Sunday, December 20, 2015

හිසකෙස් යන නිසා ඔබ කනස්සල්ලෙන්ද? මෙන්න අත්දුටු පිළියමක්

හිසකෙස් වැටීමට ජාන වලින් සිදුවන්නේ විශාල බලපෑමක්. එහෙත් වර්තමානයේ දී ජාන බලපෑමට අමතරව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදුවන අසමානතා, පරිසරයේ සිදුවන වෙනස්වීම් වැනි කරුණුත් නිසාත් හිසකෙස් වැටීමට ලක්වන පුද්ගලයින් සිටිනවා . පසුගිය දශකය පුරාම එලෙස ගැලවී ගිය හිසකෙස් නැවත වර්ධනය කරීම සදහා සාර්ථක පිළියමක් ලෙස ළූණු යුෂ භාවිතා කල අතර ලෝකයේ ජනප්‍රිය පුද්ගලයින් පවා හිසකෙස් වැටීමට පිළියමක් ලෙස ළූණු යුෂ භාවිතා කර තිබුණා.

ළූණු යුෂ වලට හිසකෙස් නැවත වර්ධනය කරන්නට ඇති හැකියාව ඒ පිළිබඳ සිදුකල අධ්‍යනයන්ගෙන් හෙළිකරගෙන  තිබෙනවා. Journal of Dermatology විසින් කල අධ්‍යනයකට අනුව සති හතරක් රතු ළූණු  යුෂ හිසේ අලේප කිරීමෙන් පසු අධ්‍යනයට සහභාගී වු පුද්ගලයින්ගෙන් 74% දෙනාගේ හිසකෙස් නැවත වර්ධනය වීම දකින්නට ලැබුණා. සති හයක් ළූණු  යුෂ අලේප කිරීමෙන් පසු හිසකෙස් වර්ධනය වු පුද්ගලයින්ගේ ප්‍රමාණය 87% දක්වා වැඩි වුණා.


විශේෂඥයින් පවසන ආකාරයට රතු ළූණුවල සල්ෆර් විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙනවා. හිසකෙස්වල ප්‍රධාන තැනුම් ඒකකය වන සල්ෆර් නැවත හිසකෙස් වර්ධනය කිරීමේ තීරණාත්මක සාධකය වනවා. ළූණු යුෂ හිස් කබලට ලේ සංසරණය කිරීම වර්ධනය කරන අතර රෝම කූප වලට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. ඒ වගේම විෂබීජ සහ පරපෝෂිතයන්ගෙන් සිදුවන හානි වලක්වන්නත් ළූණු  වලට හැකියාව තිබෙනවා. නමුත් ළූණු  යුෂ ආලේපනය කිරීමෙන් කිසිදු අතුරු ආබාධයක් හිසකෙස් වලට හෝ හිස් කබලට සිදු නොවන බවත් ඔවුන් පවසනවා

ළූණු ආලේපනය සාදා ගන්න ළූණු  කැබලිවලට  කපා  බ්ලෙන්ඩරයකින් හොඳින් අඹරාගත යුෂ ලබාගත යුතුයි.  එම යුෂ කොප්ප ¼ ට  මී පැණි මේස හැන්දක් එක්කර මිශ්‍රකර ගැනීමෙන් ආලේපනය සදාගන්න පුළුවන්



ළූණු යුෂ හිසේ ගල්වා හිස සම්බාහනය කර අඩුම තරමින් විනාඩි 30 වත් තැබිය යුතු අතර ඔබට පැයක පමණ කාලයක් තබා ගැනීමට හැකිනම් වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉන්පසුව ෂැම්පූ වර්ගයක් භාවිතා කර හිසකෙස් සෝදා හරින්න පුළුවන්

මෙය ස්වභාවික ප්‍රතිකාරයක් නිසා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ටික කලක් ගතවනවා. දිනපතා (අඩු තරමින් සතියකට තුන්වරක්) මාස දෙකක් යන තුරු මෙම ප්‍රතිකාරය සිදුකිරීමෙන් හිසකෙස් නැවත වර්ධනය වීම ඔබට දැකගත හැකියි. ඒ වගේම හිසකෙස් පෙරට වඩා දීප්තිමත්ව  හා ශක්තිමත්ව වර්ධනය වීමත් සිදුවේවි.

No comments:

Post a Comment