Monday, May 23, 2016

අසාමාන්‍ය මානසික විකෘතිතා වලින් පෙලුනු ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්

අසාමාන්‍ය මානසික විකෘතිතා වලින් පෙලුනු ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්
01. Edgar Allan Poe
රෝග ලක්ෂණ : අදුරට බියවීම, සිතේ මලානික බව, භ්‍රාන්තිය (ව්‍යාජ දර්ශණ පෙනීම)
ඇමරිකානු ජාතික එඩ්ගාර් ඇලන් පෝ අත්භූත සහ ත්‍රාසජනක නවකතා කලාවේ පුරෝගාමී මෙහෙවරක් කල අයෙකි. 1809 උපත ලබා 1849 වසරේ මියයන තුරු දායක කළ නවකතා , කෙටිකතා සහ පද්‍ය තවමත් ඉමහත් ජනප්‍රියත්වයක් උසුලයි. මෙතුමාගේ පොත් කිහිපයක් සිංහල භාෂාවටද පරිවර්ථනය කර ඇත. පළමු බිරිදගේ මරණයෙන් සහ ඉන්පසු  අසාර්ථක ආදර සම්බන්ධතා නිසා අවසාන කාලයේ රෝහල් ගත කෙරුණු මෙතුමා මිය යෑමට ආසන්න කාලයේ දරුණු ලෙස භ්‍රාන්තියෙන් (ව්‍යාජ මාහා දර්ශන පෙනීම) පෙලුනු බවයි සදහන් වන්නේ.
Those who dream by day are cognizant of many things which escape those who dream only by night.

02.Friedrich Nietzsche
රෝග ලක්ෂණ : අහංකාරෝන්මාදය, මානසික බිදවැටීම්, අධික හිසරදය
ජර්මානු ජාතික දාර්ශණිකයෙකු වූ මෙතුමා 1844 වසරේ උපත ලද්දේය. එතුමාගේ දාර්ශණික ග්‍රන්ථ සහ සමාජ විචාර නිසාම මෑත ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම දාර්ශණිකයන් අතරින් කැපීපෙනේ. 1900 වසරේ මිය යන විට කෙමෙන් කෙමෙන් දරුණු වූ මානසික විකෘතිතා නිසා ජීවත්ව සිටි කාලයෙන් අවුරුදු 11ක්ම මනෝචිකිත්සක ප්‍රතිකාර සදහා රෝහල්ගතව සිටි බව සදහන්වේ.
You have your way. I have my way. As for the right way, the correct way, and the only way, it does not exist.
03.Ernest Hemingway
රෝග ලක්ෂණ : අධික විෂාදය, මානසික බිදවැටීම්, කාංසාව, සියදිවි නසාගැනීමට නැඹුරු වීම
1899 වසරේ උපත ලද අර්නස්ට් හෙමිංවේ මහතා ඇමරිකානු ජාතික නවකතා කරුවෙකි. ඔහුගේ නවකතා සහ කෙටිකතා ලෝක සාහිත්‍යෙය් ඉමහත් ජනප්‍රියත්වයක් උසුලයි. ඒවායින් කිහිපයක් සිංහල භාෂාවටත් පරිවර්තනය වී ඇත. මහල්ලා සහ මුහුද ඉන් එක් ග්‍රන්තයකි. 1954 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකරගත් මෙතුමා 1961 වසරේ සිය පතොරම් තුවක්කුවෙන් වෙඩිතබාගෙන සියදිවි නසාගත්තේය.
The best way to find out if you can trust somebody is to trust them.
04. Franz Kafka
රෝග ලක්ෂණ : සාංකාව, නින්දට යෑමේ අපහසුතා, භීතිකා,
1883ත් 1924ත් අතර කාලසීමාවේ ජීවත්වූ මෙම චෙක් ජාතික රචකයා ලෝක සාහිත්‍යට දායක කල අනර්ඝ ග්‍රන්ත බොහෝය. ඔහුගේ සුවිශේෂී නවකතා සහ කෙටිකතා ශෛලිය නිසාව විසිවන සියවසේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ගත්කතුවරුන් අතරින් ඔහුගේ නමත් රැදී ඇත. කෙසේ වුවද ඔහු ජීවත් වන තුරු පොත් ප්‍රකාශකයන් ගෙන් ප්‍රතික්ෂ්ප වූ චරිතයක් වූ නිසාම ඔහුගේ පොත් ජනප්‍රිය වන්නේ ඔහුගේ මරණයෙන් පසුවය. ඒ වකවානුවේ අද මෙන් වෛද්‍ය විද්‍යාව දියුණු නොවූ අතර උගුරේ ආබාධයක් නිසා ආහාර ගැනීම නොහැකිවීමෙන් ඔහුගේ මරණය සිදුවී ඇත.
Youth is happy because it has the ability to see beauty. Anyone who keeps the ability to see beauty never grows old.
05. Virginia Woolf
රෝග ලක්ෂණ : භ්‍රාන්තිය (ව්‍යාජ දර්ශණ පෙනීම), මනෝභාවය නිතර වෙනස් වීම, අනිද්‍රාව, ළමා අවධියේ ඇතිවූ සියදිවි නසාගැනීමේ හැගීම්
ඉංග්‍රීසි ජාතික ගත් කතුවරියක් වූ වර්ජිනියා වුල්ෆ් මහත්මිය විසිවන සියවසේ නූතනවාදී ගත් කතුවරියන් අතර කැපී පෙනේ. ලෝක සාහිත්‍යට අග්‍රගන්‍ය කෘති බොහොමයක් දායාද කළ මෙතුමිය විවාහ වන්නේද තවත් ප්‍රසිද්ධ චරිතයක් වන ලෙනාඩ් වුල්ෆ් මහතා සමගය. අසාමාන්‍ය මානසික විකෘතිතා හේතුවෙන් කටුක ජීවිතයක් ගෙවූ මෙතුමිය නිතරම භයංකාර සිහින නිසා පීඩා විදි බව සදහන්වේ. දේශපාලනයට සහ සාහිත්‍යට ඉමහත් කළ සේවය නිමා වන්නේ ගංගාවකට පැන සියදිවි හානිකරගැනීමෙනි.
As a woman I have no country. As a woman my country is the whole world.





No comments:

Post a Comment