Friday, November 18, 2016

ඔබ තුල සැගවී සිටින අත්භූත මනෝකාය පිළිබඳ කිසිදා නොඇසූ විශ්මිත තොරතුරු

සූක්‍ෂම ශරීරය (මනෝකාය) හා අන්තරාභවය
 අප සිරුර තුළ යම් කිසි සියුම් ශරීරයක් ඇති බවත් මෙම ශරීරයේ ආධාරයෙන් සිරුරෙන් එළියට පැමිණ සැරි සැරිය හැකි අතර, මරණයෙන් පසු වෙන භවයක් ලබන තුරු මෙම මනෝකායෙන් සැරි සරන බවටත් නොයෙක් විශ්වාස මනුෂ්‍ය වර්ගයා තුළ තහවුරු වී ඇත.
ටිබෙට් බෞද්ධ භාවනා ක්‍රම වල මෙම සූක්‍ෂම ශරීරයේ ආධාරයෙන් සිරුරෙන් එළියට පැමිණ යම් යම් කටයුතු කර නැවත තමාගේ සිරුරටම ඇතුළුවීමට පුහුණු කරනු ලැබේ.
එසේම කිසිම පුහුණුවීමක් නොමැතිව ස්වභාවයෙන්ම මෙම මනෝකාය ආධාරයෙන් සිරුරෙන් ඉවත්වීමේ හැකියාව ඇති අයද වේ. මෙවන් හැකියාවන් ගැන රුසියන් හා බටහිර විද්‍යාඥයන් පර්යේෂණ කරති. ඇමරිකාවේ කැලිෆෝනියා සරසවියේ ආචාර්ය චාල්ස් ටාට්ද, බී. ඊ. එස්. පී. රිසච් ඇසෝෂියේෂන් ඉන් ඇකන්සාස් වැනි ආයතන මඟින්ද මේ පර්යේෂණ කරගෙන යනු ලැබේ. විශේෂයෙන් තද බල රෝග පීඩාදියකදී ද, සිහිනැතිවීමකදීද, තවත් එවන් අවස්ථා වලදී ද ඉබේම මේ සූක්‍ෂම ශරීරය ක්‍ෂණිකව ශරීරයෙන් පිටවීම සිදු විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහසය.

ඇඳක හාන්සි වී විවේක ගනිමින් සිටි මහත්මයෙකුට තමාගේ පියා රෝගාතුරව වී ඇතැයි හදිසි හැඟීමක් ඇති විය. පියා බැලීමට යාමට තද උවමනාවක්ද ඇති විය. එකවරම තමා සිරුරෙන් ඉවතට ඇදී යන්නාක් මෙන් ඔහුට දැනුණි. තමා කාමරය් පාවෙවී සිටින බවත් තමාගේ සිරුර ඇඳ මත තිබෙන අයුරුත් ඔහු දුටු අතර ක්‍රමයෙන් තමා තරමක් ඈතක පිහිටි පියාගේ නිවසට ඇදී යන බව ඔහුට දැනුණි. පියාට කිසි රෝගයක් නැති බව ඔහුට පෙනී සිතේ සැනසීමක් ඇති වූ වහාම ඔහු ඔහුගේ නිවසේ කාමරයට ඇදී අවුත් සිරුර තුළට ඇදී ගියේය. මෙවන් තොරතුරු පර්යේෂණ වාර්තා වල බොහෝ සේ වාර්තා වන අතර තමන් ඉබේම එළියට ඇදී ඇවිත් අහසෙහි පාවෙමින් සිටින අතර තම සිරුර ඇඳ මත හෝ බිම අප්‍රාණිකව තිබෙනු දක්නට ලැබුන් බව මෙවන් අත්දැකීම් ලද සෑම කෙනෙක්ගෙන්ම එක සමානව ප්‍රකාශ වී ඇත.
කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා උපාධි ලාභියකු වූ කාලෝස් කැස්ටනේඩාට තම පශ්චාත් උපාධිය සඳහා තොරතුරු ලිවීමට මෙක්සිකෝවේ රතු ඉන්දියන්වරු හමුවට යෑමට සිදුවිය. එහෙත් එහිදී ඔහුට හමුවූ රතු ඉන්දියන් වරයා එසේ මෙසේ අයෙකු නොවීය. පුරාතණ ටොල්ටක් ශිෂ්ටාචාරයේ සිට පැවත එන ගුප්ත දර්ශනයක් රහසේ රැකගෙන එන විශිෂ්ට ආධායත්මික දියුණුවක් ඇති ගුරුවරයෙකු වූ ඔහු නමින් ඩොන් ජුඅන් විය. මෙම ගුරුවරයාගේ මග පෙන්වීම මත තම සූක්‍ෂම සිරුරේ ආධාරයෙන් ශරීරයෙන් එළියට පැමිණ නොයෙක් කටයුතු කිරීම සඳහා පුහුණුවීම කරන ලද අතර, ලාගෝවා නම් තවත් ඒ ගුරුතුමාගේ ශිෂ්‍යාවක සමග සිරුරෙන් එළියට පැමිණ දෙදෙනාම එකතුව කටයුතු කිරීම ද පුහුණු කරන ලදී. රතු ඉන්දියන් ශිෂ්ටාචාරය තුළ සැඟවී පවතින ශ්‍රේෂ්ඨත්වය සහ ආශ්චර්ය තම ග්‍රන්ථ තුළින් ලොවට හෙලිකළ කැන්ටනේඩා විසින් දැනට ලියා ඇති ග්‍රන්ථ  මානව විද්‍යාඥයෙකු අතින් ලියවී ඇති ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථ පන්තියක් බව විද්වතුන්ගේ පිළිගැනීම වේ.

ටිබෙට් දේශයේ හා ඉන්දියාවේ ද මේ සූක්‍ෂම සිරුර හා සම්බන්ධව පවතින් කතා තොරතුරු රතු ඉන්දියන් වරුන්ගේ මෙන්ම ආශ්චර්යමත් වේ.
ටිබෙට් දේශයේ පෝවා (Phowa) නමින් හැඳින්වෙන ග්‍රන්ථ මෙම මනෝකාය ශරීරයෙන් ඉවත් කරන කටයුතු කරන අන්දම උගන්වයි. බොහෝ රහසිගතව උගන්වන මෙම යොගා ක්‍රම ට්‍රොන්ජුග් (Trong-jug) යන නමින් ද හැඳින්වේ. මේ යෝගා ක්‍රමයෙහි නිපුනවූ රජ කුමරෙකු වරක් වනයේ ඇවිද යන විට, බඩගින්නේ කෑ ගසන උලුත උපන් කුරුලු පැටවන් කීපදෙනෙකු කූඩුවක සිටිනු දිටීය. කුරුලු මව වෙනත් කුරුල්ලෙක්ගේ පහරදීමකින් මැරී සිටියේය. වහා තම ශරීරය අතහැර සූක්‍ෂම සිරුරෙන් කිරිල්ලියගේ සිරුරට ඇතුලු වූ කුමාරයා කුරුලු පැටවුන්ට කෑම කැවූ බව ටිබෙට් යෝග ග්‍රන්ථයෙහි සඳහන් වේ. හින්දු වේදාන්ත දර්ශනය ප්‍රතලිත කළ සංකරාචාර්යතුමාට වරක් විවාහ ජීවිතයේ ශාරීරික තත්වයක් ගැන අවාබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය විය. තම සිරුරින් කාන්තාවක් හා එක්වීමට අකමැති වූ එතුමා එදින මියගිය අමරුක රජතුමාගේ සිරුරට තම සූක්‍ෂම ශරීරයෙන් ඇතුළු වී එම දේවිය සමග දින කීපයක් ගතකර අවාබෝධය ලබා නැවත තම සිරුරට පැමිණි බව සඳහන් වේ.
එසේම මිසරයේ කයිරෝ නගරයට ආසන්නයේ පිහිටි චියෝප්ස්ගේ මහා පිරමීඩය තුළද එවකට සිටි සෘෂිවර ආචාර්ය වහන්සේලා විසින් තම ශිෂ්‍යන්ට මෙම මනෝකයෙන් එළියට පැමිණ ඔසිරියස් දෙවියන් හමුවට ගොස් නොයෙක් කාර්යයන් කිරීමට පුහුණුවත් මරණයෙන් එපිට ඇති ලොව ගැන අත්දැකීම් ලබා දීමත් සිදුකල බව වාර්තාවේ.
හදිසි අනතුරු ශල්‍යකර්ම ආදියේ දී මිය ගොස් නැවත ජීවය ලැබූ රෝගීන්ගේ අත්දැකීම් ගැන තොරතුරු වලින් මැරෙන මොහොතේ සූක්‍ෂම සිරුරෙන් ඉළියට පැමිණ ඇති බව පැහැදිලිවේ. ශරීරයෙන් එළියට පැමිණ සිරුරට ඉහළින් අඩි පහක් හයක් පමණ උඩින් අහසේ පා වෙමින් සිටි අතර සිරුර ඇඳ උඩ තිබූ බවත් වෛද්‍යවරු යුහුසුලුව ප්‍රතිකාර කරද්දී නැවත ඉබේම සිරුර තුළට තමන් ඇදී ගොස් සිහිලත් බවත් හැම කෙනෙකුම වාර්තා කර ඇත.
ටිබෙට් මහායාන හිමිවරුන් තමන්ගේ කෙනෙකු මියයන මොහොතේ ඔහුගේ සූක්‍ෂම සිරුරට (මනෝකාය) ඊළඟ බවයට යාම සඳහා නිවැරදි මග පෙන්වීමට යම් යම් ආධ්‍යාත්මික ක්‍රම අනුගමනය කරනු ලැබේ. බාඩෝතෝඩල් නමින් ඒ යෝගා ක්‍රම හඳුන්වනු ලැබේ.
අප සිරුර තුළ අපේම ස්වරූපයෙන් පවතින සූක්‍ෂම ශරීරය ගැන ලොව පුරා පැතිරී ඇති අත්දැකීම් එසේ වන අතර නවීන විද්‍යාඥයන් ද අප තුළ ඇති සියුම් ශරීරයක් ගැන කරුණු එළිදරව් කිරීමද ආශ්චර්යකි.
සෝවියට් විද්‍යාඥයන්ගේ කිර්ලියන් උපකරණයෙන් ගසක කොළයක් ඡායාරූප ගත කළ විට ලැබෙන ඡායාරූපයත්, කොළය බාගයක් කපා ඉවත් කළ පසු ගත් ඡායාරූපයත් එතරම් වෙනසක් නොපෙන්නුවේය. ඡායාරූප දෙකේම සම්පූර්ණ කොළයේ මෙන්ම ශක්ති ස්රූපයක් අඩංගු වුනි. තව තවත් පර්යේෂණ කළ විද්‍යාඥයන්ට පැහැදිලි වූයේ සම්පූර්ණ කොළයේ ශක්ති පද්ධතිය කොළයේ කොටසක් කපා ඉවත් කළත් වෙනස් නොවී පවතින් බවය. අපගේ අතක් හෝ කකුලක් හෝ ශල්‍යකර්ම ආදියකින් ඉවත් කළත් ඉම කකුළ සම්පූර්ණයෙන්ම පවතින් බව මෙම ඡායාරූපයෙන් පෙන්වයි. තව දුරටත් මේ ගැන සියුම් ඉලෙක්ට්‍රොනික් අන්වීක්‍ෂ ආදිය ද ආධාර කරගෙන පර්යේෂන කිරීම සෝවියට් අල්මා අටාහි කසකස්ථාන කීරොව් රාජ්‍ය සරසවියේ විද්‍යාඥයන් පිරිසක් අතින් සිදුවිය.  ජීව විද්‍යාඥයින්, ජීව රසායන විද්‍යාඥයින් හා ජීව භෞතික විද්‍යාඥයින් ගෙන් සමන්විත වූ වී. ඉන්යුෂින්, වී ග්රිස්චෙන්කෝ, එන්. වොරබෝව්, එන්. ෆෙඩොරෝවා ආදී විද්‍යාඥ මඩුල්ලේ තීරණය මෙසේ විය. මිනිසා තුළත් සෑම සත්වයෙකු හා ගහ කළෙ වලටත් ඇත්තේ අනු පරමාණු වලින් සෑදුණු භෞතික ශරීරයක් පමණක් නොවේ. යම්කිසි ශක්ති විශේෂයකින් සෑදුනු තවත් ශරීරයක්, එම භෞතික ශරීරයේ ස්වරූපයට සමානව එය තුළම ඇත. ඔවුහු එම සූක්‍ෂම ශරීරයට බයෝ ප්ලාස්මික් ශරීරය යන නම දුන්නෝය. මෙය ඝන, ද්‍රව, වායු ආදියෙන් යුක්ත වූවක් නොවන අතර ඉලෙක්ට්‍රොන, ප්‍රොටෝන හා ප්ලාස්මා නම් ශක්ති විශේෂයෙන් සෑදුනක් බව ඔවුන්ගේ නිගමනයයි. එසේම මේ සූක්‍ෂම ශරීරය තුළින් අප විශ්වයට සම්බන්ධ වන බවත් එය අපගේ රෝගී, නිරෝගී බවට ද හේතු වන බවත් ඔවුහු පවසති. හුස්ම ගැනීම තුළින් මෙම ශක්තීන්ගෙන් සෑදී සූක්‍ෂම ශරීරය තව තවත් ප්‍රාණවත් කළ හැකි බව ද මෙම විද්‍යාඥයින්ගේ අදහසයි.

මෙතනදී අපි හින්දු හාත යෝග දර්ශනය ගැන විශේෂයෙන් සිපත් කළ යුතු වෙමු. ප්‍රාණයාමය හෙවත් හුස්ම ගැනීමේ යෝගී ක්‍රම මගින් සම්පූර්ණ නිරෝගී බවත් සදාකාලික තරුණ බවත් ලැබිය හැකි වන අතර එම ප්‍රාණයාම අභ්‍යාස ක්‍රම මගින් අප තුළ සැගවී ඇති කුණ්ඩාලිනී නම් ශක්තියක් අවධි කිරීමටද හැකි බව ඉගැන්වේ.
අපගේ සිතුවිලි ආවේග, වෙන අයගෙන් අප කරා එන චිත්ත ශක්තිය, කිරණ, ශබ්දය, ආලෝකය, වර්ණ, චුම්භක පද්ධති ආදී කී නොකී සෑම ශක්ති කිරණ තරංගයත්, අපගේ පයට පෑගෙන තණ කොළ ගසේ සිට ඈත එපිට ග්‍රහලෝක දක්වා ඇතිවෙන සියලු ශක්ති කිරණ තරංග විපර්යාසත් අපට නොදැනීම මේ සූක්‍ෂම ශරීරය තුළින් අපට බලපෑම් ඇති කරන බව මෙම විද්‍යාඥයෝ පෙන්වා දෙති.
අපගේ සිත හා මේ සූක්‍ෂම ශරීරය අතර සම්බන්ධය ඉතා ප්‍රබල වේ. මෙම මනෝ කායෙන් ශරීරයෙන් එළියට ආ සෑම මෙහොතකම ශරීරය මළ සිරුරක් සේ පැවති අතර සිත එම සූක්‍ෂම ශරීරය සමග වූ බව පැහැදිලිය. සිත කෙලින්ම මොලයට බල නොපාන බවත් සූක්‍ෂම ශරීරය තුළින් සිත මොළය ඇතුළු ශරීරයට සම්බන්ධ වන බවත් ජෙරල්ඩින් කමින්ස් නැමති අධිමානසික දැනීම් ඇති කාන්තාවගේ අදහසය. අනාගතයේදී මෙම සූක්‍ෂම සිත හා ගත පිළිබඳ සම්බන්ධතාව සොයා ගන්නා විද්‍යාත්මක උපකරණ නිපදවනු ඇතැයි ඇය 1930දී පවසා ඇත.
මනෝකාය සිරුරෙන් ඉළියට පැමිණීම ගැන පර්යේෂණ බටහිර රටවල කෙරෙන අතර එසේ එළියට පැමිණීමේ ක්‍රම ද පුහුණු කරනු ලැබේ. මරණින් මතු අන්තරාභවයක රැඳීම මෙම පර්යේෂණ අනුව සිදුවිය හැක්කක් බව පෙනෙන අතර සිත, මොළයේ අතුරු ඵලයක් නොවන අතර එය භවයෙන් භවයට යන සුවිශේෂ ශක්ති විශේෂයක් බව මේ තොරතුරු වලින් පැහැදිලි වේ.
සිත සිරුර තුළ රැඳී පවතින තුරු මොළයේ ක්‍රියාකාරීත්වයට නිබඳවම බැඳී සිටින බව ද පැහැදිලි කරුණකි. සිත, ශක්තියක් සේ සත්වයින් තුළ ක්‍රියාකාරී වන්නේ සිරුර තුළින් වන අතර එම සිරුර පාලනය කරන කොම්පියුටරය මොළය වේ. මෙම කොම්පියුටරය ක්‍රියා විරහිත වූ විට ශරීරයේ ක්‍රියාකාරීත්වය ද නැවතී සිත සූක්‍ෂම ශරීරය සමග ශරීරයෙන් ඉවත් විය යුතුවේ. මොළය වෙනුවට හෘදය, වකුගඩු, අක්මා, ආදී කවර හෝ ප්‍රධාන ඉන්ද්‍රියක් ක්‍රියා නොකළ හැකි තත්වයට පත්වූ විට ද සිදුවන්නේ සිරුරේ ක්‍රියාකාරීත්වය නැවතී සිත සූක්‍ෂම ශරීරය සමග සිරුරෙන් ඉවත්වීමය. එවන් අවස්ථාවල මියගිය තත්වයට පත් වූවන් වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර වලින් ඉන්ද්‍රිය යථා තත්වයට පත් වූ මෙහොතේ සූක්‍ෂම ශරීරය නැවත සිරුර තුළට ඇතුලු වීමෙන් ප්‍රාණය ලැබූ බව දොස්තර රේමන්ඞ් මූඩි ආදීන්ගේ පර්යේෂණ වලින් පෙනෙන හෙයින් zපණZ ලැබීම හා සිත අතර සම්බන්ධය ඉතා වැදගත් බවද පැහැදිලි වේ. මේ සූක්‍ෂම ශරීරය පිළබඳ සියලු වාර්තා පෙන්වන්නේ සිත සමග එහි ඇති නියත සම්බන්ධයකි. එහෙයින් මෙම මනෝකාය හෙවත් zzබයෝ ප්ලාස්මීය ශක්ති ශරීරයZZ පිළිබඳව විද්‍යාඥයින් ඉදිරියේදීත්" තව දුරටත් වටහා ගන්නා තරම අනුව අපට සිත" කර්මය" මරණය හා නැවත ඉපදීම ගැන ද බොහෝ දේ වටහා ගැනීමට ලැබෙනු ඇත.

කර්ම සඟරාවේ පළවූ ලිපියක් අසුරින්

No comments:

Post a Comment