Saturday, October 17, 2015

කාලයක් දුම් බොන කෙනෙක් ඒක නතර කළොත් වෙන දේ දන්නවාද?

දුම් බීම කියන්නේ කොහොමත් හොද පුරුද්දක් නෙවෙයි. ඔබ දුම් බොන කෙනෙක් නම් මතක තබා ගත යුතු වැදගත්ම දේ වන්නේ හෘද රෝග, විශේෂයෙන් පෙනහළු පිළිකා, ලිංගික බෙල හීනත්වය ඇතුළු රෝග වලින් එකක් හෝ කිහිපයක් කල් යත්ම ඔබට අනිවාර්යෙන්ම වැළදෙන බවයි. දීර්ඝ කාලයක් ඔබ දුම් බීමට අබ්බැහි වෙලා ඉන්නවා නම් දැනටමත් ඒ රෝග ඔබට වැළදිලා වෙන්න පුළුවන්. ඔයා දනගන්න කැමතිද අද ඉදින් දුම් බීම නතර කළොත් ඔයාට මොන වගේ දේවල් වේවිද කියලා.

1. දුම් බීම නතර කිරීමේ හොද පැත්ත
දුම් බීම නවතා දැමීමෙන් ඔබට කෙටි කාලීන සහ දිගු කාලීන වාසි රැසක් හිමි වෙනවා.
ඔබ දුම් බීම නවතා දමා විනාඩි 20ක් ගත වන විට දුම් බීම නිසා වැඩි වූ ඔබගේ රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත් වනවා.
රුධිරයේ අන්තර්ගත කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී ඔක්සිජ ප්‍රමාණය සාමාන්‍ය තත්වයට පත් වීමට ගතවන්නේ පැය 8ක පමණ කාලයකි.
දින 2ක් තුලදී ශරීරයේ නිකොටින් ඉවත්වී නිසා රසය සහ සුවද දැනීම සාමාන්‍ය තත්වයට පත්වේ.
දින 4ක් තුලදී ස්වාශ නාල ඉහිල් වන අතර ඔබගේ ශරීරයේ ශක්ති මට්ටම ඉහල නැංවේ.
සති 2ක් තුලදී රුධිර සංසරණය හොද තත්වයට පත්වෙන අතර ඉදිරි සති 10 පුරා එය වර්ධනය වේ.
මාස 9ක් තුලදී සියළුම ස්වසන ගැටළු නතර වන අතර පෙනහළු ධාරිතාවය 10% කින් වර්ධනය වේ.
වසර 5ක් තුලදී හදවත සහ පෙනහළු දුම් නොබොන කෙනෙකුගේ තරමට ක්‍රියාකාරීවේ. මේ නිසා හදවත් රෝග සහ පෙනහළු පිළිකා වැළදීමේ අවධානම අඩු කරයි.
වසර 10ක් යන විට පෙනහළු පිළිකාවක් ඇතිවීමේ අවධානම හරි අඩකින් අඩු කරයි.


2. දුම් බීම නතර කිරීමේ ඍනාත්මක පැත්ත
කාලයක් දුම් පානය කරමින් සිටි අයෙක් එය නතර කළ විට ඇති වන යම් යම් අපහසුතා කිහිපයක් තිබෙනවා. ශරීරය එක් වරම සිදුවන වෙනසට අනුවර්තනය වීම එයට හේතුවයි. මේ අපහසුතා මග හැරෙන්න ගතවන කාලය පිළිබදව නම් නිශ්ච්තවම කියන්න බැහැ.
ආහාර ජීර්ණයේ ඇතිවන වෙනස් කම්
දුම් බීම නතර කිරීම නිසා ආමාශයේ ආම්ලිකතාවය ඇති වයි හැකි අතර අජීරණය, ආමාශයේ දැවිල්ල, බඩ එළියේ යෑම හෝ මල බද්ධය, ඔක්කාරය ගතිය වැනි රෝග ඇති වෙන්න පුළුවන්.

ශ්වසනයේ ඇතිවන වෙනස්කම්
සිගරට් දුමේ ඇති හානි කර තාර තව දුරටත් පෙනහළු වල ඇතුල් නොවන නිසා ශ්වසන පද්ධතිය නැවත වර්ධනය වන තත්වයට පත්වේ. මේ හේතුවනේ නාසයේ තද ගතිය, හෙම්බිරිස්සාව, උගුරේ තද ගතිය හා හඩ වෙනස්වීම වැනි තත්ව ඇති වෙන්නට පුළිවන්
සංසරණ පද්ධතියේ සිදුවන වෙනස්කම්
දුම් පානය කරන විට ඇති වන අධි රුධිර පීඩනය පාළනය කිරීමට හදවත ඉතාමත් වේගයෙන් රුධිරය පොම්ප කරනවා. දුම් බීම නතර කළ විට මෙය සාමන්‍ය තත්වයට හැරෙන විට අතුරු ආබාධ ලෙස ඇගිලි හිරි වැටීම, ක්ලාන්ත ගතිය, මස් පිඩුවල තද ගතිය සහ හොදින් රුධිර වහනයවීම සිදු නොවීම වැනි තත්ව ඇති විය හැක.  

මානසිකව සිදුවන වෙනස්කම්
නිකොටින් වලට හැකියාව තිබෙනවා රුධිර නාල හකුළුවා දමන්න. මේ දුම්බොන කෙනෙකුගේ හදවත වැඩි බලයකින් ක්‍රියාත්මක වෙලා දුර්වල වෙමිනුයි පවතින්නේ. දුම් බීම නතර කළ පසු මේ තත්වය ඉවත් වන නිසා හදවත සාමාන්‍ය ආකාරයට ක්‍රියා කිරීම අරඹනවා. ඒ නිසා මානසිකව තාවකාලික අතරු ආබාධ ඇති වන්න පුළුවන්.
නිදාගන්න රටාවේ වෙනසක් ඇති වන අතර ඇස් නලියන ගති සහ අඩ නින්ද සමග නිරත විචිත්‍ර සිහින පෙනීම, නොසන්සුන් ගතිය මානසිකව ඔබට ඇති වන වෙනස් කම් ලෙස දක්වන්න පුළුවන්.

දුම්බීම නවතා දැමීමේදී සුළු සුළු අතුරු ආබාධ ඇති වන්නේ ශරීරය එයට හුරු වීමට දරන උත්සාහය නිසයි. දුම් බීම නවතා දැමීම ඔබගේ නිරෝගී කමටත් ආයුෂ වර්ධනයටත් හේතු වෙනවා. දුම්බීම නතර කර දැමීමේදී ඇති වන සුළු අතුරු ආබාධයන් නිසා ඔබ තව දුරටත් දුම් බීම සිදු කරනවා නම් ඉහත කී භායානක රෝග තත්වයන්නට ඔබ ගොදුරු වන එක නම් නතර කරන්න බැරි වේවි. ඒ නිසා ඉක්මනින්ම දුම් බීම නවතා දමා දුමින් තොර ජීවන රටාවකට හුරු වෙන එක තමයි හොදම දෙය වන්නේ.

No comments:

Post a Comment