Thursday, December 31, 2015

නැවක් වරාය ඇතුලතදි හරි සුරක්ෂිතයි. හැබැයි නැව් හදල තියෙන්නේ වරායේ තියන්න

නෙවෙයි. ඈත දියඹට යන්න ඕනි. ඇත මුහුදු, දූපත් දකින්න ඕන. නිල් සමුදුර තරණය 

කරන්න ඕන. නැවක් වෙලා වරායට වී ඉඳීමෙන් පලක් නෑ. එතකොට හැමදාමත් නැව 

දකින්නේ ඒ වරායම තමයි. ඉලක්ක හඹා යෑමේ ශක්තිය අපි ලඟ තියෙනවා. විවිධ 

කාරණා නිසා අපි අපේ ඉලක්ක ජයග්‍රහණය කිරීම මග හරවා ගන්නවා. බොහෝවිට 

ඒක අවබෝධයේ පුංචි ගැටලුවක් වෙන්න පුලුවන්. 

අනාගතයේ ඉලක්ක ජයග්‍රහණය කිරීමට අතීතය හෝ අපි අතීතයේ කළ දේවල් 

බලපාන්නේ ඉතා සුළුවෙනි. වර්තමානය තුල හරියටම කටයුතු කිරීම තුලින් අනාගතය 

ජයගත් අය අප්‍රමාණයි. අපි කළ යුත්තේ එයයි. ඔබට ඉලක්කයක් ජයගැනීමට 

අවශ්‍යනම් පළමුව ඒ ඉලක්කය පැහැදිලිව තෝරා ගන්න. එයින් මනස පුරවා ගන්න. ඔබ 

වැනි අය ඕන තරම් ඉලක්ක ජයගෙන ඇති බව පමණක් සිතන්න. අතීතයේ සිදුවීම් 

සියල්ල අමතක කරන්න. වර්තමානයේ තම ඉලක්කය, සිහිනය තුල ජීවත් වෙන්න. 

නෞකාව වරායෙන් මුහුදට ගන්න තම ඉලක්කයට ආදරය කරන්න. ජයගන්නා බව 

අධිෂ්ඨාන කර ගන්න. එය ජය ගන්නවා නියතයි. හැම මනුෂ්‍යයෙක්ම දක්ෂයි. අපේ 

ජීවිතය අලුත් වෙන්න අපිට අළුත් බලාපොරොත්තු පැහැදිලව දකින්න පුළුවන් වෙන්න 

ඕන. ඒක පළමු කාරණාව. දෙවැනි කාරණාව තමයි අපිට හැරවුම් ලක්ෂයක් අවශ්‍යයි. 

නැව දියඹට ගන්න හේතුවක් ඕන වෙනවා. හේතුව දන්නේ ඔබයි, නැවියා ද ඔබයි



Tuesday, December 29, 2015

ඔබ සින්දුවක් ඇහෙනකොට තාලෙට ඇඟිල්ල හරි හොල්ලන කෙනේද? එහෙනම් ඔබත් යක්ෂ කුලයේ කෙනෙක්.

ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ සින්දුවක් හෝ වාදනයක් යන විට ඔබ ඊට අතින් හෝ කකුලෙන් තාලය තියනවද? නැත්නම් තමන්ගේ ඇඟට හෝ ලඟ තියෙන ද්‍රවව්‍යයකට තට්ටුවක් දානවද? මෙහෙම තාලය තියන එකේ ඉතිහාසය ඔබ දන්නවද?
ලෝකයේ සංගීත ඉතිහාසය සොයාගෙන යනකොට මුලින්ම බිහි වූ වාද්‍ය භාණ්ඩය මිනිස් සිරුර බව සොයාගෙන තියෙනවා කිව්වොත් ඔබ පුදුම වෙයි නේද? අතීත මිනිසා යම් ශබ්දයක් නිපදවා ගැනීමට තමන්ගේ සිරුරේ බඩට, පපුවට, කලවා වලට, ලංගේනද්‍රියන්ට ආදී අංගයන්ට තමන්ගේ අතින් පහර දුන්නා. ඒ වගේම තමන්ගේ කටහඬින් එක් එක් ශබ්ද නිකුත් කළා. ඔවුන් නොපෙනෙන බලවේග (ඉරහඳ, ගස්, ගල්) යදින අවස්ථා වලදී බහුල වශයෙන් මේ ආකාරයෙන් සිදුකළා. ඊට පස්සෙ ලී කෝටුවකින් තවත් ලීයකට තැලීමෙනුත්, සතුන්ගේ සම් ගස් බෙනයකට තබා බැඳ කෝටුවකින් තැලීමෙනුත්, පොළවේ වලවල් හාරා ඒවාට හම් එළා තැලීමෙනුත් ශබ්ද නිපදවා ගත්තා.
බෙර වාදනයේ ලෝක ඉතිහාසය එහෙම වෙද්දී අපේ මේ පුංචි ලංකාවේ බෙර වාදන ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඇදී යනවා. ඒකේ ප්‍රථම අවස්ථාව විදියට අපිට හම්බවෙන්නෙ විජය කුමාරයා ලංකාවට ආපු දවසේ ඇසුණ ශබ්දයයි. ඒ ශබ්දය මොකක්ද කියල අහද්දි කුවේණිය කිව්වෙ ඒ සිරසවස්ථුපුරයේ යක්ෂ කුල කාන්තාවක් විවාපත් කර දෙන උත්සවයේ ශබ්දයක් බවයි. එහිදී තූර්යඝොෂාවක් ඇසුණු බවය් මහා වංශයේ සඳහන් වන්නේ. දෙවනි අවස්ථාව තමයි පණ්ඩුකාභය රජතුමා චිත්තරාජ, කාලවේල යන යකුන් උදෙසා පවත්වපු කාර්තික උත්සවයට සමාන යකුන් පිදීමේ උත්සවය. තුන්වෙනි අවස්ථාව දේවානම් පියතිස්ස රජතුමා පවත්වාගෙන ගිය නාලාවචාරා තූර්ය වාදක කණ්ඩායම.
දේශීය සංගීතය ගැන පර්යේෂණ රාශියක් කරපු සී. ද එස්. කුලතිලක මහත්මයා කියන්නේ අපේ බෙර වර්ග, නැටුම මෙතරම් දීර්ඝ කාලයක් පැවතීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ මේ යකුන් ඇදහීමේ යාගකරණය බවයි. පසු කාලයේ ලංකාවට බුදු දහම ලැබීමත් ඊට සමගාමීව ශ්‍රී මහා බෝධයේ වැඩවමීමත් සමඟ පැමිණි බෙර වාදනය, නිර්මාණකරන ශිල්පීන් සිටීමත් නිසා ලංකේය වාදන කලාව තව තවත් පේෂණය වුණා.
මෙහෙම වර්ධනය වුණ ලංකාවේ වාදන භාණ්ඩ 60කටත් වැඩි ප්‍රමාණයක් තිබුණු බව දඹදෙනි අස්න, පූජාවලිය, මහාවංශය, සද්ධර්මරත්නාවලිය ආදී පොත් කියෙව්වොත් ඔයාට දැකගන්න පුළුවන්. ඒත් අද වෙනකොට මේ සා විශාල බෙර රාශියකගෙන් ඉතිරි වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි.
ඔයා මේ ලිපිය කියවනකොට ලංකාව ගැන ආඩම්බරයක් හිතෙනව වගේම මේ සා විශාල බෙර ප්‍රමාණයකින් ඇයි අපට අද බෙර වර්ග කීපයක් පමණක් ඉතුරු වුණේ කියලත් හිතෙනව ඇති. ඒ සෙරටම පිළිතුරු සහ අපේ බෙරවල රසවත් අතීත කතා ඊළඟ ලිපිවලින් ඔයාට කියවන්න පුළුවන්.
හැබැයි නිකමටවත් හිතුවද ඔයා සින්දුවක් ඇහෙදිදි ඇඟිල්ලෙන් තට්ටුවක් දානකොට ඔයා යක්ෂ කුලයේ කෙනෙක් කියල?
රුවන් චන්ද්‍රාධිපති
B.P.A.(SPL.)


ඔබ සින්දුවක් ඇහෙනකොට තාලෙට ඇඟිල්ල හරි හොල්ලන කෙනේද? එහෙනම් ඔබත් යක්ෂ කුලයේ කෙනෙක්.


රාවණ පරපුරටත් එහා සිට පැවත එන අපේ සිංහලයේ ආධිතම ජන පිරිසක් වන යක්ක ගෝත්‍රයේ සුවිශේෂී වූ බෙර ගැන ඔබ නොදත් ආඩම්බර හිතෙන සටහනක්






Friday, December 25, 2015

IMEI අංකයෙන් ඔබගේ දුරකථනයේ ගුණාත්මක බව පහසුවෙන් බලාගන්න

*#06# ඩයල් කර IMEI නොම්බරයේ 7 හා 8 අංක පරික්ෂා කරන්න.

00 නම්
Factory Original හොදම ප්‍රමිතියෙන් යුක්තයි.
01/10/07/70/19/91 නම්
Finland වාඩා හොදයි
02/20 නම්
UAE ගුණාත්මක බවින් අඩුයි
13 නම්
භාවිතයට නුසුදුසුයි
03/30 නම්
Korea සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි
04/40 නම්
China සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි
05/50 නම්
Brazil, USA, Finland සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි
08/80 නම්
Germany සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි
06/60 නම්
China, Mexico සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි

Monday, December 21, 2015

දැක්කම කන්න හිතෙන ස්ට්රෝබෙරි වලට ආස අය හැමෝම කියවන්න

ශ්‍රී ලංකාව යනු දේශීය වශයෙන් පලතුරු වර්ග 225 ක් පමණ වගාකරන, එමෙන්ම තවත් බොහෝ පලතුරු බහුල රටකි. මෙරටට ආවේණික මෙන්ම ආවේණික නොවන පලතුරුද බොහොමයක් අප විසින් වගා කර දේශීය වෙළඳ පොළට මෙන්ම විදේශීය වෙළඳ පොළටද නිකුත් කිරීම සිදුකෙරෙයි.

අද අප මෙසේ පැවසීමට සූදානම් වන්නේ විදෙස් රටක සිට ලංකාවට පැමිණ නැවත විදේශයන්ට පවා අපනයනය කරන මිහිරි පලතුරක් පිළිබඳවයි. රස මෙන්ම ගුණ සපිරි ස්ට්රෝබෙරි නම් මිහිරි පලතුර පිළිබඳවයි.
ස්ට්රෝබෙරි වගාවක් පිළිබඳව මුල් වරට අසන්නට ලැබෙන්නේ 18 වැනි සියවසේදී ප්‍රංශයේදීය. මුල් කාලයේදී කැලෑ පලතුරක් ලෙස සැලකුවද, පුරාණ රෝම සාහිත්යයේ සඳහන්ව තිබෙන්නේ ස්ට්රෝබෙරි ඖෂධයක් ලෙසින් සැලකූ බවයි.
කැලෑවේ තිබූ ස්ට්රෝබෙරි මුලින්ම උයන්වල වැවීමට හුරුවූයේ ප්රංශ ජාතිකයන් විසිනි. පසුව ඉතාලිය, ජර්මනිය ආදී රටවල් වලටද එතැනින් ලෝකය පුරාමද පැතිර තිබේ.

Fvesca, Fmoschata, F viridis, F Sylvestris, Semperflorens, F virginiana ආදිය අතීතයේ තිබූ ස්ට්රෝබෙරි වර්ග වේ.
1712 පමණ ප්රංශ ජාතිකයන් වර්තමානයේ භාවිත කරනු ලබන ස්ට්රෝබෙරි වර්ගය සොයාගනු ලැබූ අතර, වර්තමානය වනවිට හැඩය, පාට, රස අනුව ස්ට්රෝබෙරි වර්ග කරනු ලබයි.
ධාවක මගින් ව්යාප්ත වන ස්ට්රෝබෙරි ශාකයේ ජීව කාලය අවුරුදු දෙකක් පමණ වන අතර, වාණිජව වගාකිරීමේදී එය අවුරැද්දක පමණ කාලයකට සීමාකර නැවත වගා කරයි.
ස්ට්රෝබෙරි ලංකාවට නුහුරු සහ ආවේණික නොවන පලතුරක් වුවද, මේ වනවිට නුවරඑළිය පළාතේ සැපවත් දේශගුණය තුළ අක්කර ගණනාවක ස්ට්රෝබෙරි වගාකරන බව ඇසුවහොත් ඔබ විශ්මයට පත්වේවි. නමුදු එය සැබෑවකි. එපමණක් නොව ආගන්තුක පලතුරක් වන ස්ට්රෝබෙරි ඉහළම තත්ත්වයෙන් අපනයනය කිරීමටද ශ්රී ලංකාවට හැකි වී තිබීම විශිෂ්ට තත්ත්වයකි.

ශ්රී ලංකාවේ ස්ට්රෝබෙරි වගා කරන්නන් අතර ප්රමුඛස්ථානයක් ජැග්රෝ(JAGRO) ආයතනයට හිමිවේ. එම ආයතනය අක්කර 15 පමණ භූමි ප්රදේශයක සාර්ථකව ස්ට්රෝබෙරි වගා කරයි.
තුන් මාසයකින් පමණ අස්වැන්න ලබාගැනීමට හැකි ස්ට්රෝබෙරි පඳුරු මාස අටක් පමණ වනතුරු සාරවත් පලදාවක් ලබාදීමට සමත් වේ. ස්ට්රෝබෙරි සඳහා සුදුසුම දේශගුණය සෞම් දේශගුණය වන අතර, දැඩි හිරු රැසින් හා වැස්සෙන් ස්ට්රෝබෙරි වගාව ආරක්ෂා කරගත යුතුය.

ස්ට්රෝබෙරි පලදාව නෙළාගැනීමට සුදුසු කාලය තීරණය කරන්නේ සුවඳ සහ ප්රමාණය අනුවය. මෙම කාලය වනවිට ස්ට්රෝබෙරි ගෙඩිය අලංකාර රත් පැහැයක් ගනියි.
පල නෙළාගැනීමෙන් පසුව ස්ට්රෝබෙරි ගෙඩියේ ප්රමාණය අනුව විශාල, මධ්යම, කුඩා ආදී ලෙස වෙන්කොට අලෙවි කරන අතර, ඊට අමතරව මෙම පලදාව වෙන්කරන විශේෂ ක්රමවේදයක් නැත.
ස්ට්රෝබෙරි ඇසුරුම් ශාලාව තුළදී නියමිත උෂ්ණත්වය පවත්වාගනිමින් ප්රවේශම් සහගත ලෙස එකින් එක බර  අනුව අසුරනු ලබයි.
දේශීය වෙළෙඳ පොළ තුළ මෙන්ම විදේශීය වෙළෙඳ පොළ තුළද ස්ට්රෝබෙරි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති අතර ඇතැම් අවස්ථාවල ඉල්ලුමට සරිලන ලෙස සැපයුමක් ලබාදීමට අපහසු වන තරමේ ඉල්ලුමක් පවතී.

ස්ට්රොබෙරි වල පෝෂණ ද්රව් අඩංගු ආකාරය
ශක්තිය  කිලෝ ජූල් 136
කාබෝහයිඩ්රේට්  ග්රෑම් 7.68
සීනි ග්රෑම් 4.89
මේදය ග්රෑම් 0.3
ප්රෝටීන
විටමින් (B1) 2%
(B2)       2%
(B3)       3%
(B5)       3%
(B6)       4%
(B9)       6%
කෝලීන්  මිලිග්රෑම් 5.7
විටමින් C      මිලිග්රෑම් 58.8

විටමින් E      2%
විටමින් K      2
කැල්සියම්  2%
යකඩ 3%
මැග්නීසියම් 4%
මැංගනීස් 18%
පොස්පරස් 3%
පොටෑසියම් 3%
සෝඩියම් මිලිග්රෑම් 1
සින්ක් මිලිග්රෑම් 1
තවද ස්ට්රෝබෙරි ප්රතිඔක්සිකාරක ශක්තිය සහිත පලතුරකි.
දිව පිනවන, ඇස පිනවන මිහිරි පලතුරක් වන ස්ට්රෝබෙරි පලතුරක් ලෙස මෙන්ම ස්ට්රෝබෙරි මිශ් ආහාර ලෙසද ආහාරයට ගැනීමට පුළුවන. චොකලට්, අයිස්ක්රීම්, යෝගට්, කේක් ආදිය සමග මෙන්ම ජෑම් ලෙස සහ පානයක් ලෙසට ස්ට්රෝබෙරි ආහාරයට එක්කරගත හැකිය.

ස්ට්රෝබෙරි තුළ තිබෙන වූ anti-oxidant සහ anti-inflammatory නම් පෝෂ්යදායක නිසාම අතීතයේ රෝමානුවන් ස්ට්රෝබෙරි වටිනා ඖෂධයක් ලෙස සලකා තිබිණි.
හෘදය වස්තුව ආශ්රිත රෝග වළක්වාගැනීමට, රැධිරයේ සීනි මට්ටම සාර්ථකව පාලනයට, උගුරු දණ්ඩ, ගුද මාර්ගය, ගැබ්ගෙල හා පියයුරු පිළිකා මගහරවා ගැනීමට ස්ට්රෝබෙරි මහඟු ඖෂධයක් බව තහවුරු වී තිබේ. ස්ට්රෝබෙරිවල තිබෙන anti - oxidant රැධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පහළ දැමීමට උපකාරී වන බවද තහවුරු කරගෙන තිබේ.
ස්වාභාවිකව වගා කරන ලද ස්ට්රෝබෙරි කෝප්පයකින් දිනකට අවශ් විටමින් C 100% ක්ම ලබාගැනීමට පුළුවන.
එමෙන්ම ශරීරයේ බර අඩු කරගැනීමේ ආහාර වේලක් අනුගමනය කරන ඕනෑම කෙනෙකුට ආහාරය රසවත් කරගැනීමට මෙන්ම ගුණාත්මක කරගැනීමටද ආහාර වේල අතරතුර ස්ට්රෝබෙරි  අනුභව කළ හැකිය.

ස්ට්රෝබෙරිවල ඇති සෞඛ්යාත්මක ගුණාංග
ස්ට්රෝබෙරිවල ඇති නයිට්රෙට් මගින් රුධිර ගමනාගමනය හා පේශි සඳහා ඔක්සිජන් ප්රවාහනය 7% කින් වර්ධනය කරයි.

ගැබිනි මවුවරුන්ට අවශ් ෆෝලික් අම්ලයෙන් 20% ක් ස්ට්රෝබෙරි  ගෙඩි 8 ක් අනුභවයෙන් ලැබේ.
ස්ට්රෝබෙරි  අනුභවයෙන් හෘදය සම්බන්ධ රෝග සහ පිළිකා ඇතිකිරීම වළකයි. ස්ට්රෝබෙරි  යුෂ සමග මී පැණි මිශ් කර ආලේප කිරීමෙන් හිරු එළියෙන් සම දුර්වර්ණ වීම වළක්වාගත හැක.

ස්ට්රෝබෙරිවල ඇති අම්ලවලින් දත්වල මැලියම් ඉවත් කරයි.