Saturday, December 12, 2015

වද නොවිද බර අඩු කරගන්න මෙතෙක් සොයාගත් පහසුම ක්‍රමය මෙන්න



ශරීරයේ බර අඩු කරගන්න නම් ඔබට සාමාන්‍යයෙන් කරන්න වෙන්නේ අහාර රටාව වෙනස් කරීම සහ ව්‍යායාමවල යෙදීමයි. ඒත් ගොඩක් දෙනෙක් ව්‍යායාම කරන්නත් කෑම පාලනය කරන්නත් වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. ඔවුන් හැම විටම ඊට වාඩා පහසු ක්‍රමයක් සොයන්නයි උත්සහ ගන්න්නේ.  ඒත් එහෙම ක්‍රමයක් තියනවද? වැඩි වෙහෙසක් නොගෙන සුපුරුදු ජීවන රටාව ගෙන යන අතරම බර අඩු කරගන්න හිතපු අය, බලාපොරොත්තු වූ ආකාරයේ පහසු ක්‍රමයක් එංගලන්තයේ සමීක්ෂණය කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.
ඔවුන්ගේ නවතම සමීක්ෂණයට අනුව බර අඩු කරගන්න නම් ඔබ කල යුත්තේ සෑම ප්‍රධාන අහාර වේලකටම පැය භාගයකට පෙර වතුර මිලි ලීටර් 500 පානය කිරීමයි.

Birmingham විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායම මේ ක්‍රමය තහවුරු කරගැනීමට මිනිසුන් 84 දෙනෙක් යොදා ගනිමින් සති 12 පුරා පරීක්ෂණ සිදුකලා. සමීක්ෂණයට සහභාගී වු පිරිසෙන් හරි අඩකට ප්‍රධාන ආහාර වේලට පැය භාගයකට පෙර මිලිලීටර් 500ක් ජලය පානය කරන ලෙසත් අනෙක් පිරිසට ජලය පානය නොකර කුස පීරි ඇති බව සිතින් සිතා ගන්නා ලෙසටත් උපදෙස් ලබා දුන්නා.
මේ ආකාරයට සති 12ක් ගත වු පසු අහාර වේලට පෙර ජලය පානය කල පිරිසගේ බර සාමාන්‍යයක් ලෙස රාත්තල් 9.48 අඩු වී තිබූ අතර ජලය පානය නොකල පිරිසගේ බර අඩු වී තිබුණේ රාත්තල් 1.72ක් පමණයි.
සමීක්ෂණ කණ්ඩායම සිතන ආකාරයට මෙලෙස අහාර ගැනීමට පෙර ජලය පානය කිරීමෙන් කුස පිරී ඇති බවක් හැගෙන නිසා ඔබට කුසගිනි ඇති වීම අඩු වන අතර එමගින් ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණය අඩු කර ගත හැකි බවයි.
බර අඩුකරගන්න තිබෙන වඩාත් පහසුම සහ ප්‍රථිපල දායකම ක්‍රමය ජලය පානය කිරීම බව ඔවුන්ගේ සමීක්ෂණවලින් හෙලිවුණ බවයි සමීක්ෂණ කණ්ඩායම කියා සිටියේ. තවදුරටත් අදහස් දැක්වන එහි ප්‍රධානියා පවසන්නේ ඔබගේ කාර්යබහුල එදිනෙදා  ජීවිතයට මේ ක්‍රමය එකතුකර ගැනීම එතරම් අපහසු නොවන බවයි.

මෙම සමීක්ෂණය ඉතා කුඩා ප්‍රමාණයේ එකක් වුවත්, බර අඩු කරගන්න අවශ්‍ය අයෙකුට පහසුවෙන්ම අත්හදා බලන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. මෙමගින් ඔබේ ජීවන රටාවට බලපෑමක් ඇති නොකරන නිසාත්, ජලය පානය කිරීම සෞඛ්‍යට අහිතකර නොවන නිසාත් මේ ක්‍රමය අත්හදා බැලුවට වරදක් නෑ. බර අඩු කරගන්න මීටත් වඩා ලේසි ක්‍රමයක් ගැන නම් ආයේ හිතන්න එපා.

No comments:

Post a Comment