Saturday, December 12, 2015

ඔබේ ජීවිතය සොදුරු කරන ලංකාවේ සුපිරි විලාසිතා මන්දිරය

නගරයක ඕනෑතරම් රෙදිපිළි අලවිසැල් තිබුණත් අතරන් කැපී පෙනන, පාරිභෝගිකයාට වඩාත් සමීප, හො තත්වයේ භාණ්ඩ සාධාරණ මිලකට සැපයීම නිසා ප්‍රසිද්ධියට පත් වු සුවිශේෂී වෙළදසැලක් තිබෙනවා. නගරයේ අංක එකේ ඇදුම් සාප්පුව විදිහට එම ආයතනය පාරිභෝගියගේ හදවත් සමග බැදී පවතිනවා. ඇදුමක් මිලදී ගන්න අවශ්‍ය වු විට කාටත් එකවර මතකයටන්නේ නගරයේ එම අංක එකේ ආයතනයයි. පානදුර නගරයෙන් රෙදි පිළි මිලදී ගන්නා ඕනෑම අයෙකුටත් එකවර මතකට එන එවැනි සුවිශේෂි ආයතනයක් තිබෙනවා. තම්යි පානදුර Super Fashion කියන්නේ.  
Super Fashion ආරම්භ වන්නේ 2010 නොවැම්බර් 07 වෙනිදා, විලාසිතා ලෝකයේ නව පෙරළයක් සිදු කිරීමේ අභිලාෂයෙන්. වසර 5 ක් වැනි කෙටි කාලයක් තුල පානදුර නගරයෙන් විලාසිතා ලෝකයේ පෙරළිය සිදු කරන්නට Super Fashion සමත් වුණා. ඉන් නොනැවතුණු  Super Fashion ඔවුන් සමග අත්වැල් බැදගත් සියළුම පාරිභෝගකයන් වෙත තවත් සොදුරු  අත්දැකීමක් තිලිණ කලා .
‘‘රහසයි සොදුරු ජීවිතේ‘‘ යන නවතම තේමාව සමගින් පසුගිය නොවැම්බර් 06 වන දින සිට අළුත් මුහුණුවරකින් ආරම්භ වූ Super Fashion ආයතනයේ දී  පාරිභෝගික ඔබට ඒ සොදුරු අත්දැකීම විදගන්න දැන් අවකාශය සැලසී තිබෙනවා.
මේ නවතම වෙනස හා එක් වන පාරිභෝගිකයන්ට මෙතෙක් Super Fashion ආයතනයේ දී මුහුණ දුන් ප්‍රධාන ගැටළුවකට නැවත මුහුණ දෙන්න සිදුවන්නේ නෑ.  Super Fashion පාරිභෝගියන්ට තිබුණ විශාලම ගැටළුව තමයි ආයතනය තුල ඉඩ කඩ සීමිත වීම. මේ හේතුව නිසා විශේෂයෙන් උත්සව සමයේ ආයතනය තුල දැඩි තෙරපීමක් ඇති වෙනවා. වගේම දිගු පොලිම් වල පැය ගණන් ඉන්නටත් පරිභෝගිකයන්ට සිදු වෙනවා. සමහර අවස්ථාවල පැය ගණනක් පෝලිම් වල සිටියත් ඇදුම් මිලදි ගන්නට නොහැකිව ආපසු යන්න සිදුවන අවස්ථාද එමටයි. එහෙත් පසුගිය නොවැම්බර් 06 දින සිට Super Fashion ආයතනය පාරිභෝගිකයන්ට රිසි සේ රෙදිපිළි තෝරා ගැනිමට වැඩි අවකාශයක් ලබා දෙමින්  මහල් 5ක් දක්වා ඉඩ කඩ පුළුල් කර තිබෙනවා.

Super Fashion ආයතනය ජනතාව අතර රැදී සිටින්නේ නවතම විලාසිතාවන්ගෙන් පිරුණු හොද තත්වයේ ඇගලුම් අඩුම මිලකට ලබා ගත හැකි ස්ථානයක් ලෙසයි. පානදුර Super Fashion මිල ගණන් හා තරග කිරීමට සමත් රෙදිපිළි අලවිසැලක් ලංකාවේ තවත් නැති තරම්. හොද තත්වයේ භාණ්ඩ සපයමින් එසේ  තරගකාරී මිලක්  පවත්වාගෙන යන්නට හැකි වී තබෙන්නේ ඔවුන් අතරමැදියන්ගෙන් තොරව සෘජුවම මෙරටට රෙදි ආනයනය කිරීම නිසයි. මේ නිසා ඉන්දියාව, චිනය, බැංකොක් සහ ඩුබායි යන දැවන්ත රෙදිපිලි වෙළදපලවලින් ආනයනය කරන නවීන විලාසිතා විශාල ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට තරගකාරී මිලකට ලබාගන්න හැකිවි තිබෙනවා. ලාංකේය අපගේ විලාසිතාවන්ගේ සිට ඉන්දියානු හා බටහිර විලාසිතා දක්වා විශාල පරාසයකින් රෙදිපිලි තෝරා ගැනීමේ හැකියාව මේ අළුත් වෙනසත් සමග පාරිභෝගිකයන්ට උදාවී තිබෙනවා.










Super Fashion ආයතනය සමග අත්වැල් බැදගත් පාරිභෝගික කණ්ඩායම මේවන විට පානදුර හා තදාසන්න ප්‍රදේශවලින් ඔබ්බටත් පැතිරීගොස් අවසන්. මහනුවර, ගාල්ල, මාතර මීගමුව හලාවත ආදී ප්‍රදේශ වලිනුත්  පාරිභෝගිකයන් Super Fashion වෙත ඇදී එනවා. මේ හේතුව නිසාම ලබන වසරේ දී Super Fashion සේවාවන් තවත් පුළුල් කරමින් පාරිභෝගිකයන්ට පහසු තවත් ස්ථානයක ව්‍යාපාරික කටයුතු අරඹන්න බලාපොරෙත්තුවෙනුයි සිටින්නේ.

වසර පහක් පුරා විලාසිතා ලෝකයේ දැවන්ත පෙරළියක් කිරීමට සමත් වු Super Fashion නොවැම්බර් 6 වෙනිදා සිට ඔබේ ජීවිතය සුන්දර කරන රහස හෙලි කරමින් ‘‘රහසයි සොදුරු ජීවිතේ‘‘ තේමාව යටතේ අලුත් මුහුණුවරකින් වැඩි ඉඩ කඩක් සහ නවීන විලාසිතා ගොන්නක් සමගින් නැවතත් ඔබට වඩාත් සමීප වේවි. ජීවියේ සොදුරු රහස දැනගන්න අළුත් Super Fashion  එකට ඔබත් අදම ඇවිත් යන්න.

No comments:

Post a Comment