Sunday, May 29, 2016

පරිගණක භාවිතා කරනවා නම්, ඔබේ ඇස් වෙනුවෙන් මේ උපදෙස් පිළිපදින්න

වයස්ගතවීමත් සමඟ ඇස් නාභිගත කිරීමේ ශක්තිය ක්‍රමයෙන් අඩුවී යාම කාටත් පොදු වූ දෙයක්. මේ හේතුවෙන් යම් වස්තුවක් වෙත ඇස් නාභිගත කිරීමේදී ඇසේ වේදනාවක් හටගන්නවා. එහෙත් අදවන විට බොහෝ පිරිසක් මෙවැනි ඇස්වල වේදනාවන්ට තරුණ වයසේදීම ලක්වීමේ ප්‍රවනතාවක් දකින්නට තිබෙනවා. වර්තමානයේ තරුණයින් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ තිරිය වෙත දිගු වේලාවක් ඇස් යොමුකරගෙන සිටීම මෙවැනි ඇස් වේදනාවන්ට ලක්වීමේ ප්‍රධානම හේතුවක් ලෙස වෛද්‍යවරුන් සොයාගෙන තිබෙනවා.

පරිගණකයෙන් හා ජංගම දුරකථන තිරය දෙස එක දිගට  දිගු වේලාවක් ඇස් යොමු නොකර සිටිනවා නම් එය ඔබේ ඇසට හිතකර දෙයක් බවයි ඔවුන් පවසන්නේ. නමුත් පරිගණක සමඟ රැකියාවේ නිරත වන අයට  තිරය දෙස පැය ගණනක් බලා සිටීමට සිදුවීම නොවැලැක්විය හැකි දෙයක්.

මෙවැනි පුද්ගලයින්ට ඇස් වේදනාවෙන් මිදීමට පිළිපැදිය යුතු උපදෙස් කීපයක් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් වෛද්‍ය මධ්‍යස්ථානයේ ජේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙක් වන ජේරාඩ් මුආ විසින් ඉදරිපත් කර තිබෙනවා. ඔබත් පරිගණකය ජංගම දුරකථනය සමඟ දිනකට බොහෝ වේලාවක් ගනුදෙනු කරන කෙනෙක් නම් මේ උපදෙස් පිළිපැදීම නීරෝගී ඇස් යුවලක් සඳහා වඩාත් හිතකර වේවි.

විනාඩි 45ත් 60ත් අතර කාලයක් වැඩකර විවේකයක් ගන්න. මෙම විවේකයේදී ගත සිත සැහැල්ලු කර ඇස් දුරස්ථ වස්තූන් කෙරේ යොමු කරන්න.

ඔබගේ පරගණකය තිබෙන කාමරයේ ජනලයකින් හෝ එවැනි කවුලුවකින් පැයකට වතාවක් පමණ ඉතා දුර තිබෙන පරිසරයක් දෙස බලා ඇස සැහැල්ලු කරගන්න. (අනන්තය නැත්නම් ඉතාමත් දුර පිහිටි වස්තූන් දෙස බැලීමෙන් ඇසේ කාචය සහ පේෂි ඉතාමත් ඉහිල් තත්වයට පත්වේ.)
ඔබ කියවනු ලබන දෙය ඔබේ ඇස්වල සිට සෙන්ටි මීටර් 30-40 පමණ දුරස්ථව තබන්න. ඔබගේ පිටුපසින් හෝ පැත්තෙන් තැබූ ප්‍රභවයකින් මෘදු ආලෝකයක් ලබා ගන්න.
දුර පෙනීම හොඳින් පැවතුනත් ළඟ පෙනීමේ ගැටළු තිබේ නම් කණ්නාඩි කුට්ටමක් භාවිතා කිරීමෙන් ඇස් වල ඇතිවන වේදනාව සමනය කරගන්න පුළුවන්.

වරින් වර ඇස් වසාගෙන සිට ඇසට සැහැල්ලුවක් විවේකයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න.

No comments:

Post a Comment