Thursday, November 17, 2016

අවුරුදු 14 දී මිලියනපතියෙක් වූ සිසුවා

Harvey Millington නම් 14 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික සිසුවෙක් මිලියනපතියෙකු වීමේ පුවතක් අන්තර්ජාලයෙන් වාර්තාවෙනවා. ඔහු විසින් පවුම් මිලියන 2ක මුදලක් දේපල වෙළදාමක් හරහා උපයා ගෙන තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

Harvey විසින් වයස 13 දී ආරම්භ කරන ලද මාර්ග බදු ගෙවීම් සිහිපත් කරන කාඩ්පත් අලවිකිරිමේ ව්‍යාපාරයකින් පවුම් 100,000ක් උපයා ගෙන තිබූ අතර එයින් පවුම් 40000ක් වැය කර

සමර්සෙට් හි අක්කර තුනක ඉඩමක් මිලදී ගෙන තිබෙනවා.
ඉන්පසු ඔහුගේ නිවසට පැමිණි නිවාස ඉදිකිරීමේ සමාගමක් විසින් ඔහුගේ එම ඉඩම මිලදී ගැනීමට ඉල්ලුම් කර තිබෙනවා. ඒවන විටත් නිවාස ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අනෙක් ඉඩම් සියල්ලම සමාගම මිලදී ගෙන තිබූ අතර Harvey ගේ ඉඩම වෙනුවෙන් පවුම් මිලියන 2ක් ගෙවීමට කැමත්ත පල කර තිබෙනවා.
ගනුදෙනුව පිළිබඳ සතුටට පත් වූ 14 හැවිරිදි සිසුවා ඔහුගේ ඉඩම පවුම් මිලියන 2කට අලවිකරමින් කුඩා වියේදීම මිලියනපතියෙක් බවට පත් වීමට වාසනාව හිමිකරගත්තා.

කෙසේ වෙතත් ඔහුගේ අනාගත සිහිනය වන්නේ ව්‍යාපාරියෙක් වීම නොව පොලිස් නිලධාරියෙකු වීම බවයි ඔහු පවසා සිටියේ.

No comments:

Post a Comment