Wednesday, October 28, 2015

නොවැම්බර් 13 ලංකාවට වැටෙනවා යැයි කියන විශාල ආකාශ වස්තුවේ ඇත්ත කතාව

හදුනා නොගත් ආකාශ වස්තුවක් 2015 නොවැම්බර් 13 වන දින පෙරවරු 11.50ට පමණ පෘතුවියට පතිත වන බවට Catalina Sky Survery හි අභ්‍යවකාශ නිරීක්ෂකයින් පිරිසක් අණාවරණය කරගෙන තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම ආකාශ වස්තුව පතිත වන්නේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට  කිලෝ මීටර් 65ක් පමණ දුරින් පිහිටි මුහුදු තීරයට වීමයි.

WTF1190F ලෙස නම් කර ඇති මේ ආකාශ වස්තුව මීට වසර 40 කට පමණ පෙර දියත් කල Apollo මෙහෙයුමේ හෝ මෑතකදී දියත් කල Lunar මෙහෙයුමේ යානාවක කොටසක් ලෙසයි විද්‍යාඥයින් අනුමාන කරන්නේ. මීටර් 2ක් පමණ විශාලත්වයකින් යුත් මෙහි ගමන් පථය මුල් වරට ගණනය කරනු ලැබුවේ 2012 වර්ෂයේදීයි. 

Astronomers at the European Space Agency  (Esa)  ආයතනයේ Near Earth Object කාර්යාලය මෙහි ගමන් පථය පිළිබදව ඉතාමත් හොදින් අධීක්ෂණය කරමිනුයි  සිටින්නේ. මුලින් මෙම වස්තුව පෘතුවිය වටේ ඉලිප්සාකාරව කක්ෂගත වී තිබී ඇති අතර එය පෘතුවීයේ සිට සද ට ඇති දුර මෙන් දෙගුණයක දුරින් තිබී ඇත. එහෙත් එය කක්ෂයෙන් මිදී පෘතුවිය දෙසට පැමිණීමට හේතුව අනාවරණය කරගැනීමට නොහැකි වී ඇත.
මිනිසුන් විසින් අභ්‍යවකාශයට මුදාහල විවිධ යානා වල සුන්බුන්  අභ්‍යවකාශයේ විසිරී තිබෙනවා. එවැනි කොටසක් ස්වභාවිකවම නැවත පෘතුවියට එන ප්‍රථම අවස්ථාව මෙය විදියටයි සැලකෙන්නේ.

Nasa ආයතනයේ විද්‍යාඥයෙක් වන Bill Gray මහතා පවසන්නේ පෘතුවි වායුගෝලයට ඇතුල් වූ පසු මෙහි විශාල ප්‍රමාණයක් දැවෙන අතර එය පතිත වීමෙන් විශාල මුහුදු රැලි ඇතිවීම හෝ හොලිවුඩ් චිත්‍රපට වල තරම් විනාශකාරී දෙයක් සිදු නොවන බවයි. තව දුරටත් ඔහු පවසන්නේ ‘‘මේක හරියටම මුහුදට වැටෙන තැන මාළු බාන්න නම් මම කොහොමටවත් යන්නේ නෑ‘‘ කියලයි. 

No comments:

Post a Comment