Wednesday, November 30, 2016

1800 වර්ෂයක උපත ලබා තවමත් ජීවත් වන ලෝකයේ අවසාන පුද්ගලයා


නොවැම්බර් මාසයේ 29 වෙනිදා 117 වෙනි උපන් දිනය සැමරූ Emma Morano අත්තම්මා තමයි ලෝකෙ දැනට ජීවත් වෙලා ඉන්න මිනිසුන් අතරින් වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ අත්තම්මගේ තවත් විශේෂම දෙයක් තිබෙනවා. ඒ තමයි 1800 වර්ෂයක උපත ලබා තවමත් ජීවත් වන ලෝකයේ අවසාන පුද්ගලයා විම.


Emma අත්තම්මා ඉපදිලා තියෙන්නේ 1899 අවුරුද්දේ ඉතාලියේ Vercelli නම් ප්‍රදේශයේ. මේ අත්තම්මට අවුරුදු 15 දී තමයි පළමුවන ලෝක යුද්ධය පටන් අරගෙන තිබෙන්නේ. ඒවගේම අත්තම්මට අවුරුදු 28 ක් විතර වෙන කාලේ තමයි මුලින්ම රූපවාහිනියක් නිපදවලා තියෙන්නේ.  Emma අත්තම්මා මේ වනවිටත් 19 වෙනි සියවසේ උපන්, ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතටත් එක්වී හමාරයි.

ඇයගෙන් මේ විදහට දීර්ඝායුෂ ලැබීමේ රහස කුමක් දැයි ඇහුවම ඇය ප්‍රකාශකර තිබුණේ “මම දිනකට බිත්තර දෙකක් ආහාරයට ගන්නවා. එක තමයි රහස.“ යනුවෙනුයි.


ඇයට අවුරුදු 20 දී වෛද්‍යවරයෙක් මේ විදහට දවසකට බිත්තර දෙකක් ආහාරයට ගන්න කියලා උපදෙස් දීල තියනවා. ඉතිං මේ අත්තම්මත් අවුරුදු 97 තිස්සේම දවසට බිත්තර 2ක් කන පුරුද්ද දිගටම සිදුකරගෙන ඇවිත් තියනවා.

No comments:

Post a Comment