Thursday, December 31, 2015

නැවක් වරාය ඇතුලතදි හරි සුරක්ෂිතයි. හැබැයි නැව් හදල තියෙන්නේ වරායේ තියන්න

නෙවෙයි. ඈත දියඹට යන්න ඕනි. ඇත මුහුදු, දූපත් දකින්න ඕන. නිල් සමුදුර තරණය 

කරන්න ඕන. නැවක් වෙලා වරායට වී ඉඳීමෙන් පලක් නෑ. එතකොට හැමදාමත් නැව 

දකින්නේ ඒ වරායම තමයි. ඉලක්ක හඹා යෑමේ ශක්තිය අපි ලඟ තියෙනවා. විවිධ 

කාරණා නිසා අපි අපේ ඉලක්ක ජයග්‍රහණය කිරීම මග හරවා ගන්නවා. බොහෝවිට 

ඒක අවබෝධයේ පුංචි ගැටලුවක් වෙන්න පුලුවන්. 

අනාගතයේ ඉලක්ක ජයග්‍රහණය කිරීමට අතීතය හෝ අපි අතීතයේ කළ දේවල් 

බලපාන්නේ ඉතා සුළුවෙනි. වර්තමානය තුල හරියටම කටයුතු කිරීම තුලින් අනාගතය 

ජයගත් අය අප්‍රමාණයි. අපි කළ යුත්තේ එයයි. ඔබට ඉලක්කයක් ජයගැනීමට 

අවශ්‍යනම් පළමුව ඒ ඉලක්කය පැහැදිලිව තෝරා ගන්න. එයින් මනස පුරවා ගන්න. ඔබ 

වැනි අය ඕන තරම් ඉලක්ක ජයගෙන ඇති බව පමණක් සිතන්න. අතීතයේ සිදුවීම් 

සියල්ල අමතක කරන්න. වර්තමානයේ තම ඉලක්කය, සිහිනය තුල ජීවත් වෙන්න. 

නෞකාව වරායෙන් මුහුදට ගන්න තම ඉලක්කයට ආදරය කරන්න. ජයගන්නා බව 

අධිෂ්ඨාන කර ගන්න. එය ජය ගන්නවා නියතයි. හැම මනුෂ්‍යයෙක්ම දක්ෂයි. අපේ 

ජීවිතය අලුත් වෙන්න අපිට අළුත් බලාපොරොත්තු පැහැදිලව දකින්න පුළුවන් වෙන්න 

ඕන. ඒක පළමු කාරණාව. දෙවැනි කාරණාව තමයි අපිට හැරවුම් ලක්ෂයක් අවශ්‍යයි. 

නැව දියඹට ගන්න හේතුවක් ඕන වෙනවා. හේතුව දන්නේ ඔබයි, නැවියා ද ඔබයි



No comments:

Post a Comment