Monday, October 26, 2015

Devil's Pool









අප්‍රිකා මහාද්වීපයේ සිම්බාබ්වේ රටට අයත් වික්ටෝරියා දිය ඇල්ල ලොව විශාලම දිය ඇලි වලින් එකකි. මීටර් 128ක් උස මේ දිය ඇල්ලේ එක් ස්ථානයක් හදුන්වන්නේ යක්ෂයාගේ නානතටාකය ලෙසයි. එයට හේතුව එය පිහිටා ඇත්තේ දිය ඇල්ල මුදුනේ පහළට දිය වැටෙන තැන ගල් වලින් තැනී ඇති බේසමක් වැනි අපට බැස සිටිය හැකි තටාකයක් වීම නිසාය. වික්ටෝරියා දිය ඇල්ල නැරඹීමට යන සංචාරකයන් මෙම බිහිසුණු අත්දැකීම විද ගන්නට නම් අමතක කරන්නේ නැත‍.
වේගයෙන් ගලා එන දිය දහරාවත් සමග උස දිය ඇලලක එක් කෙළවරක නෑමේ අත්දැකීම ගන්නට නම් විශාල ආත්ම ශක්තියක් තිබිය යුතුමය‍. මෙසේ ත්‍රාසජනක අත්දැකීම් විදීමට ගොස් ලිස්සා යෑමෙන් වසරකට සැලකිය යුතු මරණ ප්‍රමාණයක්ද  සිදුවන බව එරට මාධ්‍ය වාර්ථා කර සිටී

No comments:

Post a Comment