Tuesday, November 22, 2016

ලෝකයේ සෑම රටකම සංචාරය කළ පළමු කාන්තාව බවට පත්වූ 27 වියැති තරුණිය

අප ජීවත් වෙන මේ ලෝකේ රටවල් 196ක් තිබෙන බව සමහරවිට ඔබ අහලා ඇති. ඒත් ඒ රටවල් 196 අතරේ ඔබ තවමත් නමවත් අහලා නැති රටවල් කීයක් නම් තියනවා අද්ද? ඔබට කවදාහරි දවසක ලෝකයේ තියෙන මේ රටවල් 196 සංචාරය කල කෙනෙක් ගැන අහන්න ලැබුණොත් ඔබ අතිශය පුදුමයට පත්‍‍වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි. ඒත් මේ වගේ දැවැන්ත ලෝක සංචාරයක්, තවමත් තරුණ වියේ පසුවන කාන්තාවක් සිදුකලා කියලා කිව්වොත් ඔබට විශ්වාස කරන්න පුළුවන්ද?
ඇය Cassandra De Pecol නම් 27 හැවිරිදි ඇමරිකානු ජාතික කාන්තාවක්. 2015 වසරේ ජුලි මාසයේ දී  පලාවු රාජ්‍යයෙන් ඇය ලෝක සංචාරය ආරම්භ කලා. එතැන් සිට ආරම්භ කල  සංචාරය මේවන විට රටවල් 181ක් සංචාරය කර අවසන්ව තිබෙනවා. ඇය ඉතිරි රටවල් 15 ත් සැලසුම් කල පරිදි ඉදිරි දින 40 තුල සංචාරය කලහොත් ලෝකයේ රටවල් 196 ම සංචාරය කල පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙනවා. ඒ වගේම ලෝකයේ ඇති ස්වාධීන රාජ්‍යයන් සියල්ලේම අඩුම කාලයක් තුල සංචාරය කල පුද්ගලයාට හමි ගිනස් වාර්තාවත්, ලොවම සංචාරය කල ලාබාලතම ඇමරිකානුවා ලෙසටත් වාර්තා අතරට එක්වෙනවා.

ඇගේ මේ අපූරු ලෝක සංචාරය නම් කර තිබෙන්නේ Expedition196 යන නමින්. ඇය මෙම සංචාරය සඳහා එක්වන්නේ, සංචාරය තුලින් අන්තර්ජාතික සාමය සඳහා වන සංවිධානයේ තානාපතිවරියක ලෙසිනි. මේ සංචාරය සඳහා ඇමරිකානු ඩොලර් 200,000 පමණ වැයවන අතර එම මුදල් අනුග්‍රාහකයින් මාර්ගයෙන් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඇයට නොමිලේ නවාතැන් පහසුකම් සපයන හෝටල් සඳහා, ඇගේ  Instagram ගිණුම ඔස්සේ ප්‍රචාරණය ලබාදීම සිදුකරනවා.
ලෝක සාමය වෙනුවෙන් ඇය සිදුකරන මේ අපූරු සංචාරයට එක්වීමට නොහැකි වුනත් ඇගේ Instagram ගිණුම හරහා එක් වී ලෝකයේ සුන්දරත්වය විදගනිමින්, ලෝක සාමය ප්‍රාර්ථනා කරන ලෙස, ලෝකවාසී සියළු දෙනාගෙන් ඇය ඉල්ලා සිටිනවා


















No comments:

Post a Comment