Thursday, June 9, 2016

ඉගිලීම, කිමිදීම වැනි අසාමාන්යග හැකියාවන් සහිත උග්ර විසැති නාගයින් වර්ග හතක්

ලොව පුරා වෙසෙන සර්ප විශේෂ දසදහසද ඉක්මවන අතර ඉන් නාගයින් විශේෂ 3000ක් පමණ වන බව හඳුනාගෙන තිබෙනවා. එයිනුත් විශේෂ 400ක් පමණ උග්‍ර විෂ සහිත නාගයින් සේ සැලකෙනවා. නාගයින් දේවත්වයෙන් අදහන ජන කොටස් ලෝකයේ විවිධ ප්‍රදේශවල අදටත් ජීවත් වන අතර පුරාණ ලංකාවේද මුහුද ආශ්‍රය කරගනිමින් ජීවත් වූ නාග නම් ජන කොට්ඨාෂයක් පිළිබඳව ඉතිහාසයේ දැක්වෙනවා.  ලෝකයේ වෙසෙන නාගයින් අතරින් ඔබ පුදුම කරවන සුවිශේෂි හැසිරීම් රටා ඇති නාගයින් විශේෂ කීපයක්  පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමටයි අප සූදානම් වන්නේ,
රාජ නාගයා - King cobra

සමහර විට King cobra නමින් නිර්මාණය වූ හොලිවුඩයේ චිත්‍රපටයක් ඔබ නරඹා තිබෙනවා වන්නට පුළුවන්. ඉතා දිගු සිරුරක් හිමි නිසා නාගයින් අතර රජු ලෙස නම් ලැබී ඇති මේ නාග විශේෂයේ  නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දියාව, දකුණු චීනය සහ ගිනිකොණ දිග ආසියාවයි. වසර 20ක් පමණ ආයුකාලයක් සහිත වැඩුණු රාජ නාගයෙක් කිලෝ ග්‍රෑම් 9-10ක් අතර බරකින් යුක්තය. කුඩා ක්ෂීරපායී සතුන්, වෙනත් කුඩා සර්පයින්, කටුස්සන් මොවුන්ගේ ප්‍රියතම ආහාරයන්ය.
නාගයින් අතර දිගින් වැඩිම නාග විශේෂය ලෙස රාජ නාගයින් සැලකෙන අතර හොඳින් වැඩුණු පසු මීටර් 5.5ක් පමණ දිගින් යුතුවනවා. ගොඩබිම විශාල ගස් මතද ජලයෙහිද ගැවසීම රාජ නාගයින්ගේ විශේෂත්වයක්. ඒ වගේම බිත්තර දැමීම සඳහා කූඩුවක් සාදන ලොව එම නාග විශේෂයද මොවුන්ය. උග්‍ර විෂ සහිත මොවුන්ගේ එක් දෂ්ඨ කිරීමකින් මිනිසෙක් පමණක් නොව විශාල අලියෙක් පවා මරණයට පත් කිරීමට හැකියාව තිබෙනවා.
කොමන් ඇඩර් - Common Adder


වසර 10-15 අතර කාලයක් අයුෂ හිමි මෙම නාගයින්ගේ නිජබිම ලෙස රුසියාව, කොරියාව, බ්‍රිතාන්‍ය, ස්කැන්ඩියාව වැනි රටවල් සැලකෙනවා. වැඩුණු සතෙකු ග්‍රෑම් 50-180 ත් අතර බරිකින් යුක්තය. බ්‍රිතාන්‍යයට අවේනික වූ විෂ සහිත එකම නාග විශේෂය මෙය  වන බව සැලකෙනවා. කටුස්සන්, කෘමීන් වැනි සතුන් ආහාරයට ගන්නා මොවුන්ගේ ඇස් පෙනීම, ගඳ සුවඳ දැනීම ඉහල මට්ටමක පවතින නිසා ඉතා වේගයෙන් ගොදුරු ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.
පාරාදීසයේ රුක් නයා - paradise tree snake

ගිනිකොණ දිග ආසියාව නිජබිම කරගත් මෙම නාගයින් වැඩි වශයෙන්ම වාසය කරන්නේ නිවර්තන වැසි වනාන්තරවල ශාකවල අතුපතර මෙන්ම කොළ අතරයි. මෙවුන්ගේ විශේෂත්වය වන්නේ ගසකින් ගසකට මීටර් 100කටත් වැඩි දුරක් පියාඹා යාමට ඇති අසාමාන්‍ය හැකියාවයි. ගස් කටුස්සන්, කුඩා කුරුල්ලන්, කුඩා වවුලන්, ගෙම්බන් ආදිය ආහාරයට ගන්නා මොවුන් ග්‍රෑම් 80ක් පමණ බරැති කුඩා නාග විශේෂයක් වේ.
ග්‍රීන් ඇනකොන්ඩා - Green Anaconda

ග්‍රීන් ඇනකොන්ඩාවන් ලොව සිටින විශාලම නාග විශේෂයයි. සිරුර ලා කොළ හා දුඹුරු පැහැයෙන් යුක්ත නිසා ග්‍රීන් ඇනකොන්ඩා ලෙස හඳුන්වයි. දකුණු ඇමරිකාව නිජබිම් කරගත් මොවුන් හොඳින් වැඩුණු පසු කිලෝ ග්‍රෑම් 200 -250ක් අතර බරකින් යුක්තය. දකුණු ඇමරිකාවේ නිවර්තන වැසි වනාන්තර තුළ පිහිටි මඩ ගොහොරු හා වගුරු බිම්වල වෙසෙන ග්‍රීන් ඇනකොන්ඩාවන්ගේ  ආහාර වන්නේ පක්ෂීන්, මුවන්, වල් ඌරන් වැනි සතුන්ය. වැඩුණු සතකුගේ සිරුරේ වට ප්‍රමාණය අඩියකට වඩා වැඩි වන අතර වසර 10ක පමණ ආයු කාලයක් හිමි මොවුන් ඉන් වැඩිම කාලයක් ගත කරන්නේ ජලය තුලයි. විෂ දළ හෝ විෂ රහිත මොවුන් පිඹුරන් ආකාරයෙන් ගොඳුර වෙලා ගැනීමේ උපක්‍රමය භාවිතා කරයි. වල් ඌරකු වැනි විශාල ගොඳුරක් ගිල දැමූ පසු මාසයක පමණ කාලයක් ආහාර නැතිව ජීවත් වීමට හැකිය.
කටුසු නාගයා - Legless Lizard

කටුස්සන්ගේ මෙන් ශරීරය මතුපිට පිම්බුණු කොරපොතු පිහිටන නිසා ‘‘පාද රහිත කටුස්සා‘‘ (Legless Lizard) ලෙස මොවුන් හඳුන්වයි. කටුස්සන්ගේ ගති ලක්ෂණ තවමත් මොවුන්ගෙන් ඉවත් වී නැතත් නාග විශේෂයක් ලෙස සලකන මොවුන් මීයන් කෘමීන් වැනි සතුන් ආහාරයට ගනී.
කාන්තාර නාගයා - Side winder Rattlesnake

උතුරු ඇමරිකානු කාන්තාර ප්‍රදේශ නිජ බිම් කරගත් මොවුන්ගේ ආයුෂ වසර 20-30 පමණ වේ. කාන්තර සර්පයින්. කාන්තාර මීයන් වැනි සතුන් ආහාර ලෙස ගන්නා මොවුන් ගමන් කරන්නේ ශරීරය ඉදිරියට හෝ පැත්තකට විසිකරමිනි. එක් ගමන් රටාවකදී සිරුර පොළවේ ගැටෙන්නේ දෙවරක් පමණි. කාන්තාර ප්‍රදේශවල වැලි අධිකව රත්ව තිබෙන බැවින් මෙවන් ගමන් රටාවකට මොවුන් හුරු වී ඇති බව විශේෂඥයින්ගේ මතයයි. ඇස්වලට සමීපව ඉදිරියට දිගු වූ අඟක් වැනි ස්වරූපයක් සහිත මොවුන්ගේ වැඩුණු සර්පයෙක් ග්‍රෑම් 200-400ක් පමණ බරකින් යුක්තය. සාමාන්‍ය දිග අඩි 1.5- 2.5 අතරය.
කහ උදර මුහුදු නාගයා - Yellow Bellied Sea Snake

ඉන්දියන් සාගරය සහ පැසිෆික් සාගරය නිජබිම කරගත් මෙම නාගයාට වසර 20ක පමණ ආයුකාලයක් හිමිය.  මුහුදු නාග විශේෂයක් වන නිසා මොවුන්ගේ ප්‍රධානම ආහාරය මත්ස්‍යයන්ය. ශරීරය මතු පිට කලු වර්ණයෙන්ද, බඩ ප්‍රදේශය කහ පැහැයෙන් ද යුත් මෙම නාගයන් ගේ සිරුරේ පිහිනීමට උපකාරීවන හබලක් වැනි වලිගයක් සහිතය. මුවෙහි ඇති ග්‍රන්ථියකින් නිතරම ලවණ ශ්‍රාවය කරමින් මුහුදු ජලයේ ජීවත් වීමට හැඩගැසි ඇති මොවුන්ට මීටර් 15ක පමණ ගැඹුරක පැය තුන හරතක් වුවත් පිහිනීමේ හැකියාව ඇත.

කීර්ති එස්. කුමාර

No comments:

Post a Comment