Friday, October 16, 2015

ඔබත් මේ එළවළු හා පළතුරු වල හොදම කොටස් ටික කෑමට ගන්නේ නැතිව ඉවත දමනවද


අපි එදිනොදා අහාරයට ගන්නා ගොඩක් එළවළු සහ පළතුරු වල පෝෂණ ගුණයෙන් යුක්ත කොටස් නොදැනුවත් කමින් ඉවත් කරනවා. ගොඩක් වෙලාවට අපි එහෙම කරනවා කියලා දන්නේත් නැහැ. මේ ඔයාල නිතර කෑමට ගන්න එළවළු හා පළතුරු වලින් කෑමට නොගෙන  ඉවත දාන එහෙත් පෝෂණ ගුණයෙන් ඉහල කොටස් කීපයක්.

ඇපල් පොත්ත
ගොඩක් අය ඇපල් කනකොට එහි පොත්ත ඉවත් කරන්නේ එහි දූවිලි සහ කල් තබා ගැනීමේ රසායන ද්‍රව්‍ය තියනවා කියන නිසයි. ඇපල් පොත්තේ අඩංගු වන quercetin කියන විශේෂ ප්‍රතිඔක්සිකාරකය නිසා පෙනහළු සහ මොලයට ප්‍රතිලාභ රැසක් අත් කර දෙනවා. ඇපල් පොත්ත මදයට වඩා කෙදි සහ විටමින් වලින්ද ගොඩක් වැඩියි. මේ නිසා ඇපල් පොත්ත ඉතාමත් ගුණ දායකයි. ඇපල් කනකොට කවදාවත් පොත්ත නම් ඉවත් කරන්න එපා. පොත්ත හොදින් සේදුවානම් හරි.

නිවිතිය දඩු
නිවිතිය පත්‍ර වල යකඩ අඩංගුයි කියල අපි හැමොම දන්නවා. අපි නිවිතය ආහාරයට ගන්නකොට ගොඩක් වෙලාවට එහි කොලය විතරයි ආහාරයට ගන්නේ.  ඒත් නිවිතිය දඩු වල glutamine කියන ඇමයිනෝ අම්ලය අන්තරගත වෙනවා. මේ ඇමයිනෝ අම්ලය අපේ ශරීරය සුවකිරීමේ, වර්ධනය කිරීමේ සහ අළුත්වැඩියාකිරීමේ කටයුතු වලට ඉතාමත් වැදගත් සංඝටකයක්.  නිවිතිය පිසගන්න කොළ කපන විට ඒ එක්කම දඩුත් පොඩිවට කපාගෙන ව්‍යාංජනයට එකතු කරගන්න.

දොඩම් ලෙල්ල
දොඩම් කියන්නේ විටමින් C සහිත ආහාරයක්. ඒත් දොඩම් ලෙල්ල සතු සුවිශේෂී ගුණ ගැන ඔබ දන්නවාද? දොඩම් ලෙල්ලට අපේ රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමේ සුවිශේෂී හැකියාවක් තියනවා. මේ හැකියාව කොලෙස්ටරෝල් වලට ලබා ගන්නා සමහර ඖෂධ වලටත් වඩා ප්‍රභලයි. ඒ විතරක් නෙවෙයි හදවත් රෝග වලින් අපව ආරක්ෂා කිරීමේ හැකියාවත් තියනවා. දොඩම් වලට විතරක් නෙවෙයි දොඩම් පවුලේ අනිත් පළතුරු මේ හැකියාවන් තියෙනවා. එහෙම කීවට දොඩම් ලෙල්ල පිටින්ම ආහරයට ගන්න බැහැ. ඒ නිසා දොඩම් ලෙල්ල කුඩා කැබලි වලට කුඩු කර ආහාර වලට එකතු කරගන්න.

බීට් රූට් කොළ
අපි ගොඩක් වෙලාවට කන්නේ බීට් රූට් වල අල විතරයි. සමහර වෙලාවට කොළ තිබ්බත් ඒවා ඉවත් කරනවා. ඒත් බීට් කොළ වල කෙදි, කැල්සියම්, යකඩ හා A , K යන විටමින් වර්ග අන්තර්ගත වෙනවා. ඒක නිසා බීට් පිසින විට කොළ ටික ඉවත නොදා ව්‍යංජනයට එකතු කරගත්තොත් ගොඩක් හොදයි.

පැණි කොමඩු පොත්තේ සිවිය
පැණි කොමඩු වල අපි හැම විටම ආහාරයට ගන්නේ රතුපාට මාංශල කොටස පමණයි. පොත්තත් එකක් ඉවත් කරන සුදු පාට කොටස අපි ආහාරයට ගන්නේම නැති තරම්. ඒත් ඔබ දන්නවාද මේ සුදුපාට කොටසේ L-citrulline කියන ඇමයිනෝ අම්ලය අන්තර්ගතයි කියලා. මෙයින් ශරීරයේ ක්‍රියාශීලී භාවය වැඩි කරන අතර මාංශ පේශීවල වේදනාව දුරු කිරීමේ හැකියවක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි රුධිරයේ නයිට්‍රජන් ඉවත් කිරීමේ හැකියාත් කොමඩු පොත්තට තියෙනවා. මීට පස්සේ කොමඩු කන විට පොත්ත රැහැල ඉවත් කරලා සුදු පාට කොටසත් එක්කම ආහාරයට ගන්න.

රාබු කොළ
රාබු කොළ නම් ගොඩක් අය ඉවත් දමන්නේ නැහැ. ඒත් රාබු කොළ කෑමට නොගන්න අය එහි පෝෂණ ගුණය දැනගත හොත් ඒවා නැවත ඉවත දමන එකක් නැහැ. මෙහි විටමින් A , K ඉතාමත් විශාල ප්‍රමාණයක් අන්තර්ගතයි. ඒ වගේම කෙදි, යකඩ, පොටෑසියම් සහ තවත් ඛණිජ ලවණද රාබු කොළ වල අන්තර්ගතයි.
අර්තාපල් පොත්ත
අර්තාපල් පොත්ත නම් අපි කොහොමටත් ආහාරයට ගන්නේ නැහැ. ඒත් අර්තාපල් පොත්තේ කෙදි, විටමින් B,C  යකඩ, කැල්සියම් සහ පොටෑසියම් අන්තර්ගත වෙනවා. ඔයාලට පුළුවන් නම් අල තම්බනකොට පොත්ත් එක්කම තම්බලා ආහාරයට ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

වට්ටක්කා ඇට
වට්ටක්කා ඇට අපි කවදාවත් වට්ටක්කා ව්‍යංජනයට දාන්නෙම නෑ. වැරදිලා හරි වැටිල තිබුණොත් අපි ඒ අටය අයින් කරල තමයි කන්නේ. ඒත් වට්ටක්ක ඇට කෝප්ප භාගයක දිනකට අවශ්‍ය මැග්නීසියම් ප්‍රමාණය අන්තර්ගතයි කියලා පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. මැග්නීසිය් අඩු වූ විට හෘද රෝග, ඔස්ටියෝ පොරෝසිස් සහ ඔළුවෙ කැක්කුම වගේ රෝග ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මේවගේ යකඩ සහ ප්‍රොටීන් ද අන්තර්ගතයි. වට්ටක්කා ඇට වල තවත් සුවිශේෂී ගුණාංගයක් වන්නේ අනවශ්‍ය කොලෙස්ටරෝල් පාලනය කිරීමට ඇති හැකියාවයි.
ඒත් අපි මුදල් ගෙවල හරි, ගෙදර හදල හරි ගන්න මේ ආහාරවල තියෙන වැදගත් පෝෂණීය කොටස් ආහාරයට නොගෙන නිකරුණේ අපතේ හරින එක අපරාධයක්. ඒ නිසා හැකි සැම විටම මේ දේවල් ආහාරයට ගෙන නිරෝගීව ඉන්න ඔයත් උත්සාහ කරන්න.  















No comments:

Post a Comment