Wednesday, May 4, 2016

චීන සුරූපිණියන්ගේ මී පැණි රහස

අපි කවුරුත් ලස්සනට ඉන්න කැමතියි විශේෂයෙන්ම කාන්තාවන් තම රූසපව ගැන ඉහළ උනන්දුවක් දක්වනවා. ඔබට පහසුවෙන්ම ලස්සන වෙන්න පුළුවන් දිව්‍ය ඖෂධයක් තමයි මී පැණි කියන්නේ. මී පැණි භාවිතයෙන් කරන පහත රූපලාවණ්‍ය ක්‍රම කිහිපයෙන් ඔබටත් පැහැපත් මුහුණක් හිමිකර ගන්න පුළුවන්.

මී පැණි ඇඟට ගුණ ආහාර වර්ගයක් වගේම හොඳ රූපලාවණ්‍ය ද්‍රව්‍යයක් කියලා ඔබ දැනටමත් දන්නාව ඇති. අඛන්ඩව මී පැණි ආහාරට ගැනීම හෝ මුහුණේ ආලේප කිරීමෙන් ඔබේ සම ඉතා කුඩා දරුවකුගේ මෙන් සුසිනිදු, සෞම්‍ය ලෙස පැහැපත් වෙනවා.



මී පැණි කොටස් 1කට ජලය කොටස් 2-3ක් එකතු කර දිනපතා මුහුණේ ආලේප කරන්න. ඉන් ඔබේ සම සෞම්‍ය බවට පත් කරගන්න පුළුවන්.

මී පැණි ග්‍රෑම් 50ක් සහ බිත්තර සුදු මදයෙන් කොටසක් එකට එකතු කරගෙන නින්දට පෙර මුහුණේ ආලේප කර හෙමින් සම්බාහනය කරන්න. ඉන්පසු විනාඩි 30කින් පමණ සොදා පිරිසිදු කරගන්න. සතියකට දෙවරක් ඒ විදියට කලා ම ඔබේ සමේ රැලි ගතිය අඩු කරගන්න පුළුවන්. සම ඉහිල්වී එල්ලා වැටෙන්නේ නැහැ.


මී පැණි ආහාරයට ගැනීමත් ඇඟට ගුණයි. උදෑසන අවදිවීමෙන් පසු මී පැණි සහිත වතුර පානය කිරීමෙන් කුස තුළ ඇති අහිතකර බහිශ්‍රාවීය ද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කිරීමට හැකියාව ලැබෙනවා.

චීන ජාතිකයින්ට නම් මී පැණි ඖෂධ වර්ගයක් නොවෙයි, එය ආහර වර්ගයක්. මිළෙන් ටිකක් වැඩි නමුත් දැන් චීනයේ මී පැණි නිෂ්පාදන ශාලා විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඉන් ලැබෙන මී පැණි ප්‍රමාණය සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයේ අවශ්‍යතාවයන්ට ප්‍රමාණවත්. ලංකාවේ තිබෙන ස්වභාවික මී පැණි වලින් ඔබටත් ඔබේ රෑ සපුව වැඩි කරගන්න හැකියාව තියෙනවා.

ශි යුයැ ගේ ලිපියක් ඇසුරිනි

No comments:

Post a Comment