Sunday, February 21, 2016

HappyFeet චිත්‍රපටයට පාදක වූ පෙන්ගුවින් ජනාවාසයේ විනාශය

ඇන්ටාක්ටිකාව සිය නිජභූමිය බවට පත් කරගෙන සිටින අදේලි (Adelie) පෙන්ගුවින් විශේෂයට අයත් සතුන් 150,000 ක් පසුගිය වසර කිහිපය ඇතුළත දී ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය පවසනවා.

 එම සතුන්ගේ වාසස්ථාන ප්‍රදේශය වන කේප් ඩෙනිසොන් තුඩුව ආසන්නයට පැමිණි දැවැන්ත අයිස් තට්ටුවක් නිසා මේ තත්ත්වය ඇතිවූ බව සඳහන්. තොරතුරු අනුව මෙම අයිස් තට්ටුව ඉතාලියේ රෝම නගරය තරම් විශාලත්වයක් ගන්නා අතර, එය එම ප්‍රදේශයේ වැදී එහි හිරවී තිබෙනවා. මේ තත්ත්වයත් සමගම මෙම පෙන්ගුවින් සතුන් සෑම දිශාවකින්ම අයිස්වලින් වටවී ඇති අතර ඔවුන් එතෙක් ආහාර සොයා ගත් මුහුදු සීමාව සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබෙනවා. ඒ අනුව ආහාර සොයා ගැනීම සඳහා කිලෝමීටර් 60කට ආසන්න දුරක් ගමන් කිරීමේ තත්ත්වයක්ද හටගත් බවක්ද මෙහිදී අනාවරණය වෙනවා.

තොරතුරුවලට අනුව 2011 වසර වන විට මෙම අදේලි පෙන්ගුවින් ජනාවාසය සතුව සතුන් 160,000 කු ජීවත්ව ඇතැයි සඳහන්. එහෙත් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ දේශගුණික විපර්යාස පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද මේ අලුත්ම සමීක්ෂණයකදී එම ගහනය 10,000 ක් තරම් කුඩා වී ඇතැයි වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊ09ඊ ලෙස හඳුන්වා ඇති මේ දැවැන්ත අයිස් තට්ටුව කඩා ඉවත් නොකරන්නේ නම්, තවත් වසර 20කටත් අඩු කාලයකදී මේ අදේලි පෙන්ගුවින් ජනාවාසය මිහිමතින් තුරන් වී යනු ඇතැයිද ඔවුන් අනතුරු අඟවා සිටිනවා.


වාර්තා අනුව දැනට වසර 100කට අධික කාලයක් පුරා මෙම අදේලි පෙන්ගුවින් සතුන් අන්ටාක්ටිකාවේ මෙම ප්‍රදේශය තුළ වාසය කරනවා. ඒ අතරින් කේප් ඩෙනිසන් ප්‍රදේශය වැදගත් වන අතර, වැඩිම පිරිසක් වාසය කර ඇත්තේද එම ප්‍රදේශයේ බව සඳහන් වෙනවා. මෙම අයිස්තට්ටුව පවා අදාළ ප්‍රදේශයේ ගැටී එහි හිරවීමට පෙරාත්තුව වසර 20ක් පුරා ඒ ආසන්නය වෙත පාවෙමින් පැවති බවත් පර්යේෂකයන් පිරිසකියා සිටිනවා. සුප්‍රසිද්ධ හොලිවුඞ් ත්‍රිමාන සජීවීකරණ සිනමාපටයක් වූ HappyFeet සඳහා පාදක කරගැනුනේද මේ පෙන්ගුවින් ජනාවාසය බව පැවසෙනවා.

Wednesday, February 17, 2016

Manny selfie cat









ශ්‍රී ලාංකිකයෙක් තම ජීවිතයේදී තරණය කළ යුතුම ලංකාවේ තිබෙන කඳු 5ක්

ශ්‍රී ලංකාව කියන්නේ ජෛව විවිධත්වයෙන් පොහොසත් කඳු සහිත දූපතක් කියල තමයි ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරල තියෙන්නෙත් මේ හේතුව නිසාමයි. මේ ගිරි දුර්ග වලින් පිරුණ මධ්‍යම කඳුකරයේ ඔබේ ජීවිතයේදී එක් වරක් හෝ තරණය කළ යුතුම ඉතාමත් සුන්දර සුවිශේෂී කඳු කිහිපයක් තිබෙනවා. ඔබත් විනෝදයට කඳු නගින්නෙක් නම් ඔබට මේ කඳු තරණය කිරීමෙන් ඉතාමත් සුන්දර අත්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවන් වේවි.
සමණල කන්ද





රත්නපුර නඟරයේ සිට කිලෝ මීටර් 40ක් පමණ දුරින් පිහිටා ඇති සමණල කන්ද ශ්‍රී ලංකාවේ ඇති පූජනීයම කඳු ශිකරය ලෙසයි සැලකෙන්නේ. මෙයට හේතුව බුදුන් වහන්සේගේ ශ්‍රී පා සටහන මෙම කඳු මුදුනේ පිහිටුවා තිබීමයි. මුහුදු මට්ටමේ සිට මීටර් 2243ක් ඉහළින් පිහිටා ඇති මෙම කන්දට ලංකාවේ උසම කඳු අතරින් 4 වන ස්ථානය හිමිවෙනවා. කඳුකරයේ බොහෝ ප්‍රදේශ වලට දර්ශනය වන මෙම කඳු මුදුන කොළඹ, කළුතර සහ බෙන්තොට වැනි වෙරළ ප්‍රදේශ වල සිටත් පැහැදිලි අහසක් සහිත කාල වලදී දැක ගන්න පුළුවන්.
සමණල කන්ද ආශ්‍රිතව තිබෙන රක්ෂිතය නොඉදුල් වනාන්තරයක්. මෙය දුර්ලභ පැලෑටි සහ සතුන්ගෙන් ගහන වනාන්තරයක් වන අතර ජනප්‍රවාද වලට අනුව විශ්මිත ඔෂධ පැලෑටි, සුදු ඇතුන්, ලෝම සහිත කුරු අලින් මෙම වනයේ සිටින බවටත් විශ්වාසයක් පවතිනවා. සමන් දෙවියන් විසින් ආරක්ෂා කරනවා යැයි සැලකෙන හාස් කම් වලින් පිරුණු මෙම වන අඩවියේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගාවන් 4ක් වන මහවැලි, කැළණි, කළු සහ වලවේ ආරම්භ වනවා.
වර්ෂයේ දෙසැම්බර් මස සිට වෙසක් මාසය දක්වා මාස 06ක් වන්දනා කරුවන් විසින් ශ්‍රීපාදය වැඳපුදා ගැනීම සඳහා සමනල කන්ද තරණය කරන අතර ඉතිරි මාස 06 සිරිපා කරුණාවේ අවාරය ලෙස සැලකේ. වන්දනා කරුවන් ඉතාමත් අඩු මෙම අවාරයේ සමනළ කන්ද තරණය කළ හැකි නම් අළුත් අත්දැකීමක් ලබා ගැනීමට ඔබට හැකි වේවි.
ලකේගල
නකල්ස් කඳුවැටියේ මධ්‍යයට වන්නට පිහිටා ඇති ලකේගල කොළඹ සිට කි.මි. 175ක් පමණ දුරින් පිහිටි මීමුරේ නම් ගම්මානයට යාබදව පිහිටා තිබෙනවා. ලංකාවේ ඇති තරණය කිරීමට දුෂ්රම කන්දක් ලෙසයි මෙය සැලකෙන්නේ. ජනප්‍රවාද රැසක්ම මේ කන්ද ආශ්‍රීතව නිර්මාණය වී තිබෙන අතර මෙය රාවණ යුගයේ ස්වභාවික පිරමීඩයක් ලෙස භාවිත කළ බවද රාවණ රජුගේ දඩුමොනරය ගුවන් ගත කල ස්ථානය බවටද මතයක් තිබෙනවා. මීටර් 1310ක් පමණ උසකින් යුත් මෙම කන්ද මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වල මායිමේ පිහිටා තිබෙනවා.
කිරිගල්පොත්ත
ලංකාවේ දෙවන උසම කන්ද කිරිගල්පොත්ත ලෙසයි සැලකෙන්නේ. නුවරඑළිය දිස්ත්‍රික්යේ හෝර්ටන් තැන්න ආශ්‍රිතව පිහිටා ඇති කරිග්පොත්ත මීටර් 2388ක් පමණ උසකින් යුක්තයි. හොර්ටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර් 2100ක් පමණ උසින් ඇති නිසා මෙම කන්ද තරණය කිරීමට නම් ඔබට මීටර් 288ක පමණ දුරක් තමයි ඉතිරිවන්නේ. එහෙත් හෝර්ටන් තැන්නේ ඇති සැනෙකින් වෙනස්වන සුළු කාලගුණය නිසා මෙම කන්ද තරණය කිරීම ඉතාමත් දුෂ්කර කටයුත්තක් වෙනවා. කඳු මුදුනට නැගීමෙන් පසුව දැක ගන්නට ලැබෙන අති මනස්කාන්ත දර්ශනය නම් කඳු නගිනන්නගේ වෙහෙස ඉතාමත් ඉක්මනින් දුරු කරන්නට සමත් වෙනවා.
අලගල්ල
කෙළඹ නුවර දුම්රිය මාර්ගයේ ඉහල කෝට්ට් දුම්රිය ස්ථානයට ඉහළින් පිහිටි විශාල පර්වතය අලගල්ල කන්ද ලෙස හදුන්වනවා. ඉහළ කෝට්ටේ ගම්මානය හරහා ගොස් මෙම කන්ද තරණය කල හැකියි. මධ්‍යම සහ සබරගමු පළාත් මායිමේ පිහිටා ඇති අලගල්ල කදු වැටිය වසර සිය ගණනක් විදේශිකයින්ගෙන් උඩරට ආරක්ෂා කිරීමට දායක වූ ස්වභාවික බාධකයක් ලෙස ඉතිහාසයේ සඳහන්. මේ ආසන්නේයේ ඇති බලන කොටුව එවක සිංහල හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වී පැවතී තිබෙනවා.
තරණය කිරීමට අපහසු වන ලැහැබක් සහ දැඩි බෑවුමක් සහිත මෙම කඳුවැටිය මධ්‍යම කඳුකරයේ එක් මායිමක් වෙනවා. මෙහි සිට ගලා බසින මීටර් 30ක් පමණ උස දෙකින්ද ඇල්ල නැරඹීමටත් කන්ද තරණය කරන ඔබට හැකි වෙනවා. අලගල්ල මුදුනේ සිට මධ්‍යම කඳුකරයම සහ කඳුකරයට පහළ විශාල භූමි ප්‍රදේශයක් දැක ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. මේ අතර උතුවන්කන්කද, බතලේගල, හන්තාන, නකල්ස්, නෙල්ලිගල, හුන්නස්ගිරිය වැනි කඳු පන්තිද දැක ගන්න පුළුවන්.
නකල්ස්
නකල්ස් ලංකාවේ ඉතාමත් වැදගත් කඳුවැටියක් ලෙසයි සැලකෙන්නේ. එයට හේතුව නකලස් කඳු වැටිය ආශ්‍රිත වන රක්ෂිතය ජෛව විවිධත්වය අතින් ඉතාමත් පොහොසත් ලංකාවේ දැකගන්නට ලැබෙන දුර්ලභ ශාක සහ සත්වයින්ගේ නිජ බිමක් වීමයි. ලංකාවට ආවේනික වූ විශාල ශාක සහ සත්ව විශේෂ ප්‍රමාණයක් මෙහි දැකගන්න හැකි වෙනවා. මෙම කඳුවැටියට නකලස් යන නම ලැබී ඇත්තේ බැලූ බැල්මට එය මිට මෙලවූ අතක හැඩයෙන් යුක්ත වන නිසයි.
මෙම කඳුවැටිය අසල පිහිටි ගම්මාන තවමත් ඉතාමත් සාම්ප්‍රදායික ලෙස පැවතීමත් සුව්ශේෂත්වයක්. මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම කඳුවැටිය සිංහල වැසියන් අතීතයේ සිට හැදින්වූයේ දුම්බර කඳුවැටිය ලෙසයි. මෙහි ඇති වැදගත් කම නිසාම 2010 වර්ෂයේදී මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සැගවුණු සුන්දරත්වය දැක ගැනීමට නම් කඳු නගින්නෙක් තරණය කළ යුතුම කඳුවැටිය ලෙස මෙය හදුන්වන්න පුළුවන්.
මේ සුන්දර කඳු වලින් ඔබ මේ වන විට කඳු කීයක් තරණය කර තිබෙනවාද? ඒ අතරින් ඔබ කැමතිම කඳුවැටිය කුමක්ද? පහතින් කමෙන්ට් කරන්න.

ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර කඳු අතරින් කඳු නගින්නන්ට වඩාත් සුන්දර අත්දැකීම් ලබා ගත හැකි කඳුවැටි 5ක්.


ශ්‍රී ලාංකිකයෙක් තම ජීවිතයේදී තරණය කළ යුතුම ලංකාවේ තිබෙන කඳු 5ක්

Tuesday, February 16, 2016

Google Loon බැලුනය දැන් ශ්‍රීලංකාවට ඉහළ අහසේ




දකුණු ආසියාවට පළමු වරට ජංගම දුරකථන තාක්ෂණය හදුන්වාදුන්නේ ශ්‍රී ලංකාවයි. ඒ 1989 වර්ෂයේදී. ඉන් පසු 2004 වර්ෂයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම වරට 3G තාක්ෂණය හදුන්වාදීමේ අභිමානයද හිමි වන්නේ ශ්‍රී ලාංකාවටයි. ඉන් නොනැවතී 2014 වර්ෂයේදී 4G තාක්ෂණය මුල් වරට හදුන්වා දී දකුණු ආසියාවේම සන්නිවේදන තාක්ෂණයේ පුරෝගාමියා බවට අප රට පත් විය. වාර්ථා වලට අනුව ශ්‍රී ලාකික ජනතාව මිලියන 4කට ආසන්න වශයෙන් අන්තර්ජාලය පරිහරණය කරන අතර 630,000ක් ස්ථාවර දුරකථන මාර්ග ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වේ. 
මේ සියල්ල මෙසේ වන විට මේ පිළිබද උනන්දුවෙන් පසු වූ Google සමාගම ඔවුන් ගේ Google "Loon Project" ව්‍යාපෘතිය හදුන්වාදීමටද මුල් තැන දී ඇත්තේ ශ්‍රී ලංකාවටයි. එය පසුගිය වසරේ නිල වශයෙන් ප්‍රකාශ කරන ලදි. මෙමගින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ආවරණ කලාපය පුළුල් කර අඩු සම්ප්‍රේෂන වියදමකින් වැඩි ධාරිතාවක් සහිතව දත්ත හැසිරවිය හැකි වනු ඇති බවයි පර්යේෂණ කණ්ඩායම විශ්වාස කරන්නේ. හීලියම් පුරවන ලද වායු බැලුනයක් ඉහළ අහසේ රදවා තැබීමෙන් මෙය ක්‍රියාත්මක වේ. මෙම බැලුනයක සාමාන්‍ය ආයු කාලය දින 180 වේ.
සාමාන්‍යෙයන් ගුවන් යානා ගමන් කරන උස මෙන් දෙගුණයක් උසින් ඉහළ අහසේ රදවා තැබෙන නිසා පියවි ඇසට දැක ගත නොහැක. එමෙන්ම මෙමගින් ගුවන්යානා වලටද කිසිදු බාධාවක් සිදුනොවේ. මෙම ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් දකුණු ඇමරිකාවේ සිට ගුවන්ගත කළ බැලුන 3කින් එකක් පසුගිය සදුදා (2016-02-15) ශ්‍රීලංකාවට ඉහළ අහස් තීරයට පැමිණි බව Google සමාගම නිවේදනයක් මගින් දක්වා ඇත. මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ශ්‍රී ලංකාවේ ආවරණ කලාප පුළුල් වී දත්ත සම්ප්‍රේශණ වේගය වැඩි වීමත් වැය වන මුදල් ප්‍රමාණය අඩු වීමත් සිදු වේ. එය ශ්‍රී ලංකාවේ සන්නිවේදන ආයතන මෙම ව්‍යාපෘතිය සමග එක්වීමෙන් පසුව සිදුවන බවයි Google ආයතනය පවසා සිටින්නේ. ශ්‍රී ලාංකේය අන්තර්ජාල පරිහණය කරනන්නන් හට මෙය ඉමහත් ප්‍රීතිජනක ආරංචියක් වේ. 
බැලුනය දැන් ශ්‍රීලංකාවට ඉහළ අහසේ

Monday, February 1, 2016

හදුන් කූරු ගැන මේ දේවල් දන්නවාද?



ලංකාවෙ අපට පූජා භූමියකට පිවිසෙනකොට දැනෙන විශේෂ සුවදක් තියනවා. බොහෝවිට ඒ දැනෙන සුවදට මුසුව තියෙන්නෙ හදුන්කූරු කියල අපි හදුන්වන සුවද කූරුයි. සුවද කූරේ ගුණාත්මක භාවය හා තත්වය අනුව වෙළදපොලේ විවිද සුවද කූරු ඔබ දැක ඇති.
සුවදු කූරු වල පළමු පැහැදිලි මූලාශ්‍රය ලෙස හැදින්වෙන්නේ ඉපැරණි ඊජිප්තු වැසියන් භාවිතා කළ 'Combustible bouquets' ලෙස හැදින්වෙන පහසුවෙන් දැවෙන සුවද විහිදුවන නිර්මාණයකටයි. ඉපැරණි ඊජිප්තු සොහොන් තුළ සුවද කූරු බහාලන තිබී සොයාගෙන ඇත. එමෙන්ම ඒ සමග දුම්මල බදුන්ද හමු වීමෙන් විද්‍යාඥයින් නිගමනය කරන්නේ මේවා කිසියම් ගුප්ත විද්‍යාත්මක කටයුත්තකට භාවිතා කරන්නට ඇත කියාය.
කෙසේ වුවද ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේද සුවද කූරු භාවිතා කර ඇති බවත් ඒවායේ ඉතිහාසය ක්‍රි.පූ. 3300 සිට 1300 දක්වා දිව යන බව ඉපැරණි මූලාශ්‍ර වලින් ඉතිහාසඥයන් සොයාගන ඇත.
ඉතිහාසයේ සිට අද දක්වා මේවායේ ප්‍රයෝජනය මනෝභාවය (Mood)ලිහිල් කර තබා ගැනීමටත් වන්දනා මාන කිරීමටත්ය. පහත දැක්වෙන්නේ රටවල් කිහිපයක් සුවද කූරු වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ආකාරයන්ය.

ඕස්ට්‍ර්ලියාව  - ඔස්ටේ්‍රලියානුවන් තමන්ගේ වාසස්තාන තුළ අවකාශය නිස්කලංක හා සාමකාමී හැගීම් වැඩිව දැනෙන නිසා සුවද කූරු දැල්වීම සිදු කරයි.

ජපානය - පුරාණ සමුරායි විරුවන් සටනට පෙර මනස සහ සිරුර සැහැල්ලු කර ගැනීම සදහා මේවා භාවිතා කොට ඇත. අද වනවිට ජපානයේ සුවද කූරු දැල්වීම නිර්භීත බව, ශක්තිය සහ ජයග්‍රහණයේ සංකේතයකි.

භූතානය - වැඩි වශයෙන් වන්දනාමාන කටයුතු සදහා සුවද කූරු භාවිතා කරන භූතාන වැසියන් මනස සහ සිරුර පරිශෝධනය (purification) කර ගැනීම සදහාත් ඒවා භාවිතා කරයි.

ඊජිප්තුව - අතීත ඊජිප්තු වෛද්‍ය විද්‍යාවේ භාවිතා කළ ඖෂධය ක්‍රමවේදයක් වුවද වර්ථමානයේ සෞන්ධර්යාත්මක සහ සාමකාමී පරිසරයක් තම නිවෙස් වල පවත්වා ගැනීමට මේවා භාවිතා කරයි.

චීනය - ඉන්දියාවටත් පෙර සුවද කූරු භාවිතා කර ඇත්තේ චීන ජාතිකයින් වන අතර වන්දනාමාන කිරීමේදී සුවද කූරු දැල්වීමට මුල්තැන දෙයි. එමෙන්ම චීනයටම ආවේනික වෛද්‍ය ක්‍රමයක රෝග නාශක පිළියමක් ලෙස ඖෂධ ගැල්වූ සුවද කූරු දැල්වීම අදටත් ක්‍රියාත්මක වේ.