Thursday, June 30, 2016

මන්දගාමී වූ chrome බ්ර වුසරයේ වේගය වැඩි කරගන්න. ගූගල් සමාගමෙන් සරල විසදුමක්

ඔබ අන්තර්ජාලයේ සැරිසැරීමට භාවිතා කරන වෙබ් බ්‍රවුසරයේ, මුලදී තිබුණු වේගවත් බව කල්ගත වන විට අඩුවීමේ ගැටළුවට ඔබත් මුහුණ දී තිබෙනවා වෙන්න පුළුවන්. අනවශ්‍ය දැන්වීම්, නොදැනුවත්වම බ්‍රවුසරයට එකතුවී ඇති tool bar සහ startup pages, වැනි දේ නිසා ඔබගේ බ්‍රවුසරයේ කාර්යක්ෂම බව අඩු වී යනවා. ඒ වගේම බ්‍රවුසරය Open වීමටත් වැඩි කාලයක් ගන්නවා. ඔබ භාවිතා කරන්නේ ගූගල් chrome බ්‍රවුසරයක් නම් දැන් මේ ගැටළුවෙන් මිදෙන්න හොඳ විසදුමක් ඔවුන් විසින් ලබා දී තිබෙනවා.

මේ ගැටළුවට විසදුමක් ලෙස ගූගල් සමාගම Chrome Cleanup Tool නම් App එකක් හඳුන්වා දී තිබෙනවා.

 


පහතින් ඇති ලින්ක් එකට පිවිස 2.8mb ප්‍රමාණයෙන් යුතු මේ App එක භාගත කරීමෙන් පසු ඉතා පහසුවෙන් අනවශ්‍ය plugin ඉවත් කර ඔබේ chrome බ්‍රවුසරයේ වේගය වැඩි කරගන්න පුළුවන්.

 


Chrome Cleanup Tool මෙතනින් ලබා ගන්න.

Wednesday, June 29, 2016

අබලන් වී ඉවත දමා ඇති කාර්යාල පුටු අළුතින්ම ගත්තා වගේ හදාගන්න ක්රමමයක්

ඔබ කාර්යාලයේ භාවිතා කරන ආසනය ඔබේ කාර්යාලීය වැඩ කටයුතු කාර්යක්ෂම නිම කිරීමට ඔබට ගෙන දෙන්නේ විශාල පහසුවක්. හිතන්න ඔබේ කාර්යාලයේ පුටුව අබලන් වෙලා තිබෙනවා නම් ඔබේ සුව පහසුවට එය කොයිතරම් බලපනවාද කියලා. කාර්යාලයේ දී සුව පහසුවෙන් වැඩ කරගෙන යාමට නොහැකි නම් ඔබ නොදැනුවත්වම කාර්යෂමතාවය අඩුවී යනවා. අබලන් වූ කාර්යාලීය පුටු ඔබට කොන්දේ රුදාව, අත් පා වේදනාව සහ තවත් ගොඩක් රෝග ඇති කරන්නත් හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙයින් ඔබේ කාර්යාලයේ පෙනුම අඩු කරන බැවින් අබලන් කාර්යාල පුටු භාවිතා කිරීම පාරිභෝගික ආකර්ෂණයටත් ලොකු බලපෑමක් කරනවා.


බොහෝ කාර්යාල පුටුවල කල්යාමේ දී ඇතිවන ප්‍රධාන දෝෂ කීපයක්ම තිනෙවා.
1. පුටුවේ රෝද ක්‍රියාත්මක නොවීම ඉතා සුලභ ඇතිවන දෝෂයක්.
2.පුටුව උස් පහත් කිරීමට නොහැකි වීම.
3.රෝද සවිවන පාදම කෙටස කැඩීයාම.
4.පුටු ඇන්ද බුරුල් වීම.
5.පුටු කවරය ගැලවී යාම හෝ දුර්වර්ණ වීම දකින්න පුළුවන්.

මේ වගේ දෝෂ ඇති වූ විට බොහෝ ආයතන සිදුකරන්නේ හැකිතාක් කාලයක් එම දෝෂ සහිතවම භාවිතා කර ඉවත දැමීමයි.

සමහර විට ඔබ කාර්යාලීය පුටුවක් ඉවත් කරන්නේ එහි රෝද කිහිපයක් කැඩිලා, නැත්නම් පුටු ඇන්ද බුරුල් වෙලා වගේ පොඩි හේතුවක් නිසා වෙන්න පුළුවන්.
උපකරණ ඉවත දමා අළුත් පුටු මිලදී ගැනීම තමයි කාර්යාලයකට තියෙන ලොකුම ගැටලුව, ඒකට හේතුව තමයි කාර්යාල  පුටු ගොඩක් මිල අධික වීම.
කාර්යාලීය පුටු සඳහා වැය කරන්න වෙන මේ විශාල වියදම අඩු කරගන්න පුළුවන් විදයක් තමයි ඒවා නැවත අළුත් වැඩියා කරන එක. කොහොද මේ පුටු තිබුණ විදියට අළුත් වැඩියාකරන්නේ කියන එක තමයි ඔබට තිබෙන ගැටලුව.

ඒක හරිම පහසු දෙයක්, මේ හැම උපකරණයකම අමතර කොටස් තිබෙනවා කියලා ඔබ දන්නවා ඇති, සමහර විට නොදන්නවා වෙන්නත් පුළුවන්. මේ අමතර කොටස් පාච්චි කරලා ඉතාම අඩුම මුදලට ඔබේ කාර්යාලීය පුටු වලට අළුත් පෙනුමක් ගන්න පුළුවන්. ඇත්තටම මේ විදියට අළුත් වැඩියා කලාම අළුතින්ම මිලදී ගත් පුටු මෙන් හොඳ පෙනුමක් මේවාට ලැබෙනවා. ඒක නිසා ඔබේ කාර්යාලයට අඩු මුදලකින් වැඩි පෙනුමක් ගන්න මේ ක්‍රමයෙන් හැකි වෙනවා. මේ සඳහා ගතවන්නේ ඉතාම කෙටි කාලයක් නිසා ඔබගේ කාලයත් ඉතිරි කරගන්න පුළුවන්.

ඔබේ කාර්යාලයේ ඇතුලත වර්ණය වෙනස් කරන්න සමහර විට ඔබට සිදු වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔබට ඊට ගැලපෙන අළුත් කාර්යාලීය පුටු ගන්නවාට වඩා පහසුම විදිය තමයි ඊට ගැලපෙන විදියට පුටුවල වර්ණය වෙනස් කරන එක. ඒක ඔබේ සාක්කුවටත් පහසුයි.

ඒත් මේ වෙනස් කම් කරන විට ඔබ සැලකිය යුතුම දෙයක් තමයි මේ අමතර උපාංග වල ගුණාත්මක භාවය හා කල් පැවැත්ම. ඒ ගැන වැඩි විස්තර දැන ගන්න මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් ගෙන උපදෙස් ගන්න සිදු වෙනවා. ඔබට මේ ගැන වැඩි දුර තොරතුරු දැන් ගන්න අවශ්‍ය නම් පහත දුරකථන අංකය අමතන්න. සිංහ පුත්‍ර ෆිනෑන්ස්, කැන්රිච් ෆිනෑන්ස්, NIBM Kandy, වැනි ප්‍රධාන පෙලේ ආයතන වල කාර්යාලීය උපකරණ අළුත් වැඩියා කරලා ඔවුන්ට පළපුරුද්දක් තියෙනවා.
HASEE ENTERPRISES
                                    0766985583

                                    0719563428

Tuesday, June 28, 2016

ලෝකයේ සාර්ථක වූ මිනිසුන් සියළු දෙනා තුලම තිබූ රහස් මුලධර්ම අට

අසාර්ථක මිනිසුන්ගේ ජීවිත වල කැපී පෙනෙන ලක්ෂණ තුනක් තිබේ. එවා නම් කම්මැලිකම, තමාගේ හැකියාවන් පිළිබඳ සැක කිරීම සහ නිශ්චිත ඉලක්කයක් නොමැතිකමයි. ඇත්තෙන්ම බොහෝ අසාර්ථක ජීවිත වලට හේතුව සෘණාත්මක සිතුවිලි හරහා තමාගේ සිතුවිලි වල තිබෙන අසීමිත ශක්තිය යටපත් කරගැනීමයි.
එසේ නම් ලෝකයේ සාර්ථකත්වයට පත් වූ මිනිසුන් අනුගමනය කලේ කුමන ආකාරයේ ක්‍රියා මාර්ගයක් ද? ලෝකයේ අතිශය සාර්ථකත්වයට පත් වූ මිනිසුන්ගේ ජීවිත අධ්‍යනය කිරීමේ දී පැහැදිලිව හඳුනාගත හැකි, ඔවුන් සියළු දෙනා තුලම අනිවාර්යයෙන් දකින්නට තිබුණු කරුණු අටක් හඳුනාගැනීමට හැකිවනවා. පහත දැක්වෙන්නේ එම කරුණු අටයි. ඔබටත් සාර්ථකත්වයට පත් වීමට දැඩි ආශාවක් තිබේ නම්, මේ කරුණු අට කියවා දැන්ම ඒ අනුව ක්‍රියාත්මක වීම අරඹන්න. ඔබ සාර්ථකත්වයට පත්වීම නිශ්චිතවම සිදු වනු ඇත.
1.       ඔබටම අවේනික නිශ්චිත ඉලක්කයක් සාදා ගන්න
ඔබට සාර්ථක වීමට අවැසි නම්, නිශ්චිත ඉලක්කයක් තබා ගැනීම අතිශය වැදගත් කරුණකි. එය ‘‘මට අවශ්‍ය සතුටින් ජීවත් වීමට‘‘ හෝ “මට අවශ්‍ය හොඳ සල්ලි කාරයෙක් වීමට“ නැත්නම් ‘‘ මට අවශ්‍ය හොඳ මිනිසෙක් වීමට‘‘  වැනි ඉලක්කයකට වඩා වැඩියමක් විය යුතුය. ඔබ සත්‍ය වශයෙන්ම ඔබට අවශ්‍ය මොනවා දැයි දැන සිටිය යුතුය. නිශ්චිත ඉලක්කයක් ඇතිනම් ඔබ පැවසිය යුත්තේ මෙවැනි දෙයක් ‘‘ මට අවශ්‍යයි තවත් අවුරුදු තුනකින් හොන්ඩා සිවික් වර්ගයේ මොටර් රථයක හමිකරුවකු වෙන්න‘‘ වැනි යමකි. එහි නිශ්චිත කාලයක් සහ ඔබ ලඟා කරගැනීමට අපේක්ෂා කරන ඉලක්ක ඉතා පැහැදිලිව දැක්වෙනවා.
ඔබේ ඉලක්කය වෙනුවෙන් ඔබ කළ යුතු දෑ ඉන්පසුව කෙටි ලැයිස්තුවකට ගන්න. එම ඉලක්කයට ඔබ යා යුත්තේ කුමන කාල සීමාවක් ඇතුළතදී ද  යන්නත් අනිවාර්යයෙන් එයට අතුල් කරන්න. සෑම උදෑසනකම ඔබ අවදි විය යුත්තේ එය සිහිපත් කරමිනි. එවිට ස්වල්ප දිනකින් එය ඔබේ මනසට කා වැදෙයි. ඔබේ මානසික ශක්තිය ඔබේ ඉලක්කය සඳහා නාභිගත වෙයි.

2.       නිතර ඉලක්ක පිළිබඳ සිතන්න.
විශාල වශයෙන් ඔබේ ඉලක්කය පිළිබඳ සිතිවිලි සිතේ රෝපණය වන තෙක් ඔබට එය අවංකවම අවශ්‍ය කර තිබෙතැයි කිසිවෙකුට පැවසිය නොහැක. ඇත්තෙන්ම සත්‍ය තත්වය ද එයයි. කෙසේ නමුත් දවල් සිහින සහ උත්කර්ෂවත් සිතුවිලි පමණක් ඒ සඳහා නොසෑහෙයි. ඉලක්ක පිළිබඳ නොයිවසිලිමත්, දැවෙන සිතුවිලි ඔබට තිබිය යුතුය. තම ක්ෂේත්‍රයේ ඉහළ වෘත්තීය සාර්ථකත්වයට පත් පුද්ගලයන්ගේ අතීත වෘත්තීය, ජීවිතය සොයා බලන්න. ඔවුන් උමතුවෙන් මෙන් තම සාර්ථකත්වය සඳහා වෙහෙස වූ අයුරු එවිට ඔබට දැනගත හැකිවනු ඇත.


3.       අස්වැන්න ලැබෙන්නේ වපුරන දේ අනුවය
දැන් ඉතින් ඔබ ඉලක්කය වපුරා ගැනීම සඳහා වෙහෙස වී වැඩ කටයුතු කල යුතුමය. එසේ නොමැතිව සිහින සැබෑ කරගත නොහැක. තල වපුරන්නා තල ද, මුං වපුරන්නා මුං ද නෙලා ගන්නිතැයි ප්‍රසිද්ධ කියමනක් පවතින්නේ මේ නිසාවෙනි. මුං වපුරන්නෙකු තල අස්වැන්න බලාපොරොත්තු වන්නේ නම්, එම සිතුවිල්ලෙන් කල්ගෙවීම පවා ඔහු ඔහුටම කර ගන්නා අති විශාල වරදකි. විශාල කාලය කා දැමීමකි.

 අයාලේ දුවන සිතට නිවැරදි සංඥාවක් ලබාදෙන්න


සිත අයාලේ දුවන කළ එය ශක්තිය නිස්ති කරවන ඩයිනමෝවක් වැනිය. එහෙත් අයාලේ නොදුවන සිත හොඳින් ක්‍රියාකරන පරිගණකයක් ද වෙයි. බිය, අප්‍රසාදය, දුක සහ වැරදි සිතිවිලි මගින්, එම පරිගණකයේ වැඩ සටහන් අවුල් සහගත කර දමයි. සැලසුම්, ඉලක්ක සහ අලුත් අද්දැකීම් එයට ප්‍රතිවිරුද්ධ දෙයම සිදු කරයි. ඒවා ඉලක්කය පිළිබඳ නිවැරදි සංඥා වේ.
5.       අසමත්වන්නට බිය නොවන්න
සාර්ථකත්වයේ හිනි පෙත්තටම නැගි බොහෝ සාර්ථක මිනිසුන් තම ජීවිතයේ වැඩිපුරම මුහුණ දී ඇත්තේ අසමත්වීම් වලටය. උදාහරණයක් ලෙස තොමස් අල්වා එඩිසන් විදුලි බබුළු නිපදවීමට සිදුකල පරීක්ෂණ 10000 වාරයක් අසාර්ථක වූ බව කියන ඉතා ප්‍රකට කතාව ගත හැකිය.
සාර්ථකත්වයේ දිගුගමනකට මුලපුරා ඇති පුද්ගලයෝ පවා ඇතැම් විට අතරමගදී වරක් දෙකක් අසමත් වූ සැණෙන් බිඳ වැටෙති. එය ඉතාමත් හානිදායකය. එමෙන්ම එය බරපතල වරදකි. එයින් සිදුවන්නේ ඔබේ යටි සිත අධෛර්යමත් වීම පමණි. එහි ප්‍රතිඵලය ඔබේ ඉලක්කයෙන් ඔබ බොහෝ ඈතට ගමන් කිරීමයි.
අසමත් වීම ගැන තවත් කථාවක්
එක්තරා මිනිසෙක් තම ව්‍යාපාර කටයුතු වලින් තිස් එක් වැනි වියේදී අසමත් විය. යළිත් තිස්හතර වැනි වියේ දී ද එයම සිදුවිය. හතළිස් එක්වන වියට එළඹෙන විට ඔහු අසාර්ථකත්වය පිළිබඳ සිතුවිලි නිසා උපන් ස්නායු දුර්වලකමකින්ද පීඩා විඳින්නට විය. ඔහු ඔහුගේ පක්ෂය වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කිරීමට උත්සාහ ගත්තත් හතළිස් තුන් හැවිරිදි වියේදී එයද අසාර්ථක විය. සෙනෙට් සභාවට ගිය පනස් පස් වැනි වියේදි ඔහු අන්ත පරාජයක් ලබා එයින් ඉවත් විය. එහෙත් වෙරයොදා පනස් අට හැවිරිදි වියේ දි යළිත් ඔහු සෙනෙට් සභාවට අතුළත් විය. ඔහු අතිශය බංකොලොත් වූවෙකු ලෙස හැඳින් වූ ඔහුගේම සමකාලීනයෝ ද සිටියහ. එහෙත් 1890 දී ඇමරිකාවේ ජනාධිපති වූ කල පරාජය වීම තුළින් ඔහු ලබා තිබූ පන්නරය කෙතරම් දැයි කාහටත් පැහැදිලි විය. ඒබ්‍රහම් ලින්කන් නම් වූ ඔහු එම අසමත් වීම් වලින් පන්නරය නොලබන්නට ඇමරිකා එක්සත් ජනපදයෙන් බිහි වූ කීර්තිමත් නායකයා ඔවුන්ට අහිමිවන්නට ද ඉඩ තිබුණා.


6.       සිතිවිලි වලට ඇති බලය පිළිබඳව විශ්වාස කරන්න
මිනිසෙකුගේ සිතෙන් උපදින සිතිවිලි වලට ඉතා විශාල බලයක් ඇතිබව පිළිගැනීමට බොහෝ අය මැලි වෙති. එහෙත් සත්‍ය එයමය. ධනාත්මක සිතුවිලි සාර්ථකත්වයටත් සෘණාත්මක සිතුවිලි අසාර්ථකත්වයටත් හේතුවන මූලික සාධකය බව දැන් ලෝකයේ බොහෝ මිනිසුන් අවබෝධ කරගෙන ඇති ප්‍රභල මූල ධර්මයකි.  ඔබට යමක් කල හැකි යැයි ඔබ දැඩිව විශ්වාස කරන්නේ නම් ඇත්තෙන්ම ඔබට එය කල හැකිය.


7.       කිසිවිටෙක ඔබ ඔබට එරෙහි නොවන්න.
‘‘මම වෙළෙන්දෙක් උපයන මුදල මට ජීවත් වීමටවත් සෑහෙන්නේ නැහැ. මම මානසිකව බිඳ වැටිලා.. මේ රැකියාව වැදගත් එකක් නෙවෙයි.‘‘
‘‘මට උදව් කරන්න ඔබට පුළුවන්ද?‘‘
එයට ඇති සෘජු පිළිතුර ‘බැහැ‘ යන්නයි. ඔබ ඔබේ වෘත්තීය කුමක් හෝ වේවා සෘණාත්මක සිතිවිලි සිතේ දරාගෙන එහි නිරතවන තාක්කල් ඔබට වෘත්තීය සාර්ථකත්වයක් ළඟා කරගත නොහැක.
ඔබේ  ඉලක්කයට ගැලපෙන අයුරින් මානිසක මට්ටම සකස් කර නොගන්නේ නම් ඔබට කිසදා සාර්ථක වීමට නොහැකිය.


8.       කෙටි ක්‍රම වලින් ඉලක්කය කරා ළඟා වීම නවත්තන්න.

‘‘ මට මුදල් නැහැ“ හෝ ‘‘මට තව ටිකක් ඉගෙන ගෙන තිබුණා නම් මා හිතන තැනට යන්න පුළුවන්“ ‘‘ මට ලොතරැයි දිනුමක් ඇදුනා නම්‘‘ වැනි දේවල් කම්මැලියන්ගේ අදහස් ලෙසට හඳින්වීමෙහි වරදක් නැත. ‘‘මම අවස්ථා පිළිබඳ විශ්වාස කරන්නේ නෑ“ දාර්ශනික බර්නාඩ් ෂෝ වරෙක පැවසීය. ‘‘ ලෝකයේ බොහෝ මිනිසුන් අවස්ථාවාදීයි. එහි වරදක් නැහැ. නමුත් සුදුසු අවස්ථාවන් නිර්මාණය කර ගැනීම ඔවුන් සතු කර්යයක් “ ඒ හැර කෙටි ක්‍රම හෝ කෙටි මාර්ග හඹාගොස් ඉලක්ක ඉටුකර ගැනීමට යාමෙන් සිදුවන්නේ ඔබ තවත් අසාර්ථක මිනිසෙකු බවට පත්වීම පමණි.

“සාර්ථකත්වය කරා යන කෙටි මඟක් නොමැත“ මෙය හොඳින් මතක තබාගන්න. ඔබ සොයාගෙන අවස්ථාව එන තුරු නොසිට අවස්ථාවන් නිර්මාණය කර ගැනීම සාර්ථකත්වය ලඟා කරගැනීමට ඇති වේගවත්ම මාර්ගයයි. 

Sunday, June 12, 2016

මින්පසු ඔබ ප්ලාස්ටික් බීම බෝතල් මිලදී ගන්නා විට අනිවාර්යෙන් එහි ලේබලය පරික්ෂා කරන්න. ප්ලාස්ටික් බෝතල් වල අඩියේ ඇති ලේබලයේ සදහන් වන දේ ඔබ දැනසිටියාද?

ප්ලාස්ටික් බෝතල් අද පරිසරයටද මහත් ව්‍යසනයක් බවට පත්වී ඇත. එමෙන්ම ප්ලාස්ටික් බෝතල් භාවිතා කිරීමෙන් ශරීරය සෞඛ්‍යටද බලපෑමක් ඇතිවේ. ඔබ මිලදී ගන්නා ප්ලාස්ටික් බීම බෝතල් වල අඩියේ සංකේත හා අක්ෂර දක්වා තිබෙනවා ඔබ දැක ඇති. එහෙත් ඒවයේ තේරුම් ඔබ දැන සිටියාද? පහත දැක්වෙන්නේ එවැනි සංකේත හා අක්ෂර වල දක්වා ඇති දේවල් ගැනයි.
01. PET හෝ PETE
මෙම බෝතල් වර්ගය එක් වරක් පමණක් භාවිතය සදහා නිපදවා ඇත. නැවත නැවත භාවිතා කිරීමේදී මෙම බෝතලය නිපදවීමට යොදාගන්නා අමුද්‍රව්‍ය වලින් පිටකරන දෑ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයට බාධා ඇති කළ හැකි අතර මේවා පිළිකා කාරකද වේ.

02. HDP හෝ HDPE
භාවිතයට වඩාත් සුදුසුම ප්ලාස්ටික් අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කර ඇත. සෞඛ්‍ය කෙරෙහි අඩුම බලපෑමක් ගෙන දෙන බෝතල් වර්ගය මෙයයි.

03. PVC හෝ 3V
මෙම බෝතල් නිෂ්පාදනය කිරීම සදහා විෂ රසායන ද්‍රව්‍යයත් භාවිතා කරන නිසා නැවත නැවත භාවිතා කිරීම සුදුසුම නැත. එමෙන්ම මේවා පිළිස්සීමේදී නිකුත්වන වායුව ආඝ්‍රානය කිරීමත් සෞඛට දැඩි තර්ජනයක් ඇතිකෙරේ.

04. LDPE
මෙම ප්ලාස්ටික් වර්ගය බොහෝ විට ප්ලාස්ටික් මලු නිෂ්පාදනය කිරීමට යොදාගනී. ශරීරයට ඇති අවධානම අඩුය. එහෙත් දිරාපත් නොවන නිසා පරිසරයට හානිකරය.

05. PP
මෙයත් අඩු අවදානම් සහිත ප්ලාස්ටික් වර්ගයකි. යෝගට් ඇසුරුම් හා ඖෂධ බහාලුම් නිෂ්පාදනය කිරීමට යොදාගනී

06. PS
මෙම ප්ලාස්ටික් වර්ගය Stiren නැමති පිළිකාකාරකය නිකුත් කරයි. මේවා බොහෝවිට භාවිතා වන්නේ ආහාර ඇසුරුම් කිරීමට හා කෝපි කෝප්ප නිෂ්පාදනය කිරීමටයි.

07. PC හෝ කිසිවක් සදහන් නොවන
භාවිතා කිරීමට නුසුදුසුම ප්ලාස්ටික් වර්ගය මෙයයි. මෙය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය වල BPA අඩංගු වේ.

මින් පසු ඔබ ප්ලාස්ටික් බීම බෝතල් මිලදී ගන්නේනම් විෂ අඩුම HDPE/PP බෝතල් මිලට ගන්න. PETE/PVC/PS/PC ප්ලාස්ටික් භාවිතය අවම කරන්න. මේවා නැවත නැවත භාවිතා කිරීමෙන් වළකින්න.



Thursday, June 9, 2016

ඉගිලීම, කිමිදීම වැනි අසාමාන්යග හැකියාවන් සහිත උග්ර විසැති නාගයින් වර්ග හතක්

ලොව පුරා වෙසෙන සර්ප විශේෂ දසදහසද ඉක්මවන අතර ඉන් නාගයින් විශේෂ 3000ක් පමණ වන බව හඳුනාගෙන තිබෙනවා. එයිනුත් විශේෂ 400ක් පමණ උග්‍ර විෂ සහිත නාගයින් සේ සැලකෙනවා. නාගයින් දේවත්වයෙන් අදහන ජන කොටස් ලෝකයේ විවිධ ප්‍රදේශවල අදටත් ජීවත් වන අතර පුරාණ ලංකාවේද මුහුද ආශ්‍රය කරගනිමින් ජීවත් වූ නාග නම් ජන කොට්ඨාෂයක් පිළිබඳව ඉතිහාසයේ දැක්වෙනවා.  ලෝකයේ වෙසෙන නාගයින් අතරින් ඔබ පුදුම කරවන සුවිශේෂි හැසිරීම් රටා ඇති නාගයින් විශේෂ කීපයක්  පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමටයි අප සූදානම් වන්නේ,
රාජ නාගයා - King cobra

සමහර විට King cobra නමින් නිර්මාණය වූ හොලිවුඩයේ චිත්‍රපටයක් ඔබ නරඹා තිබෙනවා වන්නට පුළුවන්. ඉතා දිගු සිරුරක් හිමි නිසා නාගයින් අතර රජු ලෙස නම් ලැබී ඇති මේ නාග විශේෂයේ  නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දියාව, දකුණු චීනය සහ ගිනිකොණ දිග ආසියාවයි. වසර 20ක් පමණ ආයුකාලයක් සහිත වැඩුණු රාජ නාගයෙක් කිලෝ ග්‍රෑම් 9-10ක් අතර බරකින් යුක්තය. කුඩා ක්ෂීරපායී සතුන්, වෙනත් කුඩා සර්පයින්, කටුස්සන් මොවුන්ගේ ප්‍රියතම ආහාරයන්ය.
නාගයින් අතර දිගින් වැඩිම නාග විශේෂය ලෙස රාජ නාගයින් සැලකෙන අතර හොඳින් වැඩුණු පසු මීටර් 5.5ක් පමණ දිගින් යුතුවනවා. ගොඩබිම විශාල ගස් මතද ජලයෙහිද ගැවසීම රාජ නාගයින්ගේ විශේෂත්වයක්. ඒ වගේම බිත්තර දැමීම සඳහා කූඩුවක් සාදන ලොව එම නාග විශේෂයද මොවුන්ය. උග්‍ර විෂ සහිත මොවුන්ගේ එක් දෂ්ඨ කිරීමකින් මිනිසෙක් පමණක් නොව විශාල අලියෙක් පවා මරණයට පත් කිරීමට හැකියාව තිබෙනවා.
කොමන් ඇඩර් - Common Adder


වසර 10-15 අතර කාලයක් අයුෂ හිමි මෙම නාගයින්ගේ නිජබිම ලෙස රුසියාව, කොරියාව, බ්‍රිතාන්‍ය, ස්කැන්ඩියාව වැනි රටවල් සැලකෙනවා. වැඩුණු සතෙකු ග්‍රෑම් 50-180 ත් අතර බරිකින් යුක්තය. බ්‍රිතාන්‍යයට අවේනික වූ විෂ සහිත එකම නාග විශේෂය මෙය  වන බව සැලකෙනවා. කටුස්සන්, කෘමීන් වැනි සතුන් ආහාරයට ගන්නා මොවුන්ගේ ඇස් පෙනීම, ගඳ සුවඳ දැනීම ඉහල මට්ටමක පවතින නිසා ඉතා වේගයෙන් ගොදුරු ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.
පාරාදීසයේ රුක් නයා - paradise tree snake

ගිනිකොණ දිග ආසියාව නිජබිම කරගත් මෙම නාගයින් වැඩි වශයෙන්ම වාසය කරන්නේ නිවර්තන වැසි වනාන්තරවල ශාකවල අතුපතර මෙන්ම කොළ අතරයි. මෙවුන්ගේ විශේෂත්වය වන්නේ ගසකින් ගසකට මීටර් 100කටත් වැඩි දුරක් පියාඹා යාමට ඇති අසාමාන්‍ය හැකියාවයි. ගස් කටුස්සන්, කුඩා කුරුල්ලන්, කුඩා වවුලන්, ගෙම්බන් ආදිය ආහාරයට ගන්නා මොවුන් ග්‍රෑම් 80ක් පමණ බරැති කුඩා නාග විශේෂයක් වේ.
ග්‍රීන් ඇනකොන්ඩා - Green Anaconda

ග්‍රීන් ඇනකොන්ඩාවන් ලොව සිටින විශාලම නාග විශේෂයයි. සිරුර ලා කොළ හා දුඹුරු පැහැයෙන් යුක්ත නිසා ග්‍රීන් ඇනකොන්ඩා ලෙස හඳුන්වයි. දකුණු ඇමරිකාව නිජබිම් කරගත් මොවුන් හොඳින් වැඩුණු පසු කිලෝ ග්‍රෑම් 200 -250ක් අතර බරකින් යුක්තය. දකුණු ඇමරිකාවේ නිවර්තන වැසි වනාන්තර තුළ පිහිටි මඩ ගොහොරු හා වගුරු බිම්වල වෙසෙන ග්‍රීන් ඇනකොන්ඩාවන්ගේ  ආහාර වන්නේ පක්ෂීන්, මුවන්, වල් ඌරන් වැනි සතුන්ය. වැඩුණු සතකුගේ සිරුරේ වට ප්‍රමාණය අඩියකට වඩා වැඩි වන අතර වසර 10ක පමණ ආයු කාලයක් හිමි මොවුන් ඉන් වැඩිම කාලයක් ගත කරන්නේ ජලය තුලයි. විෂ දළ හෝ විෂ රහිත මොවුන් පිඹුරන් ආකාරයෙන් ගොඳුර වෙලා ගැනීමේ උපක්‍රමය භාවිතා කරයි. වල් ඌරකු වැනි විශාල ගොඳුරක් ගිල දැමූ පසු මාසයක පමණ කාලයක් ආහාර නැතිව ජීවත් වීමට හැකිය.
කටුසු නාගයා - Legless Lizard

කටුස්සන්ගේ මෙන් ශරීරය මතුපිට පිම්බුණු කොරපොතු පිහිටන නිසා ‘‘පාද රහිත කටුස්සා‘‘ (Legless Lizard) ලෙස මොවුන් හඳුන්වයි. කටුස්සන්ගේ ගති ලක්ෂණ තවමත් මොවුන්ගෙන් ඉවත් වී නැතත් නාග විශේෂයක් ලෙස සලකන මොවුන් මීයන් කෘමීන් වැනි සතුන් ආහාරයට ගනී.
කාන්තාර නාගයා - Side winder Rattlesnake

උතුරු ඇමරිකානු කාන්තාර ප්‍රදේශ නිජ බිම් කරගත් මොවුන්ගේ ආයුෂ වසර 20-30 පමණ වේ. කාන්තර සර්පයින්. කාන්තාර මීයන් වැනි සතුන් ආහාර ලෙස ගන්නා මොවුන් ගමන් කරන්නේ ශරීරය ඉදිරියට හෝ පැත්තකට විසිකරමිනි. එක් ගමන් රටාවකදී සිරුර පොළවේ ගැටෙන්නේ දෙවරක් පමණි. කාන්තාර ප්‍රදේශවල වැලි අධිකව රත්ව තිබෙන බැවින් මෙවන් ගමන් රටාවකට මොවුන් හුරු වී ඇති බව විශේෂඥයින්ගේ මතයයි. ඇස්වලට සමීපව ඉදිරියට දිගු වූ අඟක් වැනි ස්වරූපයක් සහිත මොවුන්ගේ වැඩුණු සර්පයෙක් ග්‍රෑම් 200-400ක් පමණ බරකින් යුක්තය. සාමාන්‍ය දිග අඩි 1.5- 2.5 අතරය.
කහ උදර මුහුදු නාගයා - Yellow Bellied Sea Snake

ඉන්දියන් සාගරය සහ පැසිෆික් සාගරය නිජබිම කරගත් මෙම නාගයාට වසර 20ක පමණ ආයුකාලයක් හිමිය.  මුහුදු නාග විශේෂයක් වන නිසා මොවුන්ගේ ප්‍රධානම ආහාරය මත්ස්‍යයන්ය. ශරීරය මතු පිට කලු වර්ණයෙන්ද, බඩ ප්‍රදේශය කහ පැහැයෙන් ද යුත් මෙම නාගයන් ගේ සිරුරේ පිහිනීමට උපකාරීවන හබලක් වැනි වලිගයක් සහිතය. මුවෙහි ඇති ග්‍රන්ථියකින් නිතරම ලවණ ශ්‍රාවය කරමින් මුහුදු ජලයේ ජීවත් වීමට හැඩගැසි ඇති මොවුන්ට මීටර් 15ක පමණ ගැඹුරක පැය තුන හරතක් වුවත් පිහිනීමේ හැකියාව ඇත.

කීර්ති එස්. කුමාර

Wednesday, June 8, 2016

රසායන ද්‍රව්‍ය නැතුව ඔබේ නිවස පිරිසිදු කරගන්න ක්‍රම 05ක්


කෙතරම් සුරක්ෂිත යැයි ලේබල් ගසා තිබුනත් අද වෙළදපොලේ තිබෙන නිවාස පිරිසිදු කරන ද්‍රව්‍ය බොහෝමයක් ඒවා භාවිතයට ගැනීම එතරම් ආරක්ෂිත නැත. ඒවා භාවිතා කිරීමෙන් නිවාස කොතරම් පහසුවෙන් පිරිසිදු වූවත් ඒවාට ඇතුලත් කර ඇති ඇතැම් විෂ රසායනික ද්‍රව්‍ය නිසා නිවාස ඇතුලත පරිසරයටද ඒවා ඇතුලු වීමෙන් ලෙඩ රෝග ඇතිවීමට ඉඩ ඇත. පහත දැක්වෙන්නේ එවැනි පිරිසිදු කාරක රසායනික ද්‍රව්‍ය වලට ආදේශක වශයෙන් භාවිතා කළ දේවල්ය.
01. නානකාමරයේ ටයිල් මත බැදී ඇති පැල්ලම් ඉවත් කිරීමට


විනාකිරි සමග බේකින් සෝඩා මිශ්‍ර කර අදාල ස්ථානවලට යොදා විනාඩි කිහිපයක් තබා වතුර දමා සෝදා වියළි රෙදි කැබැල්ලකින් පිස දැමීමෙන් මෙම පැල්ලම් පහසුවෙන් ඉවත් කරගත හැක.
02. ජනෙල් වීදුරු වල ඇති දූවිලි සහ මඩ පැල්ලම් ඉවත් කිරීමට.

අමු අර්තාපල් අලයක් කපාගෙන වීදුරු වල ඇතුල්ලා පිරිසිදු රෙදි කැබැල්ලකින් පිස දැමීමෙන් මේවා ඉවත් කරගත හැක. තවත් ක්‍රමයක් නම් ඇමෝනියා දියර සහ ජලය පිලිවෙලින් 1ට 10 අනුපාතයට මිශ්‍ර කර තෙත කඩදාසි වලින් පහසුවෙන් පිරිසිදු කරගත හැක.
03.පොළවේ දිස්නය වැඩි කර ගැනීමට

ජලය ලීටර 1කට විනාකිරි කෝප්ප කාලක් මිශ්‍ර කිරීමෙන් මෙම මිශ්‍රණය සාදා ගත හැක. සිමෙන්ති හෝ ටයිල් පොළවක් නම් උණුවතුර යොදාගැනීම වඩාත් ප්‍රතිඵලදායක වේ.
04. එළවලු කපන ලෑල්ල පිරිසිදු කිරීමට

ලෑල්ල මතට ලුනු කුඩු ඉසීමෙන් පසුව කපන ලද දෙහි කැබැල්ලකින් අතුල්ලන්න. විනාඩි කිහිපයකින් පසුව නැවත අතුල්ලා උණු වතුරින් සෝදා හරින්න. ඉන්පසු ලෑල්ලේ තිබූ කුණු ද්‍රව්‍ය හා විෂ බීජ ඉවත් වී තියේවි.
05. ශීතකරනයේ ඇති ගද නැති කිරීමට

දෙහි යුෂ හා ජලය මිශ්‍ර කොට රෙදි කැබැල්ලකින් පිරිසිදු කරන්න. එමගින් ශීතකරණයේ ඇතුලත ගද හා විෂබීජ ඉවත්වනු ඇත. එම මිශ්‍රණයටම බේකින් සෝඩා ස්වල්පයක් එක් කර ගැනීමෙන් කුණු පැල්ලම්ද පහසුවෙන් ඉවත්වේ.

Tuesday, June 7, 2016

ලොව වැඩිම ආදායම් ඉපයූ Avatar චිත්රපපටයේ දෙවන කොටස ළගදීම

Terminator, alien, titanic, Avatar වැනි දැවැන්ත සිනමා නාර්මාණ බිහි කල අධ්‍යක්ෂකවරායා, හොලිවුඩ් චිත්‍රපට ප්‍රිය කරන ඔබ හොඳින්ම හදුනනවා.  ජේම්ස් කැමරන් නම් ඒ සුපිරි අධ්‍යක්ෂකවරයා ඔහු නිර්මාණය කල චිත්‍රපට හරහා රසිකයන් තුල උන්මාදයක් ඇති කරන්නට සමත් වුණා. 1997 දී ඔහු අධ්‍යක්ෂණය කල Titanic චිත්‍රපටය හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුලු ඔස්කාර් සම්මාන 11ක් හිමි කරගැනීමට සමත් වුණා. ඒ වගේම titanic චිත්‍රපටය තරම් තරුණයින් අතර උන්මාදයක් ඇති කල වෙනත් චිත්‍රපටයක් මෑත ඉතිහාසයේ දී බිහි නොවුනා යැයි අවිවාදයෙන්ම කියන්න පුළුවන්. එය කොතරම් ජනප්‍රිය වුවාද කියනවා නම් boxoffice චිත්‍රපට ලැයිස්තුවේ ලෝකයේ මෙතෙක්  වැඩිම ආදායම් ලැබු චිත්‍රපට අතර අංක එක ලෙස 1997 සිට 2009 වසර දක්වාම රැදී සිටින්නට සමත් වුණා.


2009 වර්ෂයේ දී ජේම්ස් කැමරන් විසින් තවත් දැවැන්ත චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒ Avatar චිත්‍රපටයයි. 
හෙලිවුඩ් චිත්‍රපට ලෝලියෙක් නම් ඔබත් අනිවාර්යෙන්ම මේ චිත්‍රපටය එක් වරකට වඩා නරඹා ඇතුවාට කිසිම සැකයක් නෑ.  මෙහි සජීවීකරණ තාක්ෂණය හා විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග භාවිතය හොලිවුඩ් සිනමාව නව මාවතකට යොමු කරන්න සමත් වුණා. ඇමරිකානු ඩොලර් මිලියන 237 පිරිවැයකින් නිර්මාණය වූ Avatar චිත්‍රපටය, සිනමා ලෝලීන්ට මෙතෙක් චිත්‍රපටයකින් නොලැබූ අළුත් අද්දැකීමක් ලබා දීමට සමත් වුණා. එම නව අද්දැකීම විදගන්නට සිනමා ලෝලීන්ගේ තිබූ කැමැත්ත නිසාම, ආදායම් අතින් ඉතා සාර්ථක වූ මෙය 2009 වර්ෂයේ සිට මේ වනතෙක්ම  ලොවපුරා වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ලයිස්තුවේ අංක 1 ස්ථානයේ පසුවනවා. චිත්‍රපටය ලොවු පුරා ලැබූ සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.788ක් පමණ වූ බවයි දැක්වෙන්නේ.



චිත්‍රපයටයේ මුල්‍යමය සාර්ථකත්වය හා අසීමිත ප්‍රේෂක  ප්‍රතිචාර Avatar චිත්‍රපටයේ තවත් කොටසක් නිර්මාණය කිරීමට සඳහා හොදින්ම ප්‍රමාණවත් වුණා. ඒ නිසාම Avatar 2 චිත්‍රපටය නිර්මාණය කර 2016 වර්ෂයේ දී ලොව පුරා තිරගත කිරීමට මුලින්ම සැලසුම් කර තිබුණත් විවිධ හේතුන් නිසා 2017 දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට නිෂ්පාදකයන්ට සිදුවුණා. තිරගත කිරීමේ දින සම්බන්ධව ඇති වු ගැටළුවක් නිසා චිත්‍රපටය තිරගත කිරීමේ සැලසුම නැවතත් 2018 දෙසැම්බර් මාසය දක්වා කල් තැබීමට සිදුවුණා. කෙසේ හෝ පසුගිය අප්‍රෙල් මස 15 වැනිදා චිත්‍රපටයේ රූගත කිරීම් නවසිලනත්යේ දී ආරම්භ වීම නිසා Avatar 2 චිත්‍රපටය 2018 වසර අග වන විට නියත වශයෙන්ම තිරගත වීම පිළිබඳ බලාපොරොත්තු වඩාත් තහවුරු වුණා.


තවමත් චිත්‍රපටයේ තිරපිටපත සම්බන්ධව වැඩි දුර තොරතුරු හෙලිකර නොමැති අතර ජේම්ස් කැමරන් අධ්‍යක්ෂකවරයා පවසා තිබුණේ  Avatar 2 චිත්‍රපටය තුලින් අළුත් ලෝකයක්, අළුත් හැසිරීම් රටාවක් සහ අළුත්ම සංස්කෘතියක් දැක ගත හැකි වන බවයි. ඔහු කළ ඉඟියට අනුව Avatar 2 චිත්‍රපටය වෙනස්ම ආකාරයේ ජීවන රටාවක් සහිත  අළුත් ජීවීන් කෙටසක් වටා ගෙතෙන බව සිතන්නට පුළුවන්.

Avatar පළමු චිත්‍රපටයට රංගනයෙන් දායක වු රංගන ශිල්පීන් සියලු දෙනාම පාහේ දෙවන චිත්‍රපටය සඳහා දායක වන බව වාර්තාවනවා. මෙහි ප්‍රධාන චරිතය වන Jake Sully ගේ චරිතය රගපෑ Sam Worthington සහ
Neytiri ලෙස රංගනයෙන් දායක වූ Zoe Saldana මෙවරත් එම චරිත සඳහා රංගනයෙන් දායක වනවා. පළමු චිත්‍රපටයේ දී මරණයට පත් වූ Dr. Grace Augustine ගේ චරිතය නැවතත් දෙවන චිත්‍රපටයට එක්කර ගැනීමට නිෂ්පාදකයින් ගත් තීරණය Dr. Grace චරිතයට ආදරය කරන බොහෝ දෙනාට  සුභ ආරංචියක් වුණා.  විද්‍යා ප්‍රබන්ධ වල දි කිසිවෙකුට මරණයක් අත් නොවේ යන කියමනට අනුව යමින් පළමු චිත්‍රපටයේ දී මරණයට පත් වූ Colonel Miles Quaritch දුෂ්ට චරිතයද නැවතත් චිත්‍රපයට සඳහා එක්කොට තිබෙනවා.


Avatar 2 චිත්‍රපටය තාක්ෂණික වශයෙන් හොලිවුඩ් සිනමාවට නවතාවන් එක් කිරීමට සමත් වෙතැයි බොහෝ දෙනා මත පළකරනවා. 2018 වසර අග දී ලොව පුරා සිටින Avatar රසිකයින්ට, අළුත් හැසිරීම් රටාවක් සහිත ජීවීන් වෙසෙන අළුත් ලෝකයක සිදුවන ත්‍රාස්‍යයෙන් පිරි සිදුවීම් පෙළක් සමඟින් සුපිරි සිනමා අද්දැකීමක් විදගන්න ගැනීමට හැකියාව ලැබේවි .

 ඒ වගේම  Avatar චිත්‍රපටයේ  තවත් කොටස් 3 ක් දක්වා ඉදිරියේ දී නිර්මාණය කිරීමට මේවන විටත් නිෂ්පාදකයන් සැලසුම් කර අවසන්. ඒ 2020, 2022 සහ 2023 යන වසර වලදීයි.