Wednesday, February 22, 2017

බියර් බොන්නම හිතෙන හේතු හයක්

බියර් කියන්නේ ලෝකයේ තිබෙන පැරණිතම සහ ජනප්‍රියම ඇල්කොහොල් අඩංගු පානයයි. එය ජලය සහ තේ හරුණු විට  ලෝකයේ වැඩිම දෙනෙක් පාරිභෝජනය කරන  පානය ලෙස ද හඳුන්වනවා.බියර් නිපදවීමට සඳහා බහුල වශයෙන් බාර්ලි, තිරිඟු, ඉරිඟු හෝ සහල් යොදා ගනු ලබනවා. එසේම ලෝකයේ බොහෝමයක් බියර් නිපදවන්නන් බියර් රස ගැනීවීම සඳහා බීර මල් සාරය යොදා ගනු ලබනවා.

බියර් පානය කිරීම යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට ඉවහල් වන බව පර්යේෂණ වලින් හෙලිවී ඇති අතර දිනකට බියර් වීදුරවක් හෝ දෙකක් පානය කිරීම යහපත් සෞඛ්‍යක් පවත්වා ගැනීමට උපකාරී වන බව සොයාගෙන තිබෙනවා. එසේම අධික ලෙස බියර් පානය කිරීම අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති කිරීමටද හේතුවනවා.
බියර් පානය කිරීමෙන් ඔබට ලැබෙන සෞඛ්‍යමය වාසි කීපයක් පහතින් කියවන්න
1.       ඔබේ හදවත සුරකියි






සාමාන්‍ය වශයෙන් බියර් පානය කිරීමෙන් හෘදයාබාධ ඇතිවීමේ අවධානම 25-40% ප්‍රමාණයකින් අවම කරයි
2.       කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
ඔබේ සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම යහපත් තත්වයක පවත්වාගෙන යන්න බියර් වලට පුළුවන්
3.       අස්ථිවල ශක්තිමත් බව වැඩි කරයි
මාංශ පේශි සහ අස්ථි අතර සම්බන්ධයට වැදගත් වන  සිලිකන් විශාල ප්‍රමාණයක් බියර්වල අඩංගුව ඇති නිසා ඔබේ අස්ථිවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.
4.       වකුගඩු වල ගල් ඇති වීමේ අවධානම අඩුකරයි
බියර් පානය කිරීමෙන් වකුගඩු වල ගල් ඇති වීමේ  සම්භාවිතාව 40%කින් අඩු කරයි.
5.       දියවැඩියාව අවධානම අඩුකරයි
නිරන්තරව බියර් පානය කිරීම, දෙවන කාණ්ඩයේ දියවැඩියාවෙන් ඔබව ආරක්ෂා කරයි.
6.       මතක ශක්තිය වර්ධනය කරයි

බියර් පරිභෝජනය කිරීමෙන් මානසික ආතතිය දුරකරන අතර එය වයස්ගත වන විට ඇතිවන මතක ශක්තිය ගිලිහී යාම වලකයි.

Tuesday, February 21, 2017

වසර 4500කට පෙර මෙලොවින් තුරන් වූ මැමත් අලින්ට යළි පණ දෙයි


මීට වසර 4500කට පෙර, අවසන් අයිස් යුගයේ දී මිහිමතින් තුරන් වී ගිය යෝධ මැමත් සත්වයින් නැවතත් බිහි කිරීම ඉතා නුදුරේදීම සිදුකල හැකිවෙතැයි හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් පවසනවා.

සයිබීරියාවේ අයිස් තට්ටුවකින් සොයා ගන්නා ලද මැමත් සත්වයකුගේ අස්ථි කොටසකින් සහ හම් කැබැල්ලකින් ලබාගත් DNA අනු මඟින් කලලයක් නිර්මාණය කර,  එය කෘතිමව සකසන ලද ගර්භාෂයක් තුල වර්ධනය කිරීම ඔවුන්ගේ සැලසුමයි. මීට පෙර කලලය වර්ධනය කිරිම සඳහා වර්තමානයේ ජීවත් වන අලියෙකු යොදා ගැනීමට ඔවුන් සැලසුම් කලත්, එම සතුන්ට දැඩි වේදනා විදීමට සිදුවනු ඇතැයි එල්ල වූ දැඩි විවේචන නිසා එය අත්හැර දැමීමට ඔවුන්ට සිදුවිය.

2015 වර්ෂයේ සිට මෙම පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, වර්තමානයේ ජීවත් වන අලි ඇතුන් හතළිස් පස් දෙනෙකුගෙන් පමණ ලබාගත් DNA අනු සමඟ සංයෝග කර මැමත් DNA අනුවෙහි සංස්කරණයන් අද දක්වාම සිදු කරමින් පවතිනවා.
පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය  George Church පවසන අන්දමට මෙසේ සිදුකරන ලද  DNA සංස්කරණයන් තුලින් බිහි වන මැමත් සත්වයින් වර්තමානයේ පවතින දේශගුණික තත්වයන්ට ගැලපෙන ලෙස නිර්මාණය කල හැකි බවයි. නමුත් ඔවුන් තවමත් එම තත්වයට පැමිණ නැති බව පවසන ඔහු තවත් අවුරුදු දෙකකින් පමණ මෙය සිදුකල හැකිවනු ඇති බවත් පවසනවා.


කෙසේ වුවද මැමත් සත්වයින්ගේ  ශරීර වර්තමානයට ගැළපෙන පරිදි නිම කිරීම සඳහා සහ අතීතයේ සිටි මැමත් සත්වයින්ට 100% සමාන වන අයුරින් මැමත් සත්වයින් බිහි කිරීමට තවදුරටත් පර්යේෂණ සිදුකරන බව මහාචාර්ය George Church වැඩිදුරටත් පවසා සිටියා.

Monday, February 20, 2017

මෙන්න ලෝකයේ ජනප්රිනයම පූසා, රසිකයින් මිලියන 3ත් පසුකලා

සමහරවිට ඔබ මේ කියන්න යන පූසාව මීට පෙර අන්තර්ජාලයේ දී දැකලා තියෙන්නත් පුළුවන්. එහෙම කියන්න හේතුව Nala කියන මේ පූසා තමයි ලෝකයේ ඉන්න ජනප්‍රියම පූසා. විශේෂයෙන්ම මෙයා ගොඩක්ම ජනප්‍රියවෙලා තියෙන්නේ අන්තර්ජාලය තුල. මෙයා අන්තර්ජාලයේ කොයිතරම් ජනප්‍රියයි ද කියනවා නම් Instagram වෙබ් අඩවිය තුල Nala ට රසිකයින් මිලියන ගණනක් ඉන්නවා. මෙයාගේ රසිකයෝ සංඛ්‍යාව  මිලියන එකක් දෙකක් නෙවෙයි මිලියන 3.4ක්. විශ්වාස කරන්න පුළුවන්ද පූසෙකුට මේච්චර රසිකයෝ පිරිසක් ඉන්නවා කියලා කව්වම.
මේ පූස් පැටියගේ අයිතිකාරය තමයි Varisiri Mathachittiphan කියන්නේ. මේ පූසා පුංචිම කාලේ වෙනත් කෙනෙක්ගෙන් තමයි හදාගන්න අරන් තියෙන්නේ. ඒ කාලේ ඉදින් මේ පුසාගේ පින්තූර අරන් අන්තර්ජාලයේ තමන්ගේ යාළුවොන්ට සහ පවුලේ අය සමඟ share කරන්න Varisiri පටන් අරන් තියනවා. කොහොම හරි අන්තිමේදී කව්රුත් නොහිතපු විදහට Nala ගේ ඡායාරූප වේගයෙන් Instagram තුල ජනප්‍රිය වෙන්න පටන් අරන් තියනවා.

ලෝකයේ ජනප්‍රියම පූසාගේ Instagram පිටුවේ ඇති අතිශය ජනප්‍රිය වූ ඡායාරූප කීපයක් පහතින් බලන්න
















චිත්රiපටවල පමණක් දුටු පියාඹන ටැක්සි ජූලි මාසයේ සිට සැබෑ ලෝකයේදීත්

2020 වසරේදී පැයට කිලෝමීටර් 1000 ඉක්මවා යන අධිවේගී Hyper loop  ප්‍රවාහන සේවාව හඳුන්වාදීමට සැරසෙන ඩුබායි නගරය තවත් විප්ලවීය ප්‍රවාහන සේවාවක් නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට සූදානම්වන බව දැනගන්නට ලැබෙනවා.

පැයට කිලෝමීටර් 1100ක වේගයෙන් ගමන් කරන අනාගතයේ අධිවේගී ප්‍රවාහනය 

මේ පිළිබඳ මාධ්‍යට තොරතුරු හෙලිකල ඩුබායි මහාමාර්ග හා ප්‍රවාහ ඒජන්සිය පැවසුවේ 2017 ජූලි මාසයේ සිට පියාඹන ටැක්සි සේවාවක් එහෙමත් නැතිනම් මගී ප්‍රවාහන ඩ්‍රෝන සේවයක් අරම්භ කරන බවයි.


චීනයේ නිෂ්පාදිත eHang 184 ඩ්‍රෝන යනාව මේ වෙනුවෙන් දැනටමත් අත්හදා බලා අවසන්ව ඇති අතර එම යනයක් තුල වරකට කිලෝග්‍රෑම් 100ක උපරිම බරින් යුත් එක් මඟියෙකුට විනාඩි 30 කාලයක් පියාසර කිරීමේ හැකියාව පවතිනවා.

මෙම යානාව එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු කිලෝමීටර් 50ක දුරක් ගමන් කල හැකිවනවා සේම පැයට කිලෝමීටර් 160ක උපරිම වේගයක් ලබාගත හැකි බව ද සඳහන්.

යානය තුල ඇති touch screen පරිගණකයේ මඟියාට ලඟා වීමට අවශ්‍ය ගමනාන්තය සටහන් කිරීමට පහසුකම් සලසා ඇති අතර යානයේ පාලනය ප්‍රධාන පාලක මැදිරියෙන් ලබා දෙන විධාන අනුව සිදුවනවා.


වෙඩි ප්රදහාරයකින් විකෘති වූ මුහුණට වෙනත් මුහුණක් බද්ධ කල විශ්මිත සැත්කම

ලෝකයේ අතිශය දුර්ලභ ශල්‍යකර්මයක් ලෙස සැලකෙන මුහුණු බද්ධ කිරීමේ සැත්කමක් ඉතා සාර්ථක ලෙස සිදුකිරීමට ඇමරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබෙනවා. මීට පෙර ලෝකයේ මෙවැනි අතිශය සංකීර්ණ මුහුණු බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදුකර තිබුණේ අවස්ථා කිහිපයකදී පමණයි.
2006 වසරේ නත්තල් උදාවට දින දෙකක පෙර Andy Sandness නම් තරුණයා, සියදිවි නසා ගැනීමේ අරමුණින් තම නිකට මත තබා ගත් රයිෆලයකින් සිදුකල වෙඩි තැබීමක් නිසා ඔහුගේ මුහුණට දැඩි හානි සිදු වුවත් ඔහුගේ දිවි බේරා ගැනීමට හැකිවුනා.

කෙසේවෙතත් මෙම වෙඩි පහර නිසා ඔහුගේ හකු ප්‍රදේශය සහ නාසය සම්පූර්ණයෙන්ම විනාශ වී, ඔහුගේ මුඛයට දැඩි හානි සිදු වූ අතර දත් දෙකක් ඉතිරි වන්නට අනෙක් දත් සියල්ල ගැලවී ගොස් තිබුණා. එසේම ඔහුගේ වම් ඇසේ පෙනීම ද අඩු වී ගොස් තිබුණා.


සියදිවි නසා ගැනීමට තැත් කිරීම නිසා තමා සිදුකර ගත්තේ වරදක් බව තේරුම් ගත් Andy ඔහුගේ විකෘති වූ මුහුණ නිසා වසර ගණනාවක් දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වී තිබුණා. වෛද්‍යවරුන් මුහුණ බද්ධ කිරීමේ සැත්කමක් කල හැකි බව පවසා සිටියත් එයට අවශ්‍ය අවයව පරිත්‍යාග කරන්නෙකු හමු නොවීම නිසා සැත්කම ප්‍රමාද කිරීමට සිදුවුණා.
අවසානයේ දී , මේ අතිශය දුර්ලභ ශල්‍යකර්මය සඳහා අවශ්‍ය මුහුණ , තවත් සියදිවි හානිකර ගැනීමක් සිදුකළ කැලන් රොස් නමැති තරුණයෙකුගෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි වුණා. ඔහු සිය ශරීර අවයව පරිත්‍යාග කිරීමට බැඳී සිටි නිසා සැත්කම සඳහා අවශ්‍ය අවයව ලබා ගත හැකි වුවත්  ඔහුගේ බිරිඳ තම සැමියාගේ මුහුණ වෙනත් අයෙකුගෙන් දැකීමට කැමත්තක් දැක්වූයේ නැහැ. නමුත්, මෙම මුහුණු බද්ධයේදී ශල්‍යකර්මයට බඳුන් වූ Andy ගේ නළල හා ඇස් මෙම නව මුහුණට ලැබෙන බැවින් එය සම්පූර්ණයෙන්ම තම මියගිය ස්වාමියාගේ (රොස්) මුහුණ නොවන බැවින් ඇය අවසානයේදී කැමැත්ත ලබාදී තිබුණා.

අවයව පරිත්‍යාග කරන්නාගේ කැමැත්ත ලැබීමෙන් පසු මෙවැනි දුර්ලභ සැත්කමක් සිදුකිරීම සඳහා වසර තුනකට අධික පුහුණුවක් ලබා සිටි විශේෂඥ වෛද්‍ය Samir Mardini අතුළු කණ්ඩායම ශල්‍යකර්මය ආරම්භ කළා.

එහිදී, මියගිය රොස් තරුණයාගේ නාසය, කම්මුල්, කට, තොල්, හක්ක, නිකට මෙන්ම දත් ඇන්දද Andy වෙත මෙම ශල්‍යකර්මයේ දී බද්ධ කර තිබෙනවා. ශල්‍යකර්මය අවසාන් වී යළි ප්‍රකෘති තත්ත්වයට පැමිණි සෑන්ඩ්නස් මුලින්ම කැඩපතක් ඉදිරියේ තම නව මුහුණ දකින විට පුදුමයට පත්ව ඇත්තේ තමා බලාපොරොත්තු වූවාටත් වඩා සුවිශේෂී මුහුණක් තමා වෙත ලැබී තිබූ බැවිනි.


ජීවිතය තොර කරගැනීමට ගත්, එක් වැරදි තීරණයක් නිසා වසර 10කට වැඩි කාලයක් දැඩි අපහසුතාවයට ලක් වු Andy Sandness නූතන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාරයක් බඳු මුහුණ බද්ධ කිරීමේ සැත්කම නිසා නැවතත් ජීවය ලැබුවා. තම ජිවිතය තොර කරගැනීමට එදා ගත් තීරණය කොතරම් වැරදිද යන්න තමාට පසුගිය වසර කිහිපය පුරාවට දැනුණු බව Andy අද පවසනවා.

Friday, February 17, 2017

දිනකට ප්රවමාණවත් නින්දක් නොලැබීම ඔබ හිතනවාටත් වඩා භයානකයි

දිනකට ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට කොතරම් බලපෑමක් සිදුකරනවා ද? යන්න පිළිබඳව සොයා බැලීමට ඇමරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ UW Medicine Sleep Center හි විද්‍යාඥයින් කණ්ඩාමයක් සිදුකල සමීක්ෂණයක තොරතුරු මාධ්‍යට හෙළිකර තිබෙනවා.

එම විද්‍යාඥයින් කණ්ඩායම මෙම සමික්ෂණය සඳහා නිවුන් පුද්ගලයින් 11 දෙනෙක් යොදා ගෙන ඇති අතර එක් එක් නිවුන් සහෝදරයින්ගෙන් එක් අයෙකුට පමණක් ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට සලස්වා තිබෙනවා. ඉන්පසුව ඔවුන්ගෙන් ලබාගත් රුධිර සාම්පල පරීක්ෂාවට ලක් කර  තිබෙනවා.
එම රුධිර පරීක්ෂාවෙන් හෙළිවී ඇත්තේ දිනකට ප්‍රමාණවත් නින්දක් ලැබූ නිවුන් සහෝදරයන්ට වඩා නින්ද නොලැබූ අයගේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පවතින බවයි.
මේ අතර ප්‍රමාණවත් නින්ද නොලැබූ පුද්ගලයන් විවිධ රෝගී තත්වයන්ට ඉක්මනින් ගොදුරුවන අතර එම රෝග  සුව වීම කල්ගත වීමටත් මෙම තත්වය හේතුවන බව ඔවුන් ප්‍රකාශකරනවා. ප්‍රමාණවත් නින්දක් නොලැබීම, දියවැඩියාව වැනි රෝගවලටද සෘජු ලෙස බලපාන බවයි එම පර්යේෂකයින් තවදුරටත් පෙන්වා දෙන්නේ. එසේම ඔවුන්ගේ පරික්ෂණවලට අනුව ප්‍රමාණවත් නින්දක් නොලැබූ පුද්ගලයන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ද පවතිනවා.


කෙසේ වෙතත් ඔවුන් එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ සෑම පුද්ගලයෙකුම දිනකට අනිවාර්යෙන්ම පැය 7ත් 8ත් අතර ප්‍රමාණයක නින්දක් ලබාගතයුතු බවයි.