Monday, October 12, 2015

උදේම ඇහැරින එක මරණවා වගේ වැඩක්ද? එහෙනම් මෙන්න උදේම ඇහැරින මන්තරේ


උදෑසන අවදිවීම ගොඩක් වැදගත් දෙයක් කියලා ඹබ දන්නවාද? උදෑසන තමයි අපේ කාර්යක්ෂමතාවය ගොඩක්ම වැඩි වෙලාව. ලොව සාර්ථකත්වයට පත් පුද්ගලයින් හැම කෙනෙක්ම වගේ පුරද්දක් විදියට උදෑසනම අවදිවන අයයි.  ඔබත් උදේම අවදිවීමට පුරුදු වුණොත් ඔබගේ කාර්යක්ෂම වැඩිම වේලාව හොදින් භාවිත කොට ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. මේ සරල කරුණු 8 අනුගමනය කර උදේ අවදිනවන කෙනෙකු වී ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න.


1. කලින් දවසට වඩා මිනිත්තුවක් කලින් නැගිටින්න

අපි හැමදෙනාම වගේ උදෙන්ම නැගිටින්න කියලා හිතලා එලාර්ම් එක තියා ගන්නවා. එත් එලාර්ම් එක උදෙන්ම වැදුනත් අපි කරන්නේ එලාර්ම් එක නවත්වලා ආයෙත් නිදාගන්න එකයි. අන්තිමේදි අපි නැගිටින්නේ වෙනදා වෙලාවටමයි. උදෙන්ම නැගිටින්න අපහසු කාටත් තියෙන අත්දැකීමක් තමයි ඒක.

 ඒකට හේතුව තමයි අපේ ශරීරය ඒ වෙලාවට හුරුවෙලා තියෙන එක. උදේම නැගිටින්න අවශ්‍ය නම් මුලින්ම ශරීරය ඒ සදහා හුරුකර ගන්න වෙනවා.

ඔයා දැනට නැගිටින්න හුරුවෙලා තියෙන සාමාන්‍ය වෙලාවේ ඉදන් නැගිටින්න අවශ්‍ය කරන වෙලාව වෙනකම් ටිකෙන් ටික වෙලාව අඩුකර ගන්න එක තමයි හොදම ක්‍රමය

අපි හිතමු ඔයාට නැගිටින්න ඹ්නි හැමදාම උදේ 5.00ට කියලා. ඔයා දැනට නැගිටින වෙලාවට වඩා විනාඩියක් කලින් එලාර්ම් එක තියන්න. මේ විදියට දවස් 2කට වරක් විනාඩියෙන් විනාඩිය එලාර්ම් තියන වෙලාව අඩු කරන්න.

උදාහරණයක් විදියට ඔයා දැනට නැගිටින්නේ 6.30ට කියලා හිතමු.

ඔයාට නැගිටින්න ඕනි හැමදම 5.30ට නම්

හෙට උදේ 6.29ට එලාර්ම් එක තියන්න

දින දෙකකට පස්සේ 6.28ට එලාර්ම් එක තියන්න

තවත් දින දෙකකට පස්සේ 6.27ට, මේ විදියට 5.30 දක්වා ඔයාගේ ශරීරය ටික ටික හුරු කරන්න.

මාසයක් ගත වෙනකොට ඔයා විනාඩි 15ක් කලින් ඇහැරීවි. මාස කිහිපයකින් ඔයා බලාපොරොත්තු වන වෙලාවට ලේසියෙන්ම ඇහැරින්න පුළුවන් වේවි. මේ වැඩේට ටිකක් කල් ගියත්, මේ පුරුද්ද හරියට ඇති වුණාම ඒක වෙනස් නොවී දිගටම පවත්වාගෙන යන්න ඔයාට පුළුවන්.



2. පොඩි පොඩි ඉලක්ක පසුකර ඒ ජයග්‍රහණ වලින් උද්යෝගය ඇතිකරගන්න.

ඔයාට උදේ 5ට නැගිටින්න ඕනි නම්, එයට ළංවීම එක වරම කරන එක අමාරු දෙයක්. ඒ නිසා පොඩි ඉලක්ක හදා ගන්න. දැන් ඔයා නැගිටින්නේ උදේ 8.30ට නම් මුළින්ම 8.15 ට ඔයාගේ ඉලක්කය හදා ගන්න. ඒ ඉලක්කයට පසු කලාම ලොකු උද්යෝගයක් ඇතිවෙනවා. එයට හේතුව තමයි ඒක ඔයා ලබපු ජයග්‍රහණයක් වීම. මේ උද්යෝගය නිසාම ඔයාට ඉක්මනින්ම උදේ 8.00 අවදිවන ඉලක්කය පසු කරන්න පුළුවන්. පොඩි පොඩි ඉලක්ක පසු කරමින් උද්යෝගයෙන් ඔයා ඉදිරියට යන විට නොදැනීම උදේ 5ට ඇහැරින ඉලක්කයට ළගා වෙන විදිය හිතාගන්නවත් බැරි වේවි.


3. උදේම අවදිවන්න ඔබේ මනසට බලපෑම් කරන්න.

උදේම අවදිවන කෙනෙකු එක්ක හමුවක් වැනි වැදගත් කටයුත්තක් යොදා ගන්න.

මේක ගොඩක් හොද ක්‍රමයක් වෙන්නේ,

  1. එයින් අපිට වගකීමක් ඇතිවෙනවා. හේතුව ඔබට එම වැදගත් කටයුත්ත අතහරින්න බැරි නිසා.

  2. වැදගත්ම වැඩක් තියෙන විට අපේ ශරීරය විසින්ම අපව අවදි කරවනවා. සමහර විට ඔයාව එලාර්ම් එකටත් කලින්ම අවදිවෙවි.

මෙවැනි වගකීමක් තිබුණම ඔයාව අවදි කරන්නේ ඔරලෝසුව විතරක්ම නෙමෙයි. ඒ වගකීම නිසා මනසට ඇති කරන බලපෑම ඔබව එලාර්ම් කට වඩා හොදින් අවදි කරයි.


4.  ඔබ නිවසේ පරිසරය උදේ අවදි වීම පහසු කරවන ලෙස සකසා ගන්න.

ඔබේ එලාර්ම් ඔරලෝසුව නිදන කාමරයේ ඇදට ටිකක් දුරින් තියන්න. එවිට ඔබට එය නතර කිරීමට නැගිටලා යන්නම සිදු වෙනවා.

ඔබට හැකි නම් ගෙදර කෙනෙකුට ඔයාගේ තේ එක අවදි වෙනන් හිතන වේලාවට හදලා දෙන්න කියන්න. එවිට තේ බොන්න ඔබට නැගිටින්නම් වෙනවා.

5. ඔබගේ උදෑසන දින චර්යාවේ වැරදි තිබේනම් ඒවා සොයා බලා නිවැරදි කරගන්න.

ඔබට උදෑසන අවදි නොවීමට හේතු සොයාබලන්න. ඔබ දැනටත් ඒ වෙනුවෙන් කළ උත්සායන් අධ්‍යයනය කරන්න.

උදේම අවදිවන්න,

ඔබ ගත් පියවරයන් මොනවද?

ඒවා අසාර්ථක වූයේ ඇයි?

ඔබ අවදිවීමට වෙනස් පියවර අනුගමනය  කර තිබේද?

හොදින් අධ්‍යයනය කළොත් ඔබට හිතෙයි සමහර විට එය ඔබේ කාමරයේ ප්‍රශ්නයක් කියලා. උදාහරණයක් විදියට ඔබේ කාමරය අදුරු වීම එයට හේතුවක් වෙන්න පුළුවන්.

ඔබ ඔබටම අවංක වී කලින් ඔබ අසාර්ථක වීමට හේතු හොයාගෙන ඒවට විසදුම් ලබා දෙන්න.



6.  උදේම අවදිවීමට ඔයා ගොඩක් ආශා කරන හේතුවක් හදා ගන්න.

අපි හිතමු උදේම ඔයා ආදාරය කරන කෙනා හමුවෙන්න තියනවා කියලා. ඒ වගේ ඔයා ගොඩක් කැමති හේතුවක් තිබුණොත් ඔයා ඉක්මනින්ම අවදිවෙනවා.

ඒ නිසා උදේට ඔයා ගොඩක් කැමති දේවල් ඔයාගේ දින චර්යාවට එකතු කර ගත්තොත් ඔයාට උදේ අවදි වන එක තව දුරටත් දඩුවමක් වගේ වෙන්නේ නැහැ. උදේ ඇහැරින එක ඔයා ගොඩක් කැමැත්තේන් කරාවි.


7. ඔබගේ දියුණුව සටහන් කරගන්න

ඔබගේ ඇදට කෙලින්ම පෙනෙන තැනක කැලැන්ඩරයක් තබා ගන්න. එහි ඔබ උදේ අවදිවූ වේලාවන්, එලාර්ම් එකට කලින් අවදි වූ අවස්ථා, පසුවී අවදි වූ අවස්ථා සටහන් කරගන්න. එවිට ඔබගේ අඩු පාඩු ඉක්මනින්ම ඔබට දැක ගන්නටත්. ඔබගේ දියුණුව බලා ගන්නටත් ඔබට හැකිවේවි.


8. ඔබගේ මනසට උදේ අවදිවන්නන්ගේ මන්ත්‍රය කවාගන්න.

උදේ අවදිවීම සැම විටම රැදී තිබෙන්නේ තමන්ගේම ආත්ම විශ්වාසය තුලයි. ඔබ විශ්වාස කරන්නේ හැම විටම ඔබ උදේ අවදිවීමට නොහැකි පුද්ගලයෙක් ලෙස නම් ඔබට කිසිදාක උදේම අවදි විය නොහැකි වේවි.

උදේම අවදිවන අයගේ මන්ත්‍රය ඔබ දන්නවාද? එය වෙන කිසිවක් නොවෙයි ‘‘මම උදේම අවදිවන කෙනක්“ ලෙස ඔවුන් දැඩිව විශ්වාස කිරීමයි ඔවුන්ගේ මන්ත්‍රය.

උදේම අවදිවීම මුල් සති කිහිපයේ ඔබට ලේසියෙන් කල හැකි දෙයක් වන්නේ නැහැ. ඔබගේ ශරීරය මේ අළුත් රටාවට හුරු කළ යුතු වෙනවා. ඒත් ඔබ එයට හුරු වුවහොත් ඔබ කොතරම් පසුවී නින්දට ගියත් ඔබට උදෑසනින්ම අවදිවීමට හැකි වේවි. 

No comments:

Post a Comment