Friday, November 4, 2016

Iron man ගේ ඇඳුමට සමාන යුද ඇඳුමක් ඇමරිකානු සෙබලුන් වෙනුවෙන් නිපදවයි

ඇමරිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් අති නවීන තාක්ෂණයෙන් යුත් ඉතා ආරක්ෂිත යුද අඳුමක් පිළිබඳ පර්යේෂණ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතිනවා. Talos ලෙස නම් කර ඇති මේ අධිතාක්ෂණික යුද අඳුම පළදින සෙබෙලෙකු හට සුපිරි ශක්තියක් ලබා දෙන බව නිර්මාණකරුවන් පවසනවා. අඳුරේ දී දැකීම, සුපිරි මිනිසෙකුගේ ශක්තිය මෙන්ම වෙඩි උණ්ඩ වෙනතක හැරවීමටත්  මෙම යුද අඳුමට හැකියාව ලබා දි තිබෙනවා.
මෙවැනි අඳුමක් නිර්මාණය කිරීමට ආසන්නතම හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ අෆ්ගනිස්ථානයේ දී ඇමරිකානු සෙබෙලකු මරණයට පත්වීමේ සිද්ධියක්. එම සෙබළා විසින් සාමාන්‍ය වැසියන් බේරාගැනීමේ මෙහෙයුමක නිරතවී සිටියදී දොරටුවේ අනෙක් පැත්තේ සිට එල්ලකල වෙඩි පහරින් ඔහු මිය ගිය අතර වඩා ආරක්ෂිත ඇදුමක් හැ ඳ සිටියා නම් ඔහුගේ ජීවිතය බේරාගන්නට තිබූ බව පැවසුණා. මේ නිසා අධිආරක්ෂිත යුද ඇඳුමක් පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් වි තිබෙනවා.
එම ඉල්ලීම අනුව නිපදවන Talos  නම් මෙම අධිආරක්ෂිත යුද අඳුම ඇමරිකානු සීල් බටයන්ට හා විශේෂ කාර්ය බලකායේ සෙබලුන්ට 2018 වසර වන විට ලබා දීමට විද්‍යාඥයින් සැලසුම් කර තිබෙනවා.

නිර්මාණකරුවන් පවසන අන්දමට මෙහි තිබෙන විශාලතම අඩුපාඩුව වන්නේ මෙයට අවශ්‍ය බල ශක්තිය ලබා දීමට නම් තරමක් බරින් යුත් හයිඩ්‍රොලික් පෙම්පයක් හෝ බරින් යුත් බැටරි විශාල ප්‍රමාණයක් රැගෙන යාමට සිදුවීමයි.  ඔවුන් තවදුරටත් පවසන්නේ ‘‘අපට තවමත් අයන් මෑන් ගේ බල ශක්ති මූලාශ්‍රය හමු වී  නොමැති බවයි‘‘.



No comments:

Post a Comment