Thursday, December 17, 2015

ඩෙංගු වෛරසය වළක්වාගත හැකි එන්තතක් ලොව ප්‍රථම වරට සොයාගැනේ

මාරාන්තික ඩෙංගු වෛරසය සදහා ලොව නිපදවූ පළමු එන්නත භාවිතා කිරීමට මෙක්සිකානු රජය අවසරය ලබාදී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව දැනටමත් ලොව පුරා ඩෙංගු රෝගීන් 40,000 ක් වෙත ලබා දී පරීක්ෂණ මට්ටමේ පවතින මෙම එන්නත පිළිබදව එහි නිෂ්පාදකයන් ලබා දුන් ආරක්ෂා සහතිකය අනුව, මෙම තීරණය ගත් බව එරට රජය පසුගියදා නිවේදනයක් නිකුත් කළේය.


එහිදී කරුණු දක්වන මෙක්සිකෝවේ ෆෙඩරල් සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය තවමත් මෙම ඖෂධය සදහා නමක් යොදා නොතිබීමත් විශේෂත්වයක් ගන්නා බව පවසා තිබේ. මේ අතරම වෙනමම නිවේදනයක් නිකුත් කළ එහි නිෂ්පාදකයා වන ප්‍රංශයේ පිහිටි සැනෝෆි පාස්චර් සමාගම එම එන්නත ඩෙන්ග්වැක්ෂියා ලෙස හදුන්වා දී ඇත.
දැනටමත් ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමෙරිකාව ඇතුළු රටවල මිලියන 100 ක පමණ පිරිසකට මෙම ඩෙංගු රෝගය වැළැදී තිබෙන බව සොයා ගෙන තිබේ. ඒ අතරින් බහුතරය ආසියාවේ ජීවත්වීමත් කැපී පෙනෙයි. එහිදී ලතින් ඇමෙරිකානු රාජයයක් වන මෙක්සිකෝව තුළ ඩෙංගු රෝගය වසංගතයක් බවට පත්ව ඇති ප්‍රදේශවල වෙසෙන වයස අවුරුදු 09 ත් 45 ත් අතර වයසේ පසුවන පිරිසට මෙම එන්නත ලබාදීමට එරට රජය තීරණය කර තිබේ.

මෙම එන්නත සම්බන්ධයෙන් පසුගිය වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුවද, ඒ සතුව ඩෙංගු වැළැදීම වැළැක්වීමේ සියයට 60.8 ක හැකියාවක් පවතී. එසේම දැනට ලොව පවතින ඩෙංගු රෝගකාරක තත්ත්වයන්  හතරකින්ද එය ආරක්ෂාව ලබා දෙන බව පැවසෙයි. එහෙත් දැනටමත් මෙම රෝග  හතරෙන් එක් රෝග අවස්ථාවක් වැළැදී ඇති රෝගියෙකුට තවත් ඩෙංගු අවස්ථාවක් වැළැදීමේ අවස්ථාව මෙමගින් පාලනය වීම යම් සීමාවකට ලක්ව සිදුවීම එහි ඇති ගැටලුයි.
කෙසේ වෙතත් ඩෙංගු රෝගයේ ජීවිත අවදානම් තත්ත්වය වන ඩෙංගු රක්තපාත උණ පාලනය සදහා මේ එන්නත අතිශය වැදගත් බව විශේෂඥයන්ගේ අදහසයි. මේ නිසාම එක් ඩෙංගු රෝග තත්ත්වයක් සියයට 60 ක පමණකින් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ වෙත මෙම එන්නත යෙදීමට මෙක්සිකෝව තීරණය කර තිබේ. ඒ අනුව මේ හරහා එරට ඩෙංගු මරණ 104 ක් මෙන්ම රෝහල් ගතවීම් 8000 ක් වළක්වා ගත හැකි බවත්, ඒ හරහා වාර්ෂිකව රජය දරන සෞඛ්‍ය වියදමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 65 ක් ආරක්ෂා කරගත හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත.


No comments:

Post a Comment