන් කෙරේ යොමු කරන්න.

ඔබගේ පරගණකය තිබෙන කාමරයේ ජනලයකින් හෝ එවැනි කවුලුවකින් පැයකට වතාවක් පමණ ඉතා දුර තිබෙන පරිසරයක් දෙස බලා ඇස සැහැල්ලු කරගන්න. (අනන්තය නැත්නම් ඉතාමත් දුර පිහිටි වස්තූන් දෙස බැලීමෙන් ඇසේ කාචය සහ පේෂි ඉතාමත් ඉහිල් තත්වයට පත්වේ.)
ඔබ කියවනු ලබන දෙය ඔබේ ඇස්වල සිට සෙන්ටි මීටර් 30-40 පමණ දුරස්ථව තබන්න. ඔබගේ පිටුපසින් හෝ පැත්තෙන් තැබූ ප්‍රභවයකින් මෘදු ආලෝකයක් ලබා ගන්න.
දුර පෙනීම හොඳින් පැවතුනත් ළඟ පෙනීමේ ගැටළු තිබේ නම් කණ්නාඩි කුට්ටමක් භාවිතා කිරීමෙන් ඇස් වල ඇතිවන වේදනාව සමනය කරගන්න පුළුවන්.

වරින් වර ඇස් වසාගෙන සිට ඇසට සැහැල්ලුවක් විවේකයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න.

Monday, May 23, 2016

අසාමාන්‍ය මානසික විකෘතිතා වලින් පෙලුනු ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්

අසාමාන්‍ය මානසික විකෘතිතා වලින් පෙලුනු ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්
01. Edgar Allan Poe
රෝග ලක්ෂණ : අදුරට බියවීම, සිතේ මලානික බව, භ්‍රාන්තිය (ව්‍යාජ දර්ශණ පෙනීම)
ඇමරිකානු ජාතික එඩ්ගාර් ඇලන් පෝ අත්භූත සහ ත්‍රාසජනක නවකතා කලාවේ පුරෝගාමී මෙහෙවරක් කල අයෙකි. 1809 උපත ලබා 1849 වසරේ මියයන තුරු දායක කළ නවකතා , කෙටිකතා සහ පද්‍ය තවමත් ඉමහත් ජනප්‍රියත්වයක් උසුලයි. මෙතුමාගේ පොත් කිහිපයක් සිංහල භාෂාවටද පරිවර්ථනය කර ඇත. පළමු බිරිදගේ මරණයෙන් සහ ඉන්පසු  අසාර්ථක ආදර සම්බන්ධතා නිසා අවසාන කාලයේ රෝහල් ගත කෙරුණු මෙතුමා මිය යෑමට ආසන්න කාලයේ දරුණු ලෙස භ්‍රාන්තියෙන් (ව්‍යාජ මාහා දර්ශන පෙනීම) පෙලුනු බවයි සදහන් වන්නේ.
Those who dream by day are cognizant of many things which escape those who dream only by night.

02.Friedrich Nietzsche
රෝග ලක්ෂණ : අහංකාරෝන්මාදය, මානසික බිදවැටීම්, අධික හිසරදය
ජර්මානු ජාතික දාර්ශණිකයෙකු වූ මෙතුමා 1844 වසරේ උපත ලද්දේය. එතුමාගේ දාර්ශණික ග්‍රන්ථ සහ සමාජ විචාර නිසාම මෑත ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම දාර්ශණිකයන් අතරින් කැපීපෙනේ. 1900 වසරේ මිය යන විට කෙමෙන් කෙමෙන් දරුණු වූ මානසික විකෘතිතා නිසා ජීවත්ව සිටි කාලයෙන් අවුරුදු 11ක්ම මනෝචිකිත්සක ප්‍රතිකාර සදහා රෝහල්ගතව සිටි බව සදහන්වේ.
You have your way. I have my way. As for the right way, the correct way, and the only way, it does not exist.
03.Ernest Hemingway
රෝග ලක්ෂණ : අධික විෂාදය, මානසික බිදවැටීම්, කාංසාව, සියදිවි නසාගැනීමට නැඹුරු වීම
1899 වසරේ උපත ලද අර්නස්ට් හෙමිංවේ මහතා ඇමරිකානු ජාතික නවකතා කරුවෙකි. ඔහුගේ නවකතා සහ කෙටිකතා ලෝක සාහිත්‍යෙය් ඉමහත් ජනප්‍රියත්වයක් උසුලයි. ඒවායින් කිහිපයක් සිංහල භාෂාවටත් පරිවර්තනය වී ඇත. මහල්ලා සහ මුහුද ඉන් එක් ග්‍රන්තයකි. 1954 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකරගත් මෙතුමා 1961 වසරේ සිය පතොරම් තුවක්කුවෙන් වෙඩිතබාගෙන සියදිවි නසාගත්තේය.
The best way to find out if you can trust somebody is to trust them.
04. Franz Kafka
රෝග ලක්ෂණ : සාංකාව, නින්දට යෑමේ අපහසුතා, භීතිකා,
1883ත් 1924ත් අතර කාලසීමාවේ ජීවත්වූ මෙම චෙක් ජාතික රචකයා ලෝක සාහිත්‍යට දායක කල අනර්ඝ ග්‍රන්ත බොහෝය. ඔහුගේ සුවිශේෂී නවකතා සහ කෙටිකතා ශෛලිය නිසාව විසිවන සියවසේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ගත්කතුවරුන් අතරින් ඔහුගේ නමත් රැදී ඇත. කෙසේ වුවද ඔහු ජීවත් වන තුරු පොත් ප්‍රකාශකයන් ගෙන් ප්‍රතික්ෂ්ප වූ චරිතයක් වූ නිසාම ඔහුගේ පොත් ජනප්‍රිය වන්නේ ඔහුගේ මරණයෙන් පසුවය. ඒ වකවානුවේ අද මෙන් වෛද්‍ය විද්‍යාව දියුණු නොවූ අතර උගුරේ ආබාධයක් නිසා ආහාර ගැනීම නොහැකිවීමෙන් ඔහුගේ මරණය සිදුවී ඇත.
Youth is happy because it has the ability to see beauty. Anyone who keeps the ability to see beauty never grows old.
05. Virginia Woolf
රෝග ලක්ෂණ : භ්‍රාන්තිය (ව්‍යාජ දර්ශණ පෙනීම), මනෝභාවය නිතර වෙනස් වීම, අනිද්‍රාව, ළමා අවධියේ ඇතිවූ සියදිවි නසාගැනීමේ හැගීම්
ඉංග්‍රීසි ජාතික ගත් කතුවරියක් වූ වර්ජිනියා වුල්ෆ් මහත්මිය විසිවන සියවසේ නූතනවාදී ගත් කතුවරියන් අතර කැපී පෙනේ. ලෝක සාහිත්‍යට අග්‍රගන්‍ය කෘති බොහොමයක් දායාද කළ මෙතුමිය විවාහ වන්නේද තවත් ප්‍රසිද්ධ චරිතයක් වන ලෙනාඩ් වුල්ෆ් මහතා සමගය. අසාමාන්‍ය මානසික විකෘතිතා හේතුවෙන් කටුක ජීවිතයක් ගෙවූ මෙතුමිය නිතරම භයංකාර සිහින නිසා පීඩා විදි බව සදහන්වේ. දේශපාලනයට සහ සාහිත්‍යට ඉමහත් කළ සේවය නිමා වන්නේ ගංගාවකට පැන සියදිවි හානිකරගැනීමෙනි.
As a woman I have no country. As a woman my country is the whole world.





pimple හරියටම කුරුලෑ සුවකරන අපේ ඉපැරණි රහස් වට්ටෝරු

කුරුලෑවලට
01. උණු දියෙන් මුහුණ සෝදා පිරිසිදු කර සුදුලූනු මීපැණියෙන් අඹරා දිනකට දෙවරක් මුහුණේ ආලේප කරන්න.
02. වදකහ, කොත්තමල්ලි, ලොත්සුඹුලු ඇල් දියෙන් අඹරා ගාන්න.
03. වියළි ගොම දවාගත් අ`ථ ගිතෙලින් හෝ දෙහි ඇඹුලෙන් කලවම් කර ගාන්න.
04. ගෝරෝචන, කලාඳුරු අල තන කිරෙන් අඹරා ගාන්න.
05. උඳු පියළි කොළ ලුණු දියෙන් අඹරා ගාන්න.
06. සුදුලූනු මී පැණියෙන් අඹරා ආලේප කරන්න.
07. සියඹලාපොතු හාල් සේදූ වතුරෙන් අඹරා ගාන්න.
08. වියළි කහ කුඩු, ගෝ මූත්‍ර, ගිතෙල්, අබතෙල්, බුලත් යුෂවලින් අඹරා ආලේප කිරීමෙන් මුහුණ ලස්සන වේ.
09. කුඹුරු ඇට මද එළකිරෙන් අඹරා ගාන්න.
10. මුං ඇට පිටි, අමුකහ, කොහොඹ දලු, සඳුන් කුඩු, වෙනිවැල් කුඩු සම ව ගෙන ඇල් දියෙන් අඹරා ගාන්න.
11. කොකුම් පොතු, කොහොඹ පොතු පැසුණු පොල් මිටක් සමග අඹරා දෙසතියක් ගාන්න.
12. වියළි ගොම පුලුස්සා දෙහි ඇඹුලෙන් අනා ගාන්න.
13. ගෝරෝචන, ගම්මිරිස්, දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
14. සුදුලූනු, උඳුපියළි ඇල් වතුරෙන් අඹරා ගාන්න.
15. කලාඳුරු අල තන කිරෙන් හෝ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
16. කොහොඹ දලු හා සියඹලා කොළ තම්බා හුමාලය මුහුණට අල්ලන්න.
17. අමුක්කරා අල, ලබු ඇට, සුදු හඳුන් අබ සමව ගෙන අඹරා මී කිරිවලින් කකාරා නින්දට පෙර මුහුණේ ගා පසුදා සෝදන්න.
18. සියඹලා කොළ, කොහොඹ කොළ, අමුකහ කොටා වණ්ඩවේ තම්බා උදේ සවස මුහුණ තවන්න.
19. සුදුලූනු හීන් උඳුපියළි යුෂෙන් අඹරා මී පැණියෙන් දියකර ගාන්න.
20. වදකහ, වෙනිවැල්ගැට සම ව ගෙන එළකිරෙන් අඹරා ගාන්න.
21. කෝමාරිකා, කොහොඹ, සුදු හඳුන් එළකිරෙන් අඹරා ගාන්න.
22. අරළු, බුළු, නෙල්ලි, වැල්මී, සිදු හඳුන්, ඉරමුසු මුල් සම ව ගෙන කුඩුකර ඇල් දියෙන් අඹරා ගාන්න.
23. ඉඹුල් ගසේ කටු ගලවා එළකිරෙන් අඹරා දිනපතා ගෑමෙන් කුරුලෑ සුවවේ.






Tuesday, May 17, 2016

අන්තර්ජාල ලෝලීන් ලොව මෙතෙක් වැඩිම වාරයක් ප්‍රවේශ වූ වෙබ් අඩවි 10


10. ට්විටර්
සමාජ ජාල වෙබ් අඩවියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වෙබ් අඩවිය කෙටි පුවත් ඉතාඉක්මණින් පරිශීලකයන් අතරට ගෙනයාමට ඇති හැකියාව නිසාම ජනප්‍රිය වී ඇත. විවිද සමාජ දේශපාලනික ක්‍රියාකාරකම් වලදී ප්‍රබල ලෙස භාවිතා වන්නේ මෙම ට්විටර් වෙබ් අඩවියයි.

09. ටබාඕ
2003 වසරේ චීනයේ ආරම්භ කෙරුණු මෙය ්කසඉ්ඉ් වෙබ් අඩවි ජාලයට අයත් වෙබ් අඩවියකි.

08. ලින්ක්ඞ්න්
ව්‍යාපාරිකයන් හා වෙනත් රැකියාවල සේවා නියුක්තිකයන් අතර ජනප්‍රිය වෘත්තීය මට්ටමේ සමාජ ජාලයකි.

07. ටෙන්සන්ට් ු
මෙම වෙබ් අඩවිය පණිවිඩ හුවමාරු සේවාවක්, ඊමේල් සේවාවක්, අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් ගූගල් වෙබ් අඩවිය ක්‍රියාත්මක නොවන චීනයේ අන්තර්ජාල පරිශීලකයන්ට ලබා දේ. මිලියන 990කටත් වඩා පිරිසක් මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත.

06. විකි
ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන විකිපීඩියා වෙබ් අඩවිය මෙම ලැයිස්තුවේ 6 වෙනි ස්ථානය හිමි කරගෙන ඇත. නිදහස් විශ්වකෝෂයක් ලෙස ක්‍රියාත්මක වෙන මෙයට ලොව පුරා ඕනෑම තැනක වෙසෙන අයෙකුට නිවරදිකිරීම් කිරීමටත් නව ලිපි ඇතුල් කිරීමටත් හැකිය.

05. බයිදු
චීනයේ ගූගල් ලෙසින් හදුන්වන මෙය චීන ජාතිකයන් අතර චීන බාෂාවෙන් අන්තර් ජාලයේ ක්‍රියාත්මක වන සෙවුම් යන්ත්‍රයකි. විවිද සේවාවන් වර්ග 50ක් පමණ මෙමගින් සැපයේ.

04. යාහු
මෙම ලැයිස්තුවේ 4 වෙනි ස්ථානය හිමිවන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රයට පෙර ලොව ප්‍රධානම සෙවුම් යන්ත්‍රය වූ යාහූ වෙබ් අඩවියයි. තවමත් ක්‍රියාත්මක වන මෙයින් ගූගල් සමාගම මෙන්ම ඊමේල් ඇතුලු විවිද සේවාවන් රැසක් ලබා දීම සිදුවේ.

03. යූටියුබ්
ගූගල් සමාගමට අයත් වෙබ් අඩවියක් වන මෙම වෙබ් අඩවිය අන්තර්ජාලය පරිශීලනය කරන ඕනෑම අයෙකු දන්නා වෙබ් අඩවියකි. අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ හුවමාරු කරගැනීම මෙම වෙබ් අඩවිය ඔස්සේ සිදු කෙරේ.

02. ෆේස්බුක්
ඡායාරූප, වීඩියෝ, කෙටිපණිවුඩ ආදී ඕනෑම ආකාරයකින් සම්බන්ධ විය හැකි අන්තර්ජාලයේ පරිපූර්ණම සමාජ ජාල වෙබ් අඩවියයි. ලොව වැඩිම ලියාපදිංචි පරිශීලකයන් සංඛ්‍යාවක් ඇති වෙබ් අඩවියද මෙයයි.

01. ගූගල්
අන්තර්ජාලයේ ප්‍රබලතම සෙවුම් යන්ත්‍රය ගූගල් වෙබ් අඩවියයි. ඊමේල් හා වෙනත් පණිවුඩ සේවා මෙන්ම අනිකුත් සේවාවන් රැසක් සපයන මෙම වෙබ් අඩවිය ආරම්භ වූ පසු අන්තර්ජාලයේ විප්ලවීය වෙනසක් සිදුවිය.












Friday, May 13, 2016

ලෝකයේ ජනප්‍රියම බෝනික්කාගේ ඔබ නොඇසූ කතාව

ඔබත් කුඩා අවදියේ දී බෝනික්කන් සමග සෙල්ලම් කර ඇත්නම්, ‘‘බාර්බි“  බෝනික්කන් ගැන අමතක කිරීමට පුළුවන් කමක් නැහැ.  එහෙත් බාර්බි බෝනික්කන්ට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. එය 1959 දක්වා අතීතයට දිවයන කතාවක්.
මෙම බාර්බි බෝනික්කන් නිපදවනු ලැබුවේ රූත් හැන්ඩලර් නම් නිර්මාණකරුවකු විසින්. ඔහු තම දියණිය වූ බාබරාගේ නම කෙටියෙන් යොදා ‘‘බාර්බි“ ලෙස මේ බෝනික්කන් වෙළදපලට නිකුත් කළා. මෙම නිර්මාණය සුදු කළු ඉරි සහිත නාන අදුම සහිතව ඉදිරිපත් කර තිබූ අතර මෙය ගැටවර වියේ මොස්තර නිරූපණ ශිල්පිනියක් ලෙස නිර්මාණයකර තිබුණා. 

නමුත් ඉතා ඉක්මනින් ළදරුවන් අතර ජනප්‍රිය වූ මෙය ඇමරිකාව පුරා ලැබූ ඉහල ඉල්ලුමත් සමග බාර්බි පවුලක් ලෙස වෙළදපලට නිකුත් කිරීමට නිෂ්පාදකයා පෙළඹුණා. ඒ අනුව ස්කිපර්, ටිටී, ඒට්‍රේසි, කෙලී සහ ක්‍රීසි ලෙස බාර්බිගේ සහෝදරියන්ද, බාර්බිගේ පෙම්වතා ලෙස කෙලීද ළමා ලොවට තිළිණ වූ අතර මේ වනවිට ඇයට සමීප සුරතල් සතුන් කණ්ඩායමක් ද එක්ව සිටිනවා. මෙයට සතුන් හතලිස් දෙනෙකු ඇතුලත්ය.

ආරම්භයේ දී බාර්බි හට තම දෙපා දණහිස අසලින් නැමීමට නොහැකි වූ නමුත් 1965 දී බාර්බිට පාද නැමීමට හැකිවන ලෙස නිපදවීමට පියවර ගත්තේය.
1963 දී බාර්බිගේ හොදම මිතුරිය ලෙසට මිඩ්ජ් හදුන්වා දුන් අතර 1967 දී මෙම බාර්බි බෝනික්කන්ගේ පවුලට ට්විගි අතුළත් විය. කොටට කපා තිබූ ට්විගිගේ කොණ්ඩය පසුව ට්විගි කොණ්ඩ මෝස්තරය ලෙස අතිශයන් ජනප්‍රියත්වයට පත්විය. පළමුවර බාර්බි හදුන්වා දුන් සමයේ ඩොලර් තුනකට අලවි කිරීම සිදුවූ අතර එම අවස්ථාවේ බාර්බි බෝනික්කන් 351 000ක් අලෙවි විය. මෙහි ජනප්‍රියත්වය තව දුරටත් පවතින නිසාවෙන් මේවන විටත් ලොව කොතැනක හෝ බාර්බි මිළදී ගන්නා පිරිස් සිටිනවා.


වර්තමානය වන විට ජාත්‍යන්තර වශයෙන් යම් යම් වෙනස්වීම් වලට ලක්වෙමින් බාර්බි බෝනික්කන් නිපදවන අතර පළමුව ඉතාලියේ බාර්බි නිපදවනු ලැබීය.අනතුරුව විවිධ ජාතීන් 45ක් නියෝජනය කිරීමට ඇය තෝරාගනු ලැබුවාය. මෙලස විවිධ ජාතීන් නියෝජනයට සේම විවිධ රැකියා සහ වෘත්තීමය අවස්ථාවන් නිරූපනයට ද ඇය යොදා ගත්තේ ලැබූ ජනප්‍රියතාව තුළිනි. එහිදී ගැටවර වියේ මොස්තර නිරූපිකාවක්ව සිට විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්, ක්‍රීඩිකාවක්, පිහිනුම් ශූරියක් ලෙසද 1990 ගණන්වල මුල් භාගයේ ගල්ෆ් යුද්ධ සමයේ දී හමුදා සෙබලියක් ලෙසද වෙළදපලට පැමිණියාය. මෙහිදී ඇය ගුවන් නාවික යුද්ධ ඇදුම්වලින් වඩා අලංකාර ලෙස ඉදිරිපත් කර තිබුණි. ඉතා මෑතක දී අරාබි හිජාබ් ඇදුමෙන් සැරසුන බර්බි බෝනික්කන් වෙළදපලට නිකුත් වීම ඇරඹුණි.


ඇමරිකානු ජනාධිපතිවරණ  කීපයක දීම ජනාධිපති අපේක්ෂිකාවක් ලෙස බාර්බි බෝනික්කන් ඉදිරිපත් කල අතර එහි අරමුණ වුණේ කාන්තාවන් දේශපාලනය සදහා යොමු කිරිමයි. දැනට ලෝකයේ සෑම රටකම පාහේ ජනප්‍රියත්වට පත්ව තිබෙන බාර්බි 1959 සිට බිලියනයකට අධිකව නිපදවා ඇත. 

මේ නිසාම බාර්බි සහ ඇගේ යෙහෙලියන්ට ඇදුම් නිර්මාණය කිරීම සඳහා රෙදි මිලියන 105ක ප්‍රමාණයක් වැය වී ඇත. බාර්බි බෝනික්කන් සඳහාම තැනුන සපත්තු කුට්ටම් ප්‍රමාණයද මිලියනය ඉක්මවයි. මේවන විට බාර්බි බෝනික්කන් සඳහා තාක්ෂණයද එක්ව ඇති අතර විදුලියෙන් ක්‍රියා කරන බෝනික්කන් ලෙසද, ත්‍රිමාණ පරිඝණක ක්‍රිඩාවක් ලෙසද බාර්බි ජනප්‍රියත්වට පත්වී ඇත.

බෝට්ටුවලින් පමණක් ගමන් යන නෙදර්ලන්තයේ ගම්මානය


නෙදර්ලන්තයේ Giethoorn ගම්මානය ලොව පුරා සංචාරකයන් අතර ප්‍රසිද්ද වී ඇත්තේ මෙහි ගමනාගමන පද්ධතිය ජල මාර්ග ඔස්සේ සිදු කිරීම නිසාය. වෙනත් පදේශ වල මෙන් බස් කාර් ටැක්සි ආදිය මෙම ගම්මානයට පිවිසෙන ඔබට නම් දැක ගත නොහැක. වැනීසියේ මෙන්ම මෙම Giethoorn  ගම්මානයේද ප්‍රවාහන පහසුකම් සැපයෙන්නේ බෝට්ටුවලින්ය.
වර්ෂ 1230 දක්වා දිගු ඉතිහාසයක් ඇති මෙහි මුල් පදිංචි කරුැවන් ලෙස  සැලකෙන්නේ යුරෝපයේ දකුණු දෙසින් පැමිණි සරණාගත පිරිස්ය.නිවාස වල වහලය අතීතයේ මෙන්ම පිදුරු සහ අතු භාවිතා කර නිමවා තිබීම නිසා සාම්ප්‍රධායිකත්වය ආරක්ෂා කිරීමට ගම්වැසියන් කටයුතු කර ඇත. එහි ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ සංචාරක ව්‍යාපාරය වීම නිසාය. මෙහි බොහෝ නිවාස පිහිටා ඇත්තේ ලී පාලම් 50කින් සම්බන්ධවන කුඩා දූපත් වලය.
මෙම ගම්මානය 1950 සිට ලොව පුරා ප්‍රසිද්ධ වන්නේ ලන්දේසි ජතික චිත්‍රපට අධ්‍යකෂකයෙකු වන Bert Haanstra  විසින් ඔහුගේ සිනමා නිර්මාණ වල පසුතලයක් ලෙස  මෙය භාවිතා කර ඇති නිසාය. පරිසරයට වන හානිය අවම කරගැනීමට මෙම ගම්මානය තුළ ධාවනය වන බෝට්ටු සඳහා අවසර දී ඇත්තේ විදුලිබලයෙන් ක්‍රියාත්මක වන මෝටර් පමණි.