Saturday, December 5, 2015

කසාද බදින්න සුදුසුම වයස මොකකද්ද? නවතම සමීක්ෂණයකින් සොයා ගැනේ

සාමාන්‍යයෙන් සමාජයේ ක්‍රමය තමයි, අධ්‍යාපනය අවසන් කරල රැකියාවක් කරන එක. ඊට පස්සේ හැමෝම කරන්නේ හොඳ කෙනෙක් හොයාගෙන විවාහ වෙන එක. ගොඩක් වෙලාවට අපි හිතන්නේ නැහැ විවාහ වෙන්න හොඳම වයස මොකක්ද කියලා.
Utah විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වන Nicholas Wolfinger අපූරු අධ්‍යයනයක් කරල තියෙනවා. ඒ තමයි කෙනෙක් විවාහ වෙන්න සුදුසුම වයස මොකක්ද කියල සොයන එක. ඔහු මේ පර්යේෂණයෙන් දික්කසාද වීම ඉතාමත් අඩුවෙන් සිදුවෙන විවාහ වීමට සුදුසු කාලය හඳුනාගෙන තිබෙනවා. ඔහු පවසන ආකාරයට ඒ වයස 28 – 32 අතර කාලයයි.

ඔහු මේ පර්යේෂණය සඳහා 2006-2010 සහ 2011-2013 වර්ෂවල ඇමරිකාවේ පවුල් වර්ධනය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තා අධ්‍යනය කර තිබෙනවා. එහිදී වයස අවුරුදු 15ත් 44ත් අතර පිරිමින් සහ කාන්තාවන් 22000ක ගේ පමණ විවාහය, දික්කසාදය, ලිංගික කාර්යන් සහ ගැබ් ගැනීම් වැනි කරුණු ගැන අධ්‍යයනය කර තිබෙනවා. අවසානයේදී ඔහු විවාහ වීමට සුදුසුම කාලය ලෙස නම් කර ඇත්තේ වයස 28 – 32 වයස් සීමාවයි.
ඔහුගේ අධ්‍යනයට අනුව නව යොවුන් වියේ සිට වයස 20 ගණන්වල අවසානය දක්වා සිදුවන විවාහයන් දික්කාසාද වීමේ වැඩි ප්‍රවනතාවක් පවතින අතර නැවතත් වයස 32න් පසු සිදුවන විවාහයන් දික්කාසදයෙන් කෙලවරවීමේ අවධානම වසරකට 5%කින් ඉහල යන බවයි. වයස අවුරුදු 28 -32 අතර විවාහ වීමේ තවත් වැදගත් කමක් විදියට ඔහු දක්වන්නේ ඒ වන විට ඔබට අවශ්‍ය මොනවාද? ඔබගේ රුචි අරුචිකම් සහ ඔබගේ සහකරුගෙන් බලාපොරොත්තු වන දේවල් ඔබ හොඳින් හදුනාගෙන තිබීම බවයි. මේ හේතුවෙන් අඩු වයසින් විවාහ වන අයට වඩා සාර්ථක විවාහ දිවියක් ඉහත වයස පරතරයේදී විවාහ වන අයට හිමිවෙනවා. විශේෂයෙන්ම තරුණ වියේදී හෝමෝන වර්ධනය නිසා ඇතිවන ආශාවන්ට වහල් නොවී සහකරු තෝරා ගැනීමේ හැකියාව මේ වයස් සීමාවේදී ඇති බවයි පැවසෙන්නේ.

ඔබ ඉහත වයස පරතරයට පැමිණෙන විට ජීවිතයේ වැදගත් තීරණ ගෙන තිබීමත්, වගකීමක් දැරීමට හැකි තත්වයකට පත්වී තිබීමත්, බොහෝ විට ආර්ථික වශයෙන් යම් ස්ථාවරයකට පත්ව තිබීමත් නිසා විවාහ දිවිය ඉතාමත් සාර්ථක වේවි.
ඇමරිකානු දත්ත උපයෝගී කරගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබුණත් බොහෝ දුරට මෙය ශ්‍රී ලංකාවටත් හොඳින් ගැලපෙන බව හැ‍‍‍‍ඟෙනවා. වෙනසකට ඇත්තේ අඩු වයසින් 

No comments:

Post a Comment