Wednesday, November 16, 2016

සුනාමිය එන බව කල්තියා කියූ තාරකා විද්‍යාඥයා ‘සුපිරි සඳ‘ ගැන කියූ අනාවැකිය

වසර 68කට පසු, පෘථිවියට ඉතා සමීපව දිස් වූ ‘සුපිරි සඳ‘ පිළිබඳ ලොව පුරා බොහෝ දෙනා දැඩි අවධානයක් යොමු කළා. පෘථිවිය හා චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කිලෝමීටර් 384 000 පමණ වුවත් පසුගිය 14 වැනිදා පෘථිවියට කිලෝමීටර් 356 000 දුරින් සඳ දිස්වී තිබුණා.

සුපිරි සඳ පෘථිවියට දිස් වීමත් සමඟ විවිධ රටවල තාරකා ශාස්ත්‍රඥයින්,  පෘථිවියට මින් ඇතිවන බලපෑම පිළිබඳ විවිධ අනාවැකි පළකර තිබුණා. මේ අතර තායිලන්ත තාරකා ශාස්ත්‍රඥයෙක් වන Soraja Nuan-yoo ගේ අනාවැකිය පිළිබඳ විදේශ මාධ්‍ය පාවා දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.  2004 වර්ෂයේ ආසියානු කලාපයේ ඇති වූ සුනාමි තත්වය පිළිබඳව කල්තියා නිවැරදි අනාවැකි පළ කිරීමට ඔහු සමත් වී තිබීම මෙයට හේතු වී තිබෙනවා.
Soraja Nuan-yoo ගේ අනාවැකියට අනුව සුපිරි සඳ දිස්වීම පෘථිවි වාසීන්ට එතරම් සුභ ඵල ගෙන දෙන්නක් නොවන අතර මේ නිසා ස්වභාවික විපත් බහුලව සිදුවිය හැකි බවට ඔහු අනාවැකි පළකර තිබෙනවා.

No comments:

Post a Comment