Tuesday, June 7, 2016

ලොව වැඩිම ආදායම් ඉපයූ Avatar චිත්රපපටයේ දෙවන කොටස ළගදීම

Terminator, alien, titanic, Avatar වැනි දැවැන්ත සිනමා නාර්මාණ බිහි කල අධ්‍යක්ෂකවරායා, හොලිවුඩ් චිත්‍රපට ප්‍රිය කරන ඔබ හොඳින්ම හදුනනවා.  ජේම්ස් කැමරන් නම් ඒ සුපිරි අධ්‍යක්ෂකවරයා ඔහු නිර්මාණය කල චිත්‍රපට හරහා රසිකයන් තුල උන්මාදයක් ඇති කරන්නට සමත් වුණා. 1997 දී ඔහු අධ්‍යක්ෂණය කල Titanic චිත්‍රපටය හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුලු ඔස්කාර් සම්මාන 11ක් හිමි කරගැනීමට සමත් වුණා. ඒ වගේම titanic චිත්‍රපටය තරම් තරුණයින් අතර උන්මාදයක් ඇති කල වෙනත් චිත්‍රපටයක් මෑත ඉතිහාසයේ දී බිහි නොවුනා යැයි අවිවාදයෙන්ම කියන්න පුළුවන්. එය කොතරම් ජනප්‍රිය වුවාද කියනවා නම් boxoffice චිත්‍රපට ලැයිස්තුවේ ලෝකයේ මෙතෙක්  වැඩිම ආදායම් ලැබු චිත්‍රපට අතර අංක එක ලෙස 1997 සිට 2009 වසර දක්වාම රැදී සිටින්නට සමත් වුණා.


2009 වර්ෂයේ දී ජේම්ස් කැමරන් විසින් තවත් දැවැන්ත චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒ Avatar චිත්‍රපටයයි. 
හෙලිවුඩ් චිත්‍රපට ලෝලියෙක් නම් ඔබත් අනිවාර්යෙන්ම මේ චිත්‍රපටය එක් වරකට වඩා නරඹා ඇතුවාට කිසිම සැකයක් නෑ.  මෙහි සජීවීකරණ තාක්ෂණය හා විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග භාවිතය හොලිවුඩ් සිනමාව නව මාවතකට යොමු කරන්න සමත් වුණා. ඇමරිකානු ඩොලර් මිලියන 237 පිරිවැයකින් නිර්මාණය වූ Avatar චිත්‍රපටය, සිනමා ලෝලීන්ට මෙතෙක් චිත්‍රපටයකින් නොලැබූ අළුත් අද්දැකීමක් ලබා දීමට සමත් වුණා. එම නව අද්දැකීම විදගන්නට සිනමා ලෝලීන්ගේ තිබූ කැමැත්ත නිසාම, ආදායම් අතින් ඉතා සාර්ථක වූ මෙය 2009 වර්ෂයේ සිට මේ වනතෙක්ම  ලොවපුරා වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ලයිස්තුවේ අංක 1 ස්ථානයේ පසුවනවා. චිත්‍රපටය ලොවු පුරා ලැබූ සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.788ක් පමණ වූ බවයි දැක්වෙන්නේ.



චිත්‍රපයටයේ මුල්‍යමය සාර්ථකත්වය හා අසීමිත ප්‍රේෂක  ප්‍රතිචාර Avatar චිත්‍රපටයේ තවත් කොටසක් නිර්මාණය කිරීමට සඳහා හොදින්ම ප්‍රමාණවත් වුණා. ඒ නිසාම Avatar 2 චිත්‍රපටය නිර්මාණය කර 2016 වර්ෂයේ දී ලොව පුරා තිරගත කිරීමට මුලින්ම සැලසුම් කර තිබුණත් විවිධ හේතුන් නිසා 2017 දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට නිෂ්පාදකයන්ට සිදුවුණා. තිරගත කිරීමේ දින සම්බන්ධව ඇති වු ගැටළුවක් නිසා චිත්‍රපටය තිරගත කිරීමේ සැලසුම නැවතත් 2018 දෙසැම්බර් මාසය දක්වා කල් තැබීමට සිදුවුණා. කෙසේ හෝ පසුගිය අප්‍රෙල් මස 15 වැනිදා චිත්‍රපටයේ රූගත කිරීම් නවසිලනත්යේ දී ආරම්භ වීම නිසා Avatar 2 චිත්‍රපටය 2018 වසර අග වන විට නියත වශයෙන්ම තිරගත වීම පිළිබඳ බලාපොරොත්තු වඩාත් තහවුරු වුණා.


තවමත් චිත්‍රපටයේ තිරපිටපත සම්බන්ධව වැඩි දුර තොරතුරු හෙලිකර නොමැති අතර ජේම්ස් කැමරන් අධ්‍යක්ෂකවරයා පවසා තිබුණේ  Avatar 2 චිත්‍රපටය තුලින් අළුත් ලෝකයක්, අළුත් හැසිරීම් රටාවක් සහ අළුත්ම සංස්කෘතියක් දැක ගත හැකි වන බවයි. ඔහු කළ ඉඟියට අනුව Avatar 2 චිත්‍රපටය වෙනස්ම ආකාරයේ ජීවන රටාවක් සහිත  අළුත් ජීවීන් කෙටසක් වටා ගෙතෙන බව සිතන්නට පුළුවන්.

Avatar පළමු චිත්‍රපටයට රංගනයෙන් දායක වු රංගන ශිල්පීන් සියලු දෙනාම පාහේ දෙවන චිත්‍රපටය සඳහා දායක වන බව වාර්තාවනවා. මෙහි ප්‍රධාන චරිතය වන Jake Sully ගේ චරිතය රගපෑ Sam Worthington සහ
Neytiri ලෙස රංගනයෙන් දායක වූ Zoe Saldana මෙවරත් එම චරිත සඳහා රංගනයෙන් දායක වනවා. පළමු චිත්‍රපටයේ දී මරණයට පත් වූ Dr. Grace Augustine ගේ චරිතය නැවතත් දෙවන චිත්‍රපටයට එක්කර ගැනීමට නිෂ්පාදකයින් ගත් තීරණය Dr. Grace චරිතයට ආදරය කරන බොහෝ දෙනාට  සුභ ආරංචියක් වුණා.  විද්‍යා ප්‍රබන්ධ වල දි කිසිවෙකුට මරණයක් අත් නොවේ යන කියමනට අනුව යමින් පළමු චිත්‍රපටයේ දී මරණයට පත් වූ Colonel Miles Quaritch දුෂ්ට චරිතයද නැවතත් චිත්‍රපයට සඳහා එක්කොට තිබෙනවා.


Avatar 2 චිත්‍රපටය තාක්ෂණික වශයෙන් හොලිවුඩ් සිනමාවට නවතාවන් එක් කිරීමට සමත් වෙතැයි බොහෝ දෙනා මත පළකරනවා. 2018 වසර අග දී ලොව පුරා සිටින Avatar රසිකයින්ට, අළුත් හැසිරීම් රටාවක් සහිත ජීවීන් වෙසෙන අළුත් ලෝකයක සිදුවන ත්‍රාස්‍යයෙන් පිරි සිදුවීම් පෙළක් සමඟින් සුපිරි සිනමා අද්දැකීමක් විදගන්න ගැනීමට හැකියාව ලැබේවි .

 ඒ වගේම  Avatar චිත්‍රපටයේ  තවත් කොටස් 3 ක් දක්වා ඉදිරියේ දී නිර්මාණය කිරීමට මේවන විටත් නිෂ්පාදකයන් සැලසුම් කර අවසන්. ඒ 2020, 2022 සහ 2023 යන වසර වලදීයි.

No comments:

Post a Comment