Monday, May 9, 2016

ටයිටැනික් 02 - 2018 දී දියඹට


මෙවර මෙම නොගිලෙන සිහිනය දකින්නේ ඕස්ටේ්‍රලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන
Clive Palmer  මහතාය. ඔහු විසින් 2012 වර්ෂයේදී ආරම්භ කරන ලද ටයිටැනික් 02 ව්‍යාපෘතියේ අවසානයත් සමග චීනයේ Jiangsu හි සිට ඩුබායි දක්වා පළමුවරට යාත්‍රා කිරීමට 2018 වසරේදී හැකි වනු ඇති බවයි සඳහන් වන්නේ. 1912 වසරේ අනපේක්ෂිත ලෙස මුළු ලොවම කම්පාවට පත්කරමින් අයිස් කුට්ටියක ගැටී ජීවිත විශාල සංඛ්‍යාවක් සමග මුහුදුබත්වූ ටයිටැනික් නෞකාවේම ප්‍රතිනිර්මාණයක් ලෙස මෙම නෞකාව සකස් කොට ඇත.
මගීන් 1680කට පහසුවෙන් ගමන් කළ හැකි මෙහි උපරිම මගී ධාරිතාවය 2435 කි. ඊට අමතරව නෞකාවේ කාර්යය මණ්ඩලයට සේවකයන් 900කි. අති නවීන ඩිජිටල් තාක්ෂණයෙන් මෙහි පාලක මැදිරිය බලගන්වා ඇති අතර සැටලයිටි සහ රේඩාර් සඥා පද්ධතිය නවීනම තාක්ෂණික ප්‍රමිතීන් යටතේ සකස් කොට ඇත. එමෙන්ම මෙයට එක්කොට ඇති ජීවිත ආරක්ෂක යාත්‍රා වල මගීන් 2700කට ප්‍රමාණවත් ලෙස  සකසා ඇත.
මීටර් 270ක් දිගින් යුතු මෙම නෞකාවේ උස මීටර් 53ක් වේ. බර ටොන් 40000කි. තට්ටු 9ක් ඇති ටයිටැනික් 02 නෞකාවේ මගී කාමර 840ක් ඇත. සුඛෝපබෝගී ව්‍යායාම ශාලාවක්, පිහිනුම්තටාකයක්, පුස්තකාලයක් මෙන්ම සුපිරිමගනයේ භෝජන ශාලා සහ කාමර පිහිටා ඇත. පළමු ටයිටැනික් නෞකාවේ ගිලාබැසීමෙන් වසර 106කට පසු යාත්‍රා කිරීමට සූදානම් මෙම නෞකාව 21 වන සියවසේ නෞකාව ලෙස  හඳින්වේ.








No comments:

Post a Comment