Monday, May 23, 2016

pimple හරියටම කුරුලෑ සුවකරන අපේ ඉපැරණි රහස් වට්ටෝරු

කුරුලෑවලට
01. උණු දියෙන් මුහුණ සෝදා පිරිසිදු කර සුදුලූනු මීපැණියෙන් අඹරා දිනකට දෙවරක් මුහුණේ ආලේප කරන්න.
02. වදකහ, කොත්තමල්ලි, ලොත්සුඹුලු ඇල් දියෙන් අඹරා ගාන්න.
03. වියළි ගොම දවාගත් අ`ථ ගිතෙලින් හෝ දෙහි ඇඹුලෙන් කලවම් කර ගාන්න.
04. ගෝරෝචන, කලාඳුරු අල තන කිරෙන් අඹරා ගාන්න.
05. උඳු පියළි කොළ ලුණු දියෙන් අඹරා ගාන්න.
06. සුදුලූනු මී පැණියෙන් අඹරා ආලේප කරන්න.
07. සියඹලාපොතු හාල් සේදූ වතුරෙන් අඹරා ගාන්න.
08. වියළි කහ කුඩු, ගෝ මූත්‍ර, ගිතෙල්, අබතෙල්, බුලත් යුෂවලින් අඹරා ආලේප කිරීමෙන් මුහුණ ලස්සන වේ.
09. කුඹුරු ඇට මද එළකිරෙන් අඹරා ගාන්න.
10. මුං ඇට පිටි, අමුකහ, කොහොඹ දලු, සඳුන් කුඩු, වෙනිවැල් කුඩු සම ව ගෙන ඇල් දියෙන් අඹරා ගාන්න.
11. කොකුම් පොතු, කොහොඹ පොතු පැසුණු පොල් මිටක් සමග අඹරා දෙසතියක් ගාන්න.
12. වියළි ගොම පුලුස්සා දෙහි ඇඹුලෙන් අනා ගාන්න.
13. ගෝරෝචන, ගම්මිරිස්, දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
14. සුදුලූනු, උඳුපියළි ඇල් වතුරෙන් අඹරා ගාන්න.
15. කලාඳුරු අල තන කිරෙන් හෝ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
16. කොහොඹ දලු හා සියඹලා කොළ තම්බා හුමාලය මුහුණට අල්ලන්න.
17. අමුක්කරා අල, ලබු ඇට, සුදු හඳුන් අබ සමව ගෙන අඹරා මී කිරිවලින් කකාරා නින්දට පෙර මුහුණේ ගා පසුදා සෝදන්න.
18. සියඹලා කොළ, කොහොඹ කොළ, අමුකහ කොටා වණ්ඩවේ තම්බා උදේ සවස මුහුණ තවන්න.
19. සුදුලූනු හීන් උඳුපියළි යුෂෙන් අඹරා මී පැණියෙන් දියකර ගාන්න.
20. වදකහ, වෙනිවැල්ගැට සම ව ගෙන එළකිරෙන් අඹරා ගාන්න.
21. කෝමාරිකා, කොහොඹ, සුදු හඳුන් එළකිරෙන් අඹරා ගාන්න.
22. අරළු, බුළු, නෙල්ලි, වැල්මී, සිදු හඳුන්, ඉරමුසු මුල් සම ව ගෙන කුඩුකර ඇල් දියෙන් අඹරා ගාන්න.
23. ඉඹුල් ගසේ කටු ගලවා එළකිරෙන් අඹරා දිනපතා ගෑමෙන් කුරුලෑ සුවවේ.






No comments:

Post a Comment