Wednesday, November 16, 2016

මිනිස් ජීවිත 12000ක් අහිමි කළ 1952 ලන්ඩන් නගරයේ අභිරහස් මීදුම


1952 දෙසැම්බර් 5වන දින ලන්ඩන් නගරයට උදා වූයේ ශීත සෘතුවේ අනික් දිනයන් මෙන් සාමාන්‍ය අයුරිනි. කෙමෙන් කෙමෙන් අවට පරිසරයේ අභිරහස් මීදුමක් පැතිර යන්නට විය. දෙවන දිනය වන විට මෙම මීදුම ඝන මීදුමක් වූ අතර එළිමහන් ප්‍රදේශවල ආශ්වාස ප්‍රාශ්වාස කිරීම අපහසු විය. දින පහක් පුරා ලන්ඩන් නගරය පුරා පැවති එම මීදුම අවසන් වූයේ 150000කට අධික පිරිසක් රෝහල් ගත කරමිනි. ඒ වන විට 12000කටත් වඩා අධික පිරිසක් එම මීදුමට මුහුණ දී ජීවිතක්ෂයට පත්විය. මෙම අභිරහස් සිදුවීම ලොව පුරා පැතිර ගියේ Great Smog of London ලෙසයි. මේ පිළිබඳ විවිද මත බිහිවූ අතර ගල් අඟුරු අවභාවිතය හේතුවෙන් මෙය ඇතිවූ බව Texas A&M විශ්වවිද්‍යාලයේ Renyi Zhang ඇතුළු කණ්ඩායමක් විසින් මැතක නිකුත් කළ වාර්ථාවකින් තහවුරු කළේය.

ඒ කාලයේ ලන්ඩන් නගරය ආශ්‍රිතව විශාල වශයෙන් කර්මාන්ත පුර පැවතීය. ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා මහා පරිමාණයෙන් ගල් අඟුරු හා වෙනත් විෂ රසායන භාවිතා කරන ලදි. ගල් අඟුරු දහනයේදී නිකුත්වන සල්ෆේට් සහ සල්ෆියුරික් ඇසිඩ් අංශු ශීත සෘතුවේ අයහපත් කාළගුණය නිසා එක් රැස් වී මෙවැනි විශාල ප්‍රතික්‍රියාවක් සිදු කිරීමට බලවත් වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ. ගල් අඟුරු දහනයේ තවත් අතුරු ඵලයක් වූ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව මෙවැනි මීදුමක් ඇති කිරීමේ වාතාවරණය වඩාත් පහසු කළ බවත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටී.

කෙසේ වුවද මෙම අභිරහස් මීදුම මිනිසාගේ පරිසර දූෂණය පාලනය කිරීමට සමත් වූයේ විෂ රසායන සහ ගල් අඟුරු අවභාවිතාව වළක්වාලමින් නව නීති සකස් කිරීමට ලොව පුරා ඇස් යොමු කිරීම නිසාය. චීනයේ Beijing සහ X'ang නගාරශ්‍රිතව තවමත් මෙවැනි අඳුරු වළාකුළු පවතින අතර ලොව වායු දූෂණය වැඩිම නගරයන් ලෙස සඳහන් කෙරේ.





No comments:

Post a Comment