Sunday, December 13, 2015

ඇගේ ආදරය වැඩියෙන් ලබන්න මේ පුංචි දේවල් කරලා බලන්න

ගැහැණු ළමයෙක්ගේ සිත දිනාගන්න එක එතරම් පහසු වැඩක් නෙවෙයි.  සමහර විට ඇය ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ගොඩක් ලොකු දේවල් නොවන්න පුළුවන්. මේ සරල කරුණු කීහිපය ඇය කෙරෙහි සැබෑ ආදරයෙන් යුතුව අනුගමනය කරලා බලන්න. ඇත්තෙන්ම ඇයගේ ලෝකයේ වඩාත්ම ප්‍රියකරන පුද්ගලයා ඔබ බවට පත්වේවි.
1.     ඇයට කුමාරිකාවක් සේ සලකන්න

සෑම ගැහැණියක්ම ඇයට කුමාරිකාවක් හා සමානව සලකන පෙම්වතෙක් ලබා ගන්න හීන දකිනවා. ඇයට ඉදගන්න පුටුවක් දෙන්න, ඇය වෙනුවෙන් දොරක් විවෘත කර දෙන්න, ඇයගේ බෑග් එක ඔසවාගෙන යන්න, ඇය එනතුරු ඉවසීමෙන් යුතුව බලා ඉන්න, වැනි පුංචි දේවල් වලින් ඔබ දක්වන ගරුත්වය ඇයට පෙන්වන පුළුවන්
2.     තෑගි බෝග ලබා දී ඇය පුදුමයට පත් කරන්න

ඇයට වැදගත් වන ඇය කැමති දේවල් තෑගි කරන්න. එයින් ඇයව පුදුමයට පත් කරන්න ඔබට හැකි වෙනවා වගේම ජීවිත කාලයටම අමතක නොවන මොහොතක් ඇයට උදාකර දෙන්න හැකිවේවි 
3.     ඇයට සවන් දෙන්න

ගැහැණු ළමයින් කියන්නේ  කථා කරන්න ගොඩක් කැමැත්තක් දක්වන පිරිසක්. ඒ නිසා ඔබ ඇයට සවන් දීම ඉතාම වැදගත් දෙයක්. ඇය සමග කථා කරන විට තනි වචනයෙන් පිළිතුරු නොදී ඇගේ සංවාදයට හොඳින් දායක වෙන්න. 
4.      පුංචි දේවල් වලින් ඇයගේ ආදරය දිනා ගන්න

සමහර ඔබ නොසිතන පුංචි දෙයකින් පවා ඇගේ සිත තුල ලොකු හැගීමක් ඇති කරන්න ඔබට පුළුවන්. ඇය සාමාන්‍යයෙන් කරන්න අකමැති වැඩකට පුංචි උදව්වක් දෙන්න, ඇයට ආදර වදන් තෙපලන්න, ඇයව තුරුල් කරගන්න, ඇයට හාදුවක් දෙන්න ඔබට පුළුවන්. එවැනි සුළු දෙයකින් කිරීමෙන් පසුව ඇය තුල ඇති වන වෙනස ඔබටම බලාගන්න පුළුවන්.
 5.     ඇගේ පවුලේ අය සහ මිතුරන් සමග සමීප වන්න

ඇය වැඩිපුරම ආදරය කරන මිනිසුන් සමග ඔබ සමීපව සිටිනවා දැකීමට ඇය ගොඩක් කැමැත්තක් දක්වනවා. ඔබ ඇයගේ දෙමාපියන් සමග සමීපව ඇසුරු කරනවා දැකීමෙන් ඔබ ඇත්තෙන්ම යහපත් පුද්ගලයෙක් බව ඇය තේරුම් ගන්නවා.

No comments:

Post a Comment