Thursday, December 1, 2016

චීනය ලොව දරුණුම කේලමා නිපදවයි

ලෝකයේ ප්‍රභල රටවල් හැම විටම තම යුධ ශක්තිය පවත්වා ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රම අත්හදා බැලීමට යොමු වෙනවා. එසේ සිදුකරන නව සොයාගැනීම් වෙනුවෙන් විශාල මුදලක් අයෝජනය කිරීමට ඔවුන් කිසිවිටකත් මැලි වන්නේ නැහැ.
චීනය කියන්නෙත් ලෝකයේ ප්‍රබලම යුද ශක්තියක් තිබෙන බලවත් රාජ්‍යයක් බව ඔබ දන්නවා. පසුගිය කාලය පුරාම චීනය ඔවුන්ගේ ගුවන් ශක්තිය වර්ධනය කිරිම වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දැක් වූ අතර  J20 වැනි නවීන දිගු දුර ප්‍රහාරක යානා චීන ගුවන් හමුදාව වෙනුවෙන් නිපදවනු ලැබුවා. නියමුවන් සහිත ගුවන් යානා වලට අමතරව නියමුවන් රහිත යානා නිපදවිමටද ඔවුන් කටයුතු කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස නවින තාක්ෂණයෙන් යුතු CH-5 නැමති ප්‍රහාරක ඩ්‍රෝනයක් නිපදවා තිබෙනවා. පසුගිය දිනවල දී චීනයේ Zhuhai හි පැවති අන්තර්ජාතික ගුවන් සේවා ප්‍රදර්ශනයේදී මුල්වරට මෙය මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණා.
මෙම  ඩ්‍රෝන යානාවන්ට දින දෙකක් එක දිගට ඉන්ධන පිරවීමකින් තොරව සැතපුම් 12,500ක් දුරින් පිහිටි ඉලක්ක වෙත ගොස් බෝම්බ හෙලීමට හා ඔත්තු බැලීමට හැකියාව තිබෙනවා. දැනට ලෝකයේ නිපදවා ඇති දියුණුතම ප්‍රහාරක හා ඔත්තු බැලීමේ ඩ්‍රෝනය ලෙස සැලකෙන මෙයට රේඩාර්වලට හසු නොවී ගමන් කිරීමට ද හැකියි.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා ද “කේලමා“ නමින් ප්‍රචලිත වූ ඔත්තු බලන ඩ්‍රෝන යානයක් යොදාගෙන තිබුණා. මේ වන විටත් IS හා බෝකෝ හාරම් වැනි ත්‍රස්ත කණ්ඩායම් තුරන් කිරීම සඳහා ප්‍රහාරක හා ඔත්තු බලන ඩ්‍රෝන යානාවන් විශාල වශයෙන් යොදා ගනු ලබනවා. මෙම CH-5  ඩ්‍රෝනය මිලදී ගැනීම සඳහා ද රටවල්  කිහිපයක් දැනටමත් ඉල්ලුම් කර ඇති අතර ඉදිරියේදී ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව මෙහි නිර්මාණකරුවන් පවසනවා.






No comments:

Post a Comment