Monday, December 7, 2015

ලොව සරාගීම රොබෝව ජපානය නිපදවයි





Geminoid f
ලොව සරාගීම රොබෝ
ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමඟ එදිනෙදා වැඩ පහසු කරවීම පිණිස දිනෙන් දින විවිද හැකියාවන් ඇති රොබෝවන් නිර්මාණය වේ. කාලයත් සමග ඒවායේ හැකියාවන් මෙන්ම ස්වරූපයද වෙනස් වනු දැක ගත හැක. පහත දැක්වෙන්නේ පසුගියදා පැවැත්වුනු ලෝක රොබෝ ප්රදර්ශණය සදහා ඔසාකා විශ්වවිද්යාලයේ මහාචාර්ය Hiroshi Ishiguro විසින් ඉදිරිපත් කරන ලද කාන්තාවකගේ ස්වරෑපයට සමාන ලෙස සම සහ ඉරියව් දැක්විය හැකි රොබෝවකි. තවමත් සම්පුර්ණයෙන් නිම කොට නොමැති රෙබෝව ඉදිරියේ්දී ඉතාමත් දියුණු ලෙස ඉදිරිපත් කරන බව ඔහු පවසා සිටියේය.
දැනටත් වචන සහ කටහඬ හදුනාැනීමේ හැකියාව ඇති අතර කෘතිම බුද්ධිය තව දුරටත් සංවර්ධනය කෙරෙමින් පවතී. මුදලින් $108,600 මිලක් නියම කොට ඇති රොබෝව සම්පූර්ණ ලෙස නිමවූ පසු වෙළඳපොලට ඉදිරිපත් කරන බව ඔවුන් පවසයි. මිනිස් ස්වරෑපයට සමාන රොබෝ නිපදවා ඇති මෙම මහාචාර්ය වරයා වරක් ඔහුගේම හැඩරැවට සමාන රොබෝවක් නිපදවා ඇත.
Sayonara යන නමින් ජපානයේ නිෂ්පාදිත චිත්‍රපටයේ චරිතයක් රඟපෑම සඳහාද මෙම Geminoid f රො‍ෝව සහභාගී වී ඇත. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක වරයා පවසන්නේ අනාගතයේ මිනිසුන් රොබෝවන් හා පෙමින් වෙලෙන කාලයක් උදාවිය හැකි බවය.





No comments:

Post a Comment