Tuesday, May 3, 2016

ගත්ත ගමන් අළුත් ඇදුම් අදින්න එපා. හේතුව කියවන්න

පසුගිය උත්සව සමයේ දී ඔබත්  අළුත් ඇදුම් මිලදී ගන්න ඇති. අළුතින් අදුමක් මිලදී ගැනීමෙන් පසුව ඔබට ඒවා ඇඳ බැලිමට දැඩි නොයිවසිල්ලක් ඇතිවන එක සාමාන්‍ය දෙයක්. ඒවා ඇදීමට නොගන්නවා නම් ඔබ කරන්නේ එම අළුත් ඇදුම් ටික ඔබේ කාමරයේ රෙදි අසුරන තැනක ඇසිරීමයි. ඇත්තෙන්ම අළුත් අදුම් මිලදි ගැනීමෙන් පසු ඔබ කරන ඒ කාර්යයන් දෙකම වැරදි යැයි කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔබට විශ්වාස කීරීමට තරම් සාක්ෂි  සහිතව විශේෂඥයින් පිරිසක් විසින් ඇදුම් මිලදී ගැනිමෙන් පසු ඔබ කල යුතු ඉතා වැදගත්ම අමතර පියවරක් තිබෙන බව  පවසනවා. අළුත් අදුම් ඇදීමට පෙර බොහෝ මිනිසුන් නොකරන නමුත් ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් ඔබ කල යුතුම ඒ අමතර පියවර ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ එම ඇදුම් සේදීමයි. ඉතා පිරිසිදු පෙනුමකින් යුතුව, මනාව අසුරා තිබුණත් අළුත් අදුම ඔබ සිතන තරම් පිරිසිදු නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සම පිළිබඳ විශේෂඥයෙක් ලෙස කටයුතු කරන මහාචාර්ය Donald Belsito පවසන අන්දමට අළුත් ඇදුම්වල විශාල වශයෙන් හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේවා මඟින් සමේ කුෂ්ඨ රෝග හා කැසීම් ඇති කිරීමේ හැකියාව පවතිනවා. ඇදුම්වල ඇති ලේබල් බොහෝමයක්, රසායනික ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වෙනස් වූ නීති භාවිතා වන විවිධ රටවල දී මසා, ඩයි මිශ්‍රකර එවන ලද ඒවායි.  රෙදි වල බොහෝවිට අඩංගුවන azo- aniline dyes හෝ formaldehyde resin වැනි රසායනික ද්‍රව්‍ය වලින් පවා සමට අහිතකර බලපෑම් ඇති කරන්න පුළුවන්. නමුත් ඇදීමට පෙර වරක් සේදීමෙන් මෙවැනි අහිතකර තත්වයන් මඟහැර ගැනීමට හැකියාව තිබෙන බව විශේෂඥයන් පවසනවා.
මහාචාර්ය Donald Belsito පවසන්නේ ඇදුම් සාප්පුවල ඇති dressing room බැක්ටීරියා, උකුණන් සහ දිලීර බෝවීමට වැඩි ඉඩ කඩක් පවතින ස්ථාන බවයි. එම නිසා ඇදුම් සාප්පුවල දී ඇදුම් හැඳ බැලීමෙන් මෙම රෝග කාරකයන් හුවමාරු වීමේ බොහෝ ඉඩකඩ පවතින බව ඔහු පවසනවා. අනෙක් කරුණ වන්නේ ඔබ ඇදීමට පෙර වෙනත් කවුරුන් හෝ එය ඇදීමට උත්සහකල ඇදුමක් දැයි බැලීමට කිසිම මාර්ගයක් නොමැති වීමයි. මේ හේතුවෙන් Belsito නිර්දේශ කරන්නේ ආසාදන ඇතිවීමට ප්‍රථමයෙන් දෙවරක් අළුත් ඇදුම් සේදීම වඩා යෝග්‍ය වන බවයි.


අළුත් ඇදුමක් ඇදීම පෙර ඒ සඳහා තවත් පැයක් හෝ දෙකක්  ගත කිරීම ඔබගේ සෞඛ්‍යට සහ සනීපාරක්ෂාවට වෙනුනේ ගෙවන කුඩා මිලක් ලෙස සිතා මෙය ක්‍රියාවට නංවන ලෙස ඔහු අවසාන වශයෙන් පවසනවා.

No comments:

Post a Comment