Saturday, June 4, 2016

හැඳි ගෑරුප්පු වලින් යුරෝපීය ක්රනමයට කෑම ගන්නේ කොහොමද? හරියටම දැනගන්න

අප නොදන්නා දේ බොහෝය. ඉගෙන ගත යුතු දේ බොහොමයකි. සාමාන්‍ය පුද්ගලයන් ලෙස මධ්‍යම පන්තික සමාජය තරු හෝටලයක අහාර වේලක් රසබලා ඇත්තේ අල්ප අවස්ථාවකිනි. සරලව කිවහොත් හැදි ගෑරුප්පු සමඟ හරඹ කරමින් යුරෝපීය රටාවේ අහාර වේලක් රස බලන්නට අපට ලැබෙන්නේ කලාතුරකිනි.  කාලාතුරකින් හෝ එවැනි අවස්ථාවක් උදාවුනොත් යුරෝපීය ක්‍රමයට හැදි ගෑරුප්පු වලින් අහාර ගැනීමටත් ඔවුන්ගේ සිරිත්වලට අනුව කටයුතු කිරීමටත් අප දැන සිටීම ඉතා වැදගත්වනවා. මෙම ලිපියෙන් අවධාරණය කරන්නේ සුපිරි හෝටලයක රාත්‍රී ආහාර වේලක් ගන්නා ආකාරය ගැන ඔබ දැනුවත් කිරීමයි.

පිහි සහ ගෑරුප්පු
බොහෝ විට පුද්ගලයන් මුහුණ දෙන ප්‍රශ්නයක් වන්නේ පැතලි උපකරණ (පිහි සහ ගෑරුප්පු) භාවිතය සම්බන්ධවය. එය සෑම අහාර වේලකදීම අදාල හෝටලය සපයන්නකි. ඔබේ පිඟානට වම්පසින් ගෑරුප්පු කිහිපයක් මේසය මත තබන අතර දකුණු පසින් හැඳි සහ පිහි ස්ථානගත කෙරේ. එහිදී සැම විටම දකුණත හුරු පුද්ගලයෙකුට අදාලව මේසය සකසන බව මතක තබා ගන්න. මෙහිදී සරලව පිටත සිට ඇතුලට හැදි ගෑරුප්පු පිහි භාවිතයට ගන්න. ඔබට තවදුරටත් මෙහිදී යම් අවිනිශ්චිතතාවයක් තිබේ නම් තවත් පුද්ගලයකු අනුගමනය කරන ක්‍රමය දෙස අවධානය යොමු කරන්න.


අහාරයෙක් කුඩා කොටසක් එකවරකට ආහාරයට ගන්න. එසේම සෑම අවස්ථාවකදීම ඔබ භාවිතා කරන උපකරණ පහතට තබා ගන්න. එනම් අහාරයට ගත් දේ මුව තුළ රදවාගෙන සිටින තුරු එම උපකරණ ඉහළට ඔසවාගෙන නොසිටින්න. 

එසේම ඔබ අහාර ගෙන නිමවූ පසු හැඳි ගෑරුප්පු මේසය මත සිටින ලෙසද නොතබන්න. එසේම අඩක් මේසය මතද අඩක් පිඟාන  මතද සිටින ලෙස නොතබන්න. එය කතිරයක හැඩය සහිතව හෝ මදක් ඇලකර පිඟාන මත තබන්න. එය සේවා සපයන්නන්ට ඔබ ආහාර ගෙන නිමවී නැතැයි යන්න ඇගවීමකි. 

ඔබ සම්පූර්ණ වශයෙන් ආහාරගෙන නිවමූ පසුව ඔබේ පිහිය සහ ගෑරුප්පුව පිඟානේ මැද කොටසෙහි සමාන්තරව තිබන්න. මෙහිදී ගෑරුප්පුව කෙලින් අතට සහ පිහියෙහි මුවහත ගෑරුප්පුවෙහි තුඩ වෙතට යොමු වන ලෙස තබන්න.

ඔබ ඇතැතිව පිහිය සහ ගෑරුප්පුව පැවතිය ද ආහාර ගැනීම ආරම්භයේදීම ආහාර කැබලිවලට නොකපන්න. අනතුරුව ඔබේ ගෑරුප්පුව පමණක් භාවිතා කරන්න. (මෙය ඇමරිකානු සම්ප්‍රදායක් යුරෝපයේ සම්ප්‍රදායක් නොවේ) ඔබේ ගෑරුප්පුවේ දැත්ත හැමවිටම පිඟාන දෙසට යොමු කරන්න.  කඩල වැනි අනුභවයට අපහසු ආහාර ගෑරුප්පුව දෙසට යොමු කර ගැනීමට පිහිය භාවිතා කරන්න නමුත් ගෑරුප්පුව හැන්දක් නොවේ. ඒ නිසා එය එලෙස භාවිතයට නොගන්න.

සුප් සහ පුඩින්
සුප් හැඳි සාමාන්‍යයෙන් හැඩයන් දෙකක් ලෙස ඔබේ මේසයට පැමිණීමට ඉඩ ඇත.  එක් වර්ගයක් රවුම් වන අතර අනෙක ඕවලාකාරය. ඔබ සුප් ආහාරයට ගන්නා විටදී සුප් පළගාන (බෝල් එක) මේසය මත තබන්න. 

සුප් ආහාරයට ගන්නා පළමු මෙහොතේ දී පළගානේ මධ්‍යයේ සිට ඈත කෙළවර දක්වා හැන්ද යොමු කරන්න. එසේ ගන්නා සුප්, මුඛයෙහි කෙළවරට තබා මුඛයට ක්‍රම ක්‍රමයෙන් යොමු කරන්න. සම්පූර්ණ හැන්දෙහි පවතින සුප් ප්‍රමාණය එකවරම මුඛයට යොමු නොකරන්න. එසේම උරවා නොබොන්න.

පුඩිම පිලිගැන්වීම අතුරුපසක් ලෙස වරදවා නොසිතන්න. එය සම්පූර්ණයෙන්ම වෙනස් අහාර වර්ගයක් වන අතර යමෙකුට මෙය අනුභවය නොකිරීමට ද අවස්ථාව තිබේ. පුඩිම මිහිරි රසැති සංග්‍රහයකි. සාමාන්‍යයෙන්  පලතුරු හෝ චීස් වලින් අතුරුපස නිර්මාණය වේ. පුඩිම අනුභවයේදී ඔබ හැන්ඳ සහ ගෑරුප්පුව භාවිතයට ගන්න. පුඩිමට භාවිතා කරන හැන්ද අල්ලාගත යුත්තේ දකුණතින් (දකුණත හුරු අයෙක් නම්) පිහියට සමාන වන අකාරයටය. ඒ හැන්දේ වක්‍රාකාර කොටස සිරුරට සමීපවන ලෙසටය. 

පුඩිමට භාවිතා කරන ගෑරුප්පුව පුඩිම මුඛයට තල්ලු කරගැනීමට පමණක් යොදාගන්න. පුඩිම ඔබේ මුඛයට ගෑරුප්පුව භාවිතයෙන් යොමු නොකරන්න. ගෑරුප්පුව භාවිතයෙන් ඔබේ පුඩිමේ කොටසක් කඩාගෙන එය ඕවලාකාර හැන්දෙන් මුවට යොමු කරන්න. ඔබේ මුඛයට හැන්ද යොමු කළ විටදී එය නැවත පළගාන මතින් තබන්න. ඔබ පුඩිම ආහාරයට ගත් පසුව ඔබේ හැඳි, ගෑරුප්පු, පිහි ආදිය තැබූ ආකාරයටම මෙම හැඳි ගෑරුප්පු ද තබන්න.

සාමාන්‍යයෙන් ආහාර සංග්‍රහය ඇරඹීමට පෙර එම පුඩිමට අදාල හැන්ඳ සහ ගෑරුප්පුව ඔබේ පිඟානට ඉහලින් තබන අතර එහිදී ආහාර සංග්‍රහයට අදාල අනෙකුත් හැඳි ගෑරුප්පු පිහි ආදිය පසෙකින් තබනු ඇත.



වයින් වීදුරු, නැප්කින් ආදිය භාවිතය සහ කෑම මේසයේ හැසිරිය යුතු අකාරය පිළිබඳ මීළග ලිපියෙන් බලාපොරොත්තු වන්න

No comments:

Post a Comment