Friday, November 25, 2016

නිතර ඔබ ළඟ තබාගෙන ඉන්න, වැසිකිළියටත් වඩා අපිරිසිදු දේවල් 18ක්


ගොඩක් අය හිතාගෙන ඉන්නේ ගෙදරක තියෙන අපිරිසිදුම ස්ථානය වැසිකළිය කියලා. එහෙම හිතාගෙන හිටියට එකේ ඇති වැරැද්ද මොකද්ද කියලා දැන් හිතනවා ඇති. ඒත් ඇත්ත ඒක නෙවෙයි. අපේ ගෙවල්වල දී වගේම පොදු ස්ථානවල  දී අපි නිතරම භාවිතා කරන,  වැසිකිළියටත් වඩා අපිරිසිදු තවත් දේවල් තියනවා. බැක්ටීරියා වලින් පිරුණු මේ දේවල් ඒතරම් අපිරිසිදු බව නොදැන සිටීම නිසා, නිසි පිරිසිදු කිරීමකින් තොරව නිතර දෙවේලේ පාවිච්චියට ගන්නවා. ඒවගේ අපි නිතරම භාවිතා කරන, සංඛ්‍යාත්මකව වැසිකිළියටත් වඩා අපිරිසිදු දේවල් කීපයක් තමයි මේ.

දොර අගුල




ගෙදර ඉන්න හැම දෙනාම අපිරිසිදු අත්වලින් නිතරම අල්ලන දෙයක් තමයි දොර අගුල.. කෙයිතරම් අපිරිසිදු වුනත් වැසිකිළිය පිරිසිදු කරන තරම් අපි දොර අගුල පිරිසිදු කරන්නේ නැහැනේ. ඉතිං වැසිකළියට වඩා දොර අගුල අපිරිසිදු වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

හොටෙල් අහාර ලේඛනය

හෝටලයකදී අපිට ලැබෙන menu එක ආසන්න වශයෙන් වැසිකිළියකට වඩා සිය ගුණයක් බැක්ටීරියාවලින් පිරී තිබෙනවා.

යතුරු පුවරුව

පරිගණකයේ යතුරුපුවරුව  නිතර පිරිසිදු නොකරන දෙයක්. ඒ නිසාම වැසිකිළියකට වඩා දෙසිය ගුණයක් බැක්ටීරියාවන් මෙහි වාසය කරනවා.

කැපුම් පුවරුව

කුස්සියේ දී මස් මාංශ වර්ග කැපීමට නිතර භාවිතයට ගන්නා cutting board එකේ වැසිකිළියට වඩා බැක්ටීරියා තිබෙන්නට පුළුවන්. ඊට හේතුව අමු මංශවල විශාල වශයෙන් බැක්ටීරියාවන් වාසය කිරීමයි.

විදුලි ස්විචය

නිවසේ තිබෙන වැඩිපුරම ස්පර්ශවන ස්ථානයක් තමයි ස්විචය. මෙවැනි ස්විචයක වර්ග අඟලක් තුල බැක්ටීරියාවන් 217 පමණ සිටින්නට පුළුවන්.

මුදල් නෝට්ටු

මුදල් නෝට්ටුවක් සාමාන්‍යයෙන් බැක්ටීරියාවන් 200,000 පමණ අතින් අතට ගෙන යනවා.

ATM යන්ත්‍ර

ATM යන්ත්‍රයක එක් බොත්තමක් තුල ග්‍රෑම් 1200ක් පමණ බැක්ටීරියාවන් වාසය කරනවා. යන්ත්‍රයෙන් ලබා ගන්නා මුදල් නෝට්ටු වල ඇති බැක්ටීරියාවන් ද එකතු වුණාට පසුව මේ ප්‍රමාණය තවත් වැඩිවෙනවා. ATM යන්ත්‍රයක් භාවිත කල පසු සබන් යොදා අත සේදීම පාසලේදී කියලා නොදුන්න හොඳ සෞඛ්‍ය පුරුද්දක්

ජංගම දුරකථනය            
   
අපි නිතරම කම්මුල මත සිර කර තබන ජංගම දුරකථනය වැසිකිලි අසුනට වඩා දස ගුණයක් වැඩිපුර බැක්ටීරියා ජීවත්වන තැනක්.

අත් බෑග්

ජංගම දුරකථන, මුදල් වැනි දේවල් දමාගෙන යන අත් බෑගය බැක්ටීරියාවන්ගෙන් පිරීගිය තැනක්. කාන්තා අත්බෑගයක තවත් කොයිතරම් අඩුම කුඩුම තියනවා අත්ද?  ඉතං අත්බෑගයක් කියන්නේ බැක්ටීරියාවන්ට රජ දහනක්.

බාත් ටබ්

බාත් ටබ්වල වතුර ඉවත් කිරීමට ඇති කුඩා ස්ථානය වටා වර්ග අඟලක් තුල බැක්ටීරියාවන් 19,468ක් පමණ සිටිය හැකියි.

සුක්කානම

සාමාන්‍යයෙන් සුක්කානමක වර්ග අඟලක් තුල බැක්ටීරියාවන් 700ක් පමණ රඳවාගෙන සිටිනවා.

ෂොපින් කාර්ට්

සුපර් මාර්කට් වලදී භාවිතයට ගන්න ෂොපින් කාර්ට්, දිනක් තුල මිනිසුන් විශාල ප්‍රමාණයකගේ අතින් අතට මාරුවන උපකරණයක්. මේ නිසා ඉතා විශාල බැක්ටීරියා ප්‍රමාණයක් මේවා හරහා රැගෙන යනවා.

දුරස්ථ පාලක

යතුරු පුවරුව වගේම නිතර පිරිසිදු නොකරන නිසා බැක්ටීරියා විශාල වශයෙන් සිටිය හැකි උපකරණයක් ලෙස දුරස්ථ පාලකය හදුන්වන්න පුළුවන්.

ක්ෂණික ආහාර සඳහා යොදන අයිස් කැට

බ්‍රිතාන්‍යයේ දී කරන ලද සමීක්ෂණයකට අනුව, ක්ෂණික අහාර සපයන ආපනශාලා අතරින් 70% කම සපයන අයිස් කැට වල වැසිකිළිවල ජලයට වඩා වැඩි ප්‍රමාණයක් බැක්ටීරියා අන්තර්ගත වන බව සොයාගෙන තිබෙනවා.

මෙට්ට


අවුරුදු 10 ගතවන විට මෙට්ටයක බර එය නිෂ්පාදනය කල බර මෙන් දෙගුණයකට ආසන්න විය හැකියි. මෙයට හේතුවන්නේ මිලියන ගණනක් වූ දූවිලි මයිටාවන් සහ උන්ගේ මල ද්‍රව්‍ය මෙට්ටයේ එක් රැස්වීමයි.

කාර්යාල මේසය

ආසන්න වශයෙන් කාර්යාල මේසයක් වැසිකිළියකමෙන් 400 ගුණයක් පමණ බැක්ටීරියාවන්ට වාසස්ථානය සපයනවා.

කොට්ට

කොට්ටය කියන්නේ දීලීර බීජාණු, මැරුණු සම් කොටස්  සහ රාත්‍රිය පුරා සිරුරෙන් ස්‍රාවය වන බොහෝ මල ද්‍රව්‍ය වලින් පිරිණු තැනක්.

ස්පොන්ච් කැබලි


ඕනෑම නිවසක තිබෙන්න පුළුවන් අපිරිසිදුම දෙයක් ලෙස කුස්සියේ භාවිතා වන ස්පොන්ච් කැබැල්ල හඳුන්වන්න පුළුවන්. මෙහි එක් වර්ග අඟලක් තුල 10,000,000 පමණ බැක්ටීරියාවන් වාසය කරන අතර ආසන්න වශයෙන් එය වැසිකිළිය මෙන්  250,000 වාරයක් පමණ බැක්ටීරියාවන් වාසය කරන තැනක්

No comments:

Post a Comment